සෑම දෙයකම මුල...
නව ආරම්භයක් කියනව නෙව. ඒත් ඔය නව ආරම්භ කියන ඒවා මහ අමාරු වැඩ. ලොකු ජවයක් ගන්න
ඕන අලුත් වෙනසකට. පාඩම් නොකර ඉන්ට හාදයෙක් පාඩම් කරන්න පටන් ගන්න එක කොච්චර අමාරුද
කියල අපි හොඳ හැටි දන්නව
නෙව.
ඒවාගේම ජීවිතේට ජිම් එකක් ලඟින්වත් නොයන කෙනෙක් ජිම් එකට
යන්න පටන් ගන්නත්, කෑම ලෝලියෙක් එක වේලක් නොකා ඉන්න දරන උත්සහයත්, බේබද්දෙක්ට නොබී
එක දවසක් ඉන්නත්..... ආදී ඔය කීව නොකීව හැම එකක්ම හරි අමාරු වැඩ. ඒ කියන්නෙ දෙයක්
අලුතින් පටන් ගන්න එක අමාරු කටයුත්තක්ම තමා! ඒත් දෙයක් අලුතින් පටන්ගන්නවටත් වඩා
අමාරු කටයුත්තක්ද මන්ද... ඒ දෙය පවත්වාගෙන යෑම. දවසක් කොහොම හරි තටමල තටමලා,
අමාරුවෙන් පැයක් වේලපහ නැටිට්ටට මොකද මේක දිගටම කරන එක ඊට සමාන නෑ. ඒ කියන්නෙ ඊට
අමාරුයි. අමාරුයි කියන්නෙ මාරම අමාරුයි. අම්මප!
බොරුද කියන්නෙ? දැන් මේ blog එකක් පටන්ගත්ත වගේද මේක nonstop ලියාගෙන යන
එක. මාර අමාරුයි!
මේක ගැන නිකමට ලියලවත්, බැඳිල තියෙන මකුලුදැල් ටික කඩලා
දාන්න කියල හිතුන... මේ ලඟදි ඇතුවත් බැරි නැතුව කොහොමත්ම බැරි, වැඩක් ගන්න
මනුස්සයෙක්ට නිදානයක් වෙන social media එකේ සැරිසරදී
මුණගැහුණු ඉංගිරිසි වචනයක් හන්ද. කොන්සිස්ටැන්සි. Consistency.
මේ consistency/ අඛණ්ඩතාවයට මානසික උත්තේජනයට විතරක් තිබීම නොසෑහෙන බව තමයි විද්‍යාත්මක සටහනක
තිවනෙ. වැඩිදුරටත් කියල තිවන ක්‍රමවත් system එකක් තිබීම තමයි පිළියමක් කිරීමේ ආරම්භය කියලත්. ආයෙ කියල තිබ්බ දිගට එකම
ක්‍රියාව එකම වෙලාවේ නැවත නැවත කරද්දී මොලයේ Habit Loop එකක් හැදෙනව කියල හිටං. මේක වර්.ධනය උනහම නිරුත්සාහිකවම ඒ දේ කරන්න ඇහැකිලු.
ආන්න ඊටත් පස්සෙ පුලුහං අර ලූප් එක ගලෝගන්න පුප දාගෙන
ආයෙම වෙන අඛණ්ඩතාවයක් පවත්වාගෙන යන්න. ඊටත් පස්සේ පුලුහං ඒ ගලවන්න ගත්ත අඛණ්ඩතාව ගලව
ගන්න තව අඛණ්ඩතාවයක් පවත්වාගන්න. ආයෙම....... 😂
කෝම උනත් කියන්ට ඕන අඛණ්ඩතාවය පවත්වාගැනීම අපහසුයි. කරොත් මරු!






.jpg)
.jpg)
ඇටමික් හැබිට්ස් කියන පොත කියවල තිබෙනවද
ReplyDeleteAtomic Habits Pdf
Deleteඒකෙ පිටු 256 ක් තියෙනව. ඒ වගේ ද මේක? පිටු 96 යි.
DeleteAjith Dharma - මක්ක කිව්ව 😂.
Deleteනෑ අයියෙ. D.G.M බස්සා පොතේ PDF එක දාල තියෙන නිසා බාගත්ත. මයෙ ඉංගිරිසි දැනුමත් ඩාම් ඩූම් එකේ.. ඉඩ තියෙන වෙලාවක ටිකක්හරි කියවල බලන්නම්කො!
ඩ්රැකී - හුම්. ඒ කරමෙත් මරු විදිහයක් පොත් කියවන්ට...
තරහ වෙන්න එපා නමී. තමුන්නාන්සේ ගැන මගේ තක්සේරුව ලියනවට...
ReplyDeleteඔබතුමා ගොඩක් දේවල් දන්නවා- ඒත් එව්වා ප්‍රායෝගිකව ජීවිතේට එකතු කර ගන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. ඔහේ හිතන්නත් කම්මැලියිද මංදා...
ඇත්තම කියල දැම්මට තරහ වෙන්න මක්කටෙයි නිදි ලොක්ක 🙂
Deleteකම්මැලිකමනං තියෙ තමයි. ඒත්!
බ්ලොග් එකක් කම්මැලි නැතුව පිළිවෙලට ලියන හැටි ඉගෙනගන්නව අර Praසන්னගෙ ලටපට ලියන බුවාගෙන්. අන්න බ්ලොග්.
ReplyDeleteආාාන්න ඒකයි මාත් කියන්ඩ ආවෙ.
Deleteදැං වැඩක් නෑ. මම ඒක කියල ඉවරයි.
Deleteඔව්
Deleteප්‍රසෝ, ටෝ මොකද මං කියන්ඩ ආපු එක ම කිව්වෙ? ඉල්ලා අස්කොරගං!
Deleteදී කරට පෙරකොදෝරු මහත්තැනුත් සාක්කි!
Praසන්ன - අම්මප. ඒ අඩවියට ගියාම දැනෙනව අර කීව #%24q& එක. 😂😂
Deleteඩ්රැකී - අත්වැල් ගායනයටවත් සැට් වෙමු 😂.
Pra Jay - ඉස්කෝතුයි ආවට 😁
පැන්ෂන් ගන්න කං කොන් සිස්ටන්සිය තියාගන්නකෝ අමාරුවෙන් හරි. ඊට පස්සේ ඕනතරං වෙලා තියෙයි අපට වගේ.
ReplyDeleteහාකො හාකෝ 😁😁.
Deleteඉස්කෝතුයි ආවට!
තවුසෙ දන්නවද, නිවුටන්ගෙ පළවෙනි නියමය (ද කොහෙද) තියෙන්නෙ ඔය ගැන. නිසල ව තියෙන දෙයක් චලනය කරන්න අමාරුයි, චලනය වෙන දෙයක් නිසල කරන්න අමාරුයි.
ReplyDeleteමට තේරුනේ මෙච්චරයි. නිවෙස්වල තියෙන දේවල් චලනය කරන්න අමාරුයි, නිසලට දෙයක් කරන්න අමා#රුයි 🤣
Deleteනිවුටන්ට නියම 3ක් තියෙන බව තමයි පාසලේදී අපේ විද්‍යා ගුරුවරිය ඉගැන්නුවෙ 😁!
Deleteඇයි නිවුටන්ගේ 4 වන නියමය දන්නේ නැද්ද?
Delete“ Loose motion can not be done in slow motion “
අප්පච්චියේ. ඒම එකකුත් තිබිලද 🤣🤣
Deleteපෝස්ට් එකේ අදහසටම හරියන සිංදුවක් දාලා. නමියා Miley Cyrusගෙ රසිකයෙක්ද.
ReplyDelete"It's the climb...Yeah, yeah Keep on moving, keep climbing...Keep the faith, baby" 😉👍
මිලී ඉතීම් තවත් ලාස්සන හොලිවුඩ් කෙම්ලෙක් නොවැ. මුල් කාලෙ නමත් ටපලෝල කිව්වෙ 🤣
Deleteබ්ලොග් කන්සිස්ටන්ස් ලියන්න , ඔහෙට පිස්සුය
ReplyDeleteහෙහ්.. හෙ. නෑ මං මේ නිකමට කීවෙ... හිටං 😁
Deleteමේකයි වැඩේ..
ReplyDeleteරේස් එක.ස්ටාට් එකේදි දිව්ව නං ඇති. ආාය එන්ඩ් එකේදි. මැදිං බයිසිකලේක නැග්ග කියල කාරුත් මක්ක වත් කියන්නෑ.
කෙහෙල්මල් කන්සිස්ටන්ට් 🙈🙈🙈🙈
ඒක නේ. සහභාගීත්වයත් වැදගත් නොවැ 😁😁
Delete