කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නෙ ඇයි
බලේ අරන් මොලේ නැතුව වැඩ
කරන්නෙ ඇයි
වැඩේ කාල රටත් කාල බලන්
ඉන්නෙ ඇයි
ලංකාවේ ඔහොම තමයි I don’t know why
දිනපුවාම මෝරාවගේ මහත්
වෙන්නෙ ඇයි
පැරදුනාම හූනා වගේ
කෙට්ටු වෙන්නෙ ඇයි
හූනා මෝරා වෙලා මෝරා හූනා
වෙන්නෙ ඇයි
මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why
I don’t know why //
එහෙම වෙන්නෙ ඇයි
මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why
ඇති එකාට දෙයියෝ පැන පැන
දෙන්නේ ඇයි
නැති එකාට දෙයියො මුකුත්
දෙන්නෙ නැත්තෙ ඇයි
පෙර කල පව් පින් අනුවලු
එහෙම වෙන්නෙ ඇයි
දෙයියො තමයි ඕව දන්නෙ I don’t know why
හිතුමතේ බැඳපු එවුන්
සොමියෙ ඉන්නෙ ඇයි
නැකත් බලල කරපු මගුල්
කැඩිල යන්නෙ ඇයි
ග්‍රහයො නීච වෙලාවත්ද
එහෙම වෙන්නෙ ඇයි
ග්‍රහයො තමයි ඕව දන්නෙ I don’t know why
ඉඩම් කඩම් උගස් තියල
ඉගෙන ගන්නෙ ඇයි
ඉගෙන ගත්ත එවුන් පාරෙ
හිඟා කන්නෙ ඇයි
අනේ නූගත් අය ලොකු
පුටුවල රජ කරන්නෙ ඇයි
ලංකාවේ ඔහොම තමයි I don’t know why
සතුට සොයා පොඩි guest house වලට ගියේ
ඇයි
ඒ ගියාම පොලීසියෙන් රේප් රේඩ් කෙරුවෙ ඇයි
5 star’s හොටෙල් වලට
පනින්නැත්තෙ ඇයි
පොලිස් ලොක්කො ඕව දන්නෙ I don’t know why
එකෙක් එක්ක දීග කන්න
කියල කිව්වෙ ඇයි
අපේ රජගොල්ලෝ අන්තඃපුර දමන් හිටියෙ ඇයි
අනේ ඒ විදිහට දැන්
කොරන්න දෙන්නෙ නැත්තෙ ඇයි
ඒ කාලෙන ඉන්න තිබ්බෙ I don’t know why
ඉඳල හිටල පොඩි අඩියක්
ගහන්නැත්තෙ ඇයි
බීල බීල තව සමහරු සත්තු
වෙන්නෙ ඇයි
ගානට අරගෙන මං වගෙ ඉන්නෙ
නැත්තෙ ඇයි
මටත් ටිකක් වැඩිද මන්ද I don’t know why
බුදුන් වහන්සේ සාමයෙ අගය
කිව්වෙ ඇයි
ජේසුතුමා සැමට ප්‍රේම
කරමු කිව්වෙ ඇයි
අනේ ඒ කියලත් අපේ එවුන්
මරාගන්නෙ ඇයි
යහගුණ දම් පිරිහිලාද මිනිසුන්
වල්මත් වෙලාද
අද දෙවියන් අමතක වෙලාද
එහෙම වෙන්නෙ ඇයි I don’t know why
ගායනය - Sunil Perera & Gypsies
අලුත් සෙට් එකත් මහත් වෙන්ඩ පටන් අරන් ද ? හෙහ් හෙහ්
ReplyDeleteතාම නං එහෙම එලිපිට මහත්වෙන පාටක් පේන්න නෑ. ඒත් කියන්න තරම් ලොකු වෙනසක් පේන්නෙත් නෑ.
DeletePathum & D.G.M බස්සා
Delete- මහජන මුදල් නොකා... කාල කරලා ශක්තිමත්ව ඉන්නවනම් හොඳයි. ජවයෙන් වැඩකරන්නත් ඇහැකි නෙව 🙂
මට නම් එහෙමෙ පෙනෙන්නේ නැහැ නමි
Deleteහුම්. හුම් 😁
Deleteමට හිතෙන්නෙ, මේ සමාජයේ මුල් බැසගත් "සමාජ ආකල්ප" වෙනස් කරන එක අමාරු වැඩක් කියලයි. අවුරුදු 75 ක් ණයට කාල, පිංබත් ගිලල, වැඩියෙන්ම නිවාඩු අරං, අඩුවෙන්ම වැඩ කරන්න පුරුදු වෙච්ච සමාජයකට හුදී ජනයාටත් ඕනෙ "ගේමක්" ගහලා ගොඩ යන්න. ඕකෙ අදහස, වැඩි මහන්සියක් නොවී අයථා ලෙස වුනත් මුදල් ඉපයීම කමක් නෑ කියන එක නේද?
ReplyDeleteඇත්ත. ගේමක් ගහන්න තමයි බහුතරේ බලාන ඉන්නෙ. රටේ උඩ ඉඳන් යටට ගේම්කාරයෝ, ජාවාරම්කාරයෝ. එහෙ බැලුවත් මල්. මෙහෙ බැලුවත් මල් 😁😁
Deleteආකල්පමය වෙනසක් කවදාවත් නොවෙන හැඩයක් තමයි පේන්න තියෙන්නේ.
ReplyDeleteLitseeker & බසූ
Deleteසමාජ ආකල්ප වෙනස්කරන්න මේ රජය ගෙනා 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන උනත් කොටඋඩ යනහැටි බලනකොටනං තව කාලයක් යයි කියල තමයි හිතෙන්නෙ. ඉන්න වැඩිහිටි පිරිසගෙත් තියෙන්නෙ සෘණාත්මක ආකල්ප.
වයි ඩෝන්ට් අයි නෝ.
ReplyDeleteනයින් මුගටි තරහ වෙලා මරාගන්නෙ ඇයි
DeletePraසන්னයනේ ඕව දන්නෙ I don't know why
රෑ කරුවලේ බයහිතෙනා සද්ද ඇහෙන්නෙ ඇයි
බස්සො තමයි ඕව දන්නෙ I don't know why
ජපන් රටේ චූන්පාන් දුවන්නැත්තෙ ඇයි
ගමය තමයි ඕව දන්නෙ I don't know why
දැන් නමියා යලට-මහට වගෙ ලියන්නෙ ඇයි
Deleteනමියා තමයි ඕව දන්නෙ I don't know why
වැඩත් එක්ක කම්මැලිකම ඉහට ගැහුවෙ ඇයි
Deleteදෙයියො තමයි ඕව දන්නෙ I don't know why 😁
චූන් පාන් කියන්නේ අර
Deleteහා ජරාව නේද මචං
ඕව උඹල කොහොම අරං
කන්නේ මොකද I don't know why 😁
ජපානේ තියෙන්නේ ගුණ දායක කෑම වැඩි හරියක්ම
Deleteහෙ.හ්..හෙ. දන්නැද්ද විහිලුවට වගෙ සිංදුව රීමේක් කළා 😂
Deleteජපන් පොස්ටුවෙන් දැක්ක. මෙහෙ ළමයි වැඩිහරියක් කන්නෙ කඩචෝරු. ඉතිං වැඩිහිටිවියේ නානාප්‍රකාර ලෙඩ තමයි ආයිබෝන්. ජපානෙ වගේ ගුණයට වැඩි තැනක් හම්බුවෙනවනම් රසයටම වහල් නොවී. නිරෝගිමත් ජාතියක් බිහිකරගන්න ඇහැක් වෙයි හිටං!
රහයි ගුණයි දෙකම තියෙන කෑම ලංකාවේ හැදෙනව අඩු ඇයි
Deleteනිදිය තමයි ඕව දන්නෙ I don't know why 😆
ඔව් ඔව් ඔව් මං උයද්දි ගුණයත් තකතෙයි
Deleteරසයට වාගෙම ගුණයට ලොකුම ඉඩක් දෙයි
පෙනුම ගැනත් සැලකිලිමත් දැක්කෙ නැත්ද ඇයි
අනිත් අයට එහෙම බැරිද? I don't know why
ඒකනේ...
Deleteඅද උදේම නිව්ස් එකක් දැක්ක... පෙර පාසල් වියේ දරුවන් නිර්දේශිත ප්‍රමාණයට වඩා 4 ගුණයකින් සීනි සහිත ආහාර ගන්නවාය කියල. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් ලබාදුන් තොරතුරු කියලයි නිව්ස් එකේ තිබ්බෙ හිටං 😐😟
Heh heh
ReplyDelete😂😂😂
Deleteහත් වෙනි කවියේ දෙවෙනි පේලිය; "ඒ ගියාම පොලීසියෙන් රේප් කෙරුවෙ ඇයි". හරි වචනය රේප් නෙවෙයි, රේඩ් නේද. පොලිසියෙ කවුරුහරි මේක කියෙව්වොත් එහෙම කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ
ReplyDeleteඅප්පෙ. වෙච්චි වැරැද්ද 😁🙉. සිංදුව වේගෙන් ටයිප් කරන් ගියාට මොකද චෙක්කරේ නෑ සරල පදපෙලක් තිබුන හන්ද.
Deleteබොහොමත්ම ටැංකිව් Lotusතුමී🙏
පොලිසියේ ඇතුලෙත් රෙප් නොවෙනවා නොවෙයිනේ.... යුක්තිය පසිදලන උත්තරිතර ආයතනයේ නඩුකාරයොත් උසාවියේ ඇතුලේ රේප් කරේ ඇයි මතක නැද්ද?
Deleteඒක නෙවෙන්නං 🤣
Deleteපොලෝසියනෙ ඕව දන්නෙ I don't know why
හප්පටසිරි තාම මෙ බ්ලොග් කියන එව්ව කීපයක් හරි අප්ඩේට් වෙනවා නේහ්...සතුටුයි සතුටුයි...
ReplyDeleteඇයි දෙවිහාන්දුරුවනේ බසූ, නිදි, අජිත් අයිය... දිගටම ලියාගෙන එන්නෙ. ඔය අතරින් පතර දන්නැද්ද පොඩ්ඩක් මාත් ඩාම් ඩූම් එකෙ ලියනව හිටං 😁😂
Deleteආවට ටැංක්ස්!
ඕ ඕ ඒවත් දකිනව.වැඩේ කියන්නෙ පහුගිය ටිකේ මට කමෙන්ට් කරන්න දුන්නෙ නෑනේ කිසිම බ්ලොග් එකකට.අඩුම ගානේ මගේ එකටවත් කමෙන්ට් කරන්න බෑනේ.ඉතිං මට යකා වැහිල බ්ලොග් කියන එව්වායෙන් චුත උනා.ආයෙ මේ නිකමට ඇවිත් කමෙන්ට් කලේ දැන් හරිගිහින් වගේ ඒ පාර
Deleteආන්න ඒකනෙ. අපෙ එව්වටම ගොඩවදින්න ඕන අකවුන්ට් එකත් හරියන්න 😁😂
Deleteහරිගිය එකෙ මොනාහරි ලියාවි කියල හිතනව හිටං ☺️
ReplyDeleteකොච්චර කෑවත් ඇයි නමිකොලුවා කෙට්ටුවෙන්නේ
එහෙම වෙන්නෙ ඇයි I don’t know why
දෙයියෝ තමයි ඕව දන්නෙ I don’t know why
+==කොළොම්පුරේ අසංග
කොච්චර කෑවත් කියන්න එපා ලොක්ක 😁🤭. සමහරදාට උදේ වේල ගන්නෙත් හවස. මේ කරමෙට යද්දී ටිකක් මහත්වෙනව කියන එක කරන්න අමාරුවැඩක් නෙමේ. බැරි වැඩක්!
Delete