YouTube, යූ බටේ කතා...

 හෙලෝ ළමායි... ඔයාල මගේ බ්ලොග් පෝස්ට් බල්නව නෙ. සත්තලං ඔයාලත මං අද අරගෙන ආව 😂

ඔන්න ඔහොම සමහර කෙල්ලො හුරතල් mood එකෙන් එක එක item විකුණනව, promote කරනව දැකල ඇති නෙ You-TubeFaceBookTikTok video වලින් හෙම. ඔය එකී මෙකී නොකී, වැදගත් - නොවැදගත්, කුණු- ඕපදූප... බලන එක platform එකක් තමයි ඉතීම් අපි පාවිච්චි කරන You-Tube. මුලින්ම අන්තර්ජාලයේ අපි තොරතුරු හෝ මොනව හරි දෙයක් හෙව්වේ ලිඛිතව හෝ රූපමය මාධ්‍යක් විදිහට නෙ. යූ බටේ ප්‍රචලිත වීම එක්ක ඒක වෙනස් වෙලා දැන් අපිට video හරහාත් හොයනප්‍රියතාව දක්වන දේ... දකින්න රස විඳින්න පුළුවන්.

මේ ඔබේ බටේ පටන් අරන් තියෙන්නෙ ස්ටීව් චෙන්චැඩ් හර්ලි සහ ජාවෙඩ් කරීම් කියන කොල්ලො තුන්දෙනා එකතු වෙලා. ඒ 2005 පෙබරවාරි 14 දා. එතකොට 2006 ඔක්තෝම්බර් මේ You-Tube එක google සමාගම ඩොලර් බිලියන 1.65 කට අරගෙන තියෙනව.

අද You-Tube නොබලන කෙනක් නැති තරම්...

සංගීතය, කෙටි චිත්‍රපට, චිත්‍රපට, නර්තනාංග, සංදර්ශන ආදී කළා රසවින්ඳනයන්ගේ සිට වෙළඳ දැන්වී, වාර්තා වැඩසටහන්, vlogs, පෞද්ගලික වාර්තා, දේශපාලන සංවාද sex, porn ඇතුළු විවිධ සංවාද, වැඩසටහන්... අද මේ You-Tube වලින් අපිට නරඹන්න පුළුවන්. ඒ වගේම නිදහස් සමාජ මාධ්‍යයක් නිසා සිංහල හා වෙනත් භාෂා youtubersලත් ඕනෑ තරම් අද ඉන්නව. මේකෙදි දකින්න ලැබුණු ඉතාම හොඳ කාරණා 2ක් තියෙනව.

1) දැනුම, අධ්‍යාපනය හා තොරතුරු වලට තිබූ සීමාව ලිහිල් වීම.

ඔහේ විවිධ දේවල් මුදාහරින්නන් වගේම... වෘත්තිය නිපුණයින්, අධ්‍යාපනඥ පිරිසත් මේ youtubers ගොඩට එක්ව ඉන්නව. ඒ මෙම platform එක ඔස්සේ සමාජ ක්‍රියාකාරී/ දැන හඳුනන කෙනෙක් වෙන්න අන් අයට තියෙන අවශ්‍යතාව නිසාම වෙන්නට පුළුවන්. ඒත් ඔවුන් බෙදාගන්න දැනුම, අත්දැකීම්, උපදෙස්... ඒවා නරඹන්න කැමති ඕනෑම අයෙකුට නිදහසේ ලබා ගන්නත්, ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්න අවස්ථාවත් ඒ හරහා ලැබිල තියෙනව. මේක ඉතාම හොඳ දෙයක්.

2) දැනුම, අධ්‍යාපනය හා තොරතුරු වලට තිබූ අනවශ්‍ය වටිනාකම් පැනවීම් නැති වීම.

දශකයකට කලින් ඉඳල ඊට ඈත කාලය දක්වා... දැනුමශිල්පීය ඥානය වගේ ඒවාට තිබ්බෙ අනවශ්‍යය වටිනාකමක්. සමහර ටියුෂන් ගුරුවරු/ අධ්‍යාපන ආයතන පවා හිටියේ දෙවිවරුන් ගානට... ගානත් කපාගෙන. සල්ලි නැති දුප්පත් ළමයෙක්ට තාක්ෂණික දැනුම ලබා ගන්න, උසස් අධ්‍යාපන දැනුමක් ලබා ගන්න බැරි තරම්. මේ නිසාම පන්ති පරතරය තවතවත් වැඩි උනා.

ඒත් අද... ළමයින්, විද්‍යාර්ථයින් තියා ගෘහණිය ආදී හැම කෙනෙක්ටම තම දැනුම දියුණු කරගන්නඅලුත් දැනුම, ව්‍යාපාර තොරතුරු ලබා ගන්න, නව ප්‍රවණතා දැනගන්න තැනක් බවටත් මේ You-Tube ඇතුළු සමහරෙක් වෙනත් platform ද උදව්වක් උනා.

ඕනනං වඩු මඩුවක අත් උදව්වට ඉන්න ගමේ කොල්ලට You-Tube අවකාශයෙන් දේශපාලන විද්‍යාව /තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පුළුවන්. TV බලබල හිටිය ගෘහණියට ඕනෙනං... ළඟ තියෙන phone එකෙන් ගෙවතු වගාවඅත්කම් නිර්මාණ වෘත්තීය මට්ටමක් දක්වා දියුණු කරන්න අවශ්‍ය ඒ දැනුම ලබා ගන්නත් පුළුවන් තත්ත්වයක් අද තියෙනව.

ඒ වගේම ඕනෑම කෙනෙක්ට තමන්ගේ video මේ platform වල බෙදා හරිනවාට අමතරව ඒවායින් යම් මුදලක් උපයගන්න පුළුවන් වීම (monetization) තවත් වාසියක් හා නොමිලේ දැනුම, ශිල්පීය ඥානය බෙදා දෙන අයට එය හොඳ දිරිගැන්වීමක් වෙනව.

අපි search කරන දේ හෝ වැඩි නැරඹුම් වාර සහිත මාතෘකාවන්ට අදාළ දේ වැඩියෙන් පෙළ ගැස්වීමට එකතු වීම කරන්න AI තාක්ෂණය You-Tube යොදා ගන්න බව පේන්න තියෙනව. ඒ වගේම තමන් කැමති වර්ගයේ youtubersල follow කරලා තියා ගන්න එකෙනුත්... ඔවුන් දාන video ඉක්මනට දැනගන්න පුළුවන්. මේ AI වැඩේ හා Follow වගේ දේවල් එක්ක තමුන් කැමතිම විෂය ක්ෂේත්‍ර වලට අදාළ නව හා වැදගත්ම video විතරක් පෙලගැස්වෙන වැඩෙන් අපේ කාලේ ඉතිරි වෙනව... අදාළ නැති විකාර වලට යන එකෙනුත් වැළකිලා.

නිකමට හිතන්න දවල්ටත් නොකා, ගෙදර කරමින් ඉන්න වැඩකට ඕන දෙයක් You-Tube එකේ බලලා අහවර වෙනකොට ඊළඟ videoව රස කෑම ගැන තියෙන එකක් නම්. නැත්තං සෙනගක් මැද්දේ ඉන්ට ගමන් video එකක් බලබල අවසානෙට auto-play mode එකේදී porn video එකක් play උනොත්... කොහොමද ආතල් එක 😜. වැඩිහිටි දර්ශන You-Tube එකේ තිබ්බත් porn නම් ඇතුල් නොකරන බවක් තමයි පේන්නෙ. තව ඉතීම් පොඩි ඈයොන්ට නම් You-Tube Kids තියෙනව.

තව Add play වෙන එකත් නවත්තන්න ඕනනම් ගෙවල හිට premium අරං ඒ කරදරෙනුත් නිදහස් වෙන්න පුළුවන්.

ගොඩක් දිග විශ්ව විද්‍යාල දේශණ, සංවාද වගේ video බලනවා නම් data ඉතිරියට qulityය අඩු කරලා play කරන්න පුළුවන්. ඒ වගේම playback speed එක වැඩි කරලත් ඕන නම් කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. මමනම් මේ දෙකම කරනවා. මොකද පැය දෙකතුනේ දේශණ, කතා වල බලන්න දේකුත් නෑනෙ වැඩිය... ඒ නිසා අඩු resolution අවුලක් නෑ. අහන්න පුළුවන් තරමට speed වැඩි කාරාට අවුලකුත් නෑනෙ.

අනික දෙසැරේ තුන්සරේ එකම video එක බලන්න වෙන වෙලාවලුත් තියෙන නිසා එහෙම ඒවා You-Tube එකෙන්ම download කරගන්න පුළුවන්. සමහර video නම් බෑ. ඒකට third-party software එකක් හරි site එකක් යොදා ගන්න පුළුවන්. IDM ඒ වගේ software එකක්.

 Gen You-Tube ඒ විදිහේ site එකක්. මේ site එකේ නම් විවිධ format හා quality වලින් download කරගන්න පුළුවන්. එහෙම download කරගත්ත video එකේ playback speed, brightness, sound Equalizer වගේ setting වෙනස් කරගෙන phone එකෙන් video බලන්න නම් VLC වගේ හොඳ App එකක් බාගන්නත් වෙනව.

ඒ වගේම subtitle තියෙන You-Tube video එකේ ඒ subtitle එක අපිට text එකක් විදිහට ගන්නත් පුළුවන්. video එකට පහල name bar එකේ පැත්තෙන් තියෙන dot හතර chick කරලා එන show transcript එකෙන්. ඊට පස්සෙ side එකෙන් එන text එක... අපිට timeline එක එක්ක හරි, නැතුව හරි copy කරගන්න පුළුවන්. නැත්තං අරවගේම transcript එක දෙන site එකකින් ගන්න පුළුවන්.

23 comments:

  1. වටිනා පෝස්ටුවක්
    ජයවේවා

    ReplyDelete
  2. ලියන එකට මේ දේවල්
    ස්තුතියි නමීතුමෝ
    දනුම ලාබ වෙලා තමයි
    බොරුත් එහෙමමයි අම්මෝ!

    ReplyDelete
    Replies
    1. නියාමනය නැතිම තැන හා වැඩිම තැන... බොරුවනම් වැඩි තමා.

      Delete
  3. හොඳට විස්තර ලියල තියනවා. අර සයිට් එක, මෙහෙට වැඩ කරනව හොරයි. යූ-ටියුබ් වීඩියෝ බාන්න, මම ඉස්සරම පාවිච්චි කලේ VideoProc, දැන් Ant Download manager, සහ free download manager.

    ReplyDelete
    Replies
    1. හමෝට්ටම දැනගන්න ඔහේ පාවිච්චි කරන ඒවාත් දාපු එකට ටැංක්ස් බස්තුමෝ 💪

      Delete
  4. එකම නරක වැඩේ, රෙකමන්ඩඩ් විඩියෝ වලට දෙන සමහර අප්‍රසන්න වීඩීයෝ, ආයෙ මේ වගේ ඒව දෙන්න එපා කියලා කියන්න දෙන්නෙ, යූ=ටියුබ් ලොග් වුනොත් පමණක් වීමයි.

    ReplyDelete
    Replies
    1. හුම්. ඒ වැඩේනම් තියේ තමයි.
      සෝසල් මීඩියාවලට... වෙනම මේල් ඇඩ්ඩස් එකක් පාවිච්චි කරොත් වගේ එකක් 👀

      Delete
  5. දැනුම, අධ්‍යාපනය හා තොරතුරු වලට තිබූ අනවශ්‍ය වටිනාකම් පැනවීම් නැති වීම සහ දැනුම, අධ්‍යාපනය හා තොරතුරු වලට තිබූ සීමාව ලිහිල් වීම.
    මේ කාරණා දෙක සඳහම් කිරීම වැදගත්. මේක එක්තරා ආකාරයකට, නිදහස් අධ්‍යාපනය විවර කිරීමක්. ගෙදර භාණ්ඩයක් කැඩුනාම, හදා ගන්න එකේ ඉඳලා රොකට් සයන්ස් දක්වාම පාඩම් තියෙනවා. සිම්පල් බාස් උන්නැහේගේ සිට ඩබල් ඩොක්ටර් දක්වාම ගුරුවරු ඉන්නවා. පට්ටං තානාන්තර , නරිවාදං පාඨකයො විසින් ඇගයීමට ලක් කරණ නිසා, ඒ අනුව ජනප්‍රියත්වයත් අදායමත් තීරණය වෙනවා.

    එකම කඩුල්ල, ඉංග්‍රීසි භාෂාවයි. සබ් ටයිටල් තිබ්බත්, බොහෝ විට එයින් ඔරිජිනල් එකට සාධාරණත්වයක් ඉටු වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=ktVSavCov9Y
      https://www.youtube.com/watch?v=gsmqijBjBAc
      https://www.youtube.com/watch?v=lfmrvxB154w

      Delete
    2. ඔව් බස්. අපි මේ කියන්නේ දැනුම, අධ්‍යාපනය, තොරතුරු වලට තියෙන වටිනාකම් නැති වෙන්න ඕන කියල නෙමේ නෙ. අනික එක විදිහකට මේව මෙහෙම ගලාගෙන යනකොට තව දැනුම- තාක්ෂනය දියුණු වෙනව, නිර්මාණය වෙනව

      වාසි වගේම අවාසිත් තියෙනව ඉතීම් 😉
      අර මුල් වීඩියෝව දැක්කම හිතුණේ නිදිලොක්කගේ පොස්ට් එකට දාන්න ගිය එකක් වැරදිලා මේකේ දාල කියල. ඇයි කෑම ගැනනේ තිව්නෙ.

      ඕකට එක උදව්වක් අර සබ්ටයිටල් බාගන්න වැඩේ. එහෙ මහෙ වෙන එක අවුලක් නෑ ඉතීම් සමහර වෙලාවට. මොකද දෙයක් හොයද්දී ඒ ගැන එකම වීඩියෝවක් විතරක් තිබ්බ වෙලාවට එහෙම හරි තියෙන එක මාර වටිනව. sub අවුල් හා නැති තැන දතකාගෙන දෙයක් හොයන එකාට ඒක vioce to text කන්වර්ට් කරගන්න ඇහැකි... උන්න හැටියට මලා මදැයි කියල 😜

      Delete
    3. /අපි මේ කියන්නේ දැනුම, අධ්‍යාපනය, තොරතුරු වලට තියෙන වටිනාකම් නැති වෙන්න ඕන කියල නෙමේ නෙ//
      මම එහෙම අදහස් කලේ නෑ, එහෙම අදහසක් ආවද?😕🤔

      ඔච්චර දේවල් දන්න එකේ, අර නිදියගෙ කම්පූටර් කට්ට හදලා දිහංකො. 🙏😉

      Delete
    4. අලුත්ම පොස්ට්ස් දෙක තුනේම සමහර ෆොටෝස්, වීඩියෝස් එහෙම මට ඕනෙ විදිහට එඩිට් කරලා එව්වෙත් නමී තමයි බස්සා මහත්තයෝ. නමියටත් වැඩනේ. මං හිතන්නේ මාසේකින්වත් දැක්කේ නෑ.
      කම්පියුටරේ හදන්න මංජුට එන්න හැකි වෙලාවල මම කොට්ටාවේ ගිහින් ඉන්න එකයි ලොකුම ගැටලුව.

      Delete
    5. දැන් තේරෙනවා. එහෙම නං ඉතිං මොනවා කරන්නද?🤔

      Delete
    6. අනේ බසු දන්නැද්ද හදිස්සියේ කෙටුව හන්ද... පොඩ්ඩක් ඩාම් ඩුම් උනා. අපි කිව්වෙ ඉතීම් අපි දෙන්නට😅
      පස්සේ පෝස්ට් එක කියවන කාට හරි එහෙම අදහසක් යයිදෝ කියලයි අරම කීවේ

      මං දන්න ලොකු දෙයක් නෑ බස්. ඔය මොනාහරි අටවන් ඉන්නව. නිදීගේ වැඩේ ටිකක් ලොකු එකක් වගේ. ඒ හන්ද ඒක දන්නම කෙනෙක් කරන එක හොඳා වාගේ

      Delete
  6. නොදන්නා තාක්ෂණික කරුණු ටිකක් ඉගෙන ගත්තා. ඒක වටිනවා.

    ReplyDelete
  7. Replies
    1. ටැංකස් නවියා!

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්