කොස් ගෙඩියට මරණ දඬුවම

රාජ උදහස

ඩී. පී වික්‍රමසිංහ නම් ලේඛකයා විසින් මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවල ප්‍රචලිත ජනකතා 50 ක් පමණ අන්තර්ගත කොට " මගදිගට ජනකතා " නම් ග්‍රන්ථය රචනා කොට ඇත. එහි එන මහනුවර යුගයේ රජකළ ශ්‍රී විජය රාජසිංහ රජු තා සම්බන්ධ ජනතාවක් මේ පාඩමේ දැක්වේ.


ශ්‍රී විජය රාජසිංහ රජු දවස හැඟුරන්කෙත මහ මළුවේ දේවාලය ඉදිරිපිට අම්බලමක් තිබුණි.

දිනක් මෙහි රැස් වූ ගැමියන්ට දේවාල මළුවේ පැණිවරකා ගසෙහි වූ විශාල කොස් ගෙඩියක් සුදු රෙද්දකින් වසා වෙන්කර තිබෙන බැව් දකින්නට ලැබුණි. එය රාජ භෝජනය සඳහා වෙන් කරන ලද්දක් බව කවුරුත් දැනගත්හ. මේ කොස් ගෙඩිය ඉදී සුවඳ විහිදෙන බව හැමදෙනාට ම දැනුණි. එය ගැන අම්බලමේ සිටි අය අතරේ සාකච්ඡා ඇති විය. එම කොස් ගෙඩිය සොරකම් කළොත් හෝ කැඩුවොත් හෝ ඒ තැනැත්තාට ලැබෙන්නට පුළුවන් රාජ දඬුවම් ගැන ද කථාවක් ඇති විය. රාජ භෝජනය සඳහා නියමිත දේ විනාශ කළොත් නො අනුමානව ම උල හිඳුවීමේ දඬුවීමට භාජනය විය හැකි බව කවුරුත් විශ්වාස කළෝ ය.

අම්බලමේ කොනක කණුවකට හේත්තු වී කල්පනාවේ යෙදී සිටි එක් පුද්ගලයෙකි. උක්කුරාල නම් වූ ඔහු කවදත් අම්බලමේ ප්‍රධාන කථිකයා මෙන් ම විකටයා ද විය. නමුත් ඔහු මෙදින නිශ්ශබ්ද ව කල්පනා සහගත ව ඉඳීම ගැමියන්ට තේරුම් ගත නොහැකි කරුණක් විය.

    එක් ගැමියෙක් ඔහුට කථාකොට 'ඇයි රාලේ! උඹ අද කරබාගෙන ඉන්නේ? ගෙදර ඇත්ති සමග දබර කරගෙන ආවාදැ'යී කවට බසින් ඇසී ය. 'නැහැ. අපේ උන්දෑ සමග දබර කර ගන්ට කරුණක් යෙදුණේ නැත. මා කල්පනා කෙළේ පැණිවරකා ගෙඩිය දෙස බල බල කෙළ හළ හළා සිටින නුඹලා ගැනයි. නුඹලා පැණිවරකා ගෙඩියෙහි ඇති රසයටත් සුවඳටත් ආශා කරනවා. නමුත් කිසිවකුටවත් එය කඩා කන්ට තරම් ආත්ම ශක්තියක් නැත. සෑහෙන ඔට්ටුවක් උඹලා අල්ලන්නේ නම් මම ගසට නැගී එයින් පළුවක් කප ගෙනැවිත් නුඹලාට ද දී මමත් කන්නම්'යි උක්කු රාල කී ය. එබසින් අම්බලමේ සිටි ගැමියෝ විස්මයටත් භීතියටත් පත් වූහ. කරන්ට තබා හිතන්ටවත් භයානක දෙයකි ඔහු කීවේ. පණට ආදරේ ඇත්තෙක් පැණිවරකා ගෙඩිය කනවා තබා අතවත් නො තබති. ඒ නිසා 'මොහු පිස්සුවෙන් නන් දොඩවති' යි එහි සිටියෝ සිතූ හ.

පැණිවරකා ගෙඩිය කා මෙලොව පණ පිටින් සිටින්නට කිසිවකුට ඉඩ නොලැබෙන බව හොඳාකාර දත් එක් ගැමියෙක් 'නුඹ පැණිවරකා ගෙඩියෙන් මදුලක්වත් කෑවොත් මා නුඹට හොඳ මී නාම්බකු තෑගි කරනවා. හැබැයි නුඹ ජීවතුන් අතර සිටියොත් පමණයි ඒ තෑග්ග ලැබෙන්නේ' යි කීය. 'නුඹ ඒ තෑග්ග දෙන බව සත්‍යයක් නම් දේවාලයට අත ගසා දිව්රුම් දෙනු, එසේ දිවුරූ විට මම පැණිවරකා ගෙඩිය කන්නෙමි' යි උක්කුරාල කී ය. ඊට එකඟ වූ ගැමියා එලෙස දේවාලය දෙසට අත නඟා දිවුරුම් දුන්නේය.

ස්ථානෝචිත ප්‍රඥාවක් හා ජම්ම දායාදයකින් මෙන් ලත් මුඛරි බවත් ඇති නිර්භීත උක්කුරාල සැණෙකින් කැසපොට කවාගෙන පිහියක් අතින් ගෙන පැණිවරකා ගසට නැඟ, වරකා ගෙඩියෙන් පලුවක් කපාගෙන බිමට බැස එය කෑමට පටන් ගත්තේ ය. අම්බලමේ සිටි අයට ද ඔහු පැණිවරකා දුන් නමුත් පණ බියේ ගැහි ගැහී සිටි ඔවුහු ඒවා ප්‍රතික්‍ෂ්ප කළෝ ය.

රාජ භෝජනය සඳහා වෙන්කොට තිබූ පැණිවරකා ගෙඩිය උක්කුරාල නම් ගැමියෙකු කඩා කෑ බව නගරය පුරා ම පතළ විය. රජවාසල රාජපුරුෂයන්ට ද මෙය දැනගන්නට ලැබී ඔවුහු රජු වෙත ගොස් ඒ බව පැමිණිලි කර සිටියෝය. රජතුමා ද කිසිවක් විභාග නො කර 'මහවාසලට එවැනි අවනම්බුවක් කළ එම ද්‍රෝහියා අල්වා උල හිඳුවා මරව' යි අණ දුන්නේ ය. රාජාඥාව පරිදි උක්කුරාල රාජ පුරුෂයන් විසින් අල්වන ලදුව රතු මල් වඩම් කර ලා කටු සැමිටියෙන් තළතළා වදකයින් විසින් වදක භූමියට ගෙන යන ලද්දේ ය.

වදයක කැපවූ උක්කුරාල අතර මඟ දී මහ හයියෙන් විලාප ගසමින් අඬන්නටත් අනතුරුව මහ හයියෙන් කොක්හඬ දී සිනාසෙන්නටත් පටන් ගත්තේ ය. මෙසේ නොකඩවා වරින් වර අඩන්නා වූ ද, සිනාසෙන්නාවූ ද, වදයට කැප වූ මේ පුරුෂයාගෙන් රාජ පුරුෂයෝ 'එසේ අඩන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක්දැ' යි ඇසුවෝ ය. 'ඊට හේතුවක් තිබේ. එය මම නුඹලාට නො කියමි. මහා වාසලින් ඇසුවොත් පමණක් කියන්නෙමි' යි උක්කුරාල නිර්භීත ව පිළිතුරු දුන්නේ ය. කෙසේ ඇසුවත් පළමු සේ ම කියන බැවිනුත්, නොනවත්ව ම ඇඬීමත් සිනාසීමත් කරන බැවිනුත්, එක් රාජපුරුෂයෙක් රජවාසලට දුවගොස් මේ බව රජතුමාට සැලකර සිටියේ ය.

ඒ බව අසා රජතුමා ද පුදුම වී 'වහා ඔහු ආපසු රජවාසල කරා කැඳවා ගෙන එය'යි අණ කෙළේ ය. එසේ රජු ඉදිරියට පැමිණ වූ එම පුරුෂයාගෙන් 'තා වදක භූමියට ගෙනයන අතරතුර අඬන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක් දැයි' යි ප්‍රශ්ණ කළේය. 'අහෝ ! දේවයන් වහන්ස! මම බඩගින්න නිසා පැණිවරකා ගෙඩිය කෑවෙමි. ඒ නිසා ම වදයට ගෙදුරු වීමි. මගේ බඩ ගින්න නිසා මට අකාලයේ අත්වූ මරණය ද, මගේ අඹු දරුවන් ද සිහි වී ඇති වූ ශෝකාග්නිය උසුලාගත නොහී ඇඬුවෙමි' යි ඔහු කීය.

'ඒ එසේය, තා මරණ භයින් අඩන ඇඩීම සුදුස්සක් සේ මම පිළිගනිමි. මෙවැනි මරණයකට ගොදුරු වී සිටින තා සිනාසෙන්නේ මක්නිසා ද? තට කවර නම් ප්‍රීතියක් ඇත්තේ ද? වහා කියවයි රජ අණ කෙළේය. 'අහෝ!! දේවයන් වහන්ස! එසේ මරණයට පත් වුවත් මට එයින් එක සැනසීමක් ප්‍රීතියක් ගෙන දෙන කරුණක් ඇත්තේ ය. 'අසවල් රජ්ජුරුවෝ කොස් බෑයටත් මිනී මැරවූයේ ය'යි යන අපවාද සහගත කථාවක් අනාගත ලෝකයාට ද දැනගත හැකිසේ ඉතිහාස ගත වන්නේ ය. වර්තමාන ලෝකයා ද ඒ එසේ ම කියමින් මහවාසලට අපහාස නඟන්නෝ ය. එය සිහි වූ මට සිනා පහළ වන්නේ ය'යි උක්කුරාල පිළිතුරු දුන්නේ ය.


මේ ඇසූ රජ්ජුරුවන්ට තරු පෙනුණි. අනාගතය ගැන සිහියට නැගුණි. ගැමියාගේ කියමනෙහි සත්‍යතාව වැටහුණි. බඩ සාගින්නට වරකා පලුවක් කෑ ගැමියා පවා අසුවල් රජ්ජුරුවෝ 'මරණයට පත්කරවූහ' යි ලෝකාපවාදයකට තමා ගොදුරු වන බැව් පෙනී ගියේ ය. එබැවින් මෙය කළ යුතු දෙයක් නොවේ. මොහුට අභය දුන මැනව යි සිතා ගැමියා අමතා 'තගේ ස්ථානෝචිත ප්‍රඥානුබද්ධ මුඛරි බව නිසා මට වන්ට තිබූ නින්දාවෙන් ගැළවුණෙමි. එසේ ම තට වන්ට තිබූ මරණයෙන් ද තා ගැළවුණෙහි ය'යි කියා උක්කුරාලට අභය දානය කෙළේ ය.

වන්නේ කුමක් දැයි බලාගෙන එතෙක් අම්බලමේ සිටි තම යහළුවන් කරා උක්කුරාල සිනාසෙමින් ගොස් පොරොන්දු ප්‍රකාර මීගොන් නාම්බා තෑගි ලබා ගත්තේ ය.

18 comments:

  1. අවුරුදු තිහකට විතර කලින් හඟුරන්කෙතදී මා දුටු ගල් බරුවක් සොයා දෙවෙනි වරටත් අපි කිහිප දෙනෙක් එහි ගියා. ඒ ගල් බරුව කාන්තාවන් වැවේ ගිල්වා මරා දැමීමට භාවිත කළ එකක්. අවාසනාවට ඒක සොයා ගන්න බැරිවුනා.

    ගමන ගියේ Pra Jay, සිරිබිරිස්, රවී, නෙවිල් හා නිදි. ඒ ගැන post එකක් රවී ලියනවයි කිව්වා. හැබැයි ඒකට බාලගිරි ලබලයි තියෙන්නේ.

    ඒ ගමනේදී මේ කියන පැණි වරකා ගහෙන් පැවතෙන ගහක් අපි දැක්කා, දේවාල බිමේ.

    ReplyDelete
    Replies
    1. හුම්! නියමයි. එහෙදි වරක කෑල්ලක් කන්ට හම්බුනානම් තවත් නියමයි 😄

      Delete
  2. ඉස්කෝල යන කාලේ සිංහල පොතක කියෙව්වා. ශික්ෂා මාර්ගය වගේ මතක. අග මුල මතක නැතිව හොය හොය හිටියේ. තැන්කියු දැම්මට.

    ReplyDelete
    Replies
    1. අනේ හොඳා!
      මේක ඇත්තටම දැම්මෙ වර්තමානේ සමාජේ සිදුවීම් එක්ක මතක් වෙලා. පැති කීපයකින් මේ කතාවෙ ගතයුත්තක් තියේ.

      1 - පොඩි පොඩි දේවලටත් පොඩි එකා පාමින් රජය නීති තද කිරීම
      2 - නිර්භීතකම ඇතිනම් ඒවාට එදිරිව මුහුණ දීම
      3 - නීතියෙන් තද කර රජය කරන අඩන්තේට්ටම් උනත් නුවණ මෙහෙයවා ජයගැනීම

      Delete
    2. ඔව්, ඒ පොයින්ට්ස් ටික තමයි ඒ කතාවෙන් ගන්න තියෙන්නෙ.

      මේ වගේ සියුම් ලෙස නුවණ මෙහෙයවන්න පුලුවන් අයගෙ ජාන වලින් පැවත එන අය දැන් කාලෙ ඉන්න සෑර්ලට පරම්පරා ගණක් තිස්සෙ රැවටෙන එක තමයි දුක.

      Delete
    3. ඒ ජාන සුද්දගෙන් මැරුම් කෑවා, නිලීන උනා... වගේ දෙයක් වෙන්ට ඇතිය කියලයි මට හිතෙන්නෙ

      Delete
  3. නමි බොෂ්, කොෂ් හොරු ලංකාවේ විතරක් නෙවේ ඉන්දියාවේත් ඉන්නවා.
    වෙලාවක මේක බලන්ඩ හිටං. පිචෑර්ස් එක 'Kathal'

    https://thecinemaholic.com/is-kathal-a-jackfruit-mystery-based-on-a-true-story/

    ReplyDelete
    Replies
    1. හරේ වා! කොස්ගහ වටේ ටේප් ඇදලා "ක්‍රයිම් සීන්" එක මාක් කරන කෑල්ල නියමයි. ස්තූතියි ඔත්තුවට.🙏👌

      Delete
    2. හුම්. අපූරූ ප්ලොට් එකක් නෙව... ෆිලුමට අරං තියෙන්නෙ හිට Ano 😂

      Delete
  4. කියවල තියෙන කතාවක්. එක පාරක් ලොකු කොස් ගෙඩියක් දැකල අපි ගිය වාහනේ නවත්වල බලන් හිටිය. ඒත් ඔය උඩරට පැත්තක. එතනට කොලුවෙක් ඇවිල්ල කඩල දෙන්නම් කිව්වා. රුපියල් 50 කටද කොහෙද (අවුරුදු 20 කට විතර කලින්) වයිෆ් ගේ අම්මල ෆොටෝ ගහල හෙම පොඩි ෆන් එක්ක ගත් නිසා මම රුපියල් තුන්සීයක් වගේ ගානක් දුන්න. අපි එපා කියද්දී කොල්ල බලෙන්ම වගේ කොස් ගෙඩිය දැම්ම වෑන් එකට. අපි ස්ටාට් කරන යන්න හදන කොට එතැන හෙන වලියක් . මිනිහෙක් ඇවිත් අර කොල්ලට තඩි බානවා උගේ කොස් ගහෙන් ගෙඩියක් කඩල විකුණුව කියල. සල්ලි දීපන් කියල. දැන් එතැන සෙනග, ගහන ඒකා කොල්ලගේ බාප්පා ලු. පස්සේ ඉස්සරහ කඩේක මුදලාලි කෙනෙක් ඇවිත් කතාව බේරුවා. බලන කොට කොස් ගහ පාරේ නිකන් හැදිච්ච එකක්. ඕන කෙනෙක් ගෙඩි නිකන් කඩාගෙන යනවලු. 😀

    ReplyDelete
    Replies
    1. හැක්! බාප්පගෙ "මිස්ඩ් ඔපොචුනිටි" බිසිනොස් එකට, කොල්ල විද්ද එකට හිතට අමාරුවට වෙන්ටෑ, අතේ පයේ හිරි ඇර ගන්න ඇත්තෙ. සල්ලි ඉල්ලන්න ඇත්තෙ, ඇඟේ අමාරුවට හොර පොලෙන් දෙකක් නමා ගන්න වෙන්න ඕනෙ.😉

      Delete
    2. Ajith & D.G.M
      හෙහ්..හෙ. මරු සිද්ධිය. දැන් වගේ ඔහොම එකක් උනානං වටේ ඈයො පොන් අරන් සිද්ධිය රටට වාර්තා කරන්නෙ 😂

      Delete
  5. මේ වගෙ කතා කියවන කොට, රජකාලෙ තිබ්බ සමාජෙ....අනේ මන්දා?🤔

    ReplyDelete
  6. මොක උනත් කියන්න තියෙන්නෙ... අදට වඩා හොඳට නීති ක්‍රියාත්මක වෙලා තියෙනව හිටං කියල තමා

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්