ඔබ එන්න ඔබ ඇවිත් යන්න...

සිංදුවක්/කවියක් ලියන්න වචන කීයක් ඕනද?, වචන කීයකින් පුළුවන්ද? කියල ඇහැව්වොත්... එක පාර දෙන්න උත්තරයක් නෑ.

ඒත්, සියලු සිංහල වචන දැනගෙන ඉන්න ඕනම කෙනෙක්ට වේවා... හතරපද කවියක් ලියනව කියන එක ඒ තරම්ම ම ලේසි පහසු කාරියක් නෙවේ. ඒ වගේම තමයි වචන තුන හතරක් එකතු කරලා ලියන හැම පද පෙළක්ම කවියක් විදිහට හෝ සිංදුවක් විදිහට හඳුන්වන්නත් බෑ. ඒකයි හැම කෙනාටම සිංදු -කවි ලියන එක කෙසේ වෙතත්... කලාත්මක විදිහට ලියන්න/ නිර්මාණය කරන්න අපහසුයි කියන්නෙ.

තියෙන මංචාඩියක හැකියාවක... ඕනෙනං සතත අභ්‍යාසය, ගුරු ඇසුර වගේ දේවලින් වැඩිදියුණු කරගන්න පුළුවන්.

වචන පොඩි ප්‍රමාණයකින් අරුත්බර ගීතයක්/ පද මාලාවක් ලියනවා කියන එක... දක්ෂ නිර්මාණ කරුවෙකුට උනත් ටිකක් අර කිව්ව විධියේ අපහසු කාරියක්. ඒක නිසා වෙන්න ඇති මේ වගේ ගීත, බොහෝ ප්‍රමාණයක් අපට සිංහල සංගීත ක්ෂේත්‍රයේ හමුවෙන්නෙ නැත්තෙ.


ඒ වගේම පුනරුක්තිය දෝෂයක් විදිහට හඳුන්වමින් එය භාවිත නොකිරීමේ රීතියට වෙනස්ව යමින්...  එකම වචනෙ තැන් කීපයක යෙදීම/ නිර්මාණාත්මකව යෙදීම, මේ ගීතයෙන් ඉතාත් ලස්සනට කර තියෙනව. මේ වගේ සම්ප්‍රදාය අතික්‍රමණය කරන රසවත් නිර්මාණ කරන්නත් ඕන... හරි හැටි සම්ප්‍රදාය දන්න කෙනෙක්. ඒකට හොඳ නිදසුනක් මේ නිර්මාණය.

මට මතක් විදිහට උපුල් ශාන්ත සන්නස්ගල තමුන් ලියපු 'වස්සාන සිහිනය' කියන පොත යොදාගෙන තමන්ම කරපු 'ආදරණීය වස්සානය' චිත්‍රපටයට, තමන්ම ලියපු ගී පද පෙළ තමයි මේ....

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න

සෞම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා

සන්සුන් ගමනේ රූසිරි බෝමා

ආදරේ නොකියා ‍ඉන්නේ කොහොමා

මගෙ රන්කඳට මම ආදරෙයි

 

‍ඔබ නොදැක බැරුවා

ඔබ නැතිව බැරුවා

මග සොය‍ සොයා මුව සල සලා

සත්තකයි මං ඔබ එතැයි සිතුවා

 

මම පෙරුම් පිරුවා

ඔබ එතැයි සිතුවා

මග බල බලා නෙතු දව දවා

රත්තරන් මං මග බලා සිටියා

පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල

සංගීතය හා තනු - නවරත්න ගමගේ

ගායනය - මොරිස් විජේසිංහ 

ගී විස්තරය - නවරත්න ගමගේ 

18 comments:

  1. බලන්න බොහොම ආසාවෙන් හිටි සිත්තර පටියක්. ඒත් දැන් ඒ මැජික් එක දැන් නෑ. කාළයත් එක්කම හැම දෙයක්ම වගේ අපේ රසවින්ඳනයත් වෙනස් වෙනවා. මේ සංසාරෙ හැටි ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. මාත් බලන්ට කැමැත්තෙන් හිටි කාලේ නෙමේ පහුව යූබටෙන් බැලුවේ. ආපුකාලේම ආ වයිබ් එක නැතත් ලොකු අවුලක් මටනම් දැනුණේ නෑ.
      හැබැයි චිත්තරපටියේ සිංදු ටිකනම්... පංකාදු පහයි

      Delete
  2. ගීතයේ සාර්ථකත්වයට මොරිස් විජේසිංහගේ ගායන ශෛලියත් බොහෝ දුරට හේතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔහුගේ පෞර්ෂවත් කටහඬ... මේ ගීය තවත් ලස්සන කළා

      Delete
  3. මේ ගැයුම දැක්කාද?
    https://www.youtube.com/watch?v=DDfBCLsRzBA

    ReplyDelete
    Replies
    1. බැලුවා ගිහින්. මගේ අල්පමාත්‍ර සංගීත දැනුමේ හැටියට යමක් කිව්වොත්... ඒ තරඟකාරිය මුල් ගායකයව අනුකරණය කරන්න යනවත් වගේ. හැබැයි ඇයගේ කටහඬත් උස් එකක්. ඒත් හැඟීම් දැනීම් මදි මටනම්

      Delete
  4. වස්සාන සිහිනය පොතට පිස්සු වැටිල වගේ හිටියෙ මං.ඒත් ෆිල්ම් එක ඒ වගේ හිතට වැදුනෙ නෑ.හැබැයි ඒ හැම සිංදුවම පට්ට.ඔබ එන්න කියන්නෙ ඕනම වෙලාවක ඇහුනත් ඇහුවත් දැනෙන සිංදුවක්.

    ReplyDelete
    Replies
    1. හුම්... සිංදු ටික නම් පංකාදු පහයි!

      Delete
  5. ඇස් මානේ නිතරම ඒ රුව පෙනුණා
    වස්සානේ ගීතයනම් රහ දැනුණා...

    ජයවේවා ....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කයියට.. සංචාරේ!

      Delete
  6. මම කැමති ගායනයක් . විග්‍රහය අපුරුයි.

    ReplyDelete
    Replies
    1. දන්න ටික ඔහෙ ලියල දැම්ම ඉතිං. ටැංක්ස් ආවට!

      Delete
  7. http://ambalangodakatha.blogspot.com/2023/08/blog-post.html

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්