පසුම්බිය හා තොරතුරු ආරක්ෂාව

 අවුරුද්දට කලින් කොටුව පැත්තෙ සවුම්ක් දාන ගමන් phone shop එහෙකට ගියා වැඩක් කරගන්න. ඒ අතරේ කතාවක් දාන් ඉන්නකොට phone display කඩාගත්තු අය ආවේ... හරියට අවුරුද්දට ඇඳුම් කඩයකට එනව වගේ. දැක්කම පුදුමත් හිතුන... දවසකට මෙච්චර කට්ටියකගෙ display කැඩෙනවද කියලත්. (අපේ නොසැලකිලිමත් කමේ තරම තමයි)

ආයෙ ළඟකදී යාලුවෙක්ගෙ studio එහෙක ඉන්නකොට කොලුවෙක් ආව IDයට පොටෝ අල්ලන්න. පහුව දැනගත්තෙ... උන්ද ගාවට හොරු දෙන්නෙක් ඇවිදින් මූට දෙකක් ඇනල හෙම බෑග් එකත් උදුරන් ගිහින්. බෑග් එක ඇතුලෙ පර්ස් එකයි, ලක්ෂ 3කට කිට්ටු Apple පෝන් එකයි, ආයේ ලක්ස ගානක් වටින බේස්ලට් එකයි තව දේවලුයි තිබිල. ඉතින් හොරු දෙන්නට නම් රජ මගුල් ඇති. සිද්ධිය වෙලා තියෙන්නෙ රෑ 7ට විතර, කොටුව කෝච්චි ස්ටේසන් එකේ ඉන්දැද්දි. ඉතින් මේවට පොලෝසි ගියත් වැඩක් නොවෙන තරම්... කොල්ලත් ඒක හොඳටම දන්න හන්ද පැමිණිල්ලක් දැම්මත් ආයේ ඒවා හම්බුවෙයි කියන අදහස හිතින් අහක් කරන්.

මේ වගේ කාලෙක ලක්ෂ 5කට ආසන්න ගානක් එක මොහොතින් නැති වෙන එක විතරක් නෙමේ තමන්ගෙ පෞද්ගලික තොරතුරු, ලියකියවිලි, purse (wallet), phone, ID & driving license... වගේ දේවල් නැති වෙනව/ කරගන්නව කියන්නෙ අඬන්න හිටි මිනිහගෙ ඇහැට ඇන්න වගේ කුජීත වැඩක්. සල්ලි අමතක කලත්, ලියකියවිලි ID ඇතුළු අනෙක් දේවල් හදාගන්න වෙන මහන්සිය, යන කාලය - වියදම. ඒ මදිවට රජේ කන්තෝරු ගානේ වෙන රස්තියාදුව. පිස්සු නොහැදි මේ ඔක්කොම හදාගත්තොත් ඒ ඇති. ඒත් සමහර දේවල් කිසිදාක පියවගන්න බැරි තරමෙ පාඩු.

ඒ හන්ද... මේ පොස්ටුව ලියන්න හිතුව කාට හරි හෝ වැඩක් වෙයි නෙව කියලා හිටං.

පසුම්බිය - ප(ර්)ස් එක. යාළුවො ඇතුළු මට ආශ්‍රය කරන්න හම්බවෙන බොහෝ අය මට වඩා යමක් කමක් ඇති අය. (පැදුරේ ඉන්න එකාට බූරු ඇඳත් ලොකුයි නෙව). අඩුම ගානේ මොට(ර්)සයිකල් කටුවක් හරි තියේ. මේ අයගෙ වගේම සමහර අනෙක් අයගෙත් මන් දැකල තියෙනව... මේ ප(ර්)ස් එක ගත්තොත්, බන්ඩි පුල්. ID, License, Credit Card, Bill ඇතුළු සබ්බසකලමනාවම ඕක ඇතුලෙ. රු. 100 ගනිද්දී දාහක් දේවල් එළියට එන සයිස්. ඒ හන්ද මේ ප(ර්)ස් එකේ තියෙන්නම ඕන මොනාද... ඒ ටික විතරක් දාගෙන ඉන්නවනම් වඩා හොඳයි. අනික් එක ගොඩක් අය වාහනෙන් බැහැල කඩේකට කන්න හෙම ගියහම phone එක, ප(ර්)ස් එක කඩේ table එක උඩ, ලඟට බිල ගෙනත් දෙන හන්ද ඒකත් ගෙවල යනව... අරව මේසෙ උඩම අමතක වෙල. මාත් අමතක වෙන එකා හන්ද එන්න කලියෙන්... යාළුවන්ගෙනුත් ඔක්කොම ගත්තද කියල අහනව, මේ නිසා උන්දලත් බේරුණ වාර කීපයක්ම තියෙනව.

සමහරු ටික දුරක් ගිහින් මතක් කරන්නෙ phone එක තිබ්බෙ මොන කඩේද කියල. ඒ හන්ද වාහනෙන් එළියට බහින හැම වෙලේත්, වාහනේට නගින වෙලෙත්, තැනකින් තැනකට යන වෙලෙත්... තියෙන්න ඕන ඔක්කොම දේවල් තියෙනවද බලන එක පුරුද්දක් කරගන්න එක හොඳයි. ඒ වගේම ප(ර්)ස් එක අර trend එකක් විදිහට තියෙන දිග එකක් නොවනවනම් වඩාත් හොඳයි. හොරුන්ට ඒව උස්සන්න අපහසු වෙන නිසා.

ඒ වගේමයි පහසුවටත්, වැඩිපුර සල්ලි ප(ර්)ස් එකේ නොගෙනියන්නත්, card එක නැති උනත් ගැටළුවක් නොවෙන්නත්... debit card එකක් තියාගන්න පුළුවන් shopping පහසුකම deactivate කරල හෙම. කාඩ් එක නැති උනත් අවුලක් නෑ නෙව. (මං මේ දේ කරනව). පොකට් ගහන කෙනා උනත්, ලොකු පර්ස් දිහා තමයි ඇහැ ගහන්නෙ. අනික කොටුවේ හරි, මිනිස්සු වැඩියෙන් ගැවසෙන වෙලාවක බඩු ගන්න යනව නම්... සුද්දෙට ඇඳල නොයන තරමට හොඳයි. සමහර ලලනාවන් fashion show එහෙකට යනව වගේ shopping කරන්න යන්නෙ. එතකොට වෙන අනෙක් අලාභෙ තමයි මූණ බලල කඩවල ගණන් කියන අය... තව මිල උස්සන එක.

මංවහන්දෑ කොටුවේ හෙම රවුමක් දාන්න යන්නෙ ෂෝර්ටකින්/ සාමාන්‍යයම ඇඳුමකින්. ඒකෙන් වාසි වෙච්ච අවස්ථාත් නැතුවම නෙමේ. සමහර කඩවල දෙන්න පුළුවන් උපරිම මිල අඩුකිරීම් මට ලැබිල තියෙනව. ඒ වගේම සමහරු හිතල තියෙන්නේ මම දෙමළ/ මුස්ලිම් කෙනෙක් වෙන්න ඇතියත් කියල 😂

Credit ලිමිට් එක/ සල්ලි ගොඩක් තියෙන card එකක් උනත් හැම තිස්සෙම ළඟ තියෙන්න ඕන නෑ නෙ. ඒ වගේම තමයි card වල රහස් අංකය ගොඩක් අය මතක් කරන්නෙ ATM එක ලඟදි, නැත්තං ගෙදර කාට හරි කෝල් කරකර අහනව. මේ වගේ තැනක, විශේෂයෙන් රෑක මෙහෙම කිරීම භයානකයි. ඒ වගේමයි පිරිමි කෙනෙක් උනත්, නොදන්න හෝ දන්න පළාතක වේවා රෑ තනියෙම ATM යෑමත් නොකිරීමම හොඳයි. ATM ළඟ මංකොල්ලකෑම් පවා සිදුවෙලා තියෙනව. හොරු/කුඩු බොන අය මේ අවට බොහෝ විට ගැවසෙන්න පුළුහන්.

ඒ වගේම shopping යනකොට ගෑණු කෙනෙක් නම්, පිරිමි පරානයක් එක්ක යන එක නුවනට හුරුයි. ඒ වගේමයි පුළුවන්තරම් ළමයි එක්කන් නොයනව වගේම, යන්න කලින් ගන්න ඕන බඩු list එකක් හදාගෙන... පුළුවන්නම් google එකෙන් search කරල, ඒවා තියෙන කඩේ තැනත් හරියටම දැනගෙන යන එක. නැත්තං මේක කොහෙද තියෙන්නේ කිය කියා දහඅතේ හොයන්න හෝ පාරේ රස්තියාදු වෙන්න වෙන්නෙ නෑ. වැඩිපුර මිනිස්සු අතරේ ගැවසෙනව කියන්නෙත් වැඩි අවධානමක් ගැනීමක්... අනික මේ උත්සව කාලේ විශේෂයෙන්. මේ කාලවල හොරකම් ඉතා ඉහලයි. නිකරුණේ ගෙවෙන කාලයත් අපරාදෙ නෙ. ඒ හන්ද online shopping පහසුකමුත් තියෙන නිසා ඒවත් බලල කියල... හොඳම විදිහට shopping කරන එක වාසී.

හැමෝ ලඟම හොඳ ලොකු display, smart phone හෙමත් තියෙන නිසා ඒවායෙ පරිස්සම බලන්නත් ඕන. නැත්තං කැඩුනම හදන්න යන වියදම අධිකයි වගේම display දාපුහම ඒවා පෙර විදිහටම වැඩ නොකරන අවස්ථාත් බොහොමයි. ඒ හන්ද phone එකේ ආරක්ෂාවට tempered glass, back cover, phone grip/ finger holder  වගේම වාහනේක නම් phone holder භාවිත කිරීම පරිස්සම්. තවත් පරෙස්සම් හැමවෙලේම පාරේ පෝන් කටුව ඔබ ඔබ යන්නෙ නැත්තං.

ඒ වගේම ඕන වෙලාවට GPRS උනත් on කරගන්න බැරියැ... මොකද smart phone එකත් එක්කම ගොඩක් අය power bank එකක් තියාගෙන ඉන්න නිසා.

 

තොරතුරු ආරක්ෂාව

ගොඩක් අය කලින් කිව්ව වගේ credit/ debit card එකේ pin number මතක නෑ. නැත්තං සමහරු card එකේම මාකර් එකකින් ලියල තියන් ඉන්නව. ඒ වගේමයි සමහරු ප(ර්)ස්/ phone එකේ දාන් ඉන්නව. මේවා හොරුන්ට මරු චාන්ස්. ඒ නිසා card එකේ pin no: ලේසි - මතක එහෙකට මාරු කරගන්න එක. (phone අන්තිම no 4 වගේ).

ඒ වගේමයි දැන් phone වල ලොකු space එකක් තියෙන නිසා ගොඩක් අය voice recording, photo, video, screenshot... ඔක්කොම ඒකෙ තියන් ඉන්නව. අනික සමහරුන්ගෙ phone password ලඟම අය (ලංකාවේ අය ගැන ඉතින් දන්නවනෙ) දන්න නිසා මේ අතිශය personal දේවල් තියන් ඉන්න එකත් හා මේ වගේ phone එකක් නැති වෙන එකත් ගොඩක් භයානකයි. ගොඩක් අය මේ ගැන හිතන්නෙ නැති නිසා Backup එකක්වත් තියාගෙන නෑ. ඒ නිසා ඕනෑම කරන දේවල් ටික විතරක් phone එකේ තියාගෙන, ඒ ඇතුළු අනෙක් ඔක්කොම දේවල් ගෙදර computer, external hard වගේ ඒවායේ දාල... පෞද්ගලික පරිහරණය සඳහා විතරක්ම තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ cloud - online backup එකකුත් තියාගන්න එකත් ගොඩක් නුවනට හුරුයි. අර එකක් කැඩුනොතින්. අනික අද කාලේ හැම කෙනාම data යහමින් පාවිච්චි කරනවනෙ.

ඒ වගේම Contact List, Email password, Card pin no:, Bio Data, ID- license scan... වගේ දේවල ඕන මොහොතක ගන්න පුළුවන් වෙන විදිහකට cloud - online backup එකක් විදිහටත් තියා ගන්නව නම් පහසුයි. හදිසියේ ID කොපියක් ඕන උනොත් scan softcopy එක යවල print කරගන්න එක ලේසි IDය ඇද ඉන්නවට වඩා. (බොහෝ shop වල අමතක වුණු ID ඕනතරම්).

මේවා කැමති විදිහකට backup කරගන්න අපිට පුළුවන්. ඕනනම් හැම document එකක්ම වෙන වෙනම PDF කරලා password උනත් දාල ගන්න පුළුවන්. mail එකකට දෙන free GB 15 අස්සේ මේ backup තියාගන්නත් පුළුවන්. (ආරක්‍ෂිත විදිහකට)

අනෙක් දේ තමයි phone එකේ IMEI, serial ආදී number save කරගෙන  තියා ගැනීම.


මිස් වෙච්චි හෝ දන්න දෙයක් තියේනම් කොමන්ට් කරන්න...

31 comments:

  1. නියම උපදෙස් ටික නමියො. ආයෙ එන්නං.🙏👌😊

    ReplyDelete
    Replies
    1. අනේ උපදෙස් නෙමේ බස්... සිහිකැඳවීමක් වාගේ එකක්

      Delete
  2. //....බෑග් එක ඇතුලෙ පර්ස් එකයි, ලක්ෂ 3කට කිට්ටු Apple පෝන් එකයි, ආයේ ලක්ස ගානක් වටින බේස්ලට් එකයි තව දේවලුයි තිබිල...//
    හ්ම්... මේ වගේ දෙයක් අප්‍රිකානුවන් අතරේ තියනවා
    https://www.youtube.com/watch?v=TI8soN47swk

    ෆෝන් එක බිම වැටිලා කැඩෙන එක වලක්වන්න, ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් වලට අමතරව මේ වගේ බම්පර් කේස් එකක් උපකාර වෙනවා:
    https://www.daraz.lk/products/samsung-galaxy-a54-5g-shockproof-case-transparent-high-quality-case-cover-for-samsung-galaxy-a54-5g-full-protection-i184744726-s1153453144.html?search=1

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ කොලුවාගෙ පොඩි පොෂ් පෙනුමක් තියෙනව. විස්තර කරලා ඇහුවම... හොඳ සපත්තු දෙකකුයි, බ්‍රෑන්ඩ් කලිසමකුයි නෝමල් සර්ට් විතරයි ගහන් ඉඳල තියෙන්නෙ. ඒ ඇර වැඩි දෙයක් නෑ. අනික මේ යකා පොඩි ඔතැනි ගතියක් තියේ. හොරුට ඔය කාරනා දෙකම ඇති නේ ඌව සුද්ද කරන්න. ඇහැක් නිල් වෙලා තිබුණ උන්දගෙ කාපු ගුටි වලට.

      Delete
  3. ආරක්ෂක උපදේශක ගරු නමියා මහතා - ගොඩක් වෙලාවට ඕව වෙනවා අඩුයි. මට ක්‍රෙඩිට් කාඩ් හයක් තිබ්බ. දැන් පාවිච්චි කරන්නේ එකයි. අනිත් ඒවාන් තුනක් කැන්සල් කළා. අනිත් දෙක තියන් ඉන්නව. ඔය කියන මුකුත් නොවී හැක් කරන්න හදල තියනවා එකවුන්ට්ස්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔය කිව්වාමයි මතක් වුනේ. මගෙත් තියෙනවා ඔහොම පාවිච්චි නොකරන ක්‍රෙඩිට් කාඩ්. කැන්සල් කරන්න ඕනෙ. පර්ස් එකේ ඔක්කොම බෑන්ක් ඩෙබිට් කාඩ් ගෙනියන එක ගැනත්, නැවත හිතන්න වෙනවා 🤔

      අජිත්, රටින් රටට මේ ප්‍රශ්ණය බලපාන්නෙ වෙනස් විදිහට වෙන්න ඇති. ඒත් නමියා මේක ඉස්මතු කිරීම වැදගත්. ඔබ නම් දැනටමත් 2FA භාවිතා කරනව ඇති. ඒ වගේම හැම ක්‍රෙඩිට් කාඩ් ගණුදෙනුවකටම, මේල් එකක් හෝ ටෙක්ස් එකක් එන විදිහට සෙට් කරන එකත් ප්‍රයෝජනවත් වෙන්න ඇහැකි.

      ඒත් ෆෝන් එකයි, සබ්බ සකලමනාවත් එක්ක පසුම්බියයි, දෙකම එකට නැති වීම ඉතාමත් අවාසනාවත් වගේම භයානක තත්ත්වයක්. අපි මේ ඩිජිටල් සගිස්කුරුතිය මත කොච්චර යැපෙනවද කියන වෙලාවකට මට හිතෙනවා. ෆෝන් එකේ බැකප් එකක් නම් අරගෙන තියනවා, ඒත් ටෙස්ට් ක රල බලල නෑ.

      Delete
    3. Ajith Dharma -
      ගොඩක් වෙලාවට ඕව වෙනවා අඩුයි// මං හිතන්නෙ අජිත්බොසා කියන්න ඇත්තේ ඔය රටවල් ගැන වෙන්ට ඇති. මෙහෙනම් මිනිස්සු පුරුද්දකට වගේ දේවල් නැති කරගන්නෙ.

      D.G.M බස්සා -
      ඇත්ත. අපි තාක්සනේ එල්බගෙනම ඉන්න නාකයි. ඒ වගේම ගන්න හැකි උපරිම පහසුකමුත් ගන්න ඕන කියලයි මට හිතෙන්නෙ.

      Delete
  4. ලියන අදහස ආවෙ දැකලද, නමියො දැකලා නිදිගෙ ගොන්කම
    ලිපිය හරබර හොඳයි, මට නං නැහැ අදාළම
    ළිඳේ ගෙම්බෙක් හොයනවද ලෝකයේ කොණ-ඉම
    ඒත් විස්තර වටිනවා,මේවා හිතන්නැති ගොඩකි ඉන්නෙම

    ReplyDelete
    Replies
    1. ගමනක් යන එක්කෙනාගේ පර්ස් එක, පෝං එක නැති උනොත් ඒක අපටත් බලපානවා නෙ. අදාළ නෑ කීවට... ඔහේ වටපිටාව සිහිබුජ්ජියෙන් ඉන්න හන්දත් හොඳයි.

      Delete
  5. Replies
    1. ඔයාටත් ටැංක්ස්... ප්‍රාජේ!

      Delete
  6. අපිටනං ඉතිං ඔය කාඩුත් නෑ ප(ර්)සුත් නෑනොවැ. ඔහෙ කීයක්හරි සාක්කුවෙ දාගෙන යන තැනක යන එක තමයි ඉතිං තියෙන්නෙ.
    මෙනව උනත් ලොකු සල්ලිකාරයින්ට වටින උපදෙස් ටිකක්.

    ReplyDelete
    Replies
    1. සල්ලිකාරයන්ටමයි කියන්න එපා පෂාබොෂා. අපේ පොකට් එක අපොට ලොකු නෙවැයි.
      අනික මන් දැක්ක ඔහේ ගාවත් හොඳ පෝං කාට්ටක් තියෙනව.

      Delete
    2. හැක්! අපි නොදන්න මොණරතැන්න?😉

      Delete
  7. වෙලාවක් තියේනං මේ පැත්තෙත් ඇවිත් යන්න කියල ආරාධනාවක් මේ.

    ReplyDelete
  8. එක දිගට කියවගෙන ගියා. හරිම වැදගත් තොරතුරු ටිකක්. අපි පුරුදු වෙලා ඉන්නෙ කලිසමේ පස්සෙ සාක්කුවෙ පසුම්බිය දාන්නයි. ඒත් ඒ වෙනුවට පසුම්බියේ අනවශ්‍ය දේ අඩු කරලා ඒක ඉදිරිපස සාක්කු දෙකින් එකක දාන්නට පුරුදු වුනා නම් පරිස්සමට වගේම කොන්දෙ අමාරු වලටත් හොදයි. බොහෝ දෙනාගෙ කොන්දෙ අමාරු වලට හේතුව වැරදි හිද ගැනීමේ පුරුදු කියලයි කියන්නෙ. තඩි පර්ස් එකක් පස්ස පැත්තෙ දාගෙන ඉන්න කෙනෙකුට නිවැරදි විදිහට වාඩි වෙන්න බැරි වෙන හින්ද කොන්දෙ අමාරු එන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. වැදගත් කාරණයක් අනුරුද්ධතුමා... පෙන්නල දුන්නෙ. ටැංක්ස්!

      Delete
  9. "උන්ද ගාවට හොරු දෙන්නෙක් ඇවිදින් මූට දෙකක් ඇනල හෙම බෑග් එකත් උදුරන් ගිහින්" ගොඩක් වෙලාවට ඒ කෙනාගෙ ශරීර භාශාවෙන්ම හොරුන්ට තේරෙනවා මෙයා මොනවා හරි වටිනා දේවල් ලඟ තියන් ඉන්නෙ කියලා.

    නමියා දීලා තියෙන උපදෙස් වටිනවා. මමත් දැන් තැනකට ගියාම එන්න කලින් තත්පර ගානක් අරගෙන ලඟ තිබ්බ දේවල් ඔක්කොම තියෙනවද කියලා බලනවා.

    "යන්න කලින් ගන්න ඕන බඩු list එකක් හදාගෙන... පුළුවන්නම් google එකෙන් search කරල, ඒවා තියෙන කඩේ තැනත් හරියටම දැනගෙන යන එක". හී හී...හොඳ උපදෙසක්. හැබැයි මටනම් එතකොට shopping කිරීමෙ fun එක නැති වෙනවා. ගන්න ගිය දේට වඩා සම්පූර්නයන්ම වෙනස් දේවල් අරගෙන, ආයිත් දවසක ඒවා ගන්න යන එක තමයි පුරුද්ද. Retail therapy කියන්නෙ නිකන්ද!!

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus, ඒකයි බස්සගෙ කොමෙන්ට් එහෙකට රිප්ලයි කරේ... මේ යකාගෙ පොඩි ඔතැනි ගතියක් හෙමත් තියේ කියල.

      ඔයා ඉන්නෙ සට නිසා shopping කිරීම කොහොමත් අවුලක් නෑ නෙව. මෙහෙ උනත්... Co 3,4,7 ඇතුළේ ගැටළුවක් නැතිම තරම්. පිටකොටුව, මහරගම පමුණු වගේ හැම ස්ථරයකම මිනිස්සු ගැවසෙන තැන්වල තමා පොඩ්ඩක් විපරමෙන්, පරිස්සමෙන් ඉන්න ඕන.

      Delete
  10. කියවන්න පටං ගත්තට ඉවර කළේ අද. ටිකක් බිසි වෙලා ඉන්නෙ. ඒ උනාට ඉතිං මූ අපේ එකා නෙව... මගෑරල යන්ඩ බෑ.

    ReplyDelete
  11. මාත් අර උඩ කියල තියෙනව වගේ වැඩිපුර සල්ලි පර්ස් එකේ දාගෙන යන්නෙ නෑ. මොකද කියනවනං එහෙම දාගෙන යන්ඩ වැඩිපුර සල්ලි නෑ.

    ReplyDelete
    Replies
    1. ලේ ගෑවිච්චි කටකින් නේද ඔය කියන්නෙ... අමනුස්පයො 🙈

      Delete
  12. ඩිස්ප්ලේ දැමිල්ල ගැන තව දෙයක් තියෙනව කියන්ඩ. අවුරුද්දකට විතර කලින් ගත්ත ෆෝන් එකක ඩිස්ප්ලේ එක ගියා නං, දැං ඒ ඩිස්ප්ලේ එකේ ගාණ ෆෝන් එක ගත්තු ගාණට වඩා වැඩියි.

    ReplyDelete
  13. අඩේ මං දාන දාන කමෙන්ට් එක නැතිවෙනවනෙ. පොඩ්ඩක් බලහං නමියා, ස්පෑම් වෙනවද කියල...

    ReplyDelete
    Replies
    1. බැලුහා. දැනුයි දැක්කෙ ඩ්‍රැක්ස්. ශොරි

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්