පැණි කුරුල්ලනේ

උදේ කෑම කකා ඉන්න ගමන් සාලේ රේඩියෝ එකෙන් ඇහෙනවා.... ගෝලීය උණුසුම, පාරිසරික විපර්යාස ගැන news කියනව.

අනෙ අපිට මොකෝ. රටේ ලෝකෙ සිද්ධවෙන දේවලින් අපිට වැඩක් තියෙද?. අනික ඒවා මේවා උනා කියල ලෝක මට්ටමින් වෙන සංවර්ධනේ නවත්තන්න කියලයෑ. අනික අපි මේ ඉන්නෙ පශ්චාත් නූතන සමාජයක නෙව. වේගෙන් දියුණු වෙන්න ඕනා. ආර්ථික සංග්‍රාමය ජය ගන්න ඕනා. වැඩ ගොඩයි. හුම්, ඒත් මේ වැඩිවෙන රස්නෙ තමයි කාල ඉන්න බැරි. කමක් නෑ ඉතිං ටිකක් මහන්සි වෙලා හරිහම්බ කරා නම් කාමරේට AC හයිකරල හිටං, ගෙවන්න වාහනයක් හෙමත් ගන්න පුළුවන්. එතකොට ගිරීස්මෙට, පරිසරේට බම්බු ගහගන්න කියල ජීවිතේ ෆුල් කම්පටබල්ව විඳින්න බැරියැ.

-   -   -   -   -   -   -

මොනා කිව්වත් අපිට මේ අවට පරිසරය, සොබාදහම නොසලකා ජීවත් වෙන්න තියා එක හුස්ම පොදක්වත් ගන්න කියලද. දේසේ හැටියට වාසේ... වගේම තමයි වාසේ හැටියට දේසේ වෙනස්කම් සිද්ධ වෙන්නෙත්.

මේ ගැන වෙනස්ම විදිහකට ලියපු ගීයක් තමයි මේ පැණි කුරුල්ලනේ ගීතය. ලියල තියෙන්නෙ උපමා, රූපක වලින් හද සිතුවම් මවන ලූෂන් බුලත්සිංහලයන්. ඒ වගේම සංගීතය... අතිදක්ෂ සංගීතඥයෙක් වුණු සරත් දසනායකයන්ගෙන්. නමුත් ඔහු මෙයට තනු නිර්මාණය කරේ ළමා ගීයකට නැඹුරුවක් දක්වමින් වැඩි ප්‍රාසාංගික බවක් මතුකරන අදහසින් වෙන්න ඕනෑ. මොකද මේ ගීයේ පොඩි වේග රිද්ම රටාවකට සංගීතය එක්ක ගැයෙද්දී මතුපිට වචන හා තනු අතරේ අපේ දෙසවන් වැඩ කරනව මිසක්, යටි තේරුමක් මෙහි අන්තර්ගතව තියෙනවද කියල අපිට එක්වරම දැනෙන්නෙ නෑ. කොහොමින් උනත් දශක කීපයක් තිස්සේ ජනප්‍රිය මේ ගීය කොයිකවුරුත් හොඳහැටි අහල ඇති.

වර්තමාන ලමයගේත් අතීත ලමයගේත් හැසිරීම් රටා, සිතුම් පැතුම් එකම විදිහයි. හරියට අපි හැමෝම ලෝකෙට ඉපදෙන්නෙ අමු නිරුවතින් වගේ. එකම විදිහකට, එකම රටාවකට. ඒත් දැන් ඉන්න ළමයට අතීතේ හිටපු ළමයට තරමින් පරිසරය- සොබාදහම විඳින්න අවස්ථාව, ඉඩ පහසුකම් නැති වෙලා. කොළඹ නම් කුරුල්ලෙක් තියා කපුටෙක්වත් දකින්න හම්බවෙන්නෙ අහම්බෙන්. ඒ දකින්නත් ඉතිං බිත්තිවලින් වටවුණු ලෝකෙන් එළියට දෙමව්පියෝ එක්ක යන්න හම්බෙන සීමිත වූ අවස්ථාවකින් විතරයි නෙ.

ගේ හදන්න කලින් තිබුණ ගහකොළ අතුගාල කපල දාල තමයිනෙ ගේත් හැදුවෙ. එහෙම හදපු මුඩු ගෙවත්තෙ කොයින්ද කුරුල්ලො. ඉතිං මේ වගේ කාලේ ළමයින්ට සෙල්ලං කරන්නත් කෘතීම උද්‍යාන, සත්තු දකින්න සත්ව උද්‍යාන. කුරුල්ලෝ කැලේ ඇතුළට වැදිලා වෙන්න ඇති මේ දේවල් බලං ඉන්න බැරුවම. ගස්... ගහට ගහක් මුණ ගැහෙන්න මොරටුවට යන්න ඇති. ඇල දොළ... ඒවාටත් යන එන මං නෑ. ඒ කලින් ගලාගෙන ගිය පාරවල් දැන් ගොඩ ඉඩම්, සංවර්ධිත බිම් කොටස් වුනු නිසා.

පාර අමතක වී මංමුළාවෙලා........ ඇළ ??

 

පැණි කුරුල්ලනේ - නිල් කොබෙයියනේ

ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා

කැලේ පැන්න මං වගේම බාල සන්දියේ

දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

 

අඹ දඹ නාරං ගස් යට

කජු පුහුලන් මොර ගස් යට

අප වගේම ලුණු පනින්න - කැට පොල විදලා

පුංචි පුතා එන්න කලින් - උන් හිටිතැන් නැතිවුනදා

ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා

 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ....

 

ඇළේ වතුර නිල් කැටේට

දණ්ඩි කොරලි යන වටේට

කිමිදි කිමිදි පීනන්නට දියබු ගහලා

පුංචි පුතා එන්න කලින්

කළු දිය දහරා හැළිලා

ඇළට පාර අමතක වී මං මුලා වෙලා

 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ....

 

පද රචනය - ලූෂන් බුලත්සිංහල

සංගීතය - සරත් දසනායක

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

26 comments:

  1. ඒ අතින් අපේ පැතිවලනං තාමත් ගහකොළ, කුරුල්ලො ඉතුරු වෙලා ඉන්නව.

    මීට පස්සෙ උදේට කනකොට රේඩියෝ අහන්න එපා ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. නයි එහෙමත් ඇති නේද? රිලව්, බස්සො, නරි නැහ්ද?

      Delete
    2. னයි නැතුව මොකද? බස්සොනං මන්ද රිලවු‍, මොණරු ඉන්නව.

      Delete
    3. னයි කෛද රෝෂ් පාන් කිව්වලු!
      එත් බස්සට හව්උනොත් නං னයාටත් බඩු බනිෂ් ඉඳගෙන.

      Delete
    4. බකුස්ගේ ඇස් ලොකු னයා රෝස් පාන් ගිලිනවා බලං හිටං

      Delete
    5. මම වැජිටේරියන්. ඉඳලා හිටලා පෝක් කන්නෙත් හොරෙන්. ගෙදර් ඉන්න හෝතම්බුවා කචල් අදිනවා. ඌ දෙයියන්ට පාන තියනවා.

      Delete
    6. Praසන්ன -
      හුම්... අනෙක් දවසේ සේඩියෝව දා තිව්නොත් කන්දෙකහරි වහගන්නම් 😂

      කොමිටල් ඩ්‍රැකී -
      ආ වෙල්කම් පෙන්ඩ්

      D.G.M බස්සා -
      ගෙදර කචල් නම් කඩෙන් තමා කන්න තියෙන්නෙ හිටං 😂

      Delete
  2. //ඇල දොළ... ඒවාටත් යන එන මං නෑ. ඒ කලින් ගලාගෙන ගිය පාරවල් දැන් ගොඩ ඉඩම්, සංවර්ධිත බිම් කොටස් වුනු නිසා//

    අපේ උපන් ගම් පලාත් වලත් ඔය සෙල්ලමම තමයි. කුඹුරු, වගුරු බිම්, ඒ තියා ගඟවල් පවා මෙලෝ සිහියක්/සැලසුමක් නැතුව ඒ තියා ගඟවල් පවා හොරෙන් ගොඩ කරනවා. චීනෙත් ඔහොම පරිසර විනාසයක් කල බවත්, කුරුල්ලන් පවා තොග පිටින් මැරූ බවත් කිය වෙනවා. අඩුම ගානේ පරිසරය අල කරගත්තත්, චීන්නු ආර්ථික දියුණුවක්වත් ලැබුවා. ඒත් අපි තාම ණයට ගිතෙල් වළඳනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔහෙලට ගිතෙල් னයින්ට බූමිතෙල්
      අහෝ කෙතරම් කුරිරුද මේ ලොව!

      Delete
    2. ඇත්ත බස්. අපිට ආර්ථික දියුණුවක්වත් නෑ තිබිච්ච ගහකොළවත් නෑ. දැන් දැන් ලංකාවට ආවේනික සත්තු, ගස් වේගෙන් වඳවේගය යනවයිත් කියන්නෙ

      Delete
  3. බක්ශාට භුමිතෙල් ගහලා னයාඅ ගිතෙල් දෙමු.

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු කොමිටෙලා. 🙏👌
      ඉතිං, ඉතිං කොහොමද වාසෙ දේසෙ? කොහෙද මෙච්චර කල් අන්තරස්දාන වෙලා හිටියෙ?

      Delete
    2. ආන්න එහෙම එන්ඩ දොරේ.

      Delete
    3. මොන දොරෙන් ආවත් කමක් නෑ... භූමිතෙල් මෙහේ හලනවා එහෙම නෙමේ. අන්තිමට මං ගිණි අරං තියෙයි 😂

      Delete
  4. ජීවන රෝදය කරකවන්න ගමෙන් නගරයට සංක්‍රමණය උන වගේම නගරයේම මුළු ජීවිත කාලය ගෙවෙන අයගේ සිතේ උපදින රොමැන්ටික් ගම තමයි මේ.

    ReplyDelete
    Replies
    1. Litseekerතුමෝ... ඔය මාතෘකාව මහා දික්ගැස්සෙන එකක් නෙව

      Delete
    2. අනික මේ ගීතයෙන් කියවෙන්නෙ... සිදුවුණ පරිසර විනාසය ගැන කියලයි මට හිතෙන්නෙ.

      Delete
    3. Litseekerගෙ "රොමැන්ටික් ගම" තර්කයත්, නමියා කියන දෙයටත් එකඟයි.

      Delete
  5. //අඹ දඹ නාරං ගස් යට
    කජු පුහුලන් මොර ගස් යට
    අප වගේම ලුණු පනින්න - කැටපොල විදලා
    පුංචි පුතා එන්න කලින් - උන් හිටි තැන් නැති වුනදා
    ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා//

    බැද්ද අතුරුදන් තව දේ වෙලා විතැන්
    හිතන්න වෙන්නේ ඒ ගැන බොහොම දුකෙන්
    මොනවා නැතත් තියෙනව නං මනුස්සකං
    ඉඳිතැකි නොවෙද පණ යනකං සැනසීමෙන්?

    ReplyDelete
    Replies
    1. ඔව් නිදි. මනුස්සකම් තියේනං අනික් හැමදේම යලි ගොඩනගාගත හැකි. ඒත් මේවා වෙන්නෙත් හිටං මනුස්සකම් අඩියටම හිඳුනහම නෙව

      Delete
  6. මේ සිංදුව කොච්චර අහලා තිබුනත් නමියා කියලා තියෙන තේරුමින් ඇහුවෙ නෑනෙ. ඔව්, සංගීතය/මෙලඩි එකට හිත වැඩියෙන් ආකර්ෂණය වෙනවා තමයි. "ඇළට පාර අමතක වී මං මුලා වෙලා" හිතා ගන්නවත් බැරි තරම් ලස්සන උපමාවක්. මම ඉස්සර හිතුවෙ පුතා ලඟට එන්න පාර හොයාගන්න බැරුව ඇලත් අතරමන් වෙලා කියලා.

    අද උදේ මේ සිංදුව අහලා මට කොච්චර ආසා හිතුනද කියනවනම් තනියෙන්ම chords figure out කරගෙන සිංදුව ප්ලේ කරන්න හිතාගත්තා. බ්ලොග් කියවීමේ අතුරු පල... තැන්ක් යූ නමියා.

    "ගේ හදන්න කලින් තිබුණ ගහකොළ අතුගාල තමයිනෙ ගේත් හැදුවෙ". අතුගාන්නෙ ගෙදර බිම හා මිදුලනෙ. ගහකොළ කොහොමද අතු ගාන්නෙ?? කැපුවට පස්සෙ යතු ගානවනම් ඇති.

    ReplyDelete
    Replies
    1. 'පවුලම අතුගාල දානවා' - මේ වගේ තැන්වල භාවිතයේදී විනාස කරන අර්ථය මතු වෙනව. ග්‍රාම්‍ය කතා රටාවක්. මාත් ඉතිං ඒකෙන අහුලා ගත්තෙ. කොහොමින් උනත් කියවන කෙනෙක්ට ඒක තේරුම් යන්න බාදාවක්. ස්තූතියි පෙන්නුවට. ඔන් හැදුව.

      Lotusතුමීට පොස්ටුවෙන් වැඩක් උන එක සතුටුයි. ඒක කී එකට ආයෙම ටැංක්ස් 🙏

      Delete
  7. ඒ කාලේ නිතර ඇහුණ ගීතයක්..ඇත්තටම දැන් වෙලා තියෙන්නෙ ඕකමනෙ ඉතින්.සොබාදහම ගැන මට මාරම දුකක් දැනුන වෙලාවක ලියවෙච්ච එකක් තමාමේ තියෙන්නෙ.

    https://kavisandalla.blogspot.com/2017/01/blog-post_22.html?m=1

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්