කළා කෘතියක පොඩි පොඩි කොටස්
තුලින් වෙන වෙනම රස ජනිත වෙන්ට පුළුවන්. ඒ වගෙම කොටසක් වෙනම ගෙන රස විඳින්න/ කතා කරන්නත්
ඇහැකි කියල... පුරාණ පඬිවරයෙක් අටපට්ටමට කියල තිව්න ☺️. ඔය සමහරු
කියන්නෙ ආන් අර සිංදුවේ බටනලා part එක මරු, අර film ඒකෙ fight සීන් ටික මරු
කියල...
ඒ වගෙ ලක්ෂ්මන්
විජේසේකරගෙ 'සඳ කිනිති නැමී' කියන ගීතය අහද්දි එකපාරටම දෙවැනි පද පේළිය එක්ක
වෙනස් අදහසක මයෙ ඔලුවට ආව. ඒ හන්ද මේ පෝස්ටුව ඒ ගීයෙ සම්පූර්ණ පද රචනාවත් සමග අදාළත්වයක්
නැති වග කරුණාවෙන් තකන්න 😁
" ඔබෙ නෙතට එබී
මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ "
ආදර සම්බන්ධයෙදී අපේ
ආදරය අනෙකාට කියන්නද වඩා කැමති, නැතිනං එයා තමුන්ට ආදරේ කියල කියනවටද... වඩා
කැමති?
ආදරේ කියන්නෙ ක්‍රියා පදයක්ය
කියල අපේ උන්දලාම පාරම්බෑවට මොකද අපි වැඩිපුර කැමති එය ලබන්ට. ලැබෙනව කියල දැනෙනවට.
එහෙම නෙ?. ඒක නිසා වෙන්න ඇති සම්බන්ධයක් පටන්ගත්ත ගමනෙ ඉඳල අනිකාගෙන් අහන්නෙ,
මැසේජ් කරන්නෙ... ඔයා මට ආදරේ නේද කියල.
ඒ විතරක්ද... අඳින
ඇඳුම තමන් කැමති එකක් වෙනව නම්, කොන්ඩේ පීරන, යන- එන තැන, ආශ්‍රය කරන අය, එකී මෙකී
නොකී බොහෝ දේ තමන් කැමති සීමාවේ ඉඳන් අනෙකා අතින් සිදුවෙනව නම් අපි හරි කැමතියි!
අයිතිය කියමින් නීතිය,
සමාජය ඉස්සරහ උත්සව ශ්‍රීයෙන් විවාහ වෙන්නෙත් ඉතින් ඒක නිසාම නෙ. (පහුව කෙහෙවලු
පටලගන්න එකනං වෙනම දෙයක් 😄)
ඉතිං එහෙව්
ආත්මාර්ථකාමී අපි අතරින් පිරිසිඳු, සුරම්‍යය ආදරයක් බොහොම දුරද මන්ද.
ඔය එක දේව කතාවකත් මං අහල
තියෙනව... මුලින්ම තනි කෙනෙක් මවල පස්සෙ ඒ තනි අය අර්ධ දෙකක් කරාය. ඒකයි මේ ආදරය
කියා කියා තමන්ගෙ අනික් අර්ධය හොයාගෙන යන්නෙ කියල.
ඒ වගෙම කියවපු එක
වෛදික යෝගියෙක්ගෙ අදහසක සඳහන් වෙලා තිව්න 'තම සාරය සෙවීම
තමයි මිනිසාගේ පරමාර්ථය විය යුත්තෙ/ වෙන්නෙ' කියල.
එහෙම බැලුවම... අපි
භාහිර දේවල් වලින් දකින්න හදන්නෙත්, හොයන්නෙත් තමාවමද?
" ඔබෙ නෙතට එබී
මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ ..."
මේ අදහසම ද මන්ද සේනක
බටගොඩගේ 'අපි කවුරුද?' පද පේළියේ තියෙන්නෙත් කියල හිතුන ඒ සිංදුව
ඇහෙද්දි
සීසීකඩ විසිරුනු
සිතිවිලි
දියබුබුලේ නලියන
පෙනකැටි වාගේ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා
වාගේ
නිමක් නෑ...
මෙහොතින් මොහොතට ගෙවනා
කාලය
දැනෙවා කාටත් එක
විදිහට
ගිනියම් ඉර.. සඳ සිසිලස..
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද
ගීයකි ලොව.. සිතුවම් කල..
අතරේ අහනවා බලනව මේ
අපි කවුරුද
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන
කළු ආකාසේ
ගලා හැලෙන රිද්මේ
නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට
පාවි.. සුලග සේ...
මොහොතට මොහොතට ගෙවනා
කාලය
දැනෙවා කාටත් එක
විදිහට
ගිනියම් ඉර.. සඳ සිසිලස..
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද
ඕ.. ගිනියම් ඉර.. සඳ
සිසිලස..
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද
පට්ට ලිපියක් නමී , අපි අපිව තමා හොයන්නේ , මම බ්ලොග් ලිපි වලින් කරන්නේත් ඒකමයි , මම ආපහු බලනව මං දිහා
ReplyDeleteටැංක්ස් අජිත්තුමො.
Deleteඅඩේ. අපි අපිවම හොයනව නං බ්ලොග් ලියමින් කරන්නෙත් ඒකම නෙව! මේ කියනකං මීටර් උනෙ නෑ නෙව.
නමියා , හරිම ලස්සන සටහනක් . තෝරගෙන තියෙන සිංදු වගේම කතාවත් නියමයි.
ReplyDeleteටැංක්ස් අනුරුද්ධතුමො!
Deleteකෙටියෙන් කියලා තිබ්බත්
ReplyDeleteකියවෙනවා ලොකු ඇත්තක්
ලෝකෙම පීරල හෙව්වත්
හමු වෙනවද අපි අපටත්
ඇත්තටම මම කවුරුද
Deleteකවුරු වුනත් උඹට මොකද😋
මම මමවත් දන්නවද
හෙව්වා කියලා හම්බු වෙයිද
නිදිමහතා කවියට ටැංක්ස්.
Deleteලෝකෙම පීරල කියද්දී මතක් උනෙ ගණ දෙවියො කරදිය වළල්ල වටේ ගිය විස්තරෙ!
බස්සාතුමා, ඇත්ත. වැඩ රාජකාරී මැද්දෙ දැන් හොයන්නත් එපෑ.
Deleteඑහෙම නැතුව ඕනනං පොඩි වඩියක් අනුමත වෙනින් ගමනෙ හිමිට හිතුව හැකි/ inner circle එකෙ කතාවක් දාතහැකි. පහුවදා හෙමිට පුරුදු පාරේම රස්සාවටත් ගියෑකි.
හ්ම්....ගීත දෙකක මම නොහිතපු පැත්තක්.👌
ReplyDeleteහ්ම් හ්ම්.
Deleteවචනයක්, වාක්‍යයක් වෙනම අරගෙන විශ්ලේෂණය කරන්න ගියොත් ඒකෙ සෞන්දර්යාත්මක රසය නැතිව යනවා. හොඳම දේ තමයි සමස්ත නිර්මාණයෙන් ජනිත වන සෞන්දර්යමය රසය විඳින එක.
ReplyDeleteඔව්. වෙන්න ඇහැකි. මම කිසිම නිර්මාණය විචාරය කරන්නවත්, පහදන්නවත් නෙවෙ හැදුවෙ. ඒ සිංදුවේ මුල් කොටස ඇහෙද්දි එකපාරටම මට දැණුන දෙ අකුරැ කරන්ට හැදුවා පමණයි.
Deleteකෙනෙකුට අදහසක් එන්ට පුලුවං මේ පෝස්ටුවෙන් කියන්නෙ තමන් කවුරැ කියල යොයන්න කියන එකද කියලත්. ඒත් නෑ. මට හිතුන දේ අකුරැ කරා පමණමයි.
ඕනෙනං අර කියමනක් තියෙන්නෙ "විමසුම් නුවණ ඔබේ අභ්‍යන්තරයට යොමු කරන්න" කියල. ආන් ඒ වැඩේ මරැ!
ඒ හැරැනම 'සඳ කිනිති' ගීයෙන් කියැවෙන අදහසත් අපූරැයි. එහි ගායනය, වාදනත් පංකාදුයි.
https://drackey.blogspot.com/2024/10/8.html
ReplyDeleteමයෙ පරණ ගිලුණු කොමෙන් ගොඩගන්නෙත් නෑ ඒ යෝධය. හැක්!
Deleteඒ අස්සෙ කොම්පීතරෙන් කොමෙන් දාද්දි පබිලිස් වෙන්නෙත් නැති තරං!
ස්තූතියි බකුසුහාමි.
Deleteකොහොමත්, නමිය වගේ ටූත්පික් එකකට, මාවත් යෝධයෙක් වගේ පේනව ඇති නේ?
ඇයි බාං නමියො, ගිලෙන්න තරම් බරසාර කොමෙන්ට් දැම්මෙ? හෙහ් හෙහ් ටූත්පික්.😋🤣
Deleteනබි,
Deleteමං බැලුව බම්, ස්පෑම් එකෙත් දෙපාරක් විතර. ඔහෙ නෑ කමෙන්ට් එකක්...
බකුස්,
ඔ්කගෙ කමෙන්ට් එකක් දවසක් මං දැක්ක බිම වැටිල තියෙනව. ඒක අරං ලාච්චුවට දැම්ම කියලත් ඌ මට අරක මේක කිව්ව. ඒ හින්දා දැන් නං මං බිම වැටිල අතුගෑවිල ගියත්, පයේ හැපුණත් උගෙ කමෙන්ට් දිහා නං ඇහැක් ඇරල බලන්නෑ.
බස්, හුම් මීට පහු අඩුබර කොමෙන්ට් දාන්නම් 🤣
Deleteඩ්‍රැක්ස්, වෙබ්බ්‍රව්සරේ ඩාම්- ඩූම් කරනවනෙ 🤔. අජිත් අයියගෙ බ්ලොගට කොමෙන්ට් කරද්දීත් පිස්සු නැටුව.
ඒනං මයෙ කොමෙන්ට් දිහා තුන්වෙනි ඇහෙන්වත් බලන්ට 😁
ඇහැක් වහල බලාගෙන තමයි මේ තරමිංවත් උත්තර දෙන්නෙ.
Deleteනමී , ඇතැම් ඇනෝ ලා නිසා අපි කමෙන්ට් මොඩරේට් කරනවනේ . ඔයාල දැම්මට පස්සසේ මම ඇවිත් චෙක් කරනකන් ඒවා මිසින් වගේ තමා පෙනෙන්නේ .
Deleteඩ්‍රැකී 😂😜
DeleteAjith Dharma, එහෙම කරන්න වෙනවනං තමා. අපෙ සම හරක්ට පුරුදු නෑ නෙව තමන්ගෙ බස්තම අනෙකාට හිරිහැර නොවන විදිහට තියාගන්න.
ඒත් කොමෙන්ට් මොඩිරේට් එක නෙමේ මට පරහට හිටියෙ. මයෙ වෙබ් බ්‍රවුසරේ අවුල.
දැන් පෝන් එකෙදීත් ආයෙ ආයෙ ඊමේලට ලොග් වෙන්න වෙනව මයෙ ප්රෝපයිල් එකට ගොඩවෙන්න නම්.
නමියගෙ අදහස හරි. ඔතන මගෙ හිතට ආපු අදහස් කීපයක් තියෙනව.
ReplyDelete1. අපි අනිකාගෙන් තමාව ම හෝ තමන් කැමති ස්වරූපය තමයි හොයන්නෙ.
ඒක ආදරය කරන කෙනාගෙන් වගේ ම, තමන්ගෙ දරුවන්ගෙන් පවා අපේක්ෂා කරනව. පස්සෙ තේරුම් යනව, ඒ තමන් වගේ ම, වෙන ම පුද්ගලයෙක් බව.
2. අපි ආදරය කරන කෙනා ලැබෙනවට වඩා, අපට ආදරය කරන කෙනා ලැබීම ප්‍රතිඵල දායකයි.
(හරියට මායි ඩ්‍රැකියානියි වගේ.)
2. මෙහෙම වෙන්ඩ ඇති අර ඉස්සර පඬිවරු පොඩි අදහසක් ලිව්වහම, ඒ සූත්‍රවල එක එක වචනය ගැන වෙන වෙන ම පොත් ලියන්න තරම් දේවල් ඒවගෙ ගැබ් වෙන්නෙ.
අප්පෙ සමහර ළමයිනං පුදුම කට්ටක් කන්නෙ... දෙමව්පියන්ගෙ හීන හැබෑකරන්න ගිහිං.
Delete//හරියට මායි ඩ්‍රැකියානියි වගේ// 🎉✨👏🙌🙏
ඇත්ත. දෙමාපියෙක් වෙද්දි සෑහෙන වෙනස්කං තමංගෙ තුළ ම කරගන්ඩ වෙනව.
Deleteඅර දෙවෙනි වගන්තිය ඇත්ත ඈ...
ඒක තමයි මහත්තයො මල් කළඹක් දීල අත් දෙක එකකතු කරලා ප්‍රසංසා කර හිටියෙ ☺️
Deleteතේරුම්ගත් මොනම සම්බන්ධයක් උනත් පවතින්න ආයාසයක් දරන්න වෙන්නෙ නැති නිසා එයම මොනතරම් සතුටක් දෝ.!
ලඟදි මුහුණුපොතේ එක්කෙනෙක්ගෙ ලස්සන සටහනක් දැක්ක. "මම ලබපු හොඳම තිළිණය තමයි මගෙ බිරිඳ. අපි දෙන්නට දෙන්න හොඳින් තේරුම් අරගෙන ඉන්නව, ඒක අපේ දෙන්නගෙම ජීවිත ගමනට ලොකු පහසුක්" කියන එක
ඇත්ත. මගෙ යාලුවෙක් ඉස්කෝලෙ ලව් එක, අවුරුදු දොළහක් ප්‍රේම සම්බන්ධය පවත්වගෙන ගිහින් කසාද බැන්දා. බැඳලා සතියකින් විතර හම්බවුණ වෙලාවෙ කිව්වා, "මම දැනං හිටපු ගෑණු ළමයයි, දැන් ඉන්න වයිෆුයි සෑහෙන්න වෙනස්" කියල. ආන්න ඒ වෙනස තේරෙන්නත් ටික කාලයක් යනව. ඊටපස්සෙ ඇතිවෙන බැඳීම තමයි හරිම එක.
Delete2,3 සමඟ එකඟයි. ඒත් සමහරු අම්මා වගේ තාත්තා වගේ අයවත් හොයනව නේද? හොයනව කිව්වම අපේ ගමේ පරණ කතාවක් මතක් වුනා. කිට්ටුව ගමක් තියනව ඌරකඩුව කියලා. ඊට එහායින් එලුවිල ඉන්න මුස්ලිම් හාදයෙක් මෙහෙම ඇහැව්වලු. අප්පුහාමි, අර ඔම්බ නිකං පීරිසිය වගේ, නැට්ට නිකං අනෂ්ෂ වගේ ෂතා ඉන්න ගමට යන පාර කොහෙද? කියලා.
ReplyDeleteට්රූ ඉස්ටෝරි පරම්පරා කීපෙකට පෙර කතාවක්.
ඌරකඩුව... මං අහල තිබුණෙ ඌරපොල ගැන. අර ප්‍රශ්නෙත් අහල තිබුණෙ, "අර... ඔම්බ පීරිෂිය වගේ තියෙන වෙෂ්ෂිගෙ පුතා ඉන්න පොළට යන්නෙ කොහොම ද" කියලා.
Delete1 ගැන කිව්වොත්, බකුෂ් සඳහන් කරන දේ ෆ්‍රොයිඩ් (මයෙ හිතේ) කියලත් තියෙනව, යුරිපිඩීස් ගෙ නාට්‍යයකත් තියෙනව, (අපිත් යමක් දන්න උදවිය කියල පේන විදිහෙ විද්වත් කමෙන්ට් දාන්ඩ ඔ්නෙ, මේ වගේ පෝස්ට්වලට.) ඊඩිපස් සංකීර්ණය නමින්. හැබැයි, නමිය කියන දේ එතනටත් අදාළයි. අපි තාත්තා හෝ අම්මා වගේ කෙනෙක් කියලත් හොයන්නෙ ම, තාත්තගෙන් හෝ අම්මගෙන් දැකපු මට ඔ්නෙ ආකෘතිය.
++++++
ReplyDeleteටැංක්ස්!
Deleteසිංදුව මම කැමතිම එකක් .. සිංදුවේ තියෙන පද පෙළ ගැන ඔච්චර දුරට හිතල තිබ්බේ නැහැ ..
ReplyDeleteමගේ අදහස මේකයි .. අපි උපදිනකොට ඉන්න අපේ ඔරිජනල් ස්භාවය ජිවත් වෙනකොට ටික ටික නැති වෙනවා .. අපිට හැමදාම ඒ නැති වෙච්ච ඔරිජිනල් තත්වය නැති අඩුව දැනෙනවා .. අපි ඒක හොයා ගන්න කියල එක එක දේවල් කරලා බලනවා .. බොහෝ අයට හොයා ගන්න බැරුව අතර මගදී යන්න වෙනවා .. නමුත් සමහරු ජිවිතෙන් කවර් වෙලා තියෙන ඔරිජිනල් තමන්ව හොයාගෙන අන්තිමට නිවිලා යනවා
පලවෙනි සිංදුවේ සම්පූර්ණ අදහස (සඳකිනිති නැමී) එක්ක මේ ලියමනට අදාලත්වයක් නෑ. ඒකෙ 2වැනි පද පේළියක් එක්ක මට එකපාරටම දැනුණු දේ ලීව විතරයි. දෙවැනි සිංදුවනං (අපි කවුරුද) පෝස්ට් එකට ගැලපෙනවා.
ReplyDeleteඒ අදහසත් මරු! ඔය කියමන එක්ක මතක් උනෙ... Citizen Kane (1941) ෆිලුම. නිදී ලොක්කටත් කීව බලල යමක් කියන්න කියල. තාම නෑ ☺️
https://biththiya.blogspot.com/2025/01/amazon-kindle.html
ReplyDeleteආන්න යුතුකං. ටැංකූ 🤗
Delete