ඉරිදා 11ට - කොන්සිස්ට් නැන්සි..

සෑම දෙයකම මුල... නව ආරම්භයක් කියනව නෙව. ඒත් ඔය නව ආරම්භ කියන ඒවා මහ අමාරු වැඩ. ලොකු ජවයක් ගන්න ඕන අලුත් වෙනසකට. පාඩම් නොකර ඉන්ට හාදයෙක් පාඩම් කරන්න පටන් ගන්න එක කොච්චර අමාරුද කියල අපි හොඳ හැටි දන්නව නෙව.


ඒවාගේම ජීවිතේට ජිම් එකක් ලඟින්වත් නොයන කෙනෙක් ජිම් එකට යන්න පටන් ගන්නත්, කෑම ලෝලියෙක් එක වේලක් නොකා ඉන්න දරන උත්සහයත්, බේබද්දෙක්ට නොබී එක දවසක් ඉන්නත්..... ආදී ඔය කීව නොකීව හැම එකක්ම හරි අමාරු වැඩ. ඒ කියන්නෙ දෙයක් අලුතින් පටන් ගන්න එක අමාරු කටයුත්තක්ම තමා! ඒත් දෙයක් අලුතින් පටන්ගන්නවටත් වඩා අමාරු කටයුත්තක්ද මන්ද... ඒ දෙය පවත්වාගෙන යෑම. දවසක් කොහොම හරි තටමල තටමලා, අමාරුවෙන් පැයක් වේලපහ නැටිට්ටට මොකද මේක දිගටම කරන එක ඊට සමාන නෑ. ඒ කියන්නෙ ඊට අමාරුයි. අමාරුයි කියන්නෙ මාරම අමාරුයි. අම්මප!

බොරුද කියන්නෙ? දැන් මේ blog එකක් පටන්ගත්ත වගේද මේක nonstop ලියාගෙන යන එක. මාර අමාරුයි!

මේක ගැන නිකමට ලියලවත්, බැඳිල තියෙන මකුලුදැල් ටික කඩලා දාන්න කියල හිතුන... මේ ලඟදි ඇතුවත් බැරි නැතුව කොහොමත්ම බැරි, වැඩක් ගන්න මනුස්සයෙක්ට නිදානයක් වෙන social media එකේ සැරිසරදී මුණගැහුණු ඉංගිරිසි වචනයක් හන්ද. කොන්සිස්ටැන්සි. Consistency.

මේ consistency/ අඛණ්ඩතාවයට මානසික උත්තේජනයට විතරක් තිබීම නොසෑහෙන බව තමයි විද්‍යාත්මක සටහනක තිවනෙ. වැඩිදුරටත් කියල තිවන ක්‍රමවත් system එකක් තිබීම තමයි පිළියමක් කිරීමේ ආරම්භය කියලත්. ආයෙ කියල තිබ්බ දිගට එකම ක්‍රියාව එකම වෙලාවේ නැවත නැවත කරද්දී මොලයේ Habit Loop එකක් හැදෙනව කියල හිටං. මේක වර්.ධනය උනහම නිරුත්සාහිකවම ඒ දේ කරන්න ඇහැකිලු.

 

ආන්න ඊටත් පස්සෙ පුලුහං අර ලූප් එක ගලෝගන්න පුප දාගෙන ආයෙම වෙන අඛණ්ඩතාවයක් පවත්වාගෙන යන්න. ඊටත් පස්සේ පුලුහං ඒ ගලවන්න ගත්ත අඛණ්ඩතාව ගලව ගන්න තව අඛණ්ඩතාවයක් පවත්වාගන්න. ආයෙම....... 😂

කෝම උනත් කියන්ට ඕන අඛණ්ඩතාවය පවත්වාගැනීම අපහසුයි. කරොත් මරු!

25 comments:

  1. ඇටමික් හැබිට්ස් කියන පොත කියවල තිබෙනවද

    ReplyDelete
    Replies
    1. ඒකෙ පිටු 256 ක් තියෙනව. ඒ වගේ ද මේක? පිටු 96 යි.

      Delete
    2. Ajith Dharma - මක්ක කිව්ව 😂.
      නෑ අයියෙ. D.G.M බස්සා පොතේ PDF එක දාල තියෙන නිසා බාගත්ත. මයෙ ඉංගිරිසි දැනුමත් ඩාම් ඩූම් එකේ.. ඉඩ තියෙන වෙලාවක ටිකක්හරි කියවල බලන්නම්කො!

      ඩ්‍රැකී - හුම්. ඒ කරමෙත් මරු විදිහයක් පොත් කියවන්ට...

      Delete
  2. තරහ වෙන්න එපා නමී. තමුන්නාන්සේ ගැන මගේ තක්සේරුව ලියනවට...
    ඔබතුමා ගොඩක් දේවල් දන්නවා- ඒත් එව්වා ප්‍රායෝගිකව ජීවිතේට එකතු කර ගන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. ඔහේ හිතන්නත් කම්මැලියිද මංදා...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියල දැම්මට තරහ වෙන්න මක්කටෙයි නිදි ලොක්ක 🙂
      කම්මැලිකමනං තියෙ තමයි. ඒත්!

      Delete
  3. බ්ලොග් එකක් කම්මැලි නැතුව පිළිවෙලට ලියන හැටි ඉගෙනගන්නව අර Praසන්னගෙ ලටපට ලියන බුවාගෙන්. අන්න බ්ලොග්.

    ReplyDelete
    Replies
    1. ආාාන්න ඒකයි මාත් කියන්ඩ ආවෙ.

      Delete
    2. දැං වැඩක් නෑ. මම ඒක කියල ඉවරයි.

      Delete
    3. ප්‍රසෝ, ටෝ මොකද මං කියන්ඩ ආපු එක ම කිව්වෙ? ඉල්ලා අස්කොරගං!

      දී කරට පෙරකොදෝරු මහත්තැනුත් සාක්කි!

      Delete
    4. Praසන්ன - අම්මප. ඒ අඩවියට ගියාම දැනෙනව අර කීව #%24q& එක. 😂😂

      ඩ්‍රැකී - අත්වැල් ගායනයටවත් සැට් වෙමු 😂.


      Pra Jay - ඉස්කෝතුයි ආවට 😁

      Delete
  4. පැන්ෂන් ගන්න කං කොන් සිස්ටන්සිය තියාගන්නකෝ අමාරුවෙන් හරි. ඊට පස්සේ ඕනතරං වෙලා තියෙයි අපට වගේ.

    ReplyDelete
    Replies
    1. හාකො හාකෝ 😁😁.
      ඉස්කෝතුයි ආවට!

      Delete
  5. තවුසෙ දන්නවද, නිවුටන්ගෙ පළවෙනි නියමය (ද කොහෙද) තියෙන්නෙ ඔය ගැන. නිසල ව තියෙන දෙයක් චලනය කරන්න අමාරුයි, චලනය වෙන දෙයක් නිසල කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ මෙච්චරයි. නිවෙස්වල තියෙන දේවල් චලනය කරන්න අමාරුයි, නිසලට දෙයක් කරන්න අමා#රුයි 🤣

      Delete
    2. නිවුටන්ට නියම 3ක් තියෙන බව තමයි පාසලේදී අපේ විද්‍යා ගුරුවරිය ඉගැන්නුවෙ 😁!

      Delete
    3. ඇයි නිවුටන්ගේ 4 වන නියමය දන්නේ නැද්ද?
      “ Loose motion can not be done in slow motion “

      Delete
    4. අප්පච්චියේ. ඒම එකකුත් තිබිලද 🤣🤣

      Delete
  6. පෝස්ට් එකේ අදහසටම හරියන සිංදුවක් දාලා. නමියා Miley Cyrusගෙ රසිකයෙක්ද.

    "It's the climb...Yeah, yeah Keep on moving, keep climbing...Keep the faith, baby" 😉👍

    ReplyDelete
    Replies
    1. මිලී ඉතීම් තවත් ලාස්සන හොලිවුඩ් කෙම්ලෙක් නොවැ. මුල් කාලෙ නමත් ටපලෝල කිව්වෙ 🤣

      Delete
  7. බ්ලොග් කන්සිස්ටන්ස් ලියන්න , ඔහෙට පිස්සුය

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙ. නෑ මං මේ නිකමට කීවෙ... හිටං 😁

      Delete
  8. මේකයි වැඩේ..
    රේස් එක.ස්ටාට් එකේදි දිව්ව නං ඇති. ආාය එන්ඩ් එකේදි. මැදිං බයිසිකලේක නැග්ග කියල කාරුත් මක්ක වත් කියන්නෑ.

    කෙහෙල්මල් කන්සිස්ටන්ට් 🙈🙈🙈🙈

    ReplyDelete
    Replies
    1. ඒක නේ. සහභාගීත්වයත් වැදගත් නොවැ 😁😁

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්