ලස්සන නිළියේ - ශනිදා දහයට


හුම්! සනිදා දහයට මාත් post එකක් දාන්න හිතුව. සමහරු දැන් ඒක ටිකක් මග ඇරලත් තියෙන හන්ද##. ඒත් කොහෙ... වැඩයි, කම්මැලිකමයි අස්සෙ ඕවට ඉඩක් ##. ඒ හන්ද මේ ඊයේ පෙරේදාවක, කලක් නොඇසුන සිංදුවක් මතක්ක උනා. ඒක මෙහෙම පබිලිස් කරන්නම්... හුදී ජන පහන් සංවේගය සලකලා.

 

හදිසියේ post එක දාන හන්ද ඉතීම් වැඩි විස්තරයක් නෑ ඕන්!

 

බොහොම සරල වචන ටිකක්... යටි හෝ ගැඹුරු අරුත්ගැන්වීමක් නැතිව, තාලයට කියන්ට පුලුහං විදිහට පද ටික ලස්සන රටාවකට ගලපලා තමා ලියල තියෙන්නෙ. පද මාලාවෙ අයිතිකරු කැළුම් ශ්‍රීමාල්. පද වැලට හරියන සංගීතය පොඩි වේග රිද්මයට මුසු කපිරිඤ්ඤ හැඩයක් වගේ නෙ?. සංගීතය මහින්ද බණ්ඩාරයන්ගෙන්. ගායනය ඉමාන් පෙරේරා. වැඩිය සිංදු කරල නැති ගායකයෙක්!

 

සරල සුගම ස්ටොරියේ හැටියටනම් ලාස්සන කෙල්ලෙක්ට තදින්ම ලව් කරන කොල්ලෙක්. කෙල්ල වෙන්ට නිළිය. අල්මෝස්ට් ඩාන්සින් ලේඩි.

 

ඉතීම් කෙලී ඩාන්ස් කරන හැම තැනටම මේ බෝයිපෙන්ඩ් හෝ වෙන්ඩ බලාන ඉන්න බෝයිපෙන්ඩ් කොලුවත් යනව. ගිහින්... ඇය කරළිය මන්මත් කරමින් නර්තනයෙ යෙදෙන ඒවත් එකක් නෑර බලාන ඉන්නව. පපුව කීස් ගානවත් ඇති, අනික් එවුනුත් මයෙ කෙම්ලගෙ හැඩ බලනව නේදත් කියල හිටං. මේ අස්සෙ අඹුව කරගන්නයි කම්පනාව..... මේ ලාස්සන නිළියව!

 

* * ** * *

 

ලස්සන නිළියේ

නුඹ රඟනව දැන් කරළියේ

නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ

මට අදහ ගන්න බැරි ජීවිත පෙරළියේ

ඉරණම විසඳමි දවසක නුඹ ඉදිරියේ

 

ලස්සන නිළියේ

නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ....

 

මේ කතන්දරේ අවිහිංසක ගෙවිලියේ

එය නුඹට ඔබින භූමිකාව සොඳුරියේ

ලෙළදෙන දේහේ රහස් ඔසුව හෙරලියේ

ඒ වගක් මොටද නේද කෝල දැරිවියේ

 

ලස්සන නිළියේ

නුඹ හින්දම මං ඉන්නව මේ ගැලරියේ...

 

හොඳ බයිස්කෝප් ලැබුණෝතින් හදිසියේ

උඹ වෙනස් වෙලා යාවිද පැණි මුරුසියේ

ඉඩ තියන්නෙපා ලගින්න මට පොලිසියෙ

නුඹ නැතිනම් මට මරණෙ සැපයි කුරුසියේ

 

ලස්සන නිළියේ

නුඹ හින්දම මං මැරෙනව මේ ගැලරියේ...



  සිංදුව අහන්න මෙතැනින් 👉

28 comments:

  1. මෙහෙම හරි උඹල ලියන නිසා නෙව, අපි බලන්නෙ? ඒකට ස්තූතියි. අපේ ගමරාළත්, පැණි බේරෙන පෝස්ට් එකක් ලියල තිබ්බා. සින්දුව නරකම නෑ. හෑල්ලු කරන්න නියනව නෙමෙයි, ඒත් මේ තේමාව නං බොහොම පරණයි.

    Who fuff is Alice


    ReplyDelete
    Replies
    1. හුම්! පරන දේ හැඩහුරැකම් වෙනස් වෙවී නෙවෙද ලෝක චක්කරේ කැරැකෙන්නෙ... බසු. මටනං හිතෙන්නෙ එහෙමයි හිටං 🙈

      Delete
  2. මම ත් ආසාම නිර්මාණයක් ඒක. කැලුම් ශ්‍රීමාල් ලිව්වොත් ඒක වෙනමම රසක්..
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව්. කැලුම් ගොයියගෙ වචන පෑස්සීමේ අමුතු ගති හැඩයක් තිවෙනව. මේකෙනම් ඒත් ඒක වැඩිය දැනෙන්නෙ නැ

      Delete
  3. නමියත් කොහෙන් හරි වෙනස් සිංදුවක් ගෙනල්ල අපේ මතක හොල්මන් කරලා යනවා. ලියන්න. හැම සෙනසුරාදා ටම මොකක් හරි ලියන්න.

    ReplyDelete
  4. වෙනමම නමී ස්තුතියක් කරමි මම
    ඇහුවේ දැනුයි මේ සින්දුව පළමුවම
    දහතුන් වසක් තිබිලත් මෙය ජාලයෙම
    නොදුටිමි, post එක අද කියවන තෙක්ම!

    ReplyDelete
    Replies
    1. වෙනස් මාතෘකාවකට ලියැවිච්ච එකක් හන්දත් එන්ජෝයි මූඩ් එහෙකින් විඳින්ට පුලුහං හන්දත් පබිලිස් කරෙ.

      සෙලිබ්‍රිටි ක්‍රස් මානසිකත්වය තියෙන කෙනෙක්ගෙ කෝණයෙන් ලියවිච්ච පලවෙනි සිංහල සිංදුව මේක වෙන්න ඇහැකි... කියලයි මට හිතෙන්නෙ. නිදි ලොක්ක දන්න වෙන ගීයක් තියේද මේ කිව්ව ආරේ මීට කලින් ආ?
      ඒ සයිඩ් එකෙන් මේ ගීතය කියවන්න, විචාරන්න ගත්තොත් නොපෙනෙන ගැඹුරක් හම්බුවෙන්ටත් පුළුවනි හිටං!

      Delete
  5. මට නං මේක ඇහෙද්දි මතක් වෙන්නේ දයා රාජපක්ෂගේ "නිළියකට පෙම් කළෙමි" චික්‍රකතාව. මේක පසුව චිත්‍රපටියකුත් උනා.

    ReplyDelete
    Replies
    1. හුම්! අන්න දැනුමට පොතට තොරතුරක්

      Delete
  6. ආ කාලෙකින්...මාත් දැන් සති කීපෙකින් ශනිදා දහයට ලිව්වෙ නෑ නොවැ.බිසී බිසී...අනික ඉතින් ශනිදා නැකතට දාන පෝස්ට් විතරනේ දැන් කට්ටිය බලන්නත් පුරුදු වෙලා ඉන්නෙ.වෙන් දවසකට දාන එකක් කියවන්න මොකෙක්වත් නෑ 🙃🙃

    ReplyDelete
    Replies
    1. මොකෙක්කක් නෑ කියල මේ බ්ලොගෙම දැම්ම නෙව හිටං. ඇයි මේ මං කියවන්නෙ හැම එකක්ම පහුව හරි... ඉඳගෙන 🙈

      Delete
    2. ආයෙම අපෙ බකුස්තුමත් ඉන්නෙ 😁😁😁

      Delete
  7. මේ සිංදුව නම් අහලා නෑ. මියුසික් වලනම් ටිකක් හුරු පුරුදු ගතියක් දැනෙනවා, නිකම් වෙනත් සිංදුවලත් ඇහිලා තියෙනවා වගේ.

    "නුඹ හින්දම මං ඉන්නව මේ ගැලරියේ..." කියන කොට අමුතු ලස්සනක් තියෙනවා නේද. තමන්ට ලං වෙන්න අමාරු කෙනෙක් දිහා බලාගෙන ඈතින් ඉන්නවා වගේ. පංති පරතරය!!

    ReplyDelete
    Replies
    1. "දුර සිට ලව් කරමි" ගුරැ ගීතයේ වගේ නේ!

      සංගීත හැඩය කලින් අහල තියෙන හන්ද වෙන්න පුලුවනි... අහල නැතත් ඇහුව වගෙ හැඟිමක් එන්නෙ

      Delete
  8. අහිංසක ගෙවිලියක් නම් වෙන්න බැහැ නටන නිලියක් නම්

    ReplyDelete
    Replies
    1. ආන්න. නටන කෙල්ලෙක්ට පදයක් හැදුව... ගමය ලොක්ක.
      අහිම්සක, සුකුමාල එහෙත් දඟකාර නැටුමට ගැයුමට කැමති නගා කෙනෙක් ඉන්ට බැරිද 😁

      සරස්වතීත් ඔයත් එක්ක අමනාප වෙයි හොඳේ 🙈🙈

      Delete
    2. හරි හරි ඇත්ත හේ හේ

      Delete
  9. ඉමාන් පෙරේරා වැඩිය සිංදු කරලා නැති ගායකයෙක් නෙවේ. ලඟදිත් එකක් කලා. ඒවා මොනම මාධ්‍යයකවත් යන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හුම්. ඒක නෙවෙන්නං... මිඩියා පබිලිස් කරනකොට නෙව අපිත් දැන ගන්නෙ හිට

      Delete
  10. https://iwanpaulooshaa.blogspot.com/2024/03/dream-cafe.html

    ReplyDelete
    Replies
    1. කියවන්නම්! ටැංක්ස්.
      ඔහෙ මක්කාවත් ලඟදි ගත්තෙ නැතෙයි. ඒ දෙයක් ගැනත් කියවන්න තිබ්බනම්

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්