කැකිල්ලේ
රජ්ජුරුවන්ගෙ කරට්ටුව ගැන විවිධ කතා කීපයක් ජනවහරෙන් පැවත එනවා සේම එකම කතාව විවිධ
විදිහටත් දකින්නට හැකි වේ. මේ එවන් කතා දෙකකි.
ඔන්න එකෝමත් එක කාලෙක
කැකිල්ලේ රජ්ජුරුවෝ කියල රජ කෙනෙක් හිටිය. ඔහොම ඉන්නකොට රජුට පැමිණිල්ලක් ආව.
පැමිණිල්ල තමා... හොරෙක්ගේ ඇඟට ගෙයි බිත්තියක් කඩා වැටී මිය යෑම. වැරදිකරු ගෙයි
හිමිකරු කරලා පැමිණිල්ල දමා තිබුණේ හොර රැලේ නායකතුමා විසින්.
රජතුමා වහාම මේ සිද්ධියට අදාලව
නීතිය පසිඳලන්ට කටයුතු කර හිටිය. තීන්දුව නම් ඒ ගෙයි අයිතිකරුට මරණ දඬුවම. වහා ක්‍රියාත්මක
වූ රාජපුරුෂයෝ අර ගෙයි හිමිකරු කුදලාන රජුගේ දෙපතුල ලඟට ගෙනාව. කෝකටත් නිදහසට
කාරණා අහන එක කළ යුත්තක් නිසා රජතුමා ගෙයි හිමිකරුගෙනුත් ඒ ගැන අසා හිටිය. ‘රජතුමනි,
බිත්තිය සවිශක්තිමත් නොවුනේ ගෙයි හැදූ බාස්ගේ වරදිනි ’ ගෙයි හිමිකරු මරණ බයින්
කියා හිටිය. රජතුමා බැලුවා එකත් අත්ත නෙව... ‘එහෙනං ගෙයි හැදූ බාස්ට මරණ දඬුවම
’ රජු නැවත තීන්දු කළා. රාජපුරුෂයෝ ඔහුවත් රාජ දෙපතුලට කුදලාන ආව. රජා ඔහුටද දඬුවම
පෙර නිදහසට කාරණා විමසා හිටිය. ‘රජතුමනි බිත්ති බඳින්ට මැටි අනා දුන් උදව්කරුගේ
වරද නිසයි බිත්තිය කඩන් වැටුණේ’ බාස්ද කියා හිටිය. නැවත කාරණා තේරුම් ගත් රජු
මරණ දඬුවම අත් උදව්කරුට නියම කළා. දැන් අත් උදව්කරුගේ වෙලාව... නිදහසට කරුණු කියන.
‘රජතුමනී, මාගේ වරදක් නොමැත, බදාම අනන්නට ගත් කට කැඩි කලයේ දෝසය නිසයි මැටි
පදමට නාවේ ’. රජතුමා කළ සාදන්නාවද ගෙනත් හිටිය... කට කැඩි කළය නිසා බිත්තියක්
ඇඟ මත වැටී සිදුවූ මරණයේ දඬුවම ඔහුට තීන්දු විය.
කළ සාදන කුඹලාද තම අවසානයට
පෙර නිදහසට කරුණු කියා හිටිය. ‘රජතුමනී, මම කළ සාදන මොහොතේ ස්තිරියාවක් කෑ
ගහමින් ගිය නිසයි කළ හැදීම හරියට කරගන්න බැරිව ගියේ... වරද ඇයගේයි ’. රාජපුරුෂයෝ
ස්තිරියාවද මාලිගාවට කුදලාන ආව. ‘රජතුමනී... මේ මොන නස්පැත්තියක්ද, මං කෑ මොර
දීගෙන පාරේ ගියේ රන්කරුවා නිසයි. ඔහුට වළල්ලක් සාදන්නට රන් දී බොහෝ කල්, තවමත් එය ඉටුකර
දී නැහැ’ ස්තිරියාවද තම නිදහසට කරුණු කියා හිටය. දිගින් දිගටම යන නඩුව නිසා
මහත් වෙහෙසටත්, කොපයටත් පත් රජ වහාම රන්කරුවා ගෙන්වා හෙට මඟුල් ඇතු ලවා මරවා...
නඩුව හමාර කිරීමට තීන්දු කලා.
රන්කරු මේ මොහොතේ තමාට
ගැලවීමක් නම් නොවන බව දැන... රජු ඉදිරියේ තම නිදහසට කාරණා කියා හිටිය කෙසේ හෝ
මරණින් ගැලවෙන අදහසින්.
‘පස්වාන් දහසකට බුදුවන්න
රජතුමනී, මම වරද පිළිගනිමි. ඒත් ඉතා කෙසඟ මා මඟුල් ඇතු ලවා මරා දැමීම ඔබවහන්සේට
මොන තරම් නින්දා සහගත කටයුත්තක් නොවේද. සද්දන්ත ඇතු ඉදිරියේ මේ කෙසඟ මා.. මඟුල් ඇතුගේ
පය පවා වේදනාවක් ලබයි මගෙ කටු සිරුර ඇනී. ඒ නිසා රජතුමනී මේ නින්දා සහගත ක්‍රියාව
වලක්වා අපේ ගමේ කඩේ කරනා මහත දෙහෙත මුදලාලීව මඟුල් ඇතු හමුවට යවන්න... මා නිදහස්
කර’.
අවසානයේ රජුගේ අනින් තර
මුදලාලි මඟුල් ඇතුට බිලි විය... ඒ බිත්තිය කඩා වැටීමෙන් සිදුවූ මරණයට වගකිවයුත්තා
ලෙස නඩු විභාගයේදී තීන්දු වීම නිසායි.
දිනක් කැකිල්ලේ රජතුමා නඩු
තීන්දුවක් මගින් වරදකරුවෙක් බවට පත්කළ රටවැසියෙක් එල්ලා මැරීමට නියෝග ලබා දුන්න.
රාජපුරුෂයන් ඔහුව රැගෙන ඒමට ගියත් මේ තැනැත්තා ගෙදර නොහිටි නිසා ආවේ හිස්
අතින්මයි. හිස් අතින් ආ රාජපුරුෂයන් දුටු රජු කේන්තියෙන් ගුගුරමින් කියා සිටියේ ‘ඒ
මිනිහා ගෙදර නැතිනම් එහා ගෙදර මිනිහාව හරි ගෙන එන්නට එපෑ’ කියාය.
එහා ගෙදර මිනිහා රැගෙන ආ රාජපුරුෂයින් වදකයාට ඔහුව ලබා දුන්න... නියෝගය අනුව එල්ලා මැරීමට. බොහොමත්ම කෘශ මිනිසෙක් වූ මේ රැගෙන ආ පුද්ගලයා එල්ලුම් ගසේ තොණ්ඩුවට හසු නොවිණි. මේ බව සැල කර විට රජතුමා කියා සිටියේ ‘එහෙනම් ඉතින් මහත මිනිහෙක් හරි එල්ලන එකයිනෙ ඇත්තෙ ’ කියයි. ඔය අන්දමින්... එදින කැකිල්ලේ රජුගේ රාජ්‍යයේ දඬුවමක් ක්‍රියාත්මක වුනි.
ඒ වගේම මේ ලිපියත් කියවල බලන්න. වදගත් කරුණු ටිකක් තියෙනව කැකිල්ලේ රජ කතා ගැන....
නොදන්න කතා නූනත්, ලිපිය ඉදිරිපත් කරල තියන විදිහ නිසා ආයෙ කියෙව්වා. ඔයිට වැඩිය ප්‍රසංසා කරන්න බය, කලින් එහෙම කරපු වෙලාවෙ, ටෝ කැකිල්ලෙ රජා වගේ, බ්ලොගේ යස අපූරුවට තිබ්බ ෆෝමැට් එක අනුභව කරපු නිසයි. 🤔😉
ReplyDeleteලිපියෙ හොඳම කොටස තමයි, අර ලින්ක් එක. ඒක නං මසුරං හතයි.👌🙏
අලේ බෂ්ශා තුමෝ ඒක ලෝඩ් වෙන්න හිට වෙලා යනවා. මොනාහුනත් ඇත්ත කීවට ටැංකිව්.
Deleteඔව්... ඒ ලිංකුවේ ගොඩක් දේවල් තියේ. ගියාටත් ටැංක්ස්
කිව්වත් වගෙයි, අහලා ඇති කතන්දර
ReplyDeleteවුණත් මොකද එව්වා හරි අරුත්බර
ඇත්තයි ලින්කුවේ ඇත්තෙත් බරසාර
ලිපියකි එව්ව දැනගත්තේ මේ පාර!
දැන් වෙන සමහර දේවල් එක්ක මේ කතාව මතක්ක උනා.... නිදි
Deleteමොනවහරි දාල වවන්න
ReplyDeleteහුම්... කොන්ඩේ වවන්න ගත්තොත් මොකද ප්‍රා.ජේ
Deleteමේ කතා කොයි කාලෙට උනත් ගැලපෙන්නේ කොයි කාලෙ ඉන්න නායකයෙක් උනත් යුක්තිය පසඳන ක්‍රමවේදය එක සමාන නිසා වෙන්නැති.
ReplyDeleteහ්ම්... තෝරමෝරු ඉතිරි වෙලා හාල්මැස්සො අහුවෙන කරමවේදය
Delete