රස්පුටින්.... - Grigori Rasputin

රස්පුටින්. ගිරිගෝරි රස්පුටින් කියන්නෙ ගොඩක් අය දන්න, අහල තියෙන නමක්. Ra Ra Rasputin... සිංදුවෙත් කියල තියෙන්නෙ මෙයා ගැන තමා.

රස්පුටින් තම ආගමික ඇඳුමත් සමග. රස්පුටින්ගේ ගැඹුරු, ගූඩ දෑස් වලට කාන්තාවන් වශීව ඔහුකරා ආ බවට කතා පවතී. වර්තමානයේ ඔහුගේ විශාල ලිංගේන්ද්‍රය සංරක්ෂණය කර කෞතුකාගාරයක තබා ඇත.

ආගම් භක්තිකයෙක්, ආගම් පතුරුවන්නෙක්, දැඩි කාමාශා ඇත්තෙක්, සොරකම් කරන්නෙක්, අත්භූත ශක්ති ඇත්තෙක්, සුව කරන්නෙක්, බලවත් ලිංගික ශක්තිය ඇත්තෙක්, පූජකවරයෙක් අභිරස් ජීවිතයකට හිමිකම් කියන්නෙක් ආදී විවිධ විදිහට කතා රස්පුටින්ගෙ ජීවිතේ සමග බැඳිලා තියෙනවා.

ඔහු උපත ලබා තියෙන්නෙ රුසියානු අධිරාජ්‍යයේ සයිබීරියාවේ වත්මන් ටියුමන් ලෙස හඳුන්වන ප්‍රාන්තයේ පොක්රොව්ස්කෝයි නම් කුඩා ගම්මානයේදීයි. Yefim, Anna Parshukova දෙදෙනා පියා හා මව කරගනිමින් ගොවියෙක් පවුලක තමයි උපත ලබල තියෙන්නෙ. පළාතේ හැමදෙනාම මෙන් කුඩා වියේ වැඩි අධ්‍යාපනයක් නොලද ඔහු දඩබ්බර ළමා කාලයක් තමයි ගතකර තියෙන්නෙ. නාඹර ගිරිගොරිස් (1886 දී පමණ) කොලුව ගේදොර හැරදමා දඩාවතේ යන ගමන රුසියාවේ මොස්කව් වලට කිලෝමීටර් 2, 800 විතර එහායින් තියෙන ගමකින් කෙල්ලෙක් (Praskovya) දැන හැඳින ගෙන ටික කලකින් විවාහ වෙලා. තරුණවියට පත්වෙද්දීම වාගේ ඔහු ආගමික මතයකට නැඹුරුව සිටි බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔහු ඇවිදිමින් සිටි කාලයේ ජීවත්ව තිබෙන්නේ රෝග සුව කිරීමේ, අනාවැකි කීමේ හැකියාවක් පෙන්නුම් කරමින් මිනිසුන්ගේ උදව් ලබාගෙනයි. ඔය අතරේ විවාහයෙන් පසු 1903 දී පමණ ශාන්ත පීටර්ස්බර්ග් වෙත පැමිණ ඇති අතර ආගමික ඇකඩමියට සම්බන්ධ ව තිබෙනවා. ඒ වාගේම ගුප්ත විද්‍යාවන්, එවැනි කණ්ඩායම් සමග ඇසුරක් දැක්වූ බවත් සඳහන් වේ. මේ පීටර්ස්බර්ග් පැමිණීම ඔහුගේ මෙන්ම රුසියාවේ අනාගතයට දැඩි බලපෑම් ඇති කරන කාරණයක් විය. කොහොමින් හෝ තමා සදා ගත් සත්‍යය/ සත්‍යය මුසු සුව කිරීමේ හැකියාවේ ජනප්‍රියතාව මත එදා සාර් රජු හා පවුල හඳුනාගැනීමට රස්පුටින් හට හැකි වෙනව. ඒ රජුගේ එකම පුත්‍රයාගේ hemophilia රෝගයට උත්සන්නව ලේ ගැලු මොහොතක එය සමනය කිරීමකින්ය. නමුත් මෙය සුව කිරීමක් හෝ ප්‍රතිකාර කර රෝග සමනය කිරීමක් ලෙස නොපෙනේ. බොහෝ ඉතිහාසඥයින් පවා ඉදිරිපත් කරන්නෙ මේ මතයය.

Makary, බිෂොප් Theofan සහ සස්පුටින් 1909දී

දෙවැනි සාර් රජු බිරිය හා දරුවන් සමග

රස්පුටින් ඔහුගේ බිරිඳ Praskovya Fedorovna Dubrovina (වමේ සිට තුන්වන), දියණිය Matryona Grigorievna Rasputina (වමේ සිට සිව්වන) සහ හිතවතුන් පිරිසක්

1 රූපය - කර්නල් Dmitry Nikolaevich Loman, රස්පුටින්, මේජර් ජෙනරාල් මිහායිල් Sergeevich Putyatin කුමර. - ශා. පීටර්ස්බර්ග් 1904-1905
2 රූපය - රස්පුටින් අධිරාජිනිය, රාජකීය දරුවන් සමග

කොහොමින් නමුත් ඉන් පසු රජු හා ආර්යාව සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක් තියා ගැනීමට රස්පුටින් හට හැකිව තිබෙනවා. මේ සමයේ ඔහුගෙන් සිදුවූ නොහොඹිනාකම් පවා රාජකීයන්ගේ කන්මත වැටුනත් එය ගණන් නොගත් බවක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ නිදහසින් ඔහු බොහෝ ලිංගික සම්බන්ධකම් පවත්වාගෙන ගෙන ගිය බව සඳහන් වනවා... සමලිංගිකත්වයත් ඇතුළත්ව. විරුද්ධතාවකට නැගී අගමැති දක්වා යාමත් සමග රස්පුටින්ව රටින් නෙරපා දැමු මුත් නැවත ගෙන්වා ගැනීමට බිසවගේ බලවත් පෙරැත්ත නිසා සාර් රජුට සිදුව තිබනවා. ඒ තරමටම රස්පුටින් රාජ්‍යයේ යම් බලයක් ඒ වන විට තහවුරු කරගෙන තිබිණ. එය අධිකරණ ශේත්‍රරය දක්වා විහිදී තිබුණු බවක් පෙනෙන්නට තිබේ. මෙය වඩා වර්ධනය වන්නට ඇත පළමු ලෝක සංග්‍රාමයට රුසියාවත් මැදි වීමත් සමග. සාර් රාජු ප්‍රධාන අණදෙන්නා ලෙස හමුදාව සමග කාලය මිඩංගු කරන අතරතුර ඇලෙක්සැන්ඩ්‍රා ආර්යාවට රාජ්‍යය පාලනය භාර විය. ඒ ඉඩකඩින් රස්පුටින් බිසවව යහමින් පාලනය කරා වන්නටද පුළුවනි. ඒ වාගේම Boney M කණ්ඩායම කියනා සිංදුවේ තිබෙනා ලෙස ඔහු බිසව සමග අනියම් ඇසුරක් පැවැත්වූ බවට ප්‍රබල මතයක් ඇතත් එය සනාත කිරීමට සාක්ෂි නොමැති බව සමහර විද්වතුන් කියා සිටියි.

රස්පුටින් ඝාතන තැතක් වැරදී තුවාල ලබා රෝහල්ගතව. 1914 පමණ

මෙසේ ශක්තිමත් වූ රස්පුටින් හට රාජ්‍යය තුලින්ම සතුරන් ඇතිවීම ඉබේම සිදු විය. පල්ලිය තුළ පවා ඔහුට විරුද්ධත්වය ගොඩ නැගිණි. ඔහුගේ ක්‍රියා කලාපය නැවත්වීමට ඉහල තැන්වලින්ම (ෆීලික්ස් යූසුපොව්, ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් සහ දිමිත්‍රි පව්ලොවිච්) විසින් සැලැස්මවල් සෑදිනි. ඒ අනුව ඔහු මුලා කර ගෙන්වාගෙන සයිනයිඩ් මිශ්‍ර කේක් හා වයින් ආහාරයට දී ඇති මුත් එයින් ඔහුට කිසිඳු ආබාදයක් ඇති වී නැති අතර රස්පුටින් ගෙන්වාගත් පිරිස පසුව ඔහුට වෙඩි තබා ගෙන ගොස් මලයා නෙව්කා ගඟට විසි කර ඇත. සියවසේ බොහෝ අත්භූත හා මතභේදාත්මක චරිතයක් වන ගිරිගොරිස් රස්පුටින්ගේ අභිරහස් කතාව එසේ නිමවී ඇත.

රස්පුටින්ගේ වෙඩි වැදී ඇති හා සීතලට ගල් වී ඇති මෘත දේහය


ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච්, ෆීලික්ස් යූසුපොව්ගේ, දිමිත්‍රි පැව්ලොවිච් - රස්පුටින් ඝාතනය සිදුකර පුද්ගලයින්

There lived a certain man in Russia long ago

He was big and strong, in his eyes a flaming glow

Most people looked at him with terror and with fear

But to Moscow chicks he was such a lovely dear

He could preach the Bible like a preacher

Full of ecstasy and fire

But he also was the kind of teacher

Women would desire

Ra ra Rasputin....

19 comments:

  1. අදටත් කුතුහලය දනවන කතාවකි
    අපටත් හුඟක් දේවල් මින් උගතහැකි
    ගුලි මිරිකන; මුට්ටි දමන, පැණිකාරයො ගිහින් සකි
    ඥානක්කලට අද රටමත් නැටෙව්වැකි


    ReplyDelete
  2. නමී තව දෙයක් කියන්න හිතුණා. සෝලී ගන්න එපා හොඳේ.
    මං සිංහල ඉගෙන ගත්තේ ඒ කාලේ පත්තර, සඟරා, පොත් කියවල නිසා අදටත් හිතනවා ඔයාලා අපි ලියන දේවල් කියවන අයත් එහෙම බස ඉගෙන ගන්නවා ඇති කියලා.

    කාරණය මේකයි, අපි ඉංග්‍රීසි වචන ලියද්දී හරි පරෙස්සම් වෙනවනේ නිවරදිව ලියන්න. සිංහලවලදීත් ඒ පරෙස්සම තියා ගනිමුකෝ. මෙහෙම ලියන්න හිතුණේ ඔයාගේ ලිපියේ /අධිකරණ ශේත්‍රරය/ යෙදුම දැකලා.
    අපේ පඬිතුමන්ලා, භාෂාව - අක්ෂර වින්‍යාසය ගැන එකම සම්මතයකට විත් නැති විත්තිය ඇත්ත. ඒත් මේ වගේ වචනවල අකුරු යෙදෙන දෙතුන් විදිහක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පෙන්වාදීමට ස්තූතියි නිදි.......

      Delete
    2. අධිකරණ ශේත්‍රරය/ යෙදුම?? අපිටත් දැණගන්න කියන්න ඇහැකිද?

      Delete
    3. බස්සා මහත්තයෝ, මං කිව්වේ පෝස්ටුවේදී නමී 'ක්ෂේත්‍රය' වදන ගැන සැලකිල්ලක් නොදක්වා හිටි වගයි.
      අධිකරණ වචනෙත් එක්ක අරං ඔව්වා කතා කලොත් හෙම මටත් තූත්තුකුඩියක තියෙන හිර ගේක තපින්නයි වෙන්නේ, රාමනායක උන්නැහේට වගේ!

      Delete
    4. හා දැන් තේරෙනවා. මම "අධිකරණ ශේත්‍රරය" ගූගල් ට්‍රාන්ස්ලේට් කලාම කිව්වා "Jurisprudence" කියලා. "Jurisprudence" ආයෙත් ට්‍රාන්ස්ලේට් කලාම කිව්වා "නීති විද්‍යාව" කියලා. 😂

      Delete
    5. 😂 අර දොඩම් translate කරා වගේ....

      Delete
  3. හොඳ විස්තර ටිකක්. පිංතූර ටිකත් හොඳයි. මේ වගේම කුතුහලය පිරුණු කතාවක් තමයි, සාර් රජ පවුලේ ඉරණම.

    ReplyDelete
  4. එක හා සමාන පාලකයින් සිටිනතාත් සුමනෙලා, එළියන්තලා, ඥාණක්කලා එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳියි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි Litseeker, එක හා සමාන (එදා හිටි) පුරවැසියන්ම නම් ඉන්නේ.....

      Delete
    2. ඒක ලෝක සොබාවනෙ Litseeker
      නිදි කියපු කාරණේ ගැනත් හිතන්න වෙනව.......

      Delete
  5. Alternative history on Rasputin

    https://en.m.wikipedia.org/wiki/The_King%27s_Man

    ReplyDelete
    Replies
    1. හ්ම්.. දැක්ක. තාම බලන්ට හම්බුනේ නෑ Pra Jay

      Delete
  6. ඉස්සර මනහර පොතේ මේ ගැන දීර්ග ලිපියක් ගියා වගේ මතකයි! ඒකේ එක් පරිච්ඡේදයක් පට අරං තිබ්බේ "රස්පුටින් වසකා නැගී සිටියි!" කියලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒ බවනම් දන්නෙ දැනුයි තට්ටයතුමෝ

      Delete
  7. ඔබේ ලිපිය අවසන් වෙනකම් එක හුස්මට කියෙව්වා. නියමයි. ඉඩක් ලැබුණොත් The Last CzarsTV Mini Series බලන්න. එකේ ඔබ කියූ විස්තර හරිම හැඩට නිරූපණය වෙනවා. ඔබේ සටහන කියවන කොට මට ඒ තැන් මතකයට ආවා. අපි දකින බොහෝ දේ මැද්දෙ නොදකින කතන්දර ගොඩක් තියෙනවා. මට වාර්තා වැඩසටහන් සහ චිත්‍රපට රැසක් බලන්න ඉඩ ලැබුණු නිසා එංගලන්තයේ 8 වන හෙන්රි රජු දිහා වගේම පබ්ලෝ එස්කොබාර් දිහාවෙත් වෙනස් විදිහට බලන්න හිතෙනවා. සමහර විට ඔබට ඒ දෙන්නා ගැනත් රසවත් සටහන් දෙකක් ලියන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. 8 වන හෙන්රි රජු හා පබ්ලෝ එස්කොබාර් ගැන නම් කිසිවක් දන්නෙ නෑ අනුරුද්ධතුමෝ... පුළුවන්කමක් තිව්නොත් Tv Series එක බලන්ටම්......

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්