මකරා මියගොස් අඩසියවසයි!


පොඩි සන්දියේ ඉස්කෝලෙ යාළුවො මයෙන් අහපු දෙයක් අද වගේ මතකයි. ඒ තමයි “වැඩියෙම ශක්තිවන්ත දසමහ යෝධයද, බෘස් ලී ද?”.

 

ඒකෙන්ම තේරෙනව අපි ඒ දෙකොටසින් වැඩිපුර කා ගැනද දැනන් හිටියෙ කියල. දසමහා යෝධයො කියන්නෙ එක්කෙනෙක්ට නෙමේ කියල ඉන්තේරුවෙන්ම අපට තේරුම් යනකොට... බෘස් ලී වීරය වී හමාරයි!


 

බෘස් ලීගෙ රුව සද්ධන්ත විදිහට මතකයේ රැඳුන පලවෙනි තැන තමයි වැඩිහිටි පන්තිවලට ඉස්කෝලෙ දී පෙන්නපු චිත්‍තරපටයක්... ටිකට් නැතුව හොරෙන් බලාපු දවස. අඳුරන වැඩිමලෙක්ට කපටි හිනාවකින් සංග්‍රහ කරලා මං පුස්කතාල දොරෙන් ඇතුලට සේන්දු උනේ හුඹහට නයා සේන්දු වන්නැහෙ. පිටිපස්සෙම පුටුවකින් දිගෑදුනු මට මෙහායින් අටවලා තිව්න කැරකෙන ප්‍රොජෙක්ටරයක් එහාම බිත්තියේ පෙන්නමින් හිටියේ බෘස්ලීවයි.

මදක් වැවුණු ඝන කොණ්ඩය, තියුණු ඇස්, ඔපමට්ටන් කළ මස්ගොබ ඇති මේ දේහධාරියා උඩින් වැටෙන ගල් දොරක් උස්සාගෙන අනෙක් අයට යන්න උදව් කරයි. මේ යකානම් හැබෑම යෝධයෙක්!

 

ලෝකයේ එතෙක් මෙතෙක් ජනාදරයට, ගෞරවයට පාත්‍ර වුණු වෙනත් සටන් ශිල්පියෙක්, බෘස් ලී හැරුණු කොට නැති තරම්ය. ඒ වාගේම තමා නියෝජනය කරන පිරිසෙන්ම විවිධ අභියෝග හා බාධකවලට ලක් වූ වෙනත් කෙනෙක්ද නැති තරම්ය.

 

එතෙක් මෙතෙක්, පෙර - අපරදිග සියලු ජනයාට එක ලෙස... සටන්ශිල්පය ගැන ලී තරම් බලවත් අදහසක් ජනිත කළ වෙනත් අයෙකු නැති තරම් ය.

 

ඒ විතරක් නොව ලෝකයේ සටන් ශිල්පීයෙක් ලෙස විරුධාවලිය ලද දාර්ශනිකයෙක් ඇත්නම් ඒ ලී පමණක්මය.




November 27, 1940 - July 20, 1973

සුබ උපන්දිනක් බෘස්!

28 comments:

  1. සමහරු හිඳිති පණ තිබුණත් මළා වගේ
    තව අය මළත් තවමත් ඉන්නවා වගේ
    පළමු පිරිස වැඩිවෙයි රැල්ලටම වගේ
    ලී අයිතිත් දෙවෙනි පිරිසට එයයි අගේ

    ReplyDelete
    Replies
    1. සමහරු මලා වගේ
      මලත් ඉන්නවා වගේ
      පළමු වැඩිවෙයි වගේ
      ලී එයයි අගේ

      Delete
    2. ස්තූතියි නිදිතුමෝ. තේරුනා!

      කොමිටල් ඩ්‍රැකී මහතා ආවට ටැංක්ස්!

      Delete
  2. ඉස්සෙල්ලා බුරුස් ලී, ඊට පස්සෙ කුංග්-ෆු එකේ සාදු ඔහොම වීරයො හිටිය තමා. පස්සෙ තේරුනාම ඒව ඔක්කොම දියවෙලා ගියා.පුතා බ්‍රැන්ඩන් ලී "ක්‍රෝ" එකේද කොහෙද හොඳට රඟපෑවා. අපරාදෙ අඩු වයසින් මලා.

    ReplyDelete
    Replies
    1. ක්‍රෝ පිචැර් එකේ රගපාද්දි නේ බ්‍රැන්ඩන් කොලුවා වෙඩි වැදිලා පරලෝකාප්‍රාත්ත උනේ.

      ඇනෝ ලෙසින් මෙතන වදාලේ කොළොම්පුරයා වන අසංගයා වම්හ.

      Delete
    2. බසූ මහතා,
      ඔව්. සදාකාලික නොවූ ලෝකේ සදාකාලික වීරයෝ ඉන්ටත් බැහැ තමා. පුද්ගලික රුචි අරුචි කෙසේ වෙතත් අදටත් බෘස් ලී පහන්ටැඹක් වගේ දිදුලයි තව කාලාන්තරයක්... අපේ හිත්වල. මොකද ඔහු නිකම්ම නළුවෙක්වත්, සටන්ශිල්පියෙක්වත් නෙමේ. දාර්ශනිකයෙක්. මුළුමහත් සටන් කලාවටම දාර්ශනික පසුබිමක් එක්කලේ ඔහු. Enter the Dragon (1973) පළමු විනාඩි 15හේ දෙබස් ටික පවා ඒ බව සාක්කි දරනව.

      කොලොම්පූර්තුමා,
      යෑස් පිච්චර එකේදී අත්තටම වෙඩි තියලා මරුන.

      Delete
  3. Enter the Dragon චිත්‍රපටියෙන් අපේ සිත් තුළ ඇති කළ චමත්කාරය තවමත් දැනෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ආවේ බුරුස් ලී ගේ එන්න එපා ද ඩ්‍රැගන්, යන්න ද ඩ්‍රැගන්, ආයේ එන්න ද ඩ්‍රැගන්, පිචැර් සෙට් එක.

      Delete
    2. wurthanthaතුමා,
      හුම්. උඩහින් කිව්වා වගේ පළමු විනාඩි 15හෙ දෙබස් ටික... මල් මසුරං!

      කොමිටල් ඩ්‍රැකී,
      ඇයි ලංකාවෙත් පහල උනේ මකරෙක්. පිම්ඹ ගිණි තාම දළු ලනව 😁🤭

      Delete
    3. ඒක නම් මටත් මතකයි . කොල්ලෝ ඒක බලල මරදානේ තිබ්බ ගඩොල් ගොඩක් පැයකින් කැඩුව කියල රාවයක් ගියා ඒ දවස් වල

      Delete
    4. ආන්න. සිංගල යක්ඛ පුත්තු! හෙළ ඉතිහාස්ය 😁

      Delete
    5. හෙහ්.. හෙ. සුද්ද සිංහලෙන්ම අමතනව.
      අනෙ එවන් නළුවන්!

      Delete
    6. kalinuth ddakka බසුගෙන්ම තමා . ඒකට තවමත් හිනා යනවා

      Delete
    7. බසූ යුටියුබ් දෙයිය 😁

      Delete
  4. බුරුස් ලීගේ දෙවනි පුතා නේද අර ජෙට් ලී කොලුවා?

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි පුතා තමා අර කිරිකැට් ගහන බෙට් ලී

      Delete
    2. කොමිටල්, ඔරිජිනල් දෙනාම,
      මේ හැර තවත් ලී තිබේද මන්ද හිටං ☺️

      Delete
  5. ඇත්තටම නමී මලයෝ මමත් ඔය කරාටි ගුස්ති අල්ලන්න මාස්ටර් කෙනෙක් ගාවට ගියා. බොරලැස්ගමුව ප්‍රජාසාලාවේ තමා අපේ සෙන්සේ සදගුටි කරාටේ මාස්ටර් පන්ති කරුවේ. පන්ති පොස්ටරේ තිබ්බෙත් බුරුස් ලී ගේ පින්තූරයක්. සදගුටි මාස්ටර් මලේ ගෝලයින්ගෙන් ගුටිකාලා වැඩිවෙලා..

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් රියල් ඩ්‍රැකී,
      අනේ එවන් මාස්ටර්වරු.. උගන්නලම පණ යනව කියන්නෙ ඒ වගෙ සන්තෑසි වලට

      Delete
  6. දොරෙන් කොහොමද හුඹහට னයා රිංගුවෙ.

    ReplyDelete
    Replies
    1. ආන්න ජන්සන්!
      කොමෙන්ටුව දැක්කෙ නෑ වාගෙ ඉන්ට ඕන 🙈

      Delete
  7. ලස්සන සටහනක් . තව ලියන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ලියන්න ගොඩක් විස්තර තිබ්බත් post එක පටන්ගන්නකොටම හිතුන මතක එක්කලා කෙටි සටහනක් දැම්මනං වඩා හොඳයි කියල.

      Delete
  8. අපිට තිබ්බේ ආනොල්ඩ් ද බෘස් ලී ද සිරා වගේ ප්‍රස්න .. දැන් කවුරු හිටියත් ඒ කාලේ ඩෙක් පීස් වලින් ඔය කතා බලනකොට ආපු ආතල් එක දැනෙන්නේ නැහැ .. සමහරවිට ඒ අපි වයසට ගිහින් නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ජෝන් සීන ලඟදි රිටයර් වෙනවා කීවම මතක් උනෙත්... ඉස්සර cd වලින් රෙස්ලින් බලපු හැටි. ඇස් කටේ දාගෙන බැලුවෙ. ඉඳ හිට අහම්බෙන් 1,2ක් ජාලෙන් බැලුනත් දැන් ඒ ෆීලින් එක නැ

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්