The Help (2011)

රූපය - අන්තර්ජාලයෙන්


ඇමරිකාවේ කළු ගෘහස්ථ සේවකයින් එදා ගත කළ ජීවිතය. අද සිවිල් අයිතීන්, මානව හිමිකම්, සමානාත්මතා ආදිය කතා කලත් පෙර ඇමරිකා එක්සත් ජනපදයේ එක් අඳුරු කාල පරිච්ඡේදයක් ගැන කියවෙන චිත්‍රපටියක් තමයි The Help (2011). මිසිසිපි ප්‍රාන්තය මේ වකවානුවේ (60 දශකය සහ ඊට පෙර) දැරුවේ, ක්‍රියාත්මක වුනේ කළු මිනිසුන්ට වඩා සුදු මිනිසුන් උසස් බවයි. ඒ වර්ණභේදය නීතියෙන් ද එසේම පිළිගැනිණි. ඉතින් මේ රදල සුදු මිනිසුන්ගේ වහලුන් වූ, සේවකයින් වූ, ගැත්තන් වූ කළු මිනිසුන් එදා විඳි පීඩා, දුක් වල එක් පැත්තක් අපූරුවට මේ චිත්‍රපටයෙන් පේනවා දෙයි. එදා ඔවුන්ව උදව්වට ඉන්නා අය විදිහට හැඳින්වූ නිසා ඒ නමම චිත්‍රපටියට යොදා ගෙන තියෙනවා.

සත්‍ය කතාවක් ඇසුරින් ඒ නමින්ම නිකුතු වූ නවකතාවක් පාදක කරගෙන මේ චිත්‍රපටිය නිපදවූ බව තමයි වාර්තා වෙන්නෙ. අධ්‍යක්ෂණය Tate Taylor වන අතර ඉතා දක්ෂ ලෙස රංගනයේ යෙදෙන Octavia Spencer Viola Davis, Emma Stone හැම දෙනාගේම පැසසුමට ලක් වෙනවා. ඒ වගේම දක්ෂතම සහය නිළියට අයත් ඇකඩමි සම්මානය ලබා ගැනීමට වගේම වෙනත් උළෙලවල් ගණනාවක නිර්දේශයන්ට හා සම්මානයන්ට පාත්‍ර වුනු Box Office හිට් එකක්. Rotten Tomatoes 76% කුත්, IMDB වල 8/10 ලබා ගන්නවා.

නීත්‍යානුකූල මාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වීමට උත්සාහ දරන ඉයුජීනියා ස්කීටර් අනෙකුත් ගෙවල්වල, කළු සේවිකාවන්ට දක්වන අඩු සැලකිල්ලි, පහත කිරීම් අතරෙ තම ගෙදර වැඩට සිටි හා තමන් කුඩා කලා සිට හදාවඩාගත් කළු සේවිකාව තමන් නැති අතරෙ නෙරපා දැමීම නිසා වේදනාවට පත් වෙනවා. මේ වේදනාව සුදු කාන්තාවන්ගේ තවත් කෲර වැඩ නිසා පලි ගැනීමේ අදහසක් දක්වාද දුර යනවා. ඒ අදහස කළු සේවිකාවන්ට වන දුක්ගැහැට රහසිගතව එකතු කොට නිර්නාමික පොතක් හැටියට එළිදැක්වීමත් එක්ක ඇය සඵල කර ගන්නවා. The Help (2011) චිත්‍රපටයේ සාරාංශය ඔහොමයි.


චිත්‍රපටියට හාස්‍ය රසය එක් කරන්නද කොහෙද Celia Rae කියන චරිතය ඕනවට වඩා වැඩියෙන් ඒ පැත්තට යොදා ගෙනද මන්ද. ඒ වගේම ඇය වෙන පලාතකින් ආවත් කළු සේවිකාවන්ට දක්වන යහළුකම හා වෙනසක් නැති කම ටිකක් වැඩි වගේම අයගෙ සැමියත් කිසිම වෙනසක් නොපෙන්වීම ටිකක් අමුතුයි.

ඒවගේම අන්තර්ජාලයේ සැරිසරද්දී දැකගන්න ලැබුන ප්‍රධාන කළු චරිත රඟපාපු දෙදනා පස්සේ ඒ චිත්‍රපටියෙ රඟපෑම ගැන පසුතැවුණු කතාවකුත්.. ඇත්තද නැත්තද හරියටම දන්නේ නෑ. ඒ කොහොම උනත් ඉතා දක්ෂ රඟපෑම් සහිත මේ චිත්‍රපටිය ලෝකයේ එක් කාලයක හා සමහර විට තවමත් සිදුවන එක් සමාජ නොහොඹිනා කම්, පිරිසක් සුළුකොට තැකීම ගැන හරි අපූරුවට කතා කරනවා දැක ගන්න පුළුවන්.

20 comments:

  1. හ්ම්... බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූති ආවට.. හ්ම් බලල කියන්නකො

      Delete
  2. ඔයිට සමාන කතා තේමාවක් තියන ඒත් ඊට ටිකක් එහාට ගිය එකක් තමයි හැරියට් ආවෙ 2020 හෝ 2019 වෙන්න ඕන.. ඒක බැලුවද.. ඒකත් පට්ට

    ReplyDelete
    Replies
    1. නෑ මහේෂ්. google එකේ search කරල බැලුව. හොඳ එකක් වගේ නේ..

      Delete
    2. https://en.m.wikipedia.org/wiki/Driving_Miss_Daisy

      Delete
    3. Pra Jay බැලුව මේදැන් ගිහින්. film බලනවද දිගටම..

      Delete
  3. හොඳ ආරම්භයක්. වෙනස් වෙනස් මාතෘකා යටතේ විවිධත්වයක් ගෙන ඒම. ඔහොම යං��

    ReplyDelete
    Replies
    1. අර අගට තියෙන ?? ගැන හිතන්න එපා, මගෙ ප්‍රොෆයිල් එකේ අවුලක්, ඉමෝජි දාන්න බෑ, ඒත් පුරුද්දට දැමෙනවා.:)

      Delete
    2. හරි. ආව එකට සතුටුයි..

      Delete
  4. කාලයක් පැල්බැඳගෙන බැලුව Roots. මතක විදිහට "කීටා කුන්ටේ" පට්ට චරිතයක් තිබ්බා. දැන් හැමදේම වෙනස්, මගේ රසවිඳනයත් ඇතුලුව.

    ReplyDelete
    Replies
    1. google එකේ හොයල බැලුව. හොඳ එකක් නේ..

      Delete
    2. https://www.theguardian.com/books/booksblog/2017/feb/09/alex-haley-roots-reputation-authenticity

      Delete
    3. ගිහින් බලන්නම් Pra Jay මහතෝ..

      Delete
  5. මේක හොඳ ෆිල්ම් එකක්. මං ගාවත් තියනවා.

    ReplyDelete
  6. මමත් බලලා තියෙන හිතට වැදුණු ෆිලුමක් ගැනයි නමී ඔයා මේ ලියා තියෙන්නේ. සතුටුයි මෙහෙම postsවලින් හරි අපේ ප්‍රේක්ෂක රස වින්දනය ඉහලට ගෙනෙන්නට කෙරෙන උත්සාහය ගැන!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදියො. ඔයත් හොඳ ෆිල්ම් රසිකයෙක් වගේ...

      Delete
    2. නැතුව!
      අවුරුදු පහළොව විතර කාලේ ඉඳලා මට තිබුණු ලොකුම ප්‍රශ්නයක් කියන්නම්. "මං හදිසියේ මළොත්, කොහොමද තවම ඇවිල්ලා නැති films ටික බලා ගන්නේ?" (ඇවිල්ලා නැති කිව්වේ හෝල් එකේ film එකක් බලද්දී පෙන්නන 'ළඟදීම එනවා' කියන ට්‍රේලර්ස්වලින් දැකපු ඒවාට!)

      Delete
    3. හ්ම් එහෙනම් හොඳටම උන තිබිල නොවැ

      Delete
    4. උණ කියලා කිව්වේ 'පිස්සු' වචනේ කිව්වම තරහ වෙයි කියලද, නමී . හොඳටම තදේටම මට film පිස්සුව තිබුණා... පස්සේ පස්සේ අපේ films හදන අය ප්‍රේක්ෂකයන් කියන්නේ ගොන්නුය කියලා හිතන බව පෙනෙන්න ගත්තාම වැඩියෙන් විදෙස් films බලන්න පුරුදු වුණා!

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්