අලුත් ජෝඩුව


   මේකනම් පත්තරේක තිබුනෙ..

පිටිසර ප්‍රදේශයක හිටපු ගැමි යුවලකට තම එකම දරුවාට පෙලවහක් කරන්න කාලේ හරි කියල ඉතින් හෙව්වට ගමේ කෙල්ලො කැමති නෑ. මොකද පුතණ්ඩිය ටිකක් මෝඩ පහේ මොඩල් එකෙක් නිසා. තාත්තත් එක්ක කුඹුරු වැඩ ඇඟේ හයියට කරාට වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නෑ. ගෙදර අගහිඟකම් නිසා වෙන්න ඇති සමහර විට. ඉතින් බැරිම තැන බැඳල දෙන්නත් එපෑ.. ලොකු දෙන්න මැරුනොත් මේ යකා තනි වෙනවනෙ. ඉතින් පිට පලාතකින් කොහොම හරි මේ පුතණ්ඩියට පෙලවහක් කරල දීල. වැඩිමහල් දෙන්න වෙනම දැන් ඉන්නව. මේ හාදය දැන් බැන්ද පළවෙනි දවස.. නෝනා හදපු රෑ කෑමත් කාල ගෙනාපු රා කට්ටකුත් ගහල. සුපුරුදු පරිදි ගියා ගෙයි එළිපත්තට දා ගත්ත පැදුර ගොරෝද්දෙ ඇද ඇද නිදි. අර කැන්දන් ආපු  කෙල්ල රෑ පුරාම අඬල. උදේ ආපු දෙමහල්ලෝ දෙන්න ඉතින් වෙච්ච වැඩේ තේරුම් අරං.. තාත්ත පුතාට ලංවෙලා ඇහුව “මොකද්ද යකෝ මේ කරපු නස්පැත්තිය. තො මෙතන රෑ තිස්සේ දපල.. අර කෙළි ගෙයි තනියෙම” කියල වැඩේ තේරුම් කරලා දෙන්න හදල. ඊට පස්සේ මේ යොදය කියල “මං මොනවා කියල කරනද ඕකිට.. දීපු බත්පතත් කාල මං මේ මෙතනට වෙලා පැදුරු පඩංගුවෙ නිදා ගත්ත විතරයි. මං ඒකිව අතකින්වත් ඇල්ලුවෙ නෑ ඕන්. ඔය අඬන්න ඇත්තෙ ගෙදර ඈයො මතක් වෙලා වෙන්ට ඇති..

ඒ කියන්නෙ ඉතින් මනමාලි පළමු දා ඇඬුවොත් ඒ අඬන්නේ ගෙදර ඈයො මතක් වෙලා....

4 comments:

  1. සමහරවිට ඔ්කෙ අනික් හේතුවකටත් අඩනව. අර trans african airways වගේ කාරනේකට උනත් වෙන්ඩ බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඔන්නං මෙතන පහලිම්ම තියෙනව

      Delete
    2. ලිංක් එක වැරදිලා. මේක හරි ලිංක් එක

      Delete
    3. හරි ඩ්රැකී මහතා. ගිහින් බලන්නම්.

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්