බැරිම තැන පොතත් නැතුව ගිය බැංකුවට. මේ දුක්ගැනවිල්ල
අහපු බංකුවේ මැනේජර් මහත්තය “ඔයා දිවුරුම් සහතිකයක් ලියල අත්සන් කරල ගෙනත්
දෙන්න, මගේ බැංකු පොත නැති වුණා කියල. එතකොට අපි ආයේ අලුත් එකක් හදල දෙන්නම් ”
කියල කිව්ව. ආයෙ ගෑණි දහඅතේ කල්පනා කරා දිවුරුම් සහතිකයක් ලියන්නෙ කොහොමද කියල.
එච්චර ඉගනුමක් නෑ කියන්නේ සමහර වෙලාවට ඉතින් ඉස්කෝලෙ යන කාලෙම ගෙදරින් පැනල ඇවිල්ල
වෙන්න ඇති. ගෙදර ඇවිත් ළමයි දෙන්නගෙනුත් ඇහුව “උඹල දෙන්න දන්නවද දිවුරුම්
සහතිකයක් ලියන්න”. ළමයි දෙන්නම එක වචනයයි පිටකලේ ඒ නෑ කියල. ආයේ ළමයි දෙන්නටත්
ආයෙත් බැන බැන ගත්ත කොලයක් “දෙයියම්පල්ල මාගේ බැංකු පොත නැතිවී ඇත. බේබදු මගෙ මිනිහයි,
මගේ දරුවෝ දෙන්නයි පල්ල මගෙ බැංකු පොත නැතිවී ඇත. අලුත් එකක් ලබා දෙන්න”
කියල ලියල පහුවදා ගියා බැංකුවට. මේක දැක්ක බංකුවේ මැනේජර් බොහොම අමාරුවෙන් හිනා
නොවී මේ අසරණ ගෑණු කෙනාට හරි විදිහට ඒක ලියල දීල අත්සන් කරවගෙන, ඇයට අලුත් බැංකු
පොතක් අරං දීල.
Saturday, March 13, 2021
අපූරු දිවුරුම් පෙත්සම
මේකනම් ඇත්ත කතාවක්... ඔන්න ගම්බද පලාතක වාසය කරපු මැදි
වයසේ දෙදරු මවක් හිටියලු. මෙයාගෙ පිලිවෙලේ හොඳ කමට බැංකුවට යන්න passbook එක හොයද්දි තමයි දන්නෙ එක
කාලෙක ඉඳල ආගිය අතක් නෑ කියල. දහඅතේ කල්පනා කරල හොයනව ඉතින් දැන්. ළමයි දෙන්නගෙනුත්
පොත හොයාගන්න උදව්වක් නැති නිසා බැන බැන තමයි හොයන්නෙ. “මට මේක හොයල දෙන්න උදව්
වෙයල්ලකෝ. ගෙදර වැඩක් කරනනෙත් නෑ. උදව්වක් ඉල්ලුවහම එක කරන්නත් බෑ. ෆෝන් වලම
එල්ලිලා හිටපල්ලාකො. මොකට හැදුවද මුන් වගේ දෙන්නෙක්..”
Subscribe to:
Post Comments (Atom)
Featured Post
හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද...
රෙසිලියන්ම රට ලංකාවය කියල මීට ටික කලකට කලින් එක උගත් තැන්පත් කෙනෙක් කියනව මං අහගෙන. හුම්, මිනිස් සමාජය කියන්නෙම ප්‍රවාහක් නෙව. ලෝකෙ කොහොමත් ...
වැඩිම සැරිසැරුණු වීදි
-
ගොරවනව එහෙම නෙමේ ... කොහේ හරි ගිහින් කෙනෙක්/ කට්ටියක් එක්කලා හරි නිදාගනිද්දි අහන්න හම්බවෙන කතාවක් තමයි ඉතින් මේක. ඒ අනික් අයගෙ පැත්තෙන් නෙ. ...
-
පවුල සමග එක් වීම බොහෝ කල් ප්‍රතිකාර ගන්න අසාධ්‍ය රෝගියෙක් ලඟට ගියපු දොස්තර මහත්තය, ඔහු දිහා බැරෑරුම් විදිහට බලලා... පස්සෙ පොඩි හිනාවක් දැම...
-
පෙරදා මහ රෑ, මා සිහිලැල් උර මඩලේ, මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන... ලඟදි නන්දා මාලනියගෙ සින්දු කීපයක් එකදිගට වාගෙ, නිදහස් වෙලාවල play උ...

ඇත්තටම ඉතිං මනුස්සය හරි. දිවුරල නේ දෙන්ඩ කියන්නෙ. 😃😃😃
ReplyDeleteමේ තීම් එක හදපං. නැත්තං කමෙන්ට් සෙක්ෂන් එක හදපං දාපු එකක් හොයන්ඩ වෙනම කට්ටක් කන්ඩ ඕන
ReplyDeleteහැදුව. බොහොම ස්තූති අදහස් දැක්වීමට..
Deleteඔය විදිහෙම දිවුරුම් සහතිකයක් දීල තිබුණා, ප්‍රේමදාස ජනාධිපතිගෙ කාලෙ පට්ටමක් දුන්න ජේපී කෙනෙක්.
ReplyDelete"දෙයියම්පා බුදුම්පා මේ ලියුම අරං එන මහේෂ් රත්නායක හොඳ ළමයෙක්. මම ඒක ඔ්නෙම දේවාලෙක දිවුරන්ඩ ලෑස්තියි" කියල.
විශ්වස කරාට කමක් නැද්ද මන්ද..
Deleteහිහි අපූරු දිවුරුම 😂😂
ReplyDeleteහ්ම්. අලුත් ඉට්ටයිල් එක..
Delete🤭🤭🤭😁😁
ReplyDeleteහ්ම්....
Deleteහ්ම්...
Delete