අද ඇත්තටම වෙන post එකක් දාන්න බාගෙට හදලා හෙම හිටියේ. ඒත් පෝය කියලා
මතක් උනහම අදහස වෙනස් උනා!
ඉස්සර blog වල මෙයාකාර දහම් post පල වුන මතකයි. මාර
විවිධාංගීකරනයක් තිබ්බෙ! බස්සානම් කියයන්නේ ඉතින් blog
ලොව උනත් අනිත්‍යය දහමට යටයි කියල හිටං. ඔන්න ඒ පෙර බරණැස් blog පුරවර සිහිවීම පිණිස මෙහෙව් ධාර්මික පෝස්ටුවක් පබිලිස් කරන්නම්.
පෝස්ටුට හේතුභූත උනේ බුකියේ ඉහළ පහල යද්දී එකපෙලට හමුවුන
video කීපයක්. ඔක්කොම වල
සාරාංශය අහිමිවීම - දුක. බල්ලා අසනීප වෙලා අඬනවා. සැමියා මැරිල, බිරිද අඬනවා.
දරුවා මැරිලා අම්ම අඬනවා. ඔයාකාර අඬන video list එකක් අස්සේ නමකුත් ඔලුවට ගියා... මල්ලිකා 🧠
එකපාරටම මතක අතරින් කෝසල මල්ලිකා දේවිය එක්ක මේ දුක
සම්බන්ධව අහලා තියෙන කතාවක් මීටර් උනා!
ඒ වගේම කොසොල් රජු පහු කාලෙක ශාක්‍යය ජනපදයෙනුත්
කුමාරිකාවක් ඕනෙමයි කියල ඉල්ලලා තියෙනව. ඒ ශාක්‍යය කුලේ වංශවත්භාවය තම නමට ගාවගන්න
තිබිච්ච උවමනා, රාජ්‍යය අතර සහයෝගීතාව වැඩිකරගන්න වගේ කාරණා වෙන්නට පුළුවන්. ඒත් තමන්ගේ
වංශය හෑල්ලු නොවෙන්න වගබලාගන්න ශාක්‍යයෝ උපායෙන්... නියම කුමාරිකාවක් නොවන, ඒත් බොහොම
රූපවත් කාන්තාවක් කොසොල් දනව්වට ලබා දෙනව. ඇයගේ නම තමයි වාසභ කත්තියා.
වාසභකත්තියාට දාව ඉපදෙන විඩූඪහ කුමාරයා
වැඩිවියට ඇවිත් මේ ගැන දැනගෙන තමයි අර කරාය කියන ශාක්‍යය සංහාරයෙන්... ඒකට
පළිගන්නෙ. එයින් ඉතුරු වුන ශාක්‍යය සුළු පිරිසෙන් මෞර්ය වංශය ගොඩනැගුන බව තමයි කියවෙන්නෙ.
ඒ මෞර්යය අධිරාජ්‍යයේ උසස්ම පාලකයා විදිහට සඳහන් වෙන්නෙ ධර්මාශෝක රජුනෙ. ඒ උනාට
අශෝකගේ සීයත් ඇවිල්ල එසේමේසේ පුද්ගලයෙක් නෙමේ. ඔහු තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මුළු
දඹදිවම තනි පාලනයකට ගන්න සමත්වුනු චන්ද්‍රගුප්තට අපූරු උපදේශකකුත් ඉඳල
තියෙනව. ඔහු තමයි කෞටිල්‍යය නමින් හඳුන්වන චාණක්‍යය බ්‍රාහ්මණයා (විෂ්ණුගුප්ත
කියලත් කියනවාද මන්ද). කවුරුත් දන්න කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය කියන රාජ්‍යය පාලනය
ගැන ඉගෙන ගත හැකි වටිනා පොතේ රචකයාද ඔහුයි. ඔහුගේද උදව් එක්ක විශාල යුධ සංහාර මතින් තමා චන්ද්‍රගුප්ත දීප
චක්‍රවර්තී කිරුළ දරන්නෙ.
(එතකොට මට ඇතිවෙන ගැටළුවක් තමයි ලෝකේ වැඩිම යුධ ජයග්‍රාහකයා චින්ගීස් ඛාන්ද, නැත්තම් චන්ද්‍රගුප්තද කියල. මොකද ඒ තරමටම යුද්ධ කරල
තමයි චන්ද්‍රගුප්ත මෞර්යය අධිරාජ්‍යය ගොඩනගන්නෙ. එයට නොදෙවැනි වෙන්න තිබුනා අශෝකත්
යුධ මාරගයේ දිගටම ගියානම් !)
ආයෙම කතාවට
ගියොත් 😉
ඔය අතරේ තවත් මල්ලිකා කෙනෙක් ඉන්නවා කොසොල් දනව්වේ. ඒ
තමයි කොසොල් රජතුමාගේ සෙන්පති වෙච්ච බන්දුල මල්ලගේ බිරිඳ... බන්දුල මල්ලිකා. එතකොට
මේ මල්ලිකාට ඇතිවෙච්ච දොළදුකක් සංසිඳවන්න, තනියෙම ලිච්චවී රාජ්‍යයට ඇයවත් එක්කරන්
ගියා කියනවානෙ මේ බන්දුල සෙන්පති. දොළදුක තමයිලු ලිච්චවී රාජකුමාරයන් විතරක්
පරිහරණය කරන ජල තටාකයෙන් ස්නානය කිරීම. කුමාරවරු පිරිසකට සටනකුත් දීල තමයි බන්දුලමල්ලට
ආපහු එන්න හම්බෙලා තියෙන්නෙ. ඔයාකාර එඩිතර කොසොල් රජතුමා, බන්දුල මල්ල වගේ අය හන්ද
රාජ්‍යයත් බොහොම ශක්තිමත්ව තියෙන්න ඇති.
ඔන්න ඉතින් ඔහොම රට ශක්තිමත්ව, සාමකාමීව යද්දී... කොසොල්
රජතුමාට දවසක් අහන්න හම්බවෙනව බුදුහාමුදුරුවෝ කිව්වාය කියල “ප්‍රිය දෙයින් තමයි
දුක උපදින්නේ” කියල.
රජතුමා කල්පනා කරනව... මේ හරුපේ තේරුම මොකක්ද! කැමති
දේවල් වලින්නෙ සැප, සතුට උපදින්නෙ. අපේ මල්ලිකාට මොලේ තිබ්බට මොකද බණ අහන්න යන්නේ
මෙහෙමත් අයගෙන් නෙ කියල අගමෙහෙසියට ඉතින් විහිලු කරාලු. මල්ලිකා දේවියත් එකපාරටම
මේකට උත්තර නොදී බුදුන් හමුවට කෙනෙක් යවලා මේ කතාවේ අගමුල අහගත්තා.
ඉතින් රජතුමාත් නිදහස් වෙලාවක් බලලා නුවණක්කාර මල්ලිකා
ගිහින් අහනවලු ‘රජතුමනී ඔබතුමා පණ වගේ ආදරේ කරන දුව නැතිවුනොත් එහෙම...?’. රජතුමාට
කේන්ති ගිහින් ‘දූ කුමාරි නැති උනොත් හොඳට තියෙයි. අගබිසව මොනවද මේ කියන්නෙ’ කියල
ඇහුවලු. ආයෙම බිසව ‘එහෙනම් වාසභ කත්තියා මැරුනොත්...... නැත්තම් මට මොනවා හරි
උනොත්’ කියල අහල.
රජතුමාට ඒ වෙලාවෙත් කේන්ති ගිහින් ‘මගේ ප්‍රාණසම අයට
කරදර, මරණ එද්දී මම කොහොමද
දරාගෙන ඉන්නෙ’ කියල, ඔය කතානම් තවත් කතා කරන්න එපා කිව්වලු.
එතකොට මල්ල්ලිකා දේවි රජතුමාට කියනව “ඔය ගැන තමයි ඉතින් බුදුහාමුදුරුවෝ
කියල තියෙන්නෙ”.
පෝදා විකාශය නිමි.
ස්වස්ති සිද්ධම් 😇!
ප්‍රිය දෙයින් දුක හෝ සැප දෙකම උපදිනවා . ඔබ බුදුන් ගේ ධර්මය වරදවා වටහාගෙන ඇත . බුදු දහමේ දුක්ඛ හෙවත් සෆරින් (ඉංග්‍රීසි ) හි තේරුම දුක හෝ සැප අනුභව කිරීමය .
ReplyDeleteඅනේ මන්දා සෑර්, මං ඔව්වා ඔහෙලට තරම් තේරෙන්නෙ නෑ. ඒත් මට මුණගැහිච්ච උගුඩුවෙක් දුක ගැන කිව්වෙ මෙහෙම:
Deleteදුකට හේතුව පුක
@ආවට ටැංක්ස් අජිත්තුමා,
Deleteබුදු දහමේ සාරය, අවසන් විග්‍රහය විදිහට හඳුනාගන්න පුළුවන් වෙන්නෙ... භාහිර කිසි දෙයක තියෙනවා කියන සාපෙක්ෂකයට අනුව එවන් දුක හෝ සැපයක් නැති වග යන්නයි. ඒක අප හදාගත් සංකල්ප මත තමයි රඳාපවතින්නෙ.
(දුක කියලා දෙයක් තියෙනවද, දුකක් ඇත්තටම නැද්ද... මේ විදිහට කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. එතකොට පිළිතුරු දෙනවා එහෙම ගන්න එපා. දුකට හේතු සකස් උනොත් දුක හටගන්නවා. දුක නිරුද්ධ වෙන්න හේතු සකස් උනොත් දුක නැතිව යනව)
ඊට මෙහා ඉඳලා බැලුවොත් ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය වගේ දේවල් අපිට අනිවාර්යය දුකක්. ඒ දුක කාටත් පොදුයි. දේවල් අල්ලා ගත් පමණට දුකේ ප්‍රමාණය තීරණය වේ. ඒ ගැන තමයි මේ post එකේ සඳහන.
මේක ලියන්න අනියමින් හේතුවෙන්න ඇති බස්,
Deleteආයෙම උඩ ආ 5හේ ශිෂ්‍යත්ව පිස්සුව, depress, love breakup, දේශපාලන ගැටුම්.. වගේ දේවලුත් මේ දවස් ටිකේ නිතරම අහන්න, දකින්න හම්බ උනානෙ. පෙරේදා FB යාළුවො දෙන්නෙක් share කරලා තිබ්බ එකම සිදුවීමක්. කොල්ලෙක් FB post එකක් දාල. එකේ හැටියට ඌ සියදිවි නහගන්න typeලු. කොහොම වැඩේ හරි නවත්තගෙන.
ඇයි මෙච්චරදඟලගෙන පීඩාවට පත් වෙන්නෙ. මේවයේ මුල මොකක්ද. අධික බැඳීම, නොනිමි ආසාවල්.
අන්තිමට හරියට ඉගෙනගත්ත කෙනෙකුත් නෑ, දිනපු පක්ෂේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. හැදුව රටකුත් නෑ!
//ඊට මෙහා ඉඳලා බැලුවොත් ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය වගේ දේවල් අපිට අනිවාර්යය දුකක්. ඒ දුක කාටත් පොදුයි. දේවල් අල්ලා ගත් පමණට දුකේ ප්‍රමාණය තීරණය වේ// ඉතින් මේ ආයේ පරණ පුකමනෙ මේ ලියල තියෙන්නේ . බුදු හාමුදුරුවෝ දුක යනුවෙන් හැඳින්වූවේ ඔන්න ඔය උඩ බස්සගේ කතාව . කෙටියෙන් කියනවනම් සතුට සහ වේදනාව හෝ විඳීම කියන එක , සහ පැවැත්ම . පැවැත්ම නිසා තමා ඒ අන්ත දෙකම අපට විඳින්න පුළුවන් . කැමති නැත්නම් අත ඇරපන් . නැත්නම් මේ අපි වගේ ඇදන් පලයන් .
Deleteකොමෙන්ටුවට ටැන්ස්ක් අජිත් අයියා!
Deleteහේයි මයෙ පුපට අනම්මනම් කියනවා එහෙම නෙමේ හිටං 😁
රජ උනහම තමන් කැමති විදියකට ආගම අදහන්න පුළුවන්නේ.
ReplyDeleteහ්ම්. රජ උනහම තමන් කැමති විදිහට ජාතිය, ආගම පාවිච්චි කරන්නත් ඇහැකිද මන්ද 😆
Deleteදිගටම විඳින සැපයක් වුව ඇති වෙයි නම්
ReplyDeleteඒක රහක් නැති දෙයකැයි වැටහෙයි නම්
එය දුකකැයි දහමෙන් හෙළිවෙනවා නම්
නොදැනද අපි සොයන්නේ සැප- උමතුවකින්?
සැපට කාලා ඉන්න ඇහැකි බොහෝ දන
Deleteදුක් විඳ-විඳ එවරස්ට් නැඟ කට්ට කන
පය වැරදීලා වැලි ගම් පිටි පවා යන
දුකකින් තොර සැපක් නැතෝ කීවෙ බන
සැප වේවා, දුක වේවා හේතුඵල ක්‍රියාවලියක් සහ ඒ ඒ කෙනාගේ දෘෂ්ඨියේ හැටියට තමයි ඉතින් සැප, දුක කියල තමයි ඉතිං කියැවෙන්නේ... අර උඩින් කීව වගෙ. ඒක එහෙමනම් අපට දුකක් වන කට්ට කා කඳු නැගීම වෙනත් කෙනෙකුට සැපක්, හොඳ නිවාඩුවක් වෙන්ට පුලුහං බසූ කීව විදිහට 😉
Deleteදුකින් තොර සැපක් නෑ කියන කතාවටනම් මයෙ එච්චර මනාපයක් නෑ අලේ 🙈
නමියගෙ ලිවීමේ රටාව හොඳයි. කම්මැලි නැතුව කියෙව්වා. අසම්පූර්ණ ලෙස මතකයේ තිබුන පරණ කතන්දර ටිකක් දැණගත්තා.
ReplyDeleteඑතකොට කෞටිල්‍යය ජනා උපදේශක වගේ කෙනෙක් නේද? හැබෑටම, එයැයිටත් පොෂ් අස්ප කරත්තයක් එහෙම කාරිය ලැබෙන්න ඇති නේද? මේ ඒ කාලෙ වේයොත් ඉන්න ඇති නේද?🤔
බස්තුමෝ කෞටිල්‍යය ජනා උපදේශක වගේම මුලින්ම චන්ද්‍රගුප්තට උපදෙස් දෙන්නෙ තමන්ගෙ යටි අදහසකුත් තියෙනව. හැබැයි චන්ද්‍රගුප්තට රාජ්‍යය ව්‍යාප්ත කරන්න මාර සේවාවක්නම් කළා.
Deleteමතක විදිහට කතාවක් කියන්නම්...
චන්ද්‍රගුප්තගේ එක බිසවක් ළමයා බඩේ ඉද්දීම මැරුණා. ළමයා අරන් ගැහැණු සතෙක්ගේ ඇඟේ රඳවලා අර බඩ ඇතුලේ ඕන කරන පරිසරය ළමයට හදල දෙන්න වැඩකරා. වෙදැදුරොත් සපෝට් කරන්නැති. ළමයා ඉපදුනහම බිබිලි හිටිය මේ වැඩෙන්. ඒ නිසා නම තිබ්බ බින්දුසාර කියල.
මාරම චරිතයක්. දැන් ඉන්න සමහර දේශපාලනයින්ට නූල් සූත්තර, සූර කිව්වහම මේ අයට කියන්න වෙන වචනයක් හොයාගන්ට වෙනව.
මෙයාකාර වේයෝ නම් නොඉන්ට ඇති 🤣
කෞටිල්‍ය හොඳයි කියත හැකි . පෙන්නන්න බැරි එකා තමා අර මහෞෂධයා
Deleteඒ ඇයි අප්පා. කෞටිල්‍යය ගැන ලියවිච්ච පොතකුත් ඕඩර් කරා. ඒ එක්කම මතක් උනේ උම්මග්ග ස්ටොරිය ඒ අතරේ ඔයා කොස්සක් දානව. හුම්... ඒක අවුල් එකක්ද?
Deleteමහෞෂධ ඉන්නෙ උම්මග්ග ජාතක කතා ස්ටෝරියේනෙ. ඒක ලොකු කතාවක් නිසා වැඩිය කියවන්න හෙම ගිහින් නෑ. මතක හැටියට මහෞෂධත් රජතුමාට මොලෙන් ගේම ගහන් යන්න උපදෙස් දෙන සීන් එකක් තියෙන්නෙ.
Deleteකෞටිල්‍යය හොඳයිනම් තමයි... ඒ රජාලට අනුව. අපට ගතහැකි දෙයක් නම් ඉතින් තැනට සුදුසු නුවණ මෙහෙයවන විදිහ ඉගෙන ගන්න එක තමා හිටං!
//These Buddhist sources attempt to link the dynasty of their patron Ashoka directly to the Buddha.[23] The sources claim that the family branched off to escape persecution from a King of Kosala and Chandragupta's ancestors moved into a secluded Himalayan kingdom known for its peacocks. The Buddhist sources explain the epithet maurya comes from these peacocks, or Mora in Pali (Sanskrit: Mayura).[22][3] The Buddhist texts are inconsistent; some offer other legends to explain his epithet. For example, they mention a city named "Moriya-nagara" where all buildings were made of bricks colored like the peacock's neck.[24] The Maha-bodhi-vasa states he hailed from Moriya-nagara, while the Digha-Nikaya states he came from the Maurya clan of Pipphalivana.//
ReplyDelete//One medieval commentator states Chandragupta to be the son of one of the Nanda's wives with the name Mura.[20] Other sources describe Mura as a concubine of the king.[38] Another Sanskrit dramatic text Mudrarakshasa uses the terms Vrishala and Kula-Hina (meaning - "not descending from a recognized clan or family") to describe Chandragupta.[39] The word Vrishala has two meanings: one is the son of a shudra; the other means the best of kings. A later commentator used the former interpretation to posit that Chandragupta had a Shudra background. However, historian Radha Kumud Mukherjee opposed this theory, and stated that the word should be interpreted as "the best of kings".[39] The same drama also refers to Chandragupta as someone of humble origin, like Justin.//
//The common theme in the Hindu sources is that Chandragupta came from a humble background and with Chanakya, he emerged as a dharmic king loved by his subjects.//
https://en.wikipedia.org/wiki/Chandragupta_Maurya
විකි අයිය එක්ක බොහෝ දුරට එකඟයි!
Deleteදුක නැති කිරීමේ මාර්ගය පෝය දවසට වහල දාන්නෙ මිනිස්සුන්ට දුක කියන්නෙ මොකක්ද කියල එදාටවත් තේරෙන්න තමයි. හැක්..
ReplyDeleteබසූ එක්ක රා වඩියක්වත් බොමු හිටං.
Deleteඋගුඩුවො, මාවව්ලො, බස්සො, නයි සමග නමී. පෝ දා දහම් පිළිසඳර 😂😂
අජාන් චා කියලා තියෙනවා නේද වීදුරුව මුලින් දැකපු දවසෙ ඉඳන්ම බිඳුණු වීදුරුවක් විදිහට දකින්න කියලා. මම හිතන්නෙ ඒක හොඳ අදහසක්.
ReplyDelete“For me this glass is already broken. I enjoy it; I drink out of it. .............When I understand that the glass is already broken, every moment with it is precious.”
හුම්!
Deleteහෙහ් හෙ. පොඩ්ඩක් පහු උනා කොමෙන්ටුව දකින්න ☺️😆
ටැංකූ ආවට 🎉