ඇය යන්න ගියා මැකිලා: ඤෑව්

 

ඒකී කී දෙනෙක් එක්ක නම් ගියාද ආ. මහ වේ#siයක්. හතර අතේ යනව. සමහර දාට රෑටත් මග. එන්නෙ මහ පාන්දර. පිරිමි කීයක් නම් ඔය ගේ ලඟට ඇවිත් කෑ ගහල ඇද්ද ඈ. සමහර උන් එක්ක රණ්ඩු... මරාගන්නව. ළමයි; ළමයිම කීයක් හැදුවද. සමහර උන් මැරුණ. සමහර උන් ආගිය අතක් නැතුව ගියා. අන්තිමට ඒකිත් දැන් ඔන්න යන්න ගිහින්........

මිනිස්සු ඔහොම කයි කතන්දර කියන්න තිව්න අපේ ගෙදර හිටි පූස් හාමිනේ මිනිස් හාමිනේ කෙනෙක් උනානම්. කියන්නත් sad එයා මළා. ගෙදර අය වැඩි ආදරේට කිව්වෙ කිටි පුංචි. පුංචි කිව්වට ඇඟෙන් ඒ හැටි පුංචිමත් නෑ. වයසෙන් පුංචිත් නෑ. මගෙ පුංචි ජීවිතෙන් ගත්තොත්😃 භාගයකට කිට්ටු වෙන්ට වාගේ මේ පූස් ලලනාවව මං දැකල තියෙනව. ඇත්තටම පූසෝ අවුරුදු 12, 15 කට වඩා ජීවත් වෙනව කියල මං දැන ගත්තෙ අපේ එකාට පිංසිද්ධ වෙන්ට. විස දෙයක් කැවිලද මොක වෙලාද මන්ද, පෙරේද ඉතිං එයා ගියා. ඇත්තම කියන්න එපෑ ගියයි කියල එහෙමටම තියා කොහොමටමවත් ලොකු දෙයක් දැනුණේ නෑ මට. දැන් කස්ටිය හිතයිද දන්නෑ මං කිසි කරුණාවක් නෑය කියල. ඒත් ඇත්ත මං කිව්ව ඔන්. ඒ වගේම ඉන්න කාලෙ පුළුවන් හැටියට ඌට යහමින් සැලකුව.

කාලෙකට කලින්.........

අපේ ගෙදර හිටි පූසන්ගෙන් මට මතක මුල්ම එකත්... පූස් නාම්බියෙක්. අර army short වල වර්ණයේ ටිකක් saturation අඩු කළු වැඩි පැහැයක් තියෙන්නෙ, ආන් ඒ කලර් එක ඌට තිවනෙ. ඒකි සැරින් සැරේ ළමයි හැදුව. ඒ ළමයි අම්මට කලින් වාෂ්ප උනා. අන්තිමේ අම්මටත් මොක උනාද මන්ද... ආගිය අතක් නැතුව ගියා. මං එතකොට ඉක්කෝල යන පොඩි වයස. ගෙදරින් විපරම් කරත් මිනිය තියා හෝඩුවාවක්වත් හම්බුණේ නෑ මයෙ හිතේ. ඌගෙන් හම්බුණ ලාස්සනම පැටිය පිරිමි එකෙක්. කොටි typeමයි. මං කිව්වේ හමේ පාට ගැන😏. දැක්කොත් එකපාර අඳුරගන්නව බොරු... මූ පූසෙක් කියාල හිටං. ඌත් අම්මට කලින් අන්තරස්දාන උනා හෝඩුවාවක් නැතුවම. ලස්සන හන්ද කවුරුහරි ඉස්සුවද මන්දත්.

ඔහොම ඔහොම ගිහින් තමයි මේ දැන් කියන, ළඟදී නැති උන පූෂ් මොටා අපේ ගෙදරට ආවේ... කාලෙකට කලින්. ආවේ කිව්වට ඌම ආවද, ගෙදර කවුරුහරි ඇන්න ආවද කියල මට මතක නෑ. බොහෝ විට කවුරුහරි ගේන්න ඇති. මොකද ඌට, ලේන් එකෙන් අපේ ගේම තෝරගන්න විසේස හේතුවක් තියෙන්න විදිහක් නෑ නෙව. ගෙදරින් හරියටම විස්තර අහල මේකෙ ලියන්නය කියල හිතේ අදහසකුත් නෑ. ඒ හන්ද දන්න විදිහට ලියන්ටම්... ඇහැක් විදිහකට ඔයාල මේක කියවන්න.

ලියන්නම් කිව්වට ඉතිං ලියන්නයි කියල එහෙමට දෙයක් කම්පනා වෙන්නෙත් නැති තරම්. අර උඩහින්ම කියල තියෙන විදිහට අපේ එකාට වටෙන්ම පූසන්ගෙන් ඇල්ම බැල්ම. ඒක හන්දම වෙන්න ඇති කීප සැරයක්ම ඌත් බඩ උනේ. උගේ ළමයිත් විසිරුණා. අන්තර්දාන උනා. මැරුණා. ඒත් මව්තුමී... කාලයක් අල්ලල හිටිය. කාලයක් කිව්වට අවුරුදු 13කටත් වැඩී. මූ මැසිමක් වගේ පැටව් දාගෙන එන හින්දත්, ඒක ඌට කරදරයක් කියල අපේ අයට හිතුන හන්දත් වෙන්න ඇති... ගෙදර අය පූස් මමීව ගෙහින් ඔපරේසන් කෙරෙව්ව.

ඒක හොඳක් උනාද නොවුනද දන්නෙ නෑ... ඒත් පූසිට අනික් කරදර නම් එහෙමමයි. යන තැන සමහර පූස්ල වහලවල් උඩ හිට බලන් හිටිය. සමහරු ගේ ලඟට ඇවිල්ලත් කෑ ගහන්න ගත්ත. එහෙමත් කෑ ගැහිල්ලක් අම්මප. අවුරුදු 100කින් විතර රතිකෙලියේ යෙදිල නෑ වාගේ. සමහර වෙලාවට ඒ කෑගහන එවුන් ගැන දුකයිත් එක්කල. ඒ වගේම හිනත් යනව. මේ කෑගහන්නෙ වේදනාවට නෙව 😂😂. අපේ පූසි කාන්තාව, මිනිස් කාන්තාවන් වගේ පූස්ලට අගේ පෙන්නනව වත්ද. බුදියනව කියල ඉතිං හැම එකත් එක්කම වෙලාවක් කලාවක් නැතුව ඉන්න ඈ. නේද අනේ?

අහල පහල ගෙවල් මොනා හිතනව ඇතිද කියලත් හිතෙනව... ඇයි ඉතිං පූසෝ කෑගහනව කියන්නෙ මළගෙයක් අත ළඟ කියල මතයක් හෙමත් තියෙනවනෙ. කරුමෙට හෙට මොකෙක්හරි මැරුණොත්. අර මිනිහ මැරුණේ අපේ ගේ ළඟ පූසෝ කෑ ගහපු හන්ද. සමහර දවස්වල ඕව හිති හිති... හිනාවෙලාවම නින්දට යන වෙලාවලුත් නැතුව නෙමේ. බැ.රි.වෙ.ලා..වත් මං මැරුණොත්. නෑ නෑ තව කල් තියෙනව ඒවාට 😂😉

පූසි අපේ ගෙවල් ළඟම වෙන ගේක කාලයක් හිටිය. වැඩි හරියක් එහෙ, ටිකක් මෙහෙ. ඒකට අපේ බලු නාම්බෝ දෙන්නත් වග කියන්න ඕන ටිකක් හරි. ඒ ගෙදර ජෝඩුවට ළමයි නැති එකේ මූව ළමය කරන්. පස්සේ ජෝඩුවට ළමයෙක් හම්බුණා 😂. වැඩි සැලකිල්ල ළමයට යන එක බලන් ඉන්න බැරුවද කොහෙද ගෑණි අපේ ගෙදරට ආයෙම බින්න බැස්ස. හොඳම වැඩේ කියන්නෙ පහු කාලේ ඒ ගෙදර අක්ක පූසව හොයල, අපෙ අම්මට කෝල් කරල අහනව කෝ කියල. අහල අපේ දිහා හිටියොත් එක්කං යනව.

දන්න විදිහට පූස් සංහතියම කම්මැලි නෙ. වැඩි හරියක්ම නිදා ගන්නව. අපේ එකත් එහෙම්මම තමා. සමහර වෙලාවට කෑම එක තියල කතා කරාමත් එන්නැතුව කම්මැලිකමේ ඉන්නව. මොන කම්මැලිකම තිබ්බත් කකුලේ ඇතිල්ලෙන්න රුසිය. කතා කරල එන්නැත්තම් මං කරන්නෙ හිට... කකුලෙන් බිමට පොඩි තට්ටු දාන එක. ඒක දැක්කම ඌට ඉහිළුම් නැතුව එනව කකුල ගාවට. ඇතිල්ලෙන්නයි, කකුලේ පෙරලෙන්නයි. සමහර දවස්වලට ගේට්ටුව ගව ඉඳන් කෑ ගහනව... බලු තඩියෝ දෙන්න මුර හන්ද. ඉතිං අපි උස්සන් එන්න ඕන ගේට්ටුව ගාව ඉඳන් ගේ ඇතුළට. ඒත් මූ මේක හිතලම කරනවදත් මන්ද. මොකද බල්ලො දෙන්න කුලප්පු නොකර ගෙදරට එන හැටි ඌ දන්නව... දුවන්නැතුව හීන් සැරේ. පහු කාලෙනම් වයස හන්ද තාප්පෙ උඩින් පනින්න දෙතුන් සැරේ වාරු ගන්නව දැක්ක හින්දා තේරුණා වයස එක්ක පෙර සෙල්ලම් ඌට දැන් බැරිය කියලත්.


සමහර දාට ගේ අස්සෙ ඉඳල රෑ එළියට යන්න කෑ ගහගෙන එන්නෙ මයෙ කාමරේට. නින්ද කැඩුනත් ගහන්න කියලෑ. මොකද යකෝ කියල ඇහුවම.... ඤෑස් ගානව. ඉතිං දොර ඇරල දෙනව යන්න. ඒ කරලත් ලේසියෙන් යන්නෙ නෑ. දෙතුන් සැරේ මොනාහරි කියොල කකුලේ ඇතිල්ලිලා තමයි යන්නෙ.

මේ පාර ගියා... ගියා ගියාමයි. ආයේ ඒ ඤෑස් නෑ 😐

33 comments:

  1. අපේ ගෙදරත් දවස් දෙකකට කලින් සුරතලයට හිටපු බලු නෝනා නැති උනා. අසනීපෙට බෙහෙත් පෙත්ත මස් කෑල්ලක් අස්සෙ හංගලා දුන්නෙ. එක දවසක් වැඩේ අහු උනා. එදා ඉඳලා දුන්නහම මස් කෑල්ල හොඳට කටින් ගසලා පෙත්ත විසි උනාම මස් කෑල්ල විතරක් කන්න පුරුදු උනා. අපිට නං දරුවෙක් නැති උනා වගේ හැඟීමක් දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත Litseeker.
      පෝස්ට් එකේ කිව්ව වගේ මටනම් පූස මැරිච්ච එක දැනුණේ නෑ. මීට අවුරුදු කීපයකට කලින් බල්ලෙක් නැති උනා ඒ ලොකුවට දැනුනෙත් නෑ. හැබැයි පොඩි කාලේ තාත්ත පරෙයියෙක් ගෙනල්ල මැරුණ. මාස 2ක්වත් හිටියේ නැද්ද කොහෙද. ඒකටනම් මං රෑක හොඳටම ඇඩුව මතකයි ඉකි ගගහ... ඇඳුම් අල්මාරියට වාරු වෙමින්.

      Delete
  2. නමියගෙ හොඳම පෝස්ට් එකක්.
    ලාංකාවෙ පූසොන්ගෙ සාමාන්‍ය ආයු කාලය අවු 18 විතර වුනාට, ඒ වගෙ දෙගුණයක් හිටිය පූසොත් ඉන්නවලු. සමහර පූසො මැරෙන කාලෙ ආවම, ගෙදර අයට නොපෙන්නෙ ඈතකට ගිහින් මැරෙනවා කියල අහල තියනවා.

    පූසිව ඔපරේට් කරපු එක හොඳයි. උන් දවල් දවසෙම නිදාගන්නෙ, කම්මැලි හින්දම නෙවෙයි, උන් ගාව තාම පරණ පුරුදු නිසා නිසාචර ජාන තියන නිසාලු.

    ReplyDelete
    Replies
    1. //නමියගෙ හොඳම පෝස්ට් එකක්.// මාත් එකඟයි බස්සා මහත්තයෝ!

      Delete
    2. ඒ කරුණු ටිකට ස්තූතියි බස්!
      ටැංක්ස් නිදි!

      Delete
  3. මේ ඉන්නෙ මැටිල්ඩා.
    https://www.youtube.com/watch?v=YSToRJPi3mc
    බානබී ඩික්සන්ගෙ, පොඩි කාලෙ සුරතල් පූසි මලා. ඌගෙ නම මෙයිසී. මේ සිංදුව ඌ ගැන.

    ReplyDelete
  4. ඔය පූසියො ඇවිල්ල පදිංචිවෙලා පැටවු දාන වැඩේනං අපේ ගෙදරත් වෙනව. ඉස්සරලම හෙන පැටව් සෙට් එකක් දාපු පූසි ඔය වගේම අවුරුදු 15 ක් වත් ඉන්න ඇති. දැනුත් අපේ ගෙදර ඉන්න තුන්දෙනා එහෙම පිටිං ආපු බැළලියක් දාපු එවුවො තමයි. බැළලිනං තාමත් එනව යනව.

    ReplyDelete
    Replies
    1. පූෂ්මොටාලට නයින්ගෙන් කරදර නැතිවා වාගෙයි 😂
      ආවට ටැංක්ස් පෂාබොෂා!

      Delete
  5. ආරස්සාව දෙන්නෙත් නැත හොරු පන්නා
    මීයන් ඇඟ උඩින් දිව්වත් නොමරන්නා
    හිතුණම වලිගෙ නටවා ළඟ දැවටෙන්නා
    පූසෝ රැකෙති මිනිහට ආදරෙ පෙන්නා

    ReplyDelete
    Replies
    1. හුම්... ආඩම්බර සත්තු ජාතියක් නිදි!

      Delete
    2. බලු නකුටා මගෙ වලිගෙන් නිතර අදී
      අපි වගේද, කිලෝ ගණන් හොඳට බුදී
      පුරු-පුරු ගගා බුදියමි පෙට්ටියට වැදී
      පූසන් ගැන කවි-ගී ලියවුනා මදී

      Delete
    3. කවිය හද බසයි, ළබැඳිව ගෙතිය හැකි
      මහමෙරකිය කියා හිතුවට පහසුවකි
      ගෙතුමට පටන් ගත්තම, කජු වැළඳුමකී
      අපි කවි ලියමු බස්සෝ- එය පෙළඹුමකි

      Delete
    4. බස්පා... අගෙයි කවිකම්! දාමු එහෙ කවි මඩුවක් 🎶
      අපි වාගේ බැරි අයත් ඉන්නව නිදි

      Delete
    5. බැරිකම ඇතත් වෑයම් කළහොතින් හැකි-
      වෙනවා නියතමයි, කිවියෙකි ඔබත් සකි!

      Delete
    6. හුම් කොරලා බලමුකෝ
      බැරි උනොත් කවුද කියන්නැහේ... කවි ලියන්න බැරිනම් කයියක් වෙලා හිට නවතිනව 🎶

      Delete
    7. බලු පින්තූරයක් මම දැක්කා අද බුකියේ
      දාල තිබුනේ අපේ යාළුවෙකිය අනේ
      මුණු දෙකම එක වාගේ පෙනුන එකේ
      සුනඛ ධේනුවකුත් අර ගත්තාද සහේ

      Delete
  6. පූසෝ සුරතල් සත්තු,
    බල්ලො (මට නම්) ලමයි.

    ReplyDelete
    Replies
    1. බහූ.....ඌ! මස්කටු නැද්ද? ලමයෙකුට සෑර්

      Delete
    2. හ්ම් ප්‍රා.ජේ.
      දවසක් සත්ව විද්යාඥ ජයන්ත වත්තෙවිදාන ලොක්කත් කිව්ව බල්ලෝ ගෙදර සාමාජිකයෙක් වගේ හදන්න. උනුත් එහෙම තමයිලු හිතන් ඉන්නෙ කියල හිට.

      ටොමීට සෑර් චිකන් ගාතයක්ම දෙයි... ඒ අහ ගියෝතින් 😄

      Delete
  7. මේ අපේ පුසී ගැන ලිව්ව එකක්. එයාගේ නම කිකී. එයට තමයි ගෙදර වැඩියෙන්ම ආදරේ ලැබෙන්නේ. ඒ නිසාම රැස්පොට් එක වැඩියි. මූට දුන්න දේ කන්න නැති වුනහම මම කෑ ගහනව තෝ දන්නවද අප්‍රිකාව ලංකාවේ පූසන්ට ඔඡ්ච්ර කෑම ලැබෙන්නේ නැහැ. යක්සනියේ ලංකාවේ පුසන්ට බත් දෙන්නේ කියල්. හිටු යවන්න ලංකාවට කියල. . ඒ කතාව බොරුවක් නේ බලාගෙන ගියහම. මිට පස්සේ බනින්නේ අප්‍රිකාව ගැන විතරක් කියල. https://kolambagamaya.blogspot.com/2020/03/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. ඔහේ දන්න තරම තමයි. මෙහෙ සමහර කෙම්ලෝ හෙම පූෂ්ලට් රජ සැලකිලි... සෝසල් මීඩියාවට පේන්නත් හිට 😂🙈

      Delete
    2. හ්ම් කිටි පුංචි, කිකී දෙන්නගෙම කෝට් එක "ටක්සීඩෝ" . මේ, ඉංග්‍රීසීයෙන් ඤාව් කියන්නෙ කොහොමද? ඉස්සර යාලුවෙක් උන්න ඔය සඤ්ඤක වලට අකමැති, අපි කිව්වෙ "කදව්" කියලයි.

      Delete
    3. meow - ඔව් එක ජාතියේ. නමි කිටි පුංචිට සුභ ගමන් කියන්න අමතක වුනානේ. කිටි ට සුභ ගමන්. අපිට කලින් පූසෝ දෙන්නෙක් හිටිය. එකෙක් කරෙකකට අහුවෙලා ගියා . පුංචි කාලේ අම්ම දාල ගිය එකෙක්.

      Delete
    4. මෙහෙ සඤ්ඤක වලට අකමැති පොලෝසි මහත්තයෙක් ගැන විතරයි දැනන් හිටියේ... බස්තුමෝ 😂

      අජීතුමෝ ස්තූතියි.
      දැන් පොඩ්ඩක් හුරතල් කරන්නවත්, ආයේ දකින්නවත් නෑ නේද කියල හිතෙනකොටන්ම් පොඩි මෙව්ව මෙව්ව එකක් දැනෙනව පොඩි

      Delete
  8. ෆෝන් එකට ආන්සර් කරපං පූෂ්මොටෝ....

    ReplyDelete
    Replies
    1. අපේ කොලොම්පූර්තුමා... තරහ අවසර 🙏
      පෝන්. ඒක අවුල්සහගතයි මේ දවස්ටිකේ. වහාම සම්පන්ධ කරගන්ටම් 😂🙈

      Delete
  9. //ඒ කරලත් ලේසියෙන් යන්නෙ නෑ. දෙතුන් සැරේ මොනාහරි කියොල කකුලේ ඇතිල්ලිලා තමයි යන්නෙ//

    බළල්ලු අපි හිතන තරම් මෝඩ නෑ. අපිට උන් කියන දේ තේරුම් ගන්න තරම් ඉවසිල්ලක් නෑති එකයි ප්‍රශ්ණෙ.
    https://www.youtube.com/shorts/mPFjGG6aTT0

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ. කරපු හපන්කම් පෙන්නන්න එක්ක යනව 😂

      ඔව් බස් අපි තරම් නම් මෝඩ 'වැටරසියන්' නම් නෙමේ

      Delete
  10. පූස් කතාව පටන් අරගෙන තිබුණු හැටි අපූරුයි. මරණය පොදු කාරණයක් වුණත් සුරතල් සතෙකුගේ වුණත් වෙන්ව යාම හරි දුකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්

      Delete
  11. නමියට බූට් එකක් වැදිලද කියලා හිත හිත මම කියවන්න ආවෙ. බලනකොට පුසි කැට්නෙ.

    "පහු කාලෙනම් වයස හන්ද තාප්පෙ උඩින් පනින්න දෙතුන් සැරේ වාරු ගන්නව දැක්ක හින්දා තේරුණා වයස එක්ක පෙර සෙල්ලම් ඌට දැන් බැරිය කියලත්". ඒ ටික කියවද්දි දුක හිතුනා. සමහරවෙලාවට වයසක අය අමාරුවෙන් ඇවිදගෙන එහෙම යනකොට අපි ඒගොල්ලන්ව ඉස්සර කරලා ඇවිදිනකොට මට හිතෙනවා ඒ මිනිස්සුන්ට කොහොම හිතෙනවා ඇත්ද කියලා. හැබැයි මෙහෙ වයසක බහුතරේක නම් මම දකින හොදක් තමයි තමන්ගෙ determination අත අරින්නෙ නැති එක.

    (ඇය යන්න ගියා මැකිලා කියන සිංදුව ලංකාවෙ හිට් එකක් නේද. සිංදුවේ කිසිම වැරැද්දක් නෙවෙයි, මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ ඒ සිංදුවට. ඒ වගේම තමයි මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා සිංදුවත්).

    ReplyDelete
    Replies
    1. බූට්. මං පූස් ඉන් බූට් නේ 😂
      ඒකට මෙහෙ. වයසට යන්න යන්න බූවල්ලා තියරි.

      සිංදු දෙකම පොඩි නෙගටිව්, සෑඩ් මූඩ් එකක් තියෙන හන්ද වෙන්ට ඇති නේ

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්