චන්න, අරියාන, භාග ඇත්ත, ජීවිතේ විඳීම


පහුගිය ටිකෙ රැල්ල චන්න කතා පුවත. චන්න කීවෙ ඡන්න නෙවේ. අපෙ නළු චන්න. චන්න ගැන Post දානව, වයස ගැන කතා වෙනව, ගයත්‍රී පයින් ගැහුවෙ රන් කඳකට කියනව, පිං ගැන කියවනව, බොන්නෙ නෑලු, ආතල් ගන්නෙ නෑලු... අන්තර්ජාලෙ එක ජංජාලයයි. අන්තර්ජාලෙ කීවට ඉතිං වැඩි හරියක් බුකියෙ තමා.

සහසුද්දෙං කියනවනං චන්නගෙ වයස පේන්නෙ නැති කේස් එක තමා මාතෘකාව!

චන්න ගැන ඒ විදිහට කතා වෙනකොට මට එකපාරට මතකෙට ආවෙ Hollywood වල කතා වුණු මීට වෙනස් සිද්ධියක්. ලාස්සන අරියානාගෙ රූපෙට වෙලා තියෙන දේ. Ariana Grande (තාම 30යි)... දෙයියනේ මේකි කරන් තියෙන වින්නැහියක්! කෙල්ල බාල කාලෙම ජනප්‍රිය උනෙ දක්ෂතාවය හන්ද විතරක්ම නෙමේ... තිබ්බ cute, attractive ගතියත් එක්ක. ඒත් දැන් වයසට වඩා වැඩි, කැත පෙනුමක් අරියානගෙන් පේන්න තියෙන්නෙ.

චන්නට පායන ඉර හඳ යටම අරියානාට නරක කල දසාවක්!

මූනේ අතුල්ලන රූපලාවන්‍ය බඩු, ඉන්ජෙස්සන්, සැත්කම් වෙන්න ඇහැකි බව තමයි ජාලෙ විසාරදයන්ගෙ අදහස.

අරියානට එහෙම වෙනකොට චන්නයන්ගෙ කතාවේ සුලමුල... ජාලෙ විසාරදයින්ට අනුවම නම්, එය මේන්ටේන් ලස්සනකි. මස් නොකෑම, මධ්‍යසාර නොගැනීම වගේ කතා තමයි ඒවාට හේතු.

ඒත් එක්කම තමා බුකී සංවාදය පටන්ගත්තෙ...

කට්ටියක්... ඒ විදිහට ජීවත් වෙන්න බෑය, බොන්නැති- මස් නොකන ජීවිතේ ආතල් නැතිය, නීරසය කියල අර හොඳ කියන කොටහට ඇනුම්පද කියනව. ඒ අතරෙ චන්නටත් කෝචෝක් පාරක් දාගෙනම 😁

ඊට විරුද්ධ පාර්සවය අර මතය කියන අයට බනිමින් බුකිය තවත් රත් කරනව 😁

මැදහත් පිරිස... ජීවිතේ කැමති කෙනෙක්ට කැමති විදිහට විඳින්න පුළුවනැයි කියමින් post දානව

 


මේ කිසිම වාදයක් පටන්ගන්න තුන්හිතකවත් තිබුනෙ නැති චන්නයෝ හොරෙන් සොට් එකක් දානවද දන්නෙත් නෑ... අපිව බයිට් එකට අරගෙන, පිෂ්ෂු උට්ටල! හෙම කියාගෙන 😅

******

මේ post එක ලියන අතරෙ දැක්කෙ චන්න රසික ජයකොඩි එක්කලා chat එහෙකදී කියනව හිටං "මම හොඳට කන බොන කෙනෙක්" කියල 😁​😋​

podcast එක මරු පුලුහංනං බලන්න 👉


3 comments:

  1. චන්න තියා ඡන්න උනත් බොන කන එකෙක් නෙමෙයිනං වැඩක් නෑ බොල.

    ReplyDelete
  2. සාමාන්‍යයෙන් අපේ හම තරුණව තිබෙනවා . මගේ වයස ඇහුවම කම්පැනි එකේ සුද්දෝ විශ්වාස කරන්නෙම නැහැ . මම බොරු කියනවා කියලයි හිතන්නේ . සුදු හමේ රැලි පේනවා . ඔවුන් අපට වැඩිය ඉක්මනට වයසට යනවා . ඒක නිසා තම ජොලි , අනිස්ටන් වගේ අය සෑහෙන ට්‍රයි එකක් දීල තරුණ පෙනුම තුයන්න් ඉන්නේ . තෙල් කෑම නොකා . ව්‍යායාම යෝග කරලා , නිවාඩු අරන් , වෙලාවට නිදාගෙන

    ReplyDelete
  3. විඳවන්නෙ නැතුව ජීවිතේ විඳින එකත් හරි, මොකද ජීවිතේ එක්ස්ෆයරි ඩේට් එක නොදන්න හන්දා. ඒත් ආරෝග්‍යා පරමා ලාභා කියල එකකුත් තියෙන නිසා, කන බොන එක වුනත් සිහියෙන් කරනව නං හොඳයි කියල හිතෙනවා.

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්