Training Day (2001)


 සහස්‍රකයෙන් ලැබීමෙන් පස්සෙ ආ සුපිරි ෆිලුම්ක් තමයි ඉතින් Training Day (2001) කියන්නෙ. Denzel Washington... ලෝක සිනමාවට කැමති කවුද නොදන්නෙ මේ බුවා ගැන. Glory, Fence, Equalizer, Inside Man, Philadelphia... ආදී චිත්‍රපටිවල දැනෙන චරිත කරපු Denzelගෙ Oscar සිහිනය සැබෑ වුණේ මේ චිත්‍රපටියෙන්. මෙහි Denzel නිරූපණය කරන්නෙ පරීක්ෂක ඇලන්සෝ නැමැති කළු චරිතය වන අතර Ethan Hawke නිලධාරී Jake විදිහටත් ඒ කාලේ කොල්ලන්ගෙ crush එකක් උන Ryan Gooslingගෙ කලින් නෝනා... Eva Mendes ඇලන්සොගේ කෑල්ල Sara විදිහටත් තමා. සෙසු චරිත වලින් Snoop Dogg හා Cliff Curtisවත් දැක ගන්න පුළුවන්. ඒත් මුලින්ම මේ චිත්‍රපටයේ ඇලන්සො සඳහා Samuel L. Jackson වත්, Jake සඳහා Matt Damonවත් තමයි, කලින් අධ්‍යක්ෂක තෝරන් ඉඳලා තියෙන්නෙ. පසුව Paul Walker හා Eminem පවා Jake සඳහා සලකා බලල තියෙනව. කොහොම උනත් ඇලන්සො වෙනුවෙන් Denzelව ගැනීම වෙච්ච හොඳම දෙයක් හැටියටයි තේරෙන්නෙ... චිත්‍රපටිය නැරඹුවට පස්සෙ. ඒ තරම්ම විශිෂ්ට රංගනයක ඔහුගෙන් දැක ගන්න පුළුවන්.

පැය 2ක් පුරාවට දිවෙන අපරාධ/ ත්‍රාසජනක ගණයේ සලරුවක් වන Training Day (2001)හි අධ්‍යක්ෂ Antoine Fuqua වන අතර පිටපත David Ayer. IMDb හි 7.7ක අගයක්ද, Rotten Tomatoes වල 73% ලෙස rating කිරීම් වලින් ලබාගෙන තිබුණු අතර සිනමා උළෙලවල් රාශියක... හොඳම නළුවා ඇතුළු සම්මාන බොහොමයක් දිනා ගැනීමත්, හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා තිබීමත් චිත්‍රපටයේ විශිෂ්ට බව පෙන්වා දෙනව.

චිත්‍රපටියේ plot එක නම්... උසස් වීමක් බලාපොරොත්තුවෙන් තම එක් දින පරීක්ෂණයට/ඇගයීමට ලක්වන නිලධාරි Jakeට ඒ දවස තුළ මුහුණ දීමට වන සිදුවීම් පෙළයි. ඔහුගේ පරීක්ෂකයා වන්නේ මත්ද්‍රව්‍ය නාශක උසස් නිලධාරී Alonzo. Jake තමන්ගේ පරීක්ෂණය කාර්යාල භූමියෙන් පටන් ගැනෙයි කියල හිතුවත්, එය වෙන්නෙ දවස පුරාම උසස් නිලධාරී Alonzo සමග ලොස් ඇන්ජලීස් වටා කරක් ගැසීමෙන්. දවස ආවසානයේ Jake පරීක්ෂණය සමත් වෙයිද? තමන්ගේ ඉලක්කයට යයිද? නැතිනම්....

ජාවාරම්කාරයින්, මත් වෙළෙන්දන්... නීතියේ රැහැනින් ගැලවෙන්න දරන භයානක හා සාර්ථකම වෑයම වෙන්නෙ නීතිය කරවන අය තමන්ගෙ දැලේ දමා ගැනීමෙන්. ඒ දැලට හසුවන පොලිසියේ පහළම තැන ඉඳල ඉහළම නිලධාරියාත්, නීතිඥයින්, රහස් පරීක්ෂකවරුන් සතුටු කරන්න... මේ අපරාධකාරයන්ට සිදු වෙනව. කවදා හෝ මේ භයානක සූදුව නතර වෙන්නෙ දෙපැත්තෙන් එක පැත්තක කෙනෙක් හෝ පිරිසක් මරු වැළඳ ගැනීමෙන්. එතෙක් ගෙවෙන මේ අන්තර් කාලය, දෙපිරිසටම සටන් විරාමයක්. මේ කාලය තුළ දෙපිරිසම තම තමන්ගෙ ආදායම් මාර්ගය වන රැකියාවේ නිරත වෙනව.



පහළ නියම ලෝකයට බැහැල නැති Jakeට, හතරදිග්බාගෙම කරක් ගහපු Alonzo... පෙන්නලා දෙනව එහි කටුක යතාර්ථය. ඒ යතාර්ථයට මුහුණ දෙන්නට Jakeට සිදු වන්නේ තම අවංක පොලිස් හදවතත් එක්ක. මත් උවදුරින් තොර සමාජයක්, අපරාධකරුවන්ගෙන් තොර නගරයක් පතන Jakeට අමාරුවෙන් නමුත් තේරුම් යනව, තේරුම්ගන්න වෙනව මේ දූෂිත සමාජයේම /යාන්ත්‍රණයේම කොටසක් බව, නගරය ආරක්ෂා කිරීමට සිටිනා කණ්ඩායමත් කියා.

එක් පසෙකින් Alonzoට තමුන්ගෙ ජීවිතය ආරක්ෂා කර ගන්න, නියමිත වෙච්ච මුදලක් හොයා ගන්න සිද්ධ වෙනව. ඔහු ඒ ඉලක්කය වෙත සැලසුම් හදනව. ඒ පසුපස හඹා යනව. අනෙක් පසින්... මේ ජරාජීර්ණ වූ ලෝකයේ පය නොතැබූ Jakeට සිද්ධ වෙනවා තම හෘද සාක්ෂිය, නීතිගරුක බව හා නිර්දෝෂීභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න, සටන් කරන්න.

එක දවසක මෙතරම් සිදුවීම් සිදු වෙන්නට පුළුවන්ද කියන කාරණයත් සමග චිත්‍රපටය යතාර්ථවාදී බවෙන් මදකට ඉවත්ව තිබෙනා බවක් පෙනුනද... විය නොහැකි දේවල් නැති තරම් බව පෙනෙන යතාර්ථ ලෝකයත් සමග එය අහෝසි වෙනව. අනෙක් ගැටලුව වන්නේ ඇලන්සෝ නැමැති කළු චරිතය (bad guy) සඳහා කළු (coloured) පුද්ගලයෙක්මත්, සුදු චරිතය සඳහා (white man) සුදු කෙනෙකුත් තෝරා ගැනීමයි. (අධ්‍යක්ෂක Fuqua පවා කළු ජාතිකයෙක්). මෙයට පිළිතුරක් සොයාගත හැක්කේ චිත්‍රපටය නිපදවූ අයගෙන්ම නිසා ඒ කරුණත් අතහැර දැමු පසු... ඇහිපිය නොගසා බලන් සිටිය හැකි පැය දෙකක් ප්‍රේක්ෂක අපට ඉතුරු වෙනව... සමාජයේ තවදුරටත් සිදුවන හොරා සහ පොලිස් සෙල්ලමේ... තවත් එක් ආකාරයක් දැක බලා ගැනීමට.

10 comments:

  1. රහස් පරීක්ෂක කතාවලට වහවැටිල හිටපු යුගය මතකයට එනවා. රූපවාහිනිය ආපු මුල් යුගයේ ස්ටාස්කි ඇන්ඩ් හච්, කලම්බෝ, ඒ ටීම් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔතනින් ලාවට හරි ඒ ටීම් විතරයි මතක.... Litseeker. ඒකත් ඉතිං බලලා නෑ නෙව.

      Delete
  2. බලා නැත මේ පටිය චිත්තර
    කියෙව්වෙමි තව තවත් විස්තර
    දෙවිසි වසරක් පැරණි මුත් මෙය
    අදට ඔබිනව වගෙයි සුමිතුර!

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි අයිබොවන්ඩ...

      Delete
  3. ජැක්සන්ට වඩානම් වොෂින්ටන් ඒකට ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. නැතිව... පර ජේ. වොසින්ටනයගෙ සුපිරි රඟපෑම නිසා 3න් වතාවක් බැලුව. ආයේ බැලුව මේක ලියන්ටත් එක්ක.

      Delete
  4. හ්ම්... ස්ටාස්කි ඇන්ඩ් හච්, කලම්බෝ පිස්සුවෙන් බලපු කාලෙකුත් තිබුනා. මේක බලල තියනවා, ඇත්ත කතාවක්ලු. Alonzo ගෙ ක්‍රමවේද, සම්ප්‍රදායික නොවන කාර්‍යක්ෂම වුවද ප්‍රශ්ණාත්මකයි කියලයි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. පිස්සුවෙන් බලපු කාලේද... බලු පිශ්ෂුව තිව්නේ. 😄 මේක ඇත්ත කතාවක් නෙවේ ටොමී.
      හිටපු ඒ වගේ තක්කඩි පරීක්ෂක කෙනෙක්ගෙ පෙනුමෙ ආභාෂය නං තිව්නලු Alanzoට. Alanzoගෙ ක්‍රමවේදය ඇවිත් තම බඩ වඩා ගැනීම. ඒක සම්පූර්ණයෙන් වැරදි නෙව.

      Delete
  5. ආසාවෙන් රස වින්දා. මාසෙකට සැරයක් චිත්‍රපටයක් ගැන ලියන්න.

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්