ජේසු තුමාගේ කතාවක් තියෙනවනෙ "ඔබේ එක කම්මුලකට පහර දෙන අයට අනික්
කම්මුල පාන්න" කියල. ඕකට පර සුද්දො විහිලුවට කතාවක් හැදුව. අනෙක්
කම්මුලත් දුන්න මනුස්සය දත් දොස්තර ගාවට දෙසැරයක් යන්නව කියල හිටං 😁😁.
කවරේ කතාව අල්ලලා ඒක
හොඳ විහිලුවක් උනත්... ඇතුලෙ කතාව එච්චර සරල එකක් නෙමේ කියල ඉතිං හැමෝම දන්නවනෙ.
ඔය අතරෙ සෝසල් මීඩියා
එකේ නත්තල එක්ක අදහස් ගොන්නක් share වෙනව. තිව්න අදහස්
2,3ක් අමුනලා ගත්තහම...
"ආදරේට, ප්‍රේමයට
හොඳ දවසක් තමයි නත්තල. හැමෝටම කරුණාව දක්වන්න. මොකද යුධ ගිනි අතර පිපි සාමයේ
කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ දීයි. ජීසස්ගේ
'අසල්වැසියාට
ප්‍රේම කරන්න' සහ 'ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික්
කම්මුල පාන්න' කියන පණිවිඩ දෙක ලොව සුපතල දේශනා පාඨ දෙකක්."
ඔය අස්සෙ බුකියෙ එක තැනක
තිබ්බ... මෙදා සමරන්න ඕන දවසක් නෙවේය. ඒ වගේම ජේසු ඉපදුනේ 25 නෙවේය ඒ නිසාත් උත්සව,
සැමරුම් එපා කියල හිටං.
මිනිස්සු පොඩ්ඩක් එකතු
වෙලා කාල-බීල සතුටු උනාට නම් කමක් නෑ ඉතින්. මොකද වැඩිහරියක් මිනිස්සු කරන්නෙ
ජීවත් වෙන්න ඕන නිසා රස්සාව එක්ක පැටලිලා ඉන්න එක, ඉගෙනීම එක්ක කාලය ගෙවන එක. ඒ
අතරේ නිවාඩු පාඩුවක පොඩි පාටියක් දැම්මම මක් වෙනවද. ඉස්මුරුත්තාවට බීල, සිංදු
අස්සෙ කුණුහරුපත් කියන් අවසානෙට ඇනකොටා නොගෙන... සාදයක් දැමීම, මිනිස්සු එකතුවෙලා
සතුටු වෙන එක ඉතින් ස්වර්ග රාජ්‍යයෙන් දොට්ට දාන්න තරන් වරදක් නෙමේ නෙ 😁.
පාටි නොදැම්ම කියල උන්
ඒ ඉතිරි උන වෙලාවෙන් ගැඹුරු මානසික පරිවර්තනයට, ජීවිතේ අරුත් හොයන්න වෙහෙසෙනව කියලයෑ.
එහෙම වෙනවනම් විතරක් සැමරුම්, පාටි නැවත්තුවට කමක් නෑ. නැහ්නං වෙන්නෙ ජීවිතේ ලබපු
සතුටකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඒ නිසා දෙපැත්තම බැලන්ස් වෙන ක්‍රමයක් හොයාගත්ත නං
පංකාදුයි. නත්තලේ අරුත වටහා ගන්න අතරේ ප්‍රීති ප්‍රමොදේ වගේ එකක්!
ඒ වගේමයි කොහොමින්
කවුරු, කොතැන, කවදා ඉපදුනාම මොකද සාමය වෙනුවෙන් පෙනී හිටිය නං, යුධ ගිණි වලට එරෙහි
උනා නං. (පස්සෙ ආගම කරපින්නගත්ත උන් යුද්ධ
කරාට). ඉතිහාසය සෙවීම වෙනම දෙයක් වෙනකොට... යහපතක් අනුස්මරණයට හරියටම අදාළ දවස
ඕනයෑ.
...නැද්ද මං අහන්නෙ 😊
හැපී
කිස්මක්!
හ්ම්...නමියාගෙන් හොඳ නත්තල් පණිවිඩයක්. 👌💐
ReplyDeleteනමියාටත් ප්‍රීතිමත් නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා! 😊
ටැංක්ස්.
DeleteCop: what's in the bottle?
DeleteLady: just some water
Cop: Ma'am that's wine
Lady: Oh, Jesus did it AGAIN ?!
😁😂😂😂🤓
කෝවිඩ් කාලෙ මට හිතිච්ච දෙයක් තමයි, මිනිසුන්ගේ දියුණුවේ පම්පෝරිය සහ පැවැත්ම කොච්චර අස්ථාවරද කියන එක. ඊට පස්සෙ
ReplyDeleteආපු උක්‍රේනයේ සහ ඊශ්‍රායෙල් යුද්ධ දැකලා හිතුනෙ, මිනිස් වර්ගයා හැදෙන ජාතියකට වඩා වඳවෙලා යන්නම උපන් ජාතියක් කියලයි.
දියුණුව. හුදෙක් භෞතික දියුණුවක් පේන්ට තියෙනව කියලත් හිතෙනව. මානසික, සමාජීය වශයෙන් අරන් බැලුහම බසූ කීව දේ හරි.
Deleteවිද්‍යාවෙන් කියන්නෙ අපි වානරයාගෙන්, ඒ කියන්නෙ සතුන්ගෙන් පරිනාමය උන බව නෙ. ඒ අතරම කියනවනෙ අපේ පරිනාමය නොවුණු දේවලුත් තියෙ කියල. ඔය කියන්නෙ මේවා ගැන වෙන්ටෑ!
ඔය නත්තල්, අවුුරුදු, වෙසක් කාලවලට කරගන්න ප්‍රාර්ථනා හැමදාම තියාගන්නවනං අමුතු සුබපැතුම් ඕනැ නෑ තමා.
ReplyDeleteහුම්.
Deleteප්‍රාර්තානා කරන හිත් ඒ විදිහටම පිරිසිඳුව තියෙනව නං අමුතුවෙන් සුබ පැතුම් ඕන නෑ තමා!
විස් යූ අ මෙරි ක්‍රිස්මස් ඇන් හැපි නිවු යර්.
ReplyDeleteනයි හාමිටත් සුබ නව හැපී... වේවා 😁👏
Deleteඋඹලා සාමයේ පණිය්‍විඩය තේරුම් අරන් නෑ.
ReplyDeleteයේෂුවා ආවේ මිනිසා සහ දෙවියන් අතර සාමය ඇතිකරන්නයි
සෙටිපිකැට් ඇත්ත. පයින්ඩ තේරුම් ගන්ට අපට හික්මීමක් නැතුවා.
Deleteනිවීහැනහිල්ලෙ කම්පනාකරන්න හොඳ මතවාදයක්, විද්‍යා ප්‍රබන්ධ චිත්තර පටියක් උනත් ඒ plot ඒකෙන් හැදුව හැකි. නැහ්නං තීසිස් එකක් කරලා උපාදියක් හෙම... 🙈
බසු සමගත් එකඟයි . පලස්තීන ළමයි මරා දාන විධිහට , ඒ රටම යුධ අපරාධ කාරයෝ වගේ . ඔය අනිත් පැත්තට කම්මුල දීම නම් කවුරු කීවත් කරන්න හොඳ නැති වැඩක් . ගහන්න බැරි නම් මාරු වෙලා යන එක තමා කරන්න තියෙන්නේ . ජේසු උපන් දිනය එදා නෙමේ කියල හැමෝම දන්නවනේ . මේක පේගන් නිවාඩුවක් . කොන්ස්තන්තින් අධිරාජයා නත්තලත් එදාම සමරන්න් කීව . අපිට ෆැමිලි එක එකතු වෙන දවසක්
ReplyDeleteහුම්. යුරෝපයේත්/ ස්කැන්ඩිනේවියා මේ කාලේ උත්සව කිතුසමයට පෙර තිබ්බ හන්ද නත්තලත් මේකටම ඈඳුනා කියන කතාව තමා මට හම්බුනෙ.
Deleteෆැමිලි, යාළුවො එකතු වෙන එක... හිතවත්කම් නැවුම් වෙන එකත් සාමයෙම කොටහක් නෙව. සන්ඩු නොකර බොන්ට ඕන හොඳේ 😁😁
අදයි නමී මෙහි එන්නට ඉඩ ලැබුණේ
ReplyDeleteනත්තල ගෙවෙයි- විසිපහ ළඟ ළඟ එන්නේ
සාමය තමයි දැන් දැන් අවතැන් වෙන්නේ
සංහිඳියාවෙ හිරු පායන්නයි ඕනේ!
ඒක නෙවෙන්නං. සංහිඳියාව එක මිටකට පැමිණේවා 👏
Deleteතව දින කිහිපයකින් උදාවන 2025 නව වසරේ නමී කොලුගැටයාගේ සියලු සිතුම් පැතුමන් ඉස්ඨසිද්ඪ වෙලා කෙලි පැටික්කියක් එක්ක හාද වෙලා වෙඩින් මගුලක් එහෙම ගන්නයි. අපේ බ්ලොග්කාරයන්ටත් මංගුලේදි සැට්වෙන්නට ලැබේවායි පතමි.
ReplyDeleteහාද වෙනඑක වගේද අනෙ මගුල් තුලා ගන්න ගියාම. මළා හැටියට උන්න මදැයි කියල මෙහෙම්ම ඉන්නො 😁
Deleteකොලොම්පූර්තුමාටත් පවුලේ සැමටත් සුබ වසරක්මැ!