ඔන්ලයින් සේප්ටි බිල, මිල, නියාමනය

    post එක ලියන් ආවෙ පනත විවාද දවස් ටිකේ. පබිලිස් කරන්න ටිකක් පහු උනා 😜😜.


මේ ටිකේ හැමෝටම වගේ ඩාම් ඩූම් සිටුවේසන් නෙ. එක්කො හිතවත් හෝ ඤාති මරණයක්. නැහ්නං ලෙඩක් හැදිල. මං අඳුරන දෙතුන් දෙනෙක්ගෙ මළ ගෙවල් වගේම මටත් ඩාම් ඩූම් සනීප අසනීප උනා පොඩ්ඩක්. ඒ හන්දත්, ලිවීමේ කම්මැලිකම හන්දත්... මේ ගැන ලියන්ට හිතන් හිටියට පහු උන 😔.

 

 යහපති!

පනත ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තෙ ගිහින්, සංශෝධනත් සහිතව කඩිමුඩියේ මහජන ආරක්ෂක ඇමති ටිරාන්තුමා ඇතුළු රජය මේ පනත සම්මත කරගත්ත. ඒ වගේම ආයේම අවශ්‍ය සංශෝධනයක් තිබුනොත් ඉදිරියේදී ඒවත් කරන බව බවද සඳහන් කරමින්.

මේ පනත ගෙන ඒමේ අරමුණ ගැන රජය පැත්තෙන් කියා හිටියෙ... සමාජමාධ්‍ය ඔස්සේ වන නීති - සමාජ විරෝධී, වෛරය, ක්‍රෝධය සහ ආගමික ගැටීම්, ලිංගික අපරාධ හා බාල වයස් - කාන්තා හිංසනත්, වාර්තාකරණයක් වගේ ඒවා වලක්වන්න/ නියාමනය කරන ඕන බව කියමින්. ඒ අතරට ව්‍යාජ/ නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම්ද ඇතුළත් බව කියවුණා.

දැන් එතකොට මේ එක කාරණයක් සම්බන්ධයෙන්වත්, කිසිම කෙනෙක් මේ වෙනකම් නීතියේ රැහැනට හෝ ගෞරවනීය පොලිසියේ අත්අඩංගුවට පත්වෙලා නැද්ද මන්ද. මෙච්චර කලකට අන්තර්ජාලයෙන් සිදුවුණ කිසිම අපරාධයකට නීතියෙන් ප්‍රතිපාදන තිබ්බෙ නැද්ද, පොලිසියෙන් මේ සම්බන්ධව වැරදිකරුවන් බව සඳහන් කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගත්තෙ නැද්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කාරණාවට අදාළව පරීක්ෂණ කරේ නැද්ද... කියල හිතනකොටම මට මතකයට ආවෙ අපේ හිටපු ජනපති මෛත්‍රීපාලතුමාගේ නිල වෙබ් අඩවිය hack කළ තරුණයව අත්අඩංගුවට ගත්ත එක. පස්සෙ නිදහස් කලත් අත්අඩංගුවට ගත්තනෙ. ඇයි මේ ලඟදිත් අසැබි වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරපු ජෝඩුවකුත් පොලිසිය හොයාගත්ත නෙ. නෙ? 


ඒ කියන්නෙ ඕනනම් මේ වගේ වැරදි සම්බන්ධව නීතිය පැත්තෙන්, පොලිසියෙන් කිසියම්ම හෝ පිහිටක් ලබන්න වින්ඳිතයට පුළුවන්. ඒත් එහෙම තියාගෙනත් කඩිමුඩියෙ, තුන්වෙනි වර කියවීමක් නැතුවම තමා මේ 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ කෙටුම්පත' ගෙනත් තිබුනෙ. අනික ආයෙම සංශෝධන ගෙනත් කියවන්, වාද කරන්, සම්මත කරගන්න යන කාලෙ. අනේ... අපි වෙනුවෙන් මෙච්චර ආදරයක්!

ඒත් අපෙ ශෙහාන් සේමසිංහ ඇමතිතුමා VAT සංශෝධන විවාදෙදි කිව්වත්ද කොහෙද නෙ පාර්ලිමේන්තු කාලය නිකන් අපතෙ හරින්න බෑ කියල. හරි කමක් නෑ ඉතින්. මිරිස් කුඩු ගහගන්න, අනුන්ට මඩ ගහන්න, කුණුහරුප කියන්න, සෙංකෝලෙ උස්සන් දුවන්න, රණ්ඩු කරගන්න හරි වෙලාව අපේ 225ට තියෙනවනෙ.

මේ මැතිවරණ කසුකුසුවක් යන අස්සෙ මේ වගෙ පනත් ගෙනත් හදිසියේම සම්මත කරන්නේ ඒ මගින් ජනතාවගෙන් පාලකයන්ට ඇතිවෙලා තිබුණ අප්‍රසදෙ යටපත් කරන්නද කියල හිතන්නත් බෑ... අහිංසක වත්මන් ජනපති රනිල්තුමා හන්ද. මොකද එදා free Wi-Fi දෙන්න ලැහැස්ති උන උතුම නෙ මෙතුම. ඒ වෙනුවෙන් බැලුම් උඩ යැව්ව හරීන් පවා අද ඉන්න රජයක් ගැන අහිතක් හිතන්න පුළුවන්ද අපට. බෑ නෙ 😉?  


බාල ඖෂධ ගෙන්වීම, අසූචි කන්ටේනර් වලට නිරපරාදෙ මුදල් ගෙවීම, පොලිසියෙන් නොහික්මුණු වෙඩි තැබීම් හා වෙනත් ක්‍රියා ගැන වගේ ඔය social media වල විතරක් සවිස්තරව සැරිසරන... රජයේ හා රජයෙන් මෙහෙයවෙන පොලිසියෙන් සිදුවන දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන මේ වගේ පොඩි පොඩි news නම් තඹේකට මායිම් කරන්න නරකයි. මොකද මේවා දැනගන්නව කියන්නෙම මහජනයගෙ මානසික සහනය නැතිවෙන, මහජන කැළඹීම ඇතිවන වැඩ. අඩුගානේ රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්න කියල විස්තර ඇතුව පළ කරපු, අති ගෞරව වැඩ බලන පොලිස්පති අතීතයේ සම්බන්ධ වද දීමේ සිද්ධිය වගේ ඒවා පවා නියාමනයක් ඇතුව පළ වෙන්න ඕන.

  සමාජ මාධ්‍යය වාරණය වෙන්න ඕන!

කාලෙකට කලින් නයි මතු වෙන එක, මේ ලඟදි නම් අවලෝකිතේශ්වර මතු වීම වගේ ආගමික/ සමාජීය ඉතා වැදගත් සිදුවීම් අපි දැනගත්තෙ. සවිස්තරව දැනගත්තෙ කොහෙන්ද?. රාජ්‍යය හා රජයට සමීප මාධ්‍යය වලින්. අන්න ඒ වගේ මාධ්‍යය ටික විතරක් ඉතුරු කරල අනික් ඔක්කොම ඒවා වහ දාන්න ඕන. එහෙම කරලා රජයට, ඇමතිවරුන්ට හිතවත් මාධ්‍ය ආයතන කීපයක් අතට සමාජමාධ්‍ය බලය/ ආධිපත්‍යය ලබා දෙන එකක් හෝ ඒ ව්‍යවසායකත්වය ඇති අයට හම්බකරගෙන දීල රට නැගිටිනකම් අපි බලන් ඉන්න ඕන... 2048 වෙනකම්.

නැත්තන් කොහොමද රජයක් හෝ පාර්ලිමේන්තු ඇමති/ මන්ත්‍රීලා ගමකට යන්නෙ... රෙදි ඇඳගෙන. කොහොමද කොපි පොත් බෙදල ඊළඟ ඡන්දෙ දිනන්නෙ.

 


 ඒ වගේම රජයේ මතයට/ වැඩපිළිවෙලට විරුද්ධ, නිදහස් මාධ්‍යවේදියෙක් හෝ පුද්ගලයෙක්ගෙ උපකල්පනයක්, අදහසක් මත ඒ කෙනා හදන සමාජමාධ්‍ය කොමිසම ඉස්සරහට නිතර නිතර ගෙනත් ප්‍රශ්න කරන්න ඕන. එහෙම කරලා ඔහුව රජයේ වැඩපිළිවෙලට එකතු කරගන්න ඕන. බලහත්කාරයෙන් හරි කමක් නෑ. ඒ වගේම උපහාසාත්මක කාටුන් ශිල්පියෙක්ගේ කාටුන් තහනම් වෙන්න හෝ නියාමනය වෙන්න ඕන. මොකද මැති ඇමතිලට අපහාස කිරීම වරදක්. නිවන් සුව පැතීම බරපතළ වරදක්!

තව... බොරු, නිර්නාමික සමාජ මාධ්‍යය ගිණුම්, විවාදෙදි කතා කරපු ඇමතිලා කිව්ව විදියටම හොයාබලන්න ඕන. බලන්නම ඕන. පහල වීඩියෝවෙ ඉන්න ඉරාජ් මහත්මාගෙ page ටිකෙන්ම පටන් අරගෙන.

 අපි උඹල නොදැන මේ වගේ කොච්චර දැල් වලට අහුවෙලා ඇතිද - (Kaali-කාලී එක්ක ඉරාජ්)

 

රටේ FB, YouTube ඇතුළු අනික් social media වලින් වෙන... නීති - සමාජ විරෝධී, වෛරය, ක්‍රෝධය සහ ආගමික ගැටීම්, ලිංගික අපරාධ හා බාල වයස් - කාන්තා හිංසන වලට උදව් වෙන ක්‍රියා වලට අපි කවුරුත් විරුද්ධයි විය යුතුයි. ඒකෙ දෙකක් නැහැ. සහ ඒවාට අවශ්‍ය අණපනත්, නීති සකස් වෙන්න ඕන. ඒත් ඒ එකකින් හෝ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස, අන්තර්ජාලය හරහා තම රැකියාව කරන අයට ඒ ඉඩකඩ ඇහිරීම, නිදහසේ සමාජමාධ්‍ය භාවිත කිරීමට නොහැකි වීමද මානව අයිතිවාසිකම් කඩවීමක්. වරදක්. එය සිදුකිරීමට යමෙක්, කණ්ඩයමක් උත්සහ කිරීම හෝ ක්‍රියාවට නැංවීම වරදක්. දඬුවම් ලැබිය හැකි හා ලැබිය යුතු වරදක්.

මේ වැරදි වර්ග දෙකම හා එය ක්‍රියාත්මක කරන දෙකොටසම අප තරයේ හෙළා දැකිය යුතුයි.

28 comments:

  1. පෝස්ට් එක මළ ගේල් සහ මරණ වලින් පටන් ගත් නිසාම මමත් කොමෙන්ටුව මළ ගෙවල් වලින්ම පටන් ගන්නම්!
    දන්න එවුං හොරෙං බැන්දාම ඒකට අපිට නොදන්වා ගියාට කමක් නෑ!
    ඒත් ප්‍රසිද්ධියේ මැරුණාම ඒකට යන කොට අපිටත් දන්වපල්ලා!

    හරි දැන් ටොපික් එක ගැන:-
    අපිට ෆේස් බුක් නෑ කියලා වැළලෙන්න ඕන නෑ අපිට ඊට ඕන තරම් ක්‍රම තියෙනවා!
    දැන් බලහං උඹ අරලිය ගහ හරි මේ ලිය ගහ හරි මන්දිරේ ඉස්සරහට ගිහිං "මානවම්මයෝ! තෝ නං නොම්මර එකේ බූරුවෙක්!" කියලා කිව්වා කියලා උඹට විරුද්ධව ඇක්ශන් එකක් ගන්න බෑ මොන එකාට වත්.

    උඹ බෙලිඅත්තට ගිහිං "මයිනෝ . . කිව්වත්, කපුටෝ . . .කිව්වත් ප්‍රථිඵලය එහෙමම ම තමයි! ඒනිසා කපටි කමින් මොලෙන් බුද්ධියෙන් තම තමන්ගේ වැඩ කොටස සමාජ කාර්ය භාරය නොනැවතී කරගෙන යන එකයි තියෙන්නේ!
    "ලපයා බලා ගනී ඉතුරු ටික . . . . !"

    ReplyDelete
    Replies
    1. ලපය බලාගනී පපක්...

      Delete
    2. අඩෝ! ලපයා තමයි අපේනං එකම බලාපොරොත්තුව! ඊට වඩා එකෙක් ඉන්නවා නං උඹ කියහංකෝ! අපිත් සෙට් වෙනවා ඌට!

      Delete
    3. වෙන එකෙක් නැති එකයි අවුල.
      ලපයත් එච්චරයි. කෝමත් නරිය හූ කියනකං ම ඉන්න එපැයි ඌ නරියෙක් කියල පේන්න. බලං ඉමු ඉතිම්

      Delete
    4. ඔය ලපයි,සිපයි දාගෙන නරින්ට අපහාස කරනව එහෙම නෙමෙයි, ආයිබෝං. අපි සිගාල වංසෙ. හූ කියනවා ( බයියො ගමට ආවම) ඒත් බොරුව නෑ.

      Delete
    5. ඩියර් මංජුලතුමා,
      දන්වන්න තිබ්බ... මාත් වේලපහ මලගෙයි, තියෙන තැනයි දැනං හිටියනම්.' විනාඩි දහයෙන් වරෙන් නැත්තං අපි ගියා මළගෙදර' කියල මට කෝල් එක එද්දිත් මං හොඳටෝම බුදි.

      ඩියර් මහෙස්,
      මේ වෙලාවේ අන්රයිය තමා යම් තරමකට මට තියෙන තේරීමත්. ඒත් එයාව පුටුවෙ ඉන්දල අපට දැන්නං ඉර පායයි කියල හිටියොත් උන්දැලත් අපිට කොකා පෙන්නයි කියලයි මට හිතෙන්නෙ.

      ඩියර් නරිමොටා,
      හූ කිව්වත් කමක්නෑ, හිමින්... ගෙවල්වල බල්ලො කුලප්පු කරන්නැතුව

      ඩියර් ගෝඩ්,
      පීස් හෙල්ප් මයි කන්ටි 🙈

      Delete
  2. අර එකෙක් මැරෙන්න හදල තිබ්බෙ පණ පිටිං ඉද්දි නිවන් සුව ලැබේවා කියනව කියල
    උඹලගෙත් වැරැද්ද නෙ, මේ කොහෙවත් ඉන්න ලොන්තපෝල් උක්කන උංට නිවන් යන්න ලැබේවා කියන්න. අපායට මකබෑවියව් නොකිය.

    හොඳ වැඩේ තොපට 😂😂😂

    ReplyDelete
    Replies
    1. හිතට එන හැම දේම ඒ විදියටම කියන්නෙ කොමෙයි මහෙස් 😁😁

      Delete
  3. පනතක් ඉදිරිපත් කරනකොට එයට විරුද්ධව ශ්‍රේෂඨාධිකරණයට යනවා. එතැනින් වගන්ති මෙච්චරක් ව්‍යවස්ථා විරෝධී කියනවා. ඒක පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර සංශෝධනය කරනවා කියනවා. ඒ පොරොන්දුව ඉටු උනාද කියලා පසුවිපරමක් කරන නීති පද්ධතියක් තියනවද? එහෙම බලලා ව්‍යවස්ථා විරෝධී වගන්ති තිබුනොත් පනත අහෝසි වන ක්‍රමවේදයක් තියනවද?

    ReplyDelete
    Replies
    1. මොනා කියනවද මේ. අධිකරනයක් තියෙන එකෙන්වත් සැහෙන්ට බැරිද Litseeker.

      ක්‍රමවේද තිව්නත් තැතත් කවුද අනේ පපුව ඉස්සරාට දාන් ගිහින් ඕවට යන්නෙ. ඒ අයටත් ජිවිත ආසාව තියෙනවනෙ.
      මං කිව්වෙ උසාවි ගානෙ ගියොත් මක්ක හරි වෙනව කියලනං නෙමෙ. ඒ වෙනුවෙන් යොදවන කාලය වෙන දෙයක් කරල ආස මොනාහරි ගන්න වැඩ කරන එක ඉට හොඳයි කියල හිතෙන එක ගැනයි කිව්වෙ 😁

      Delete
  4. දැන් එතකොට ඕක සම්මතද? /දැන් එතකොට මේ එක කාරණයක් සම්බන්ධයෙන්වත්, කිසිම කෙනෙක් මේ වෙනකම් නීතියේ රැහැනට හෝ ගෞරවනීය පොලිසියේ අත්අඩංගුවට පත්වෙලා නැද්ද මන්ද. මෙච්චර කලකට අන්තර්ජාලයෙන් සිදුවුණ කිසිම අපරාධයකට නීතියෙන් ප්‍රතිපාදන තිබ්බෙ නැද්ද// මම හිටහ්න්නේ තිබ්බේ නැහැ කියල. මොකද උන්ට නීති නැති නිසා තම අර ICCPR හරි මොකක හරි රෙද්දක් සම්මත කලේ. ෆේස්බුක් වලින් හෙම පෞද්ගලිකව තව අයට ගහන ඒවාට, ගැහැණු ළමුන්ගේ හෝ පිරිමින් ගේ නිරුවත් පින්තුර දානවට විරුද්ධව නීති ගේන එක හොඳයි. හැබැයි මෙතන නම් පැහැදිලිව පපේන්නේ නමියා කියන එක තමා. චන්දෙ ප්‍රදින්වට බයේ නීති දාන්න හදන බවක් තමා පෙනී යන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොටනං මේක ගෞරවනිය පාර්ලිමේන්තුවෙ සම්මත වී සහ රටේ බලාත්මක වී තියෙ 😁😁😁🤭

      Delete
  5. අඩංගුවට ගත්තත් නඩු දමනකොට
    තාක්ෂණික දොස් ඇතුළත් වෙන ලෙසට
    නඩු පවරලා හිතවත් අය බේරන්ට
    ඇහැකියි නේද නීති උගත් වැද්දන්ට

    ඔක්කොම නීති නැති බැරි දුප්පතුන්හට
    සල්ලි තියේ නං ක්‍රම ඇත බේරෙන්ට
    පත්වෙනකොටම ලොක්කන් හිරභාරයට
    ලෙඩවෙන අපූරුව පුදුමෙකි, තවම මට!

    ReplyDelete
    Replies
    1. පඩික්කම් කටක් තිබූනට ඒ අයියා
      මුං ඔක්කොම එකයි මල්ලි කිව් හැටියා
      ජම්පරෙ අන්දලා හිර ගෙදරට ඇරියා
      කටට ඉබ්බා දැම්මුවෙ වික්කම අලියා

      නිල් කටුරොල් රහතුන් ටින් විකුණනවා
      බෝධිසත්ත්වයොත් හිරේදි බුදු වෙනවා
      නාගලොවින් නයි ධාතූන් ගෙන එනවා
      සුරබි දෙනත් පහල වෙයිද තව මොනවා

      Delete
    2. නිදී, බස්සො මසුරං කවි....මේ විදිහටවත් කියලා බලමු මේ නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න

      Delete
    3. ස්තූතියි මයියො. මුංව ඇහැරවන්න නං ඉතිම් කෙල මෝලෙන්ම අනින්න වෙයි. 🤭

      ධනපති, බුර්ෂුවා, ඔක්කොම අපි මකවනවා
      ඇරියොත් කට, පෙලට තියල වෙඩි දෙනවා
      කාල් මාක්ස්, ඉස්ටාලින් හිට බුදු වෙනවා
      ජාතියේ සහෝ අපෙ ලපයා ලඟ එනවා

      Delete
    4. ස්තුතියි මයියා, ඔන්න තව කවියක් ලියන්න හිතුණා අපේ බකුසුතුමාගේ කවිත් කියෙව්වට පස්සේ.

      බිඳෙන් බිඳෙන් ජලේ - සෙමෙන් පිරෙයි කළේ
      ඇත්තම නෙව බොලේ - වෙනසක හිරු දිලේ
      තියෙනව නං මොළේ - හොරු අල්ලන බලේ
      ලපයලගේ රැලේ - අයටම දෙමු බොලේ!

      Delete
    5. https://maiyyagelokaya.blogspot.com/2024/02/blog-post.html

      Delete
    6. ++++++++සුපිරි කවි...

      Delete
    7. නිදි, බසු, මයිය ටැංක්ස් ආවට.

      බසූ ලිංක් එකට පහුව යන්නම්

      Delete
  6. ඔව් නමියා, ඔයා කියන එක ඇත්ත...රටේ ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මිනිස්සුන්ගේ බුද්ධියට විහිලු කරමින් කැලණියේ නාගයා, වද කොත්තු වද බ්‍රසියර්, ධම්මික පැණි වලින් මිනිස්සුන්ගේ ඔළු නරක් කරද්දි ඒවාට විරුද්ධව නැගී හිටියේ සමාජ මාධ්‍යය. මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය භාවිතා කරන හැමෝම මේවාට විරුද්ධව කථා කලා කියලා.ඒත් මේ මෝඩ කථා ප්‍රධාන නිව්ස් වෙද්දි ඒවට විරුද්ධව නිවැරදි දේ ජනගත කරන්න උදව් උනේ මේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම්.

    ආන්ඩුවට විතරක් නෙමෙයි, බලය ගන්න කෙල හලං ඉන්න හැමෝටමත් මේ සමාජ මාධ්‍ය අභියෝගයක්. ඒ නිසාම උඩින් කොහොම පෙන්නුවත් යටි හිතින් මේ දේශපාලකයෝ මේ පණතට කැමතියි..ඒ තමන්ට විරුද්ධ මත මර්ධනය කරන්න ඕනේ යාන්ත්‍රණය මේ පණතෙන් හදලා දෙන හින්දා...


    බලය ගන්න බලං ඉන්න විරුද්ධ පක්ශේ ඉන්න දේශපාලකයෝ මේ පණත ඉදිරියේ හැසිරිච්චි ඇල්මැරුණු හැසීරීම බලං ඉන්න අප්පිරියයි..

    ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ගැන කථා කරන්න ඉස්සරාට ආවේ නැත්තං..මේ දේශ්පාලකයන් කවදාවත් ජනතාව වෙනුවෙන් ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිනලා දෙයි කියලා හිතං ඉන්න එක විහිලුවක්..

    මම මේ පණත ආපු අලුතම මේ ගැන ලිපියක් ලිව්වා..මේකට විරුද්ධව සාමාන්‍ය සිවිල් වැසියන් පෙත්සම් 52 ක් ඉදිරිපත් කලා. ඒත් අවසානයේ මේක පාර්ලිමේන්තුවේ සම්මත උනා.

    ReplyDelete
    Replies
    1. //ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ගැන කථා කරන්න ඉස්සරාට ආවේ නැත්තං..මේ දේශ්පාලකයන් කවදාවත් ජනතාව වෙනුවෙන් ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිනලා දෙයි කියලා හිතං ඉන්න එක විහිලුවක්..// සහතික ඇත්ත.

      මං පහුව ඒ පෝස්ට් එක බලන්නම්. බස් ලිංක් එක දාල තියෙන්නෙත් ඒකෙද කොහෙද. මං හිතන්නෙ මං ඒක කියෙව්වදත් කොහෙද

      Delete
  7. ඔවුවොවු. අනුංගෙ පෞල් ගස් අඳින්න ගිහිල්ල ඔහේටත් කූරු ගනින්න වෙයි හිටගෙන.

    ReplyDelete
  8. අත්ත උඩම එක ජාතියේ වහයි කුරුල්ලෝ
    වත්ත පුරා කුණු ගෙනැවිත් හලයි සියල්ලෝ
    ඇත්ත වසා බොරු වපුරා රගයි මහල්ලෝ
    තිත්ත තවත් වැඩි කෙරුමට හදයි අලුත් law....

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මසුරං කවිය... දුමී!

      ජයම වේවා

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්