රජ- අතීත සිනමාව...

රජ- අතීත සිනමාව... දැන් දශක දෙකක විතර වාගේ ඉඳල පෙළට සැරින් සැරේ එනව.

මට මතක විදිහයට... මේ දක්වා ඇදි ඇදී එන, මේ ඉතිහාස සිනමාව පටන් ගන්නෙ ජැක්සන් ඇන්තනීගේ අබා (2008) චිත්‍රපටියත් එක්ක. මම සා/.පෙළ කරන කාලේ තමයි අබා ආවේ. ඉස්කෝලෙන් එක්කං ගිහින් තමයි බැලුවේ. ඒ කාලේ හැටියට අබා ලංකාවේ දින 100ත් පහුකරන් දුවපු, box office ෆිලුමක්. අබා පටන් ගන්නෙ බබා හම්බෙන්න සීන් එකකින් වගේ තමයි මට මතක. ඒ නැතත් film එක පුරාවට ළමයි හම්බෙන සීන් දෙක තුනක් නම් තිබ්බ. ඒක නිසාද, නැත්තං අබාගේ සාර්ථකත්වය නිසාද මන්දා එතැන් සිට ලාංකේය සිනමාවේ, ඉතිහාස කතා පෙන්වන්න ගත්ත වැල නොකැඩී... අබා එකේ බබාල හම්බුවෙන ගානට 😂😉.

යුද්ධය ඉවරවුණු කාලයක සිංහලකම, හෙළ අභිමානය, අතීත ශ්‍රී විභූතිය ගැන කතා වෙන අස්සේ... අනික් අධ්‍යක්ෂක/නිෂ්පාදක කස්ටියටත් හිතුනද දන්නෙ නෑ, අබාත් හිට් එකක් උන එකේ, මේ තැටියම ඉස්සරහට play කරන් ගියානම් හොඳයි කියල වගේ එකක්. කොහොමත් මිනිස්සු රැල්ලට යන එක නෙ. ඒ මොනා උනත් මට තේරෙන්නෙ නෑ අවශ්‍යතාවයට අනුව සැපයුම ලැබුණද, නැත්තං සැපයුමට අනුව අවශ්‍යතාව පෙලගැහුවද කියලා. කොහොමහරි මේ දක්වා රජ- අතීත සිනමාව තියෙනව. මං ඉපදෙන්න කලින් තිබ්බ රැලි මං දන්නෑ හොඳේ ඕන්☺. මේවට දේශපාලන පෙළඹවීම්, අත පෙවීම තියෙනවද නැද්ද කියලත් මං නම් දන්නෙ නැතිවා. ඒත් කොහොමින් හරි ගජරාමෙට අතීතය රිදී තිරයේ රජ උනා.

එදිනෙදා හිරවුණු ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා... චිත්‍රපටියක්, සංගීතයක් වගේ කළා මාධ්‍යකට මිනිස්සු එක් වෙන්නෙ පොඩි නිදහසක්, රසවින්ඳනයක්, විනෝදයක් ලබා ගන්න. එහෙම එකේ බලන චිත්‍රපටිවලින් අති බහුතරය රජ - අතීත කතා උනොත්. ඒත් කමක් නෑ කියමුකෝ... අපූරු පිටපතකට, හොඳ අංග රචනා, දෙබස් එක්ක රසවිඳින්න පුළුවන් නිර්මාණ/ කළා නිර්මාණ නම්. ඒත් බහුතරයක උනේ අපේ මතකයේ තියෙන ජාතක කතාවක්, අතීත රජ කතාවක්,  එහෙම්ම ම ඒ විදිහට චිත්‍රපටි ශාලාවෙන්... සිනමාවක් ලෙස පෙන්වීම යාම. හෝ ඒ විදිහට නිපදවන්න දරපු උත්සාහය. මේ බොහෝ උත්සහ හරිම නීරසයි. ප්‍රේක්ෂකයන්ට වතුරයි බතුයි ගානට උනා.

කටෝර ලිඛිත භාෂාව, පිටපතේ හා අංග රචනා වල දෝෂ, සිනමාත්මක බවේ අඩුපාඩු, රංගන දුර්වලතා, යොදාගත් දෘශ්‍ය ප්‍රයෝග වල දුර්වලතා, වෙනත් තාක්ෂණික දුර්වලතා... ආදිය මේ බොහෝ ඒවායේ දැක ගන්න තිබුණ. එහෙම උනේ අඩු බජට් නිසාද, අදාළ ක්ෂේත්‍රවල දක්ෂයන් යොදා නොගැනීමද, නැත්තං නිෂ්පාදකගේ/ අධ්‍යක්ෂකගේ ටකා ටිකා ටුකා කියල කස්ටිය තෝරණ ක්‍රමයද මන්ද.

මේ හැම කරුණක්ම එකතුවෙන් නිමවුණු රජ- අතීත සිනමාව හන්ද ද මන්ද ටිකෙන් ටික වැහෙමින් යන චිත්‍රපටි ශාලා... තවතවත් වැහෙන එක වේගවත් කරන්නේ. ඉතිරි චිත්‍රපටි ශාලා කීපයෙත් ඉංග්‍රීසි, දෙමළ, හින්දි වගේ චිත්‍රපට තමයි වැඩි හරියක් තිරගත කරන්නේ. ඉඩ තියෙන වෙලාවක සිංහල චිත්‍රපටියක් දෙකක් දුවන්නට දානව ඇති... නැත්තං අපේ අයට සිංහල සිනමාවක් ගැන අමතක වෙන නිසා. එහෙම මට හිතෙන්නෙ. ඒ අතරින් පතර මේ තේමාවෙන් වෙනස් උන චිත්‍රපටි කීපයක්ම සාර්ථක උනා. වර්තමානෙ නම් ලොකු hit එකක් උනා ගජමෑන් 3D  චිත්‍රපටිය.

ඒකෙන් කියවෙන්නෙ මිනිස්සුන්ට මේ රජ- අතීත සිනමාව වහකදුරු වගේ ද? නැත්තං මේ චිත්‍රපටි හදන විදිහේ අවුලක් ද? නැත්තං මේ විදිහෙම චිත්‍රපටි එක දිගටම නරඹල එපා වෙලාද? නැත්තං මේ හේතු ඔක්කොමද?

මේ රජ- අතීත සිනමාවේ රැල්ලක් බිහිකරන්න... දැනුවත්ව හෝ නොදැනුවත්ව ආරම්භකරු වුණු ජැක්සන් මහතාත් පහුව ඒ රැල්ලටම එකතු වෙනව. ඊටත් පහුව, එය ඉහටත් උඩින් ගෙනියන්න දායක වුනු සහ වෙන කෙනෙක් තමයි ආචාර්ය සනත් ඔබේසේකරයන්. අප්පේ එතුමා මේ විදිහේ සිනමා හා රූපවාහිනී බොහෝ නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනව. ඒ වගේම කෙනෙක් තමයි සිංහල ඇදුරිඳු සුනිල් ආරියරත්නයනුත්. තව කීප දෙනෙක්මත් මේ පෝලිමේ ඉන්නව. සමහරු නම් එමින් යමින් ඉන්නව.

කොහොමින් හරි ආචාර්ය සනත් ඔබේසේකර මාධ්‍යයට මේ රජ-අතීත සිනමාව ගැන වෙනස් විදිහේ කතාවක් කියල තියෙනව 'චිත්‍රපටි ශාලා බණ මඩු උනාට කමක් නෑ' වාගේ කතාවක්. ඇත්තටම එහෙම උනාට මටත් ඇත්තටම කමක් නෑ. ඒත් මිනිස්සු හෝල් එකට එන්නෙ චිත්‍රපටි බලන්න.

අනික මේ කරන/ හරිහමන්ව නොකරන චිත්‍රපටි තැනිල්ලෙන් වෙන්නෙ කාරණා දෙකයි... මගේ දැනීමේ හැටියට නම්.

🔽චිත්‍රපටි ශාලාවලට දමිල, මුස්ලිම් පිරිස අඩු වෙනව. එයින් සිනමා කර්මාන්තයට සෘජු බලපෑමක් සිදුවෙනව.


🔽බුදු දහමේ හරයට, දාර්ශනික අදහස් වලට පහර වැදීම.

17 comments:

  1. හොඳ විචාරයක්. නොදන්න විශයක් නිසා වැඩි යමක් කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ලිස්සුව නේත..
      මාත් ඉතිම් වැඩියමක් දන්නෙ නෑ. හිතුන ටික ලීව

      Delete
  2. හැට හැත්තෑව දශක වල චිත්‍රපට නැරඹීම සමාජයේ සංස්කෘතික අංගයක් ලෙස තිබුණා. පසුව එය ක්‍රමයෙන් සංස්කෘතියෙන් ගිලිහුනා. ආර්ථික පීඩා, ඒකාකාරී තේමා හා දුර්වල නිමාව මෙන්ම පහසුකම් නැති සිනමා ශාලාත් මෙයට හේතු උනා. හැත්තෑව දශකයේදී අපි උදේ ගෙදරින් ගිහිල්ලා 10.30 ට ටිකට් ඉවර උනාම එහෙමම ඉඳලා 2.30 බලලා තමයි ගෙදර ආවේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒ වෙනසත් බලපානව තමා. ස්තූතියි Litseeker ආවට

      Delete
  3. 'කරතොත් කරපන් හරියට - නැත්තං පලයං අහකට'
    තියරිය වල් වැදිලාකොට - හැම වැඩේම කුජීතකොට
    රටමත් රුවිතෙට යනකොට - කෙලින් යයිද සිනමාපට
    යකඩත් දාලා ඇතිකොට - තියෙද පුළුන් අරගන්නට?

    සිනමා රසිකයන් මෝඩයන්ම නෙවෙයි. හරියට නොහදන ඒවා ප්‍රතික්ෂේප වෙනවා. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාව ප්‍රධාන චරිතයට අරගෙන කරපු 'සීගිරි කාශ්‍යප' (1966) film එකත් අන්තිම අසාර්ථක වුණේ...

    ReplyDelete
    Replies
    1. කොහොම හිටීද ගාමිණි රජ්ජුරුවො කකුලෙන් සරම... සොරි ඔය ඇඳගෙන ඉන්න මොකක් හරි උස්සල අතට අරගෙන යුද්දෙට යනකොට. හැක්..

      Delete
    2. ටැංක්ස් නිදිතුමෝ කයියට.
      ඇත්ත. මොකා මේවගෙ ඒවයෙ රඟපෑවත් දුවන්නෑ

      Delete
  4. ඔය රජාල කරපු වැඩ ගැන අපේ මිනිස්සු ඕනවටත් වැඩිය දන්නව. ඉතිං ආයෙ ඕව හෝල් එකකට වියදං කරල බලන්න දෙයක්යැ.

    ReplyDelete
    Replies
    1. නිර්මාණාත්මක දෙයක් නැතිකම නෙ හිටං... ආයිබොන්ඩ 😁

      Delete
  5. ඔය රජ කතා, දේව කතා වැඩියෙන් බලන එකත් සමහරවිට හේතුවක් වෙන්න පුලුවන් ලංකාවෙ අයගෙ self-esteem එක, නායකත්ව ලක්ෂන එහෙම අඩුවෙන් තිබීමට. ඒ කතා වලින් ගන්න පුලුවන් inspiration එකක් අරගන්නවනම් තව කමක් නෑ. ඒ වෙනුවට වෙන්නෙ ඔය රජවරු,, දෙවිවරු ඇවිල්ලා තමන්ගෙ බලාපොරොත්තු ඉටු කරලා, සෞභාග්‍ය දෙයි කියලා හිතන් ඉන්න එකනෙ. පත්තිනි දේවිය ගැන හදපු ෆිල්ම් එකක් YouTube වල තියෙනවා; එතන කමෙන්ට්ස් වල වැඩියෙන්ම තියෙන්නෙ "උතුම් දේවතාවියගෙ බලයෙන් මට දරු සම්පත් ලැබෙන්න, මගේ දරුවගෙ අපල දුරුවෙන්න" වගේ ඉල්ලීම් සහිත කමෙන්ට්ස්. පත්තිනි දේවිය YouTube ඇවිල්ලා ඒ කමෙන්ට්ස් කියවයි කියලා හිතනවා ඇති.

    "බුදු දහමේ හරයට, දාර්ශනික අදහස් වලට පහර වැදීම": අනේ මංදා මේ නමියත් මොනවා කියවනවද කියලා. දැන් ඔය කියලා තියෙන ආචාර්ය, මහාචාර්ය කට්ටියට වඩා බුදු දහමේ 'හරය' දන්න අය ලංකාවෙ කවුද ඉන්නෙ. බුදු හාමුදුරුවන්ගෙ නැදෑ පරපුර ගැනත් පරතෙරට ගිය දැනුම තියෙන අය එතන ඉන්නවනෙ. නමියට
    පෙත්ත ගන්න අමතක වෙලාද??

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙ. අපිට වඩා දේවල් දන්න අය සමහරැන්ට කඩේ යන එකනං බලාන ඉන්ට බෑ තමයි

      Delete
  6. ඔය එකක් වත් බලල නැති නිසා අදහසක් දෙන්න අමාරුයි. හැබැයි ටීවී එකේ නෙට්ෆ්ලික්ස් එකේ යන රජ කතා වලට නම් කැමතියි

    ReplyDelete
    Replies
    1. නෙටප්ලික්ස් යන්නෙ හොද හොලිවුඩ් කතා නෙව ඉතිං. අපිත් ඒවට කැමති. GOT වගේ ඒව මරැ.
      මෙහෙ එව්ව ඒකෙ ගියොත් ඒවත් පාඩුපිට තමයි දුවන්නෙ

      Delete
  7. කක්ක ගොඩවල් අවුස්සන්නැතිව හිටු.

    සුනිල් තේ සහ මාචාරියා වළ කජ්ජ ගහපු දවසට වත් මේක හොඳ සිනමාවක් තියෙන තැනක් වෙයි. එතකොට පිචර් හෝල් වැහිල තිවුනොත් කරන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ. සෙටිපිකැට් ඇත්ත මහේස්.
      මේ බ්ලොගට දෙතුං දෙනෙක් ගොඩවෙන හන්ද... කම් නෑ ඉතීම් 😜😉

      Delete
  8. පරණ සිංහල ෆිල්ම් ටීවී එකෙන් බැලුවට, අලුත් ඒවා හෝල් එකකදි බලන්නෙ අවුරුදු කීපයකට සැරයක් තමයි.

    මම බලල තියන නරකම ඒ ජාතියේ ෆිල්ම් එක කුස පබා. ඒකෙන් පස්සෙ බලන එකත් එපා වුනා.

    කොහොමත් නෙට් ෆ්ලික්ස් / බීබීසී සීරිස්, හොලිවුඩ් මූවීස් තියන නිසා ඕනෙකමකුත් නෑ දැන්.

    ReplyDelete
    Replies
    1. හුම්. කුසපබා නම් පොඩි කොටහක් දැක්ක ටීවී එකේ යනකොට.
      Pra Jay මොනාඋනත් පූජගෙ රංගනය ටොපේ ටොප්. පූජා ඉන්දියාවේත් වැඩ කරපු හන්දද මන්ද

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්