කොහෝතුමෝ කෑ ගසති...

 ඈත නිවසකින් පිසගෙන ආ මුදු සුවඳක් නහයේ දැවටී රසකැවිලි රසයක මතකයක් අවදි කරවයි. මෑත මායිමේ ගහක බොහෝ කලකින් දැකගන්නට හැකිවුණු කුරුල්ලෙක් අවුදින් මියුරු තනුවක් වාදනය කරයි. ගස්, වැල්, මල්... නොයෙක් වර්ණයෙන් වඩ වඩා පැහැපත්ව ඇත. ඉර වෙනදාට නොදෙවෙනි දීප්තියක් ජනිත කරමින් අහස් කුසට වී බලා හිඳී. පොඩි දුවාදරුවන් මුවේ සතුට තවරාගෙන... දසත විසිරෙමින් ගමට අලුත් සිරියක් කැන්දාගෙන එයි. තරුණයන් රතිංඤ්ඤ......

 

රතිංඤ්ඤ..

රතිංඤ්ඤ තමයි... සෙද්ද. යකෝ වෙලාවක් කලාවක් නැති අපි වගේ උන් පාරේ යද්දි, රතිංඤ්ඤ සද්දෙට බයවෙච්ච බල්ලෝ පාර පුරා. කුලප්පුවෙච්ච උන් දැක්කම ඇඟේ මස් කලඳක් නැති අපිත් නිකම්ම බය වෙනව. ඒ අස්සෙ පිපිරුන්නැති බට්ටෙක්වත් පෑගුනොත්. ඔය හැම අටමගලකින්ම බේරිලා ගෙදර එනකොට... ගෙදර එකත් බයබිරාන්ත වෙලා. රතිංඤ්ඤ සද්දෙට බය වුන ඌ දොර හාරාගෙන ගේ අස්සට එන්න පුල් ට්‍රයි.

 

මොනා කරන්නද, මෛයින්ද මාත්තියගෙ සහෝදර රට්නය ජනපටි උනාමත් කිරිබත් කාල, රතිංඤ්ඤ පත්තු කරපු... දේස හිතයිසී ජාටිමාමක උන්දලත් එක්කනෙ අපි මේ වසන්නෙ. කෝමහරි කමක් නෑ පට්ටු කරන ඈයෝ හරි සතුටින් නම් එච්චරයි. සතුටින්, යහතින්, සාමෙන් ඉන්න නෙව මේ සෑම දේම කරන්නෙ හිට.


මොකද සාමේ තියෙනාව මෛයින්ද මාත්තිය යුද්ධෙ ඉවර හන්ද. මෛයින්ද නිසාම අල, ලූණුත් තියෙන හන්ද තවත් සතුටින්. ඉතීම් සාමය සතුට පිරි අවුරුද්දකට... කොහොමෙයි අපි අකුල් හෙළන්නෙ. (සිරන්ති කැවුමුත් හදල බම්)

 

හුම්... කියන්න ගියදේත් අමතක උනා.

අව්රුදු. අවුරුදු හැම තැනම. කොහෙ කියල අහන්න එපා. දැක්කෙ නැද්ද... ඇඳුම් කඩවල්, සුපර් මාර්කැට්, කේක් කඩ, බාර් වල පෝලිම. සෙනග සූ ගාල.

 

ඔය අවුරුදු සැමරුම් එනවය කියන්නෙ රජ කාලේ ඉදන්ය කියනවනෙ. නැකත් රාලලූ හරියටම මේ වෙලේ අහවල් කාරිය, මේ වෙලේ මෙන්න මේකය කියල දින-කාල තීන්දු කරන්නෙ. ඒ තීන්දු සටහන් පත්‍රවලට කියන්නෙ නැකැත් සීට්ටු කියල නෙ. ඒ කාලෙ ගම්වල අවුරුදු කිව්වහම... ආච්චිඅම්මගෙ, අම්මගෙ, බිරිඳගෙ, හොරගෑනිගෙ ඉඳල ලක ලැහැත්තිය... කැවුම්, මුන්කැවුම්, වැලිතලප ආදී නානාප්‍රකාර රසකැවිලි හදන්න. (කොකිස්, ආස්මි දේසීය ආහාරම බව දැනගත්තෙ TV එකේ නිවේදිකාවකගෙන්) මේව හදන්නෙත් අලුත් ලිප්වල, අලුත් හට්ටි මුට්ටිවල මයෙ හිතේ. දැන් කාලෙ නම් ready-made රසකැවිලි හැම කඩයකම. ඕනනම් online වලින් order කරතහැකි පිටසක්වලකට හරි. එතකොට කොල්ලෝ කුරුට්ටෝ පංච කෙලි, ඔන්චිල්ලා පැදිලි, අතුරු මිතුරු වාගේ ඒවා කරන අතරේ.. තරුණ කෙල්ලො කොල්ලෝ කොටු පනින්න හිට ඇති. තව තියෙන අවුරුදු ක්‍රීඩා ගත්තොත් අලියට ඇහැ තැබීම, බනිස් කෑම, කොට්ට පොර, කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, පොල් අතු විවීම, කනාමුට්ටි බිඳීම වගේ....

 

කනමුට්ටි කියද්දී මතක් උනේ. මං එකපාරක් ක්ලාස් යනකාලේ... ඒකෙන් අවුරුදු උත්සවයක් කළා. මහරගම පුවක්පිටිය පන්සලේ තිව්නෙ මේ ක්ලාස් එක. එතකොට මං 10 වසරෙ වාගෙ විතර ඇති. ඔක්කොම ක්ලාස් වල උන් උත්සවේ. ඔන්න දැන් මැද මුට්ටිය ඇර අනික් මුට්ටි දෙක බිඳලත් හුඟක් වෙලා. ඕනෑම එකට ළඟින්වත් පොලු පාර යන්නෙ නෑ. වැඩිමල් උනුත් හෙන ටයි එක... මැද, පස්ට් එකට ගහන්න. ටිකක් වෙලා ඉඳල ඉතීම් මාත් ගියා. ඇස් බඳින එකා පුල් ඩම් එකෙන් තද කළා. මං කියල ලිහිල්ව බැඳ ගත්ත. යකෝ යද්දී මෙන්න යටින් පේනවා කියහන්කො. මගුලයි. ආයේ ගිහින් කියන්න ඈ. මොනා කරන්නද... ගියා මැද තියෙන මුට්ටියට ගාවට, දෝත බදල දීල ඇරිය. ඕන් එදා තමයි දිනුවනම් තරඟෙකින් මේ නමිය දින්නෙ.

 

ඔය ආදී ක්‍රීඩාවනුත්, සූදු පොලවලුත්...... ලිප ගිනි මෙලවීම්, නිවීම්, කිරි ඉතිරවීම්, මල් කැඩීම්, හිස තෙල් ගෑම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම, ආහාර අනුභයව ආදී වැඩ කටයුතු අටෝරාසිය හමාර කරල, උස්සව නිමාකර වැඩට යන්නත් එපෑයැ....

 

එතැන් සිට ආයේ පරණ තැටියට අනුගත වෙන්නත් එපෑ. පරණ කෝන්තරයෙ ඉඳල ආයෙම පටන් අරන් හෙම... නේ. අලුත් අවුරුද්ද තියෙන්නෙ සතියයිනෙ හිටන්.

TV- තරු අවුරුදු උස්සව

 

සමහර සෝසල් මීඩියාවල උදවිය නම් මේ අවුරුදු උත්සව- චාරිත්‍ර බොරු විගඩම්ය, බිස්නස් මගුල් කියල හොඳටම බැනපු තැන් දැක්ක. හැබැයි මෙහෙම විවේචනය කරන සමහර අය රාකී බැඳන්, මෙහෙන්දි ගාන් ඉන්නවත් දැක්ක. කොන්ඩේ පාට කරන එක, නාහේ කරාබු දාන එකත් ඉතින් අර බිසිනොස්වලට අයිති නොවෙන්නෙ කොහොමදෑ කියල තමා හිතෙන්නෙ.


මං නම් ඔය චාරිත්තර පස්සේ යන්නෙ නැති උනත් කරන අයට නම් කරගන්න දෙනව.. කතාකලොත් සහභාගී වෙනව. ඒකෙන් ඒ අයට සතුටක් ලැබෙනවනම්, පරණ තරහමරහක් මකා ගන්නවනම්, සුහදතාව වැඩි වෙනවනම්... මගේ සාක්කුවෙන් සතයක්වත් යන්නෙත් නැත්තං, මට මොටෝ.

 

 ඔය හැම දේම කරන්නෙ අලුත් වෙන්න, වෙනස් වෙන්න කියල වෙනකොට... ඒ නිසි- අවැසි වෙනස වෙනුවෙන් අදිටන්ව මේ හැම දෙයක්ම වෙනවනම් තවත් හොඳයිනෙ හිට.

37 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා !
    ඒ උනාට හැම වෙලාවෙම මැද එකට පොල්ලෙන් ගහන්න යන්න එපා හිටං.

    ReplyDelete
  2. හොඳ ලිපියක්. ලස්සනට ලියල තියනවා. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ලස්සන ලියල තියේ කියද්දීනම්... ශැකයිත් වාගේ 🙈
      ජය ජය. රාමෙන්!

      Delete
  3. එසේම වේවා. පොඩි ප්‍රශ්නයක්, දැන් මිනිසුන්ට එතකොට සල්ලි තිබෙනවද පොරකකා ඇඳුම් ගැන න එහෙම , එහෙමනම් හොඳයි නේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ලොක්ක... මටත් තියෙන පස්නයක් ඕක. මන් හිතුවෙ ඔහෙවත් උත්තර දන්නවා ඇතියි කියල

      Delete
    2. කියන්න අමතක වුනා. සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා

      Delete
    3. මාසෙම පඩිය වියදම් කරගෙන අන්තිම මොහොතෙ යුතුකම් ඉටුකරන්න රෙදි කඩ ගාණෙ පෝලිම් ගැහුණු මිනිස්සු දැක්කමත් දුකයි. අපේ ගම්වලත් වෙනද තරම් නැතත් කැවිලි පොඩ්ඩ පොඩ්ඩ හදල හරි මිනිස්සු අවුරුදු සැමරුවා. තියෙනවට නෙවෙයි මං හිතන්නෙ අවුරුදු තුන හතරකට පස්සෙ අවුරුදු සමරන්න ලැබුණු අවස්ථාවක් නිසා, ඒක මගෑරගන්න මිනිස්සු අකමැති වුණා.

      Delete
    4. හ්ම්... ඒකත් එක හේතුවක් නෙ

      Delete
  4. සුබම සුබ නව වසරක් වේවා! රසවත් ලියවිලි ලියවේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම් 🙏!
      කෝ Litseekerතුමත් මොනවත් ලඟදි ලියල නෑ නෙව

      Delete
  5. කජු නාඹර, බක් මී වද, එරබදු මල් පිපිලා
    කොහා හඬයි රුක් මුදුනක කොහෝ කොහෝ කියලා
    සූරිය කුමරා වඩිනව දිවිය රතේ නැඟිලා
    ඒ සේරම චිත්තරේක තවමත් ඇත රැඳිලා

    කොහෝ කොහෝ, කොහේ ඉඳන් කොහෝ කියනවදෝ

    ReplyDelete
    Replies
    1. කොහා කෑ ගහනව හිටන් උගෙ සරීර අවස්යතා ඉස්ට කරගන්න. අපේ උන්දල... ඌව තව තව අවුස්සනවා මෙහෙ ඉදන් කොහෝ කොහෝ ගගා 😂

      Delete
  6. පෝස්ට් එක පටන්ගත්ත විදිහට අවුරුද්ද ගැන දහයෙ පංතියෙදි විතර ලියපු රචනාවක් වගේ වෙයිද කියලා මම කියවන්න ගත්තෙ. මේක හොඳයි. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ඔව් අනිත් අය ඒවා කරලා සතුටු වෙනවා නම් උපේක්ෂාවෙන් ඒ දිහා බලන් ඉන්න තමයි තියෙන්නෙ. ඒ වුනාට මට නිතරම හිතෙන දෙයක් තමයි ජනවාරි පලවෙනිදට, ඊට පස්සෙ අප්‍රේල් අලුත් අවුරුද්දට, ඒ ඇරුනම housewarming ඇතුලු හැම විශේෂ අවස්තාවකදිම කිරි උතුරවන මිනිස්සු ඉන්න රටක් බංකොලොත් වෙලා තියෙන්නෙ ඇයි කියලා. සමහරවිට හුඟක් අයගෙ subconscious mind එකේ තියෙන නැතිකම (neediness), තණ්හාව, පුලුවන් හැම වෙලේම කාගෙ හරි දෙයක් කඩා වඩා ගන්න හිතන ස්වබාවය, කිරි උතුරවීම වගේ සංකේතාත්මක දේ මගින් මැඩ පවත්වන්න බැරි නිසා රටට එහෙම වෙලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. රටේ බංකොලොත්භාවය... ඒකනම් ලොකු මාතෘකාවක්.

      කිරි ඉතිරවීම, අතපැන් වත්කිරීම... මේවල ලොකු ඉතිහාසයක් තියෙනවා. (අද සෞදිය පුරන්නෙත් සුරා 'පාන' ගට්ටලා හෙම නේ). ජලය/ කිරි සෞභාග්‍යයේ සංකේතයක් විදිහටයි පෙරදිග සැලකුවේ. ශිෂ්ඨාචාර බිහිවුනේ/ වර්ධනය වුනේ ජලය මූලික කරගෙන. විද්‍යාවේ දක්වන විදිහටත් පරිනාමය ආරම්භ වෙන්නෙ ජලජ සත්වයෙක්ගෙන් සිට. අද මේ දේවල් අතීතයේ ඉඳල ක්‍රමිකව, සංස්කෘතිකව ආපු දේවල්... කියලයි මට හිතෙන්නෙ.

      Delete
    2. නමියට ඒවා ගැන හොදැනුමක් තියෙනවා නේද. විස්තරේට ස්තුතියි,

      මම අදහස් කලේ පිටතින් සංකේතාත්මක දේවල් කලත් ඇතුලතින් තියෙන මානසිකත්වය නිසා සමහර දේවල් අපිට ඕනෙ විදිහට වෙන්නෙ නෑ කියන එක. රට බංකොලොත් කියන එක සංකීර්ණ හේතු නිසා වුනු දෙයක් නමුත් ඔච්චර කිරි උතුරවලත් සෞභාග්‍ය නැත්තෙ මොකද කියලා හිතෙනවා.

      Delete
    3. අනේ මට තියෙන්නෙ පොඩි දැනුමක් නෝනෙ.

      //පිටතින් සංකේතාත්මක දේවල් කලත් ඇතුලතින් තියෙන මානසිකත්වය// සහතික ඇත්ත. උදේ ගුඩ් මෝර්නින් කියන්නෙ, අවුරුද්දට සුභ පතන්නෙ... කවුදෑ හදවතින්. කරන්නන් වාලේ කරනවා. සමහරු මෝනින් කෑල්ල විතරයි.
      කොහිදෝ උත්සවේක... පොල්තෙල් පහණ දල්වන්නත් මිනිස්සු කෙළ ගෙන 😂

      Delete
  7. සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා. ලෝටස් තුමිය කියල තිබ්බ වගේ මටත් හිතුනෙ මේක පොඩි එකාගෙ ලියුම ආකෘතියෙන් ලිව්ව එකක් කියලයි. ඒත් දුරට යද්දී මම වැරදියි කියල හිතුණා. වෙනස් සටහනක්.

    ReplyDelete
    Replies
    1. හුම්. එච්චර කැටයම් දාල දිට දිගට ලියන්න මට බෑ නෙව 😂

      Delete
  8. හැමදාම ජය වේවා !

    ReplyDelete
  9. බොටත් එසේම වේවා! (පිට මැදට ම පතෑෑෑෑංංං!)

    ReplyDelete
    Replies
    1. ඇඟ දිහාවත් බලල... අනුකම්පාවක් නෑනෙව මේකට. නයාම ගහප්ම්

      Delete
  10. මුලින් සිරාවට ලියං ඇවිත් පස්සෙ දි ශෛලිය වෙනස් කරපු විදිහ මරු.

    ReplyDelete
    Replies
    1. නමියගෙ ලිවීමේ හැකියාව එන්න, එන්නම දියුණු වෙනවා. මම "හොඳයි" කිව්වම, ඌට සැකයි ලු.🤣

      Delete
    2. ටැංක්ස්. සුරුස්ඃ....

      Delete
  11. මං දැකපු හොඳ ම අවුරුදු උත්සවේ තමා විනි ප්‍රඩක්ෂන්ස් අවුරුදු ඇඩ් එක. https://www.youtube.com/watch?v=p--tQqMxi_0&t=657s

    ReplyDelete
    Replies
    1. පරණ එකක් නෙව. අදයි හැබැයි සම්පූර්ණ එක බැලුවේ... හිටන්

      Delete
  12. සාම්ප්‍රදායික අවුරුදු උත්සවේ දි තෝරන්නෙ, ගැමි ජීවිතයට අත්‍යවශ්‍ය හැකියාවන්. හොඳ ම ගස් නගින්නා, හොඳ ම පොල් අතු වියන්නි, හොඳ ම පොල් ගාන්නි, හොඳට ම දුවන්න පුළුවන් අය... ඔන්න ඔය විදිහට.

    ReplyDelete
    Replies
    1. හොඳට ම දුවන්න පුළුවන් අය? ම්හු, ඒකා උත්සවේ තරඟෙට එන්නෙ නෑ. බූරු පොලේ ඉඳන් තමා හුරේ රන් එක දුන්නෙ හිටං.

      Delete
  13. අවුරුදු කුමාරි / කුමාර බුරි මොඩ්ලින් තරඟෙ ගැනත් ලියන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. බුරි පොටෝ වලින්ම දැකල එපාවෙලා 🙈
      දැන් අවුරුදු ඉවර එකේ... වෙසක්වලට ලැහැත්ති වෙන්ටත් එපෑයැ 😂

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්