මීයා සහ game කතා

 මෙතැන මීය කිව්වෙ අර කෝම්පීතර් මෞස් වර්ගයාට. හිංගලෙන් කියන්නෙ මූසිකය කියලනෙ. ආන් ඒ mouse ගැන අපේ බස් post එකකුත් දාල තිව්න. ඒ අස්සේ comment එකකින් රිංගපු මට මෙන්න කියාපි අලුත් මෞස් gadget ගැනත් මක්ක හරි ලියන්නය කියල. මං මොනව දන්නවද අනේ ඔව ගැන. ඒත් ලඟදි මගේ mouse එකත් පොඩි කචල් එකක් අදින්න සෙට් උනා. ඌ මකවල ගනිද්දී පොඩි දේවල් ටිකක් මතක් උනා....

කොම්පීතරේ කරලියට එනකොට මේ mouse එකත් නිකම්ම වාගේ බිහි උනා. මොකෝ අත දාල මේකේ දේවල් කරන්නයෑ.  මුල් සංදියේ mouse වල යටි පැත්තේ තිව්නෙ mouse ball එකක්. අර උස්සද්දී හිලෙන් එබිල බලන බෝලෙ. (දැන් එවුන්නෙ ඕක නොදන්නෙ හිට). ඉතිං mouse එක එහාට මෙහාට කරන කොට යටින් තියෙන මේ බොලේත් ඒ අනුව එහට්ට මෙහට්ට වෙලා තමයි horizontal සහ vertical ලෙස ඛණ්ඩාංක ලබා ගෙන... ඒවා සංඥාවක් විදිහට අපේ computerයට ලබා දුන්නෙ. ඒත් මේ කිරි කිරි බෝලෙ, මඤ්ඤං කෙරුව සමහර වෙලාවට. ඉතිං ඒ වෙලාවට එයින් ලැබෙන සංඥාත් අවුල්. ඒ අවුල monitor එකේ cursor point එක දක්වාම ගිහින් එතන ඩෙඟා නටල තමයි නතර වෙන්නෙ. ඉතින් කරන වැඩ... කොට උඩ. (මේව දැන් graphic කරන ඈයොන්ට තිබ්බනම් උන් සදා අනාතයි).

දැන් කලක හිටංමේ දක්වා පාවිච්චි වෙන්නෙ optical mouse... USB පහසුව ඇති. bluetooth mouse විදිහත් එනව නේ. සංඥා ලබා ගැනීමේ ක්‍රමය වඩා දියුණු තැනකට ආපු අවස්ථාවක් තමයි මේ. මේ mouse එකේ තියෙන පොඩි LED light එකේ පරාවර්තන වුන ආලෝකය, sensor එක හරහා යවල එය process වෙලා එන signal එක තමයි කොම්පීතරේට දෙන්නෙ. මේවයෙ වැඩ ඉතීම්... සුදුවට, සුමුදුවට.

හැබැයි දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ. signal එක ග්‍රහණය කරන් යවන එක. ඕකම තමයි laptop එකේ, touch pad එකේ, touch phone එකේ හිටං වෙන්නෙ. මූලික සිද්ධාන්තය එකයි. තාක්ෂණය වෙනස් උනත්.

මේකට සමාන දෙයක් අපිත් කරනවා මතකද..... මැනුවලි. අතින් අතින්

ප්‍රස්ථාරෙ ඇති රේඛාව යම් තැනක පිහිටනවද ඒ තැන හඳුනගන්නෙ තිරස් හා සිරස් සටහන්ව ඇති ඛණ්ඩාංක මගින්. (ප්‍රස්ථාරෙ ඇඟිල්ල යම් තැනක් තිබ්බද ඒ තැන කියවන්නෙ අර ඛණ්ඩාංක දෙක මගින්). මේ දෙයම තමයි චෙස් පුවරුවලත් වෙන්නෙ.

තව තව අලුත් උන mouse වල එන හැකියාවනුත් වැඩි. පොඩි සෙලවීමකින් වැඩි දුරක් (DPI), one click button, back button... ආදී නානාප්‍රකාර දේවල් ඒක අස්සෙ. ඒ අස්සෙ තොරන් වගේ ඒවත් තියෙනව.

තව... glove mouse, invisible mouse (නිකම්ම ඇඟිලි එහා මෙහා කිරීමක් sensor එකකින් හඳුනාගෙන වැඩකරන), phone mouse (phone as a mouse) වගේ සමහර දේවලුත් වෙළඳපොලේ තියෙනව සහ වැඩිදියුණු වෙමින් ඉදිරියට එනව. මේ ගොඩක් ඒවා එන්නෙ ඉතිං gamming පිස්සන්ට හා කම්මැලි බස්ස, අපි වාගේ අයට... අනුකම්පාවෙන්. ඒ හන්ද මේ මෞස්ල හරිනම් අපි අල්ලන්නත් ඕන වැඳල කරල හිටං.

ගේම් කිව්වොත්, මං කොම්පීතර් ගේම් ගැහුවේ නැති තරම්... අනික් අය එක්කලා බලද්දී. අනික O/L කරනකම් මං හිටිය ඉක්කෝලෙ එවුන්ට ඔය game උන තිබ්බෙත් නෑ. එක්කෙනෙක් දෙන්නෙක්  cafe ගියා, ඒත් අන්තිම කාලේ. ඒකට A/L ඉස්කෝලේ. ඉන්න හැම සෙට් එකේම එකෙක් game කාරයෙක්. චැට් එකක් අස්සෙ game එකක් ගෙනත් අතාරිනවා. මං සමහර සමහරුන්ට බැණලත් ඇති.

අනික 9,10 වසරවල තමා මට කොම්පීතරයක් සෙට් වෙන්නෙ. ඒකත් laptop එකක්. ඕකේ game ගතහැකි ඈ. Windows වල එනම Pinball, card game නම් සෙල්ලම් කරා. ලැප කැඩිලා හම්බුණ කොම්පීතරේ HDD එක 40GB හෝ 80GB. ඉතිං හිතා ගතෑකි නේද අසරණයගෙ තත්වෙ. ඒත් game පිස්සුව නම් දැනුණේ හෝ ආවේ නෑ. එහෙම උන එකත් ලොකු දෙයක්. ඇයි කියන්නෙ... RAM, VGA මාරූ කරන්නයි, අලුතෙන් එන game CD ගන්නයි. ඒවාට සල්ලි!. ඒ නැතෑ පුම්ක උඩ දාන් ඔක්කොම සැට් කරන් ගහන ගහන game ඒක end කරගන්න බැරි උනොත්! ඒ වගේමයි ඒ කාලේ game ගගහ තවතවත් computer එකට ඇලිල හිටිය නම්, අද job කරනව බොරු. ඇයි ඉතිං ඇස් දෙක තව වෙහෙස වෙනව නෙ. මේ දැන් ඒකටත් එක්ක ඇස් වෙහෙසවනව හොඳටෝම ඇති. ඒ හන්ද ඒ කාලේ game පිස්සුව ආවේ නැති එක හොඳටෝම හොඳයි!

ඒ අතර අර පොඩි කොම්පීතරෙන් ගැහුව ඒවා මතක් කලොත්....

රූ කියල ඒ කාලේ computer සඟරාවක් ආව... පරිගණක සඟරාවට අමතරව. (දැනුත් එනවද කොහෙද). ඒකෙ තියෙන cd එකේ free දෙන පොඩි පොඩි game තිබ්බ. cricket, bike & car race... ඒවා තුනහතරක් නම් කාලයක් යහමින් play කරා. මොකෝ graphic වලට කියල මහ දෙයක් යනවෑ. fan යකා වගේ දිවිලි නෑ, overheat නෑ. චෝටා චෝටා game, චෝටා චෝටා fun 😂!

   දැන් තියෙන එක (වමේ) හා යාළුවෙක් දුන්න එකක් 
(දකුණේ). ඒක gaming මීයෙක්. උණු හින්ද බොන්නත් බෑ කිරි හින්ද අහක දාන්නත් බෑ වාගේ තමයි. පේනවා නෙ සයිස් එක.

22 comments:

  1. නමෝ විත්තියෙන්ම කම්පියුටරේ ගෙනහල්ල - වැඩ කරන හැටි කියල දුන්නු මංජු (රවීන්ද්‍ර ප්‍රසාද්) හිතවතා card කුට්ටමෙන් කරන සෙල්ලමකුත් දාල දුන්න. සතියක් යද්දී මට තේරුණා, මං ඒ මඟුලට කොච්චර ඇඩික්ට් වෙලාද කියලා. ඊළඟ දවසෙම මංජුට කියලා ඒක කම්පියුටරෙන් අයින් කෙරෙව්වා. එදීන් එදයි- දැන් අවුරුදු පහළොවකටත් වැඩියි, මේ පුතය නෙවෙයි- ඔය gameවලට ගියේ....

    ReplyDelete
    Replies
    1. නමෝ විත්තියෙන් මේ පෝස්ට් එකට ගොඩවෙලා තියෙන්නෙත් නිදිතුමා නෙව.
      ඔව්. ඇබ්බැහි උනොත් කාලේ කාගෙන ගහන එක තමයි වැඩේ වෙන්නෙ

      Delete
  2. +++++++++++++++++++
    කමෙන්ට් වැටුනාම එන්නං සාකච්චාවට

    ReplyDelete
    Replies
    1. ඒව කොහේටද වැටෙන්නෙ හිටං.

      Delete
    2. පතෑං ගාලා සද්දයක් ඇවිත් තමයි වැටෙන්නෙ.🤣

      Delete
    3. බෂු & පෂා... ටැංක්ස් ආවට.

      වැටෙන දෙයක් අපේ ඉහටත් වැටේවා 😂

      Delete
  3. බොලාට 40GB හරි තිබ්බ. මගේ තිබ්බ 8 එකෙන් ගැහුවෙ ඩේව්, පිට්පෝල් වගේ ගේම් තමයි. ඒකාලෙ ඉතිං LCD මොනිටර් තිබ්බ කියල එකක්යැ.

    ReplyDelete
  4. මේ ක්‍රමේ හොඳා. පොඩි පර්සනල් ටච් එකක් එක්ක, මවුසලා ගැන විස්තරයක් . හිත බොහොම ඈතට ගෙන යන ගිය ලිපියක්.
    https://youtu.be/SAaESb4wTCM?t=43

    ReplyDelete
    Replies
    1. ඔහේ තමයි මේකේ ඇරඹුම... අජීබොසා එක්ක හිටං ❤️

      Delete
  5. උපාසක බස්සො - https://mousemux.com/

    ReplyDelete
    Replies
    1. ඒ තොරතුරට තැන්ක්ස් ප්‍රා.ජේතුමො

      Delete
  6. මටත් මතකයි ඔය මීයගේ බොලේ ගලවලා ඇල්කොහොල් දල ක්ලීන් කරලා ගත්තම අයෙත් එලට වැඩ ....

    ReplyDelete
    Replies
    1. හුම්. සමාරු ඔදිකොලෝන් දැම්මත් කොහෙද. ටැංක්ස් ආවට... Lalith!

      Delete
  7. මේ පහුගිය දොහක අපේ සත්තලන්ගෙ මීයාත් පිස්සු කෙලින්න ගත්තා.මං මේ කියන්නත් කොම්පීතර් මෞස් මීයා ගැන.මට ඇහුනා දවස් දෙක තුනක් මියාට ජාතිය අමතමින් ඌව මේසෙ උඩ පොලේ ගහනවා.ඊට පස්සෙ පරණ මීයෝ අටෝරාසියක් ඉන්න පෙට්ටියකින් වෙන එකක් අරන් ආං දැන් ඒකෙන් වැඩ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙ. ඒනං උන්දත් අටවන මාටින්ස් කෙනෙක් හිටං 😂😂😂

      Delete
    2. සොඳුරු සඳවතීගෙ කොමෙන්ට් එක අපව බරපතල කොම්පියුෂන් තත්වයකට පත්කළා.
      එයට හේතුව උනේ වහෙන් ඔරෝ භාෂාවෙන් ලියා ඇති ලෙසට සත්තලන්ට කොම්පීතර් මෞස් මීයා හැර තවත් මීයන් සිටීද යන පස්නයයි.
      හැකි වෙර යොදා ගූගල් කළත් ලැබුණේ කලීෆා නමැති මීයා ගැන විස්තරම පමණයි.
      පින්වත් නමියනි ඔබවත් මෙයට පිහිටක් වුන මැණ.

      Delete
  8. අම්මෝ මූසික කතාබහක් ගිය දුර .......

    ReplyDelete
  9. http://hashanrandika.blogspot.com/2023/07/blog-post_13.html

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්