Tuesday, April 13, 2021

දොළොස් මහක් ගතවී


 අලුත් අවුරුද්දට වටිනම උපසෙස් ටිකක් තියෙන සින්දුවක් තියෙනව රෝහණ බැද්දගේ හා බන්දුල විජේවීර දෙපළ කියන. හැමදෙනාගේම පහුගිය ජීවිත වල සිදුවුණු අඩුපාඩු, වැරදි තියෙනව. ඒව හදාගෙන ඉස්සරහට යන්න ගන්න හොඳ ආරම්භයක් විදිහට අවුරුද්දෙන් පටන් ගන්න පුළුවන්. තමන්ගෙ විතරක් දියුණුව බලාපොරොත්තු නොවී අනිත් අයටත් උදව්වක් වෙමින් යන ගමන් තමයි සාර්ථක. ඒ නිසා අපිට එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් අපි ප්‍රාර්ථනා කරන සමාජ දියුණුවත් ඉබේම වාගේ සිදුවෙයි.

 

දොළොස් මහක් ගතවී යන මොහොතේ

අන්තිම දවසේ මැදියම් රෑ..

කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා..//

 

අවුරුද්දක් තිස්සේ කළ කීදේ

මතක් වෙනකොටත් සමහර එව්වට

මටම හිනා මස්සිනේ

අවුරුද්දක් තිස්සේ කල කීදේ

මතක් වෙනකොටත් සමහර එව්ව්වට

මට ඇඬෙනවා මස්සිනේ

උඹ අඬන්ටෙපා මස්සිනේ..

අඬන එකා දැක හිනැහෙන්ටෙපා මස්සිනේ..//

 

දොළොස් මහක්.....

 

අලුත් වසරේදී අලුත නැගී එන

කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්

ඇත දීපන් මස්සිනේ

අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි

ඒත් ඔය කපන්න බැරි අත

ඉඹින්ටෙපා මස්සිනේ

නැග්ග ඉනිමග පෙරලන්ටෙපා

නගින එකා දැක කකුලෙන් අදින්ටෙපා..//

 

දොළොස් මහක්...

 

පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන්

යාන්තමට වගෙ ජාමේ බේරුණා

ඒත් මදැයි මස්සිනේ

ගොනා පිටේ හකුරුත් පටවාලා

වක්කඩේ හකුරු හංගා තියලා

හනේ වෙච්චි දේ මස්සිනේ

දැන් ගිය හකුරට නාඬන්නේ

ඔය තියෙන හකුර රැක ගන්නේ..//

        පද රචනය, සංගීතය - රෝහණ බැද්දගේ / ගායනය - රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර

No comments:

Post a Comment

Featured Post

හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද...

රෙසිලියන්ම රට ලංකාවය කියල මීට ටික කලකට කලින් එක උගත් තැන්පත් කෙනෙක් කියනව මං අහගෙන. හුම්, මිනිස් සමාජය කියන්නෙම ප්‍රවාහක් නෙව. ලෝකෙ කොහොමත් ...

වැඩිම සැරිසැරුණු වීදි