නාවල අන්නාසි හා අඹ ගහේ ජම්බු...

 

අඹ වගේද ජම්බු කිව්වට, ලේන ජම්බු ගහේ ආයේ නගී ආයේ බහී කියල තමයි... ඒ සිද්ධිය ඇහින් දැක්ක කෙනා කටඋත්තරට දීල තිව්නෙ.

 

කොහොම උනත් ඔය ලේන්නුත් අඹ, ජම්බු ආදී පලතුරු කනව ඇත්තෙ හිටං හොඳ සරීර සෞඛ්‍යකට වෙන්න ඇති නෙ. ඒ නිසාම උන්ගෙ දතුත් හොඳ හයි හත්තියට ඇති. නැත්තං අපිට පොඩි කාලේ ඉඳල කියයිද... ලේනෝ ලේනෝ මේ දත අරගෙන මට කැකුළු දතක් දියෝ කියන්නය කියල. ඇත්තෙන්ම ලේන්නු එහෙම හුවමාරුවකට කැමතිද කියල මංනම් හරියටම දන්නෑ ඕන්. උන් ඒකට කැමති නම්... ලේන්නුයි අපියි දෙගොල්ලොම තාම ඉන්නෙ පරණ භාණ්ඩ හුවමාරු යුගේ. මේක ගැන අපිට කියල දුන්නෙ ඉක්කොලේ ටීචර්. චීටර් උනත් සාරසොබාවට, ලකේට හිටියෙ එයත් යහමින් පලතුරු කන හන්ද වෙන්ට ඇති... සල්ලි දීල අරගෙන හෙම.

 

කොහොම උනත් දොස්තරගෙ ඉඳල ඕන කෙනෙක් කියන්නෙ... පලතුරු කෑම ඇඟට හොඳයි කියල නෙව. මේන් කාලෙකට ඉස්සර අපේ මුත්තෙකුත් කැලේ පීරමින් පලතුරු කකා ආතල් ජීවිතයක් ගෙවාපු හැටි.

 

අඹ දඹ නාරං කෙසෙල් දෙල්

පනා කකා මේ වනා සැපා ලබනෙම්//

 

ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ

ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ//

 

අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්//

පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි//

 

මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා//

 

විසාල මේ වනේ මං

ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්//

 

වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිබඳා

බෝ මාදං ඇත්තෙ මේ ගසේ//

 

අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ

වනා සැපා ලබනෙම්////

 

රාමාණය නූර්ති ගීයක් 

පද රචනය - ජෝන් ද සිල්වා

ගායනය - ෂෙල්ටන් පෙරේරා

 

මේ පලතුරු/කෑම සිංදු පෝස්ට් එක දාන්න හිතුණේ ඇත්තටම "නවල අන්නාසි" කියන වෙනස් විදිහකට ලියවුනු පද පෙළ නෙත ගැටුණු නිසා. අඹ, දඹ, නාරං... නූර්ති ගීයත් එක් කලේ එහිත් මෙයට සමාන පද පෙළක් තියෙන නිසා. ඒත් නූර්තියට එය එක් කරගන්නැත්තෙ වෙන කාරණයක් මතු කරන්න වෙන්න ඇති. (ඒ ගැන නොදන්නෙ නූර්තිය හදල තියෙන්නෙ මං ඉපදෙන්නත් කලින් නිසා 😂).

 

ගීයක් ලියන්න ආදරයම විෂය වෙන්න ඕනද. නැත්තං මව්-පිය ගුණ, වියෝ, ජාත්‍යාල, බැති... ගී වගේ ඒකාකාරී සීමාවක් නැතුව වෙනත් දෙයක්/යමක් ගැන ලියන්න බැරිද. ඒකට පොඩි පරීක්ෂණ ගීතයක් වගේ මට මේක දැනෙන්නෙ.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන මේ සිංදුව ඔයාල එකපාරක් හරි අහල ඇති. මේක ගැන නිකමට හොයනකොට දැනගන්න ලැබුණ මේකත් පැරණි ගීයක නව ගායනක් කියල. එකේ විස්තර වෙන බ්ලොග් එකක (ගී අරණ Blog) දැක ගන්න ලැබුණ. එතැනින් අරන් මෙතැන ඒ විස්තර දාන එක හරි නැති නිසා ඉතින් ඒ අඩවියටම ගිහින් ඒ ලිපිය කියවන එක හොඳයි නේ. ඒ හන්ද ඒ link එක පහළින් දාන්නම්!

ආ තව දෙයක් මේ ගී පද පෙලේ හමුවෙන ගල්කිස්සෙ සීනක්කු... සීනක්කු. ඒකත් google විපරමක් දාලම බැලුව. බලද්දී කාල තියෙනව නම හරිහැටි නොදන්නව උනාට 😂. වැඩියම දන්නෙ වන්ඩු ආප්පකියල නෙ. අඩ කියලත් කියනවාලු.....


සීනක්කු, වන්ඩු ආප්ප, අඩ

 

නාවලඅන්නාසි ගීයේ ඉතිහාසය හා පද රචනය (නව හා පෙර) - ගී අරණ බ්ලොග් අඩවිය 👉

 

පලතුරුවල හිතකර බව හා ගුණ මිහිර - සිළුමිණ පුවත්පත 👉

 

23 comments:

  1. http://noorthi.blogspot.com/2011/09/blog-post_5441.html

    ReplyDelete
    Replies
    1. ගියා... ටැංක්ස්. ආයෙම යන්න සේව්කරගත්තත් හිට

      Delete
  2. ඒ සින්දුවට නම් මම කැමැතියි. ඒත් මම මේ දෙපාරක්ම ලිපියේ උඩ ඉඳන් පහලට කියෙව්වා. තවම හිතා ගන්න බැහැ මොකක් ගැනද කියන්නේ කියල. 😀

    ReplyDelete
    Replies
    1. මමත් හිටපු ගමන් මේ වගේ ලිපි ලියලා තියනවා. වංගියක් ඩ්‍රැකියා ඇහැව්වා " මම මොකක්ද මේ කියෙව්වෙ?" කියලත්.🤣
      ඕව ගැන එච්චර සීරියස් හිතන්න එපා. මට හිතෙන්නෙ, හැම ලිපියම සාරඝර්භ, විශ්ලේෂණාත්මක වෙන්න අවශ්‍යම නෑ කියලයි. ඔය අතරින්පතර "ගම්මැදි හෑලි", "කට කහනවට" වගේ එව්වත් තිබුනට කාරි නෑ.

      හැබැයි මම කැමතියි, තමන්ගෙ පෞද්ගලික අත්දැකීම් මුහු වෙච්ච ලිපි කියවන්න. නෑ, නෑ පවුලේ විස්තර නෙමෙයි. තමන් ඉන්න පරිසරය, අවට දැකපු දේවල්, මිනිසුන්ගෙ ජීවිත වගේ දේවල්. මෙන්න මේ වගේ:
      ලිඳෙන් "ආපු" හාමුදුරුවො...
      බුකිය ගිලීම නිසා අපට අහිමි වූ "චාමි" මෙහෙම ලිව්වා.
      "අනුන් ගේ ජීවිත කොපි කොට ලියන බැවින්, කොපි රයිට්ස් නැත"

      Delete
    2. අජිත් @
      හෙන ගහණ ඇත්ත 😂🙈

      බස් @
      ටැංක්ස්. මේ යනෝ ඒ දිහාත්.

      පොඩි වෙනස් විදිහකට... අතුරුපස/ පලතුරු මූලික කරගත්ත පෝස්ටුවක් ලියන්න ටයි කලේ හිටං 😂

      Delete

  3. ස්තුතියි.


    ලේන්නු දැන් වැඩියි
    https://www.skedaddlewildlife.com/blog/home-entry-points-squirrels/

    ReplyDelete
    Replies
    1. හ්ම්... සුද්දට ලේන්නුන්ගෙන් ප්‍රස්න, අපට වඳුරන්ගෙන් ප්‍රස්න 😂

      Delete
    2. අපිටත් ලේන්නුන්ගෙන් ප්‍රස්න තියනව.
      බස්නාහිර ඉන්න එවුන් කූඩු හදනවා, ජනෙල්, පැනල්, මෙෂ් කපනවා. මීයො වගේ තමයි.
      අනිත් පැතිවල දඬුලේන්නුන්ගෙන් කරදර

      Delete
    3. පරිසර පද්ධතියෙ, දඩයක්කාර සත්තු සහ දඩයම් වෙන සත්තු අතර සමතුලිත තාවය බිඳිලා ඇති. බස්සො, උකුස්සො ටිකක් වැඩිපුර උන්නා නං වැඩේ ගොඩ.

      How Wolves Saved Yellowstone

      Delete
    4. Pra Jay... උන්ගෙන් එච්චර විනාසයක් වෙනව කියල දැනන් හිටියෙ නෑ අනේ

      Delete
  4. ඉස්සරටත් වැඩිය
    වෙහෙසී කරුණු හොය-හොය
    නමියා ලියනවය
    කියා හිතුණා; යංකො ඔහොමම!

    ReplyDelete
  5. සිංදුවනං හොඳා.
    දතක් ට්‍රාන්ස්ෆර් කරගන්න පු‍ලුවං ලේනෙක් බොලා දන්නවනං මට කන්ටැක් කරල දියං.

    ReplyDelete
    Replies
    1. https://www.imdb.com/title/tt1935929/

      Delete
    2. ආපෝ ඌටනං දත් දීල බේරුමක් වෙන එකක් නෑ.

      Delete
  6. නමියා නියමයි. වෙනස් අදහස් සහ විෂයයන් ඔබ කදිමට අමුණනවා . හැඩයි . වෙනස් විදිහේ සටහනක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධතුමෝ !

      Delete
  7. ආවෙමි..කියෙව්වෙමි..සීනක්කු කියන්නේ,අඩ වලට බව දැනගතිමි.

    ReplyDelete
    Replies
    1. හෙ..හ්හෙ. සතුටුයි. සතුටුයි 😂

      Delete
  8. උපන්දා හිටං (නෑ හිටං විතරක් නොවේ ඉදගෙන බුදියගෙනත් ඉදලා තියෙනවා) ගල්කිස්සේ උන්නු මාත් සීනක්කු මොනවාද කියලා හොය හොය උන්නේ. දැන් එහේ සීනක්කු තියා පුන්නකුත් හොයාගන්න නෑ. ඉස්සර ගල්කිස්සේ තිබුනා පුන්නක්කු කඩේ කියලා නමින් හදුන්වපු කඩයක් එකේ ඇත්ත නම සෙන්ට්‍රල් ස්ටෝර්ස්. සිංහල උළු දාපු වහලේ ඉස්සරා අලියා බිම බොතල් කිහිපයක් රාක්කේ තිබුන. පැරණි පන්නයේ කඩේ. රෙදි සෝඩා පල්මානික්කම් පුන්නක්කු එකි මෙකි නොකි සියල්ලක්ම තිබුනා. පත්තර කඩදහියෙ ගොට්ටට කිරලා හන නුලෙන් බැදලා දෙන්නේ. දැන් ඒ කඩේ තිබුන තැන තමා ගල්කිස්සේ එල් බි ෆිනෑස් එක තියෙන්නේ.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. මාත් ගල්කිස්සේ නොවැ.ඔය පුන්නක්කු කඩේ කියන නම හරි ප්‍රසිද්ධයි තාමත් අපේ ලොකු තාත්තා එහෙම ඔතනට කියන්නෙ පුන්නක්කු කඩේ කියල.මටනම් ඒකට වඩා මතක අපි පිඩි කාලේ ඔය කුට්ටුව තිබුන වීඩියෝ සෙන්ටර් එක අර Vhs තැටි රෙන්ට් එකට අරන් බලන කාලේ දවස් දෙකකට සැරයක් ඔතනට යනවා තත්තා එක්ක කැසට් පීස් අරන් එන්න.

      Delete
    2. * පොඩි කාලේ
      *කිට්ටුව 😜

      Delete
    3. ඉස්සර දේවල් දැන් ටිකෙන් ටික නැති වෙමින්/ වෙනස් වෙමින් යනවා නේ... කොලොම්පූර් & සොඳුරු සඳවතී

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්