Wrestling කතා: ශනිදා 10ට


පිටියට පැමිණි තරඟකරු ආතුර වූවකු සේ නරඹන්නන්ගේ නොමද අවධානයද දිනාගනිමින්... අනෙකාට නෙලාගෙන නෙලාගෙන යන වික්‍රමයන් ඔබත් නරඹා තිබේද.

නෑ නෑ porn hub එක ගැන නෙමේ මං මේ කිව්වෙ 😉. Wrestling ගැන. එහෙමත් නැහ්නං අපි TV එකේ, deck එකේ, DVD එකේ, U බටේ බැලුව Pro wrestling ගැනයි මේ කිව්වෙ.

මිනිසුන්ගේ මේ ගුටි ගහගැනීමේ ආරම්භය, මානව පරිනාමයත් එක්ක එන දෙයක්ය කියලයි කාරණා කාරණා දන්න උදවිය නම් කියන්නෙ. කියන්නත් දෙයක්ද?. අපි ගහගන්න, මරාගන්න, ඒවා දිහා බලන් ඉන්න කොච්චර කැමති ජීවී කොට්ඨාසයක්ද... නෙ. අලේ මේවා ගැන තිරිසන් සත්ව කොට්ඨාසය දැන නොගන්න තරමට හොඳයි!

එහෙම ගහගන්න එක ඊට පස්සෙ වෘත්තියක් වෙනව, වෘත්තිය ක්‍රීඩකයො බිහි වෙනව, නරඹන්නන් පිරිසක් එකතු වෙනව. පහුව මේවට මුදල් යොදවන්නන් හා සූදු- ඔට්ටුකරුවනුත් ඊට එකතු වෙනව. අන්න එතනදී මේක හොර ගහගැනිල්ලක් වෙනව. මේ fix match හේතු භූත වෙලා සහ අවසේස සියලු කාරණා පොදි ගැහිල... එහි දිගුවක්ව pro wrestling බිහි වෙනව. ඒ කියන්නෙ මේ wrestling කියල අපි උඩදාන් බලල තියෙන්නෙ... කලින් සැලසුම් කළ පරිදි සිදුවන ප්‍රදර්ශනාත්මක තරඟ වැදීමක්.  හුම්... ඉතිහාස පාඩමකටයෑ මේ සැරසුණේ. විස්තර ඉවරයි!

Undertaker,  Paige,  John Cena


 අපෙ කාලෙ wrestling බලන්න ගන්නෙ CD වලින්. අපේ උන් කාගේ හරි IDයක් උස්සන් ගිහින්, rent එකට යන ගානත් දීල CD එක ඇන්න එනව. පස්සේ කඩේ එකාගේ ඇඳුරුම්කම පිට, rent ගාන විතරක් ගෙවල ගේනව. නැත්තං කවුරුහරි අයිය කෙනෙක් ගෙනාපු එකක් උන් බලනව. ඔය අස්සේ තමයි අපේ උන් පොඩි change එහෙකටත් එක්ක බ්ලූ බැලුවෙ. ඔහොම එකක් තමයි ඉතීම් ඒ දවස් වල අහම්බෙන් මට බලන්න හම්බුවෙන්නෙත්. ඒ කාගෙ හරි ගෙදරකදි. 

මේ කියන්නෙ O/L කාලේ වගේ. 

ඉතිං ඔය CD එකක් බලපු එකෙක් පහුවෙන්ද, බලපු නැති ඈයන්ට ඕකේ විස්තර කියනව... දැන් අර tv එකෙන්... පත්තර සිරස්තල කියවනව වගෙ. ඒ වගේමයි අපි උන්දලා ඇඟ පුප්පන් ඉන්න Day Card හෙම පර්ස් එකේ එකතු කරල තියන් ඉන්න පුරුද්දකුත් තිබ්බ. ඒ අතර wrestling කෙල්ලන්ගෙ card හිට තිවන.

ඉතින් ඔය කාලේ නැගලම ගියේ John Cena. කැමා කොට කලිසමයි, දම්වැල හා ඉබ්බ Cenaට නියමට මැච් උනා. මතක හැටියට... රෙස්ලින් වලින් ප්‍රධානම belt එක වන WWE champion belt එක 16වතාවක් විතර Cena දිනල තියෙනව. Six pack එක්ක හැන්ඩියට පෙනුණේ Randy Orton- The Viper සහ Dave Batista. මෙයාල අරුණු කොට කැමති සහ වැඩි ප්‍රසිද්ධ සැට් එක කෙටියෙන් මතක් කරගෙන ගියොත්... Undertaker, The Rock, KaneTriple H, Edge, Rey Mysterio, Big Show, Hulk Hogan, Goldberg, Sting, Broke Lesner වගේ අය තමයි. පහුව ලොකුවටම ප්‍රසිද්ධ උන හාදයා තමයි Roman Reigns. ආ මේ ලඟදි අසනීපයක් නිසා Bray Wyatt කියන රෙස්ලින් හාදය සෙත්තපෝච්චි වෙලත් තිබුණ.

රෙස්ලින් ගහන අයගෙන් ලෝකෙම දන්න පොර තමයි ඉතිං The Rock (Dwayne Jonson). සුපිරි Hollywood නළුවෙක් වෙන්න luckකාරයෙක් උනා Rock. දැන්නම් කාලක ඉඳල... Cena, Batista වත් දැක ගන්න ලැබෙනව සිනමාවෙන්. අනික් සමහරක් අය රඟපෑවත් ඉදිරියට එන්න නම් බැරි උනා.

රෙස්ලින් පිටිය තුළ dramatically පුම්බල අපිව බය කරපු හාදය මතක් කලොත් ඒ තමයි Undertaker. හිටි ගමන් මිනිහ එන්නෙ මිනී පෙට්ටියෙන්. තව හාදයෙක් හිටිය ඌ නම් සිරාම පොර... Boogeyman. පණුවෝ කකා හැරමිට්ටකුත් අරං එන මහ නසරානි පෙනුමකින් තියෙන්නෙ ඌට. ඒ මදිවට ඌ අනික් එවුන්ටත් පණුවෝ කවනව 😵.

   තව මොනවද ඔය වගේ මතක් වෙන... හුම්!

බඩ තඩියෙක් හිටිය අනික් තරඟකරුවන්ගෙ මූණේ පුම්ක අතුල්ලන###. විහිලු කෑලි දාන අඟුටුමිටි ඈයො. අතරින් පතර වලල්ලට එන celebritiesල.

Donald Trump හෙමත් ඇවිත් සමහර wrestlersලගෙන් ගුටි පාරවල් ලබා ගත්ත. මිනිහ ඉතිං රෙස්ලින් වලට අයත් කොම්පැනියක අයිතිකාරයෙක් නෙව.

අනිත් කේෂ් එක තමයි කෙලි වළි. සමහර ඒව බලන් හිටියෙ... මේකි දැන් හැට්ටේ ඉරාගෙන පයෝදර එළියෙ දාගනී, දැන් දා ගනී කියන බයෙන්. ඇත්තමයි!. (ඒත් කෙල්ලන්ගෙ ඒවා බැලුවේ නැතිම තරම්). කැමතිම female wrestler ගත්තොත් Paige. ඇය ගැන හදිච්ච film එකක් තමයි ලඟදි ආපු Fighting with My Family (2019).

Boogeyman, Batista, Randy Orton

වළල්ලේ ඉඳල හිටල lip kiss හෙමත් මාරු උනා. ඒත් අපිනම් ඇහැක් ඇරල බැලුවෙ නැති තරම්. ඒ විතරක් නෙමේ සමහර උන්දලගේ ගෑණු වෙන උන් එක්ක set උනා.

එක restler කෙනෙක්ගෙ ළමය ring එකේ තියන්, උඹේ තාත්ත ඌ නෙමේ මම කියල වෙන wrestler කෙනෙක් ළමයටම කිව්ව (දැන් ඌත් wrestler කෙනකේ). ඒ වගේම... පුරුදු පුහුණුවෙන් උනත් ගොඩක් භයානක් දේවල් ළමයි ඉදිරියේ සිද්ධ උනා. (පොඩි ළමයින් ඒවාට ගාවගන්න එකනම් හරි මදි කියලයි දැන් හිතෙන්නෙ).

මේ ඔක්කොම අස්සෙ සමහරු injured උනා. වයසට ගිහිං රෙස්ලින් වළල්ලෙන් සමු අරන්... Hall of Fame උනා. සමහරු ආයතන පරිපාලනයට set උනා.

මේ ඔක්කොම අතරෙ, වසරේ දැවැන්ත එළිමහන් සැණකෙළිමය අත්දැකීම... Wrestle Mania එක. හරියට 31 රිදී රැයක් වගේ 😖. ඒ කාලේ මේ CD එක එන දවස් ලංවෙනකොට අපේ උන් කඩෙ පැත්තෙ නිතරම බඩ ගානව. මොකද පහු උනොත් CD එක ආපහු එන්න සතියක්වත් යන හන්ද.

දැන්නම් ජාලෙ සැරිසරන අතර, dataත් යහමින් ඇති නම්... කට ඇරං ඉතිං මේවයේ පරණ match බලනව. අතරින් පතර 😊!

39 comments:

  1. ගහ මරා ගැනිලි මට අල්ලන්නෙ නැත
    ඒත් ඔව්ව දෙක තුනකුත් බලා ඇත
    බොරුවට හටන් වදිනව යැයි හිතුණෙ නැත
    ඔහොම ඈයො දැන් දියවන්නාවෙ ඇත

    ReplyDelete
    Replies
    1. ඇත්ත. බෞරැ හටන්කාරයො ඉන්නෙම... දියවන්නාවෙ තමා 😁

      Delete
  2. ඒවගෙ ගහන විදියටයි ඇඟ උඩට පනින විදියටයි හරි නම් බඩේ බඩවැල් කටින් එළියට එන්න ඕනෑ.

    ReplyDelete
  3. අන්න මරු ලිපියක්...ඔන්න ඔය වගේ අපේ මලයටයි නැන්දගෙ පුතාටයි ඔය රෙස්ලින් පිස්සුව තදටම තිබ්බ.මලයගෙ ෆේවරිට් Ray Mysterio,නැන්දගෙ පුතාගෙ Randy Orton .ලොකුවට කැමැත්තක් නොතිබුනාට මාත් එහෙන් මෙහෙන් ඕවා බලල තියෙනවා ඒ ඩබල නිසාම.සමහර දවසට උබ් දෙන්න සෙට් වෙලා ඕවා බලද්දි අපිට පැත්ත පලාතෙ එන්න දෙන්නෙ නෑ.දැන් තමා වැඩේ තේරෙන්නෙ.😜 හැබැයි අපේ නැන්දගෙ පුතාව ඔහොම සීන් එකකට මාට්ටු උනේ කොටුවෙ පොඩිසාධුගෙ බණ CD එකක දාලා තිබිල. කවරෙ බණ ඇතුලෙ වෙන එකක් 😃

    ReplyDelete
    Replies
    1. රෙස්ලිං වලනං වැඩිහිටි සීන් කලාතුරකින් තමා සෙට් වෙන්නෙ. හැමෝගෙම ආකර්ශනය ගනන් වෙන්න ඇති ඔය කෑලුත් කරනව ඇත්තෙ නෙ

      Delete
    2. රෙස්ලින් එකක් නෙවෙයි ඒ සීඩී එක තනිකර නිල් පාට එකක් අනේ 😀

      Delete
    3. තේරැනා. සාදුගෙ බණ කවරෙ අස්සෙ... xxx 😁😁🙈

      Delete
  4. හ්ම්.....එහෙන් මෙහෙන් තමයි බලලා තියෙන්නෙ. ඇබ්බැහි වුනේ වෙන,වෙන ඒවට.

    ReplyDelete
    Replies
    1. හුම්. ඇබ්බැහිය සීත හිමටයි, ගැජමැටික් වලටයි විතරමය 😁

      Delete
  5. අපිනං ඉස්කෝලෙ යන කාලෙ ඕව බැලුවෙ නෑ හාංදුරුවනේ.
    ඒත් දැං ටික කාලෙකට කලින් අපේ කොල්ල ඩයලොග් ටීවී එකේ ඕව බලන්න පුරුදු වෙලා හිටිය. මාත් ඉතිං ඔහේ බලා හිටියට ඒක ටිකක් බෝරිං වගේ.

    ReplyDelete
    Replies
    1. බෞරිං නොවෙන්නටයි, කතාවක් විදිහට ඇදගෙන යන්නටයි තමා අර... කිස් සහ ඩ්‍රැමටික් වගේ වැඩ තියෙන්නෙ. පෂා බොෂාට ඒ එකක්වත් සැට් වෙලා නැති හැටියක් 😁😁

      Delete
  6. Replies
    1. වර මාත්තෙක්ක රෙස්ලින් ගහ ගන්ඩ!

      Delete
    2. මට බෑ! ඔන්නං ජිල් ගහමු

      Delete
    3. ඩැකී සහ ඩැකී වම්හ... ගුටි අල්ලනවනං කාටත් පෙන තැනක කරොත් හොදා

      Delete
    4. එක්කො වෙන දවසක... වැඩ වැඩියි මේ කාලෙ...

      Delete
  7. https://theweek.com/articles/447375/heres-what-prowrestling-script-looks-like

    ReplyDelete
  8. මම රෙස්ලින් බලන්න ගත්තෙ ඩෙක් එකේ ඩෙක් පීස් වලින්. හැබැයි ටික කාලයක් යනකොට ඒකට ආසාව නම් නැති උනා, වෙන දේවල් බලන්න් පුරුදු උනානේ

    ReplyDelete
  9. ඒවල රඟපෑම් වගේ පෙනුනට සමහර වැටීම් ඇත්තටම රිදෙනවා. මේ සීරීස් එක බැලුවද? Gorgeous Ladies of Wrestling, emale wrestler ල නැගල ආවේ ඔය සීරිස් එක නිසා කියල මම හිතන්නේ . කල්නල් නිනච්කා තමා මරු. ඇමෙරිකාවේ සෝවියට් stereotypeඑක. https://www.imdb.com/title/tt0252462/

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙ. මං බලන්ට ගත්තෙ 2007 පහු ඒව වගේ. මයෙ වයසත් එක්ක යන්නෙ ඉතිම් ඒ ටයිම් පිරියඩ් එක නෙ 😁😁

      ඔව් අජිත් බොසා. ස්ක්‍රිප්ට් එකකට, තාක්ෂණානුකූලව කලාට... ගුටිය රිදෙනව නෙව. ඔය පේයිජ් කෙල්ලගෙත් බෙල්ලෙ සීන් එකක් වෙලා අයින් උනා කියල තමයි නිව්ස් එක ආවෙ.

      Delete
  10. මම එක වතාවක් රාගම පැත්තේ පරිවෙට් ඉස්පිරිතාලෙකට ගියාම
    ඒකේ කනුවක් මුදුහේ හයි කලා තිබ්බ ටීවී එකක ඔය මගුලක් දාලා. ගහ ගන්නවා පොර කනවා හිටු කියලා! එතන උඹල වගේ එවුං වහ වැටිලා.

    මම වෙන කනුවක හයි කරලා තිබ්බ ටොම් ඇන් ජෙරියක් කෙළ පෙරාගෙන බාලා ඉන්නවා හිනා වෙවී.
    ඇතින් හිටිය මිසීලා ටිකකට මේක මාර ආතල්!

    ReplyDelete
    Replies
    1. හ්ම්... ටොම්ඇන්ජෙරි එකට ඉතිම් හැමෝම කැමති නෙව 😁😁. ලගදි ඒ කාටුන් එක බිහි කරපු ඒ කෙනත් මැරැණද කොහෙද 💔

      Delete
  11. මම පොඩි කාලේ මට වෙන විකල්පයක් තිබුනේ නැහ, මටත් WWF බලන්නම වුනා, මොකද අයියයි මල්ලියි රෙස්ට්ලින් පිස්සො නිසා. ඇත්තටම ඒක පිස්සුවක් නෙමෙයි උනක්. . මගේනම් ආසම THE UNDERTAKER . මිනිහා එනකොට මුලු ශාලාවම අඳුරු කරල අමුතුම මියුසික් එකක් දානව. එයාට තිබුනා එක මාරාන්තික එයාටම ආවේනික ශොට් එකක්. හරියට අපේ ඩිල්ශාන් ගේ ඩිල්ස්කූප් එක වගේ. ඒ පාර කෑවම ඉතින් ප්‍රතිවාදියා නොකවුට්. තව අපි ආසයි ගොල්ඩ් ඩස්ට් ට. ස්තුති පරන මතක අවදි කලාට.

    ReplyDelete
    Replies
    1. අන්ඩටේකර්ගෙ ඩ්‍රැමටික් වයිබ් එකට මාත් ගොඩක් කැමතියි.

      ගෝල්ඩ් ඩස්ට් ලංකාවෙ පරසිද්ධ නැ. එයාව දන්නව කියන්නෙම... ගොඩක් මැච් බලන්ට සිද්ධ වෙලා 😁

      Delete

    2. නමිඳු ඔයාව ෆොලොව් කරන්න බැහැනේ. සෙටින්ග්ස් වල මොකක් හරි ප්‍රශ්නයක්ද , නැත්තම් මම තාම ආධුනික නිසා මේ වැඩවලට මට දන්නේ නැද්ද? ඔව් රෙස්ට්ලින් නම් බලලා ඇති එපා වෙනකම්😁

      Delete
    3. හුම්. ඊමේල් කිහිපයකින් ලොග් වෙලා හිටිහමත් වෙනව. මැනුවලි බ්ලොග් සෙටිං ගොහිං කරන්නත් ඇහැකි. ඒත් හරියටම අවුල නං කියන්න දන්නෙ නෑනෙ.

      ඒ නැතත් සඳකඩ පහණ, සිංඩි 365... වාගෙ අප්ඩේට් වෙන සිංඩි වලිං ඉතිම් ලියවෙන බ්ලොග්වල අලුත් අප්ඩේට් දැනගන්න වෙන්නෙ.

      Delete
  12. පමා වුනා මේ පැත්තට නෙත් වැටුනා
    සමා වෙන්න නමියවනම් මග හැරුනා
    මෙමා වුනත් පෙර දින ඕවත් බැලුනා
    කොමා නොවුනු එක පුදුමයි උන් වැටුනා...

    ඇත්තට නමී මට මග ඇරිලා නේද ?
    මීට පස්සෙ අනිවාර්යයෙන්ම එනවා.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අනෙ එම එකක් නැ. ආවෙ නෑය කියලා මෞනා වෙනවයෑ 😁😁

      කයියට... ටැංක්ස්!

      Delete
    2. එහෙම නෙමෙයි. මට අටම්පහුර බැලෙන්නෙ ගොඩක් වෙලාවට. ඒකෙ නමියව පේන්න නෑ. ඒකයි. සදකඩ පහන බලන්න වෙනවා

      Delete
    3. මටත් මාතලන් සිංඩිය තමා මුලින් හුරැ. දැන් එව අප්ඩේට් වෙන්නෙ නැති හන්ද... සඳකඩපහණ තමා. නැහ්නං බ්ලොගේ Reading List එක තමා බලන්නෙ 😁

      Delete
  13. අපේ මල්ලිලා දෙන්නත් නමිය වගේමද කොහෙද. පිස්සු හැදිලා හිටියෙ ඕවට. පස්සෙ පස්සෙ මුන් දෙන්නා ඕවා බලනකොට තාත්තත් වාඩි වෙලා බලන්න පටන් ගත්තා. ඒ පාර තමා අම්මා ඕවට විරුද්ධව නැගී හිටියෙ. අපරාදෙ කියන්න බෑ වැඩේ දුර දිග නොයා නැවතුනා ඒක නිසා. 😁😁

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඇඩික්ට් උනොත් නම් ලෙඩක් වෙනො තමා 😁. අපරාදෙ වෙලාව!

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්