නෑන කැමති නෑ මට..

         මේ විරිඳු කවිය වෙන වැඩකට පරණ එකතුකරපු පත්තර ගොඩක් අදිද්දි තිබිල හම්බු උනේ. එදා තරුණයාගෙ ආදර හිත සරලව පැහැදිලි වෙනවා මේකෙන්. ගොඩක් අය දන්නවා මේක කියන්නෙ සහන් ජයවර්ධනව රූපෙන්. නමුත් ඇම් පී ගුණදාසගෙ ප්‍රවීණ කවියාගේ පුතා කියල ගොඩක් අය දන්නෙ නැහැ.

රූපය - අන්තර්ජාලයෙන්

ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බටදඬු නලා

ජයපැන් බොන සෙබල රැලක් - විලසට හඩ තල තලා

රසකර මම පවසනෙමි - මිණි කිංකිණි සොලවලා

අසනු මැනවි අසනු මැනවි - අසනු මැනවි තුටුවෙලා

 

පරයන ඉඳුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට

වසඟ නොවන් මෙහි කවුරුද - නෑනගෙ එක බැල්මට

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලි පෙරන්

පාසල් යන දෙවැට දිගේ - නෑනා මගෙ රත්තරන්

මම කැමතියි නෑනට //

 

මැල්ලුමකට වල් පළා - නෙලන්න සිහිනිඟ සලා

යන විට රණ මොණරි වගේ - මගෙ හද කුල්මත් කළා

අඩසඳ වන් නළලතේ - චන්දන තිලකය ඇතේ

සිකිපිල වැනි වැනි කෙස් කළඹද - කිතුල් රෑන පැරදෙතේ

මම කැමතියි නෑනට //

 

මුහුදෙහි රළ පෙල ගැසී - ගමන සදිසි යන ලැසී

ඇගෙයි මගෙයි ආදරයට - ආසිරි මල් වැසි වසියි

නහැඹුල් හද කිතිකැවී.. නව රසදුන් සරසවී

මගේ දුප්පත් පැලේ ඉන්න - එනවද මධු මාධවී

මම කැමතියි නෑනට //

 

ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ

කිරි පැණියි වගේ ඉන්න - එන්නද මගෙ වස්තුවේ

කරදර බාධක මැද්දේ - දිවි ගග පහලට ඇද්දේ

ගල් පර දැක පෙරමුණේ - මොන නදිය ද නැවතුනේ

මම කැමතියි නෑනට //

 

හසරැලි නැත්තම් මුහුණේ - සිතුවිලි ලස්සන ද නැතේ

වේදනාව නැති ලොවේ - ජීවිත රසවත් නොවේ

ගන්නට ඔබ වාඩුවක් - නැහැ මට ඉන් පාඩුවක්

හදමුද අපි කූඩුවක් - වෙමුද පරවි ජෝඩුවක්

මම කැමතියි නෑනට //

15 comments:

  1. හ්ම්... ඔබේ-බටේ වීඩියෝව දැම්ම නැත්තෙ ඇයි අවුලක්ද?
    https://www.youtube.com/watch?v=20EK5IZONkU

    ReplyDelete
    Replies
    1. දැන් බැලුව.. මතක් උනේ නෑ ඒ වෙලේ ලිපියට එකතු කරන්න

      Delete
  2. ඕක හෙන ෆේමස් වුණා නේ කාලෙක 🙂

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මහේෂ්. එයා ෆීල්ඩ් එකට ආවෙත් ඕක නිසා

      Delete
  3. මට නං ඔ්කෙ කිසිම ලකෙයක් පෙනුන්නෑ. කෙල්ල මට කැමති නෑ කියල අඳෝනාවක් තියනව, තාලෙකට...

    ReplyDelete
    Replies
    1. මේකට කෙසේ වෙතත්, මගෙ විරිදු වලට සිරා මෙව්ව එකක් තියනවා.
      https://www.facebook.com/groups/378636425652570/permalink/1142310199285185/
      බෙංගාලි ගීතයක කොපියක්ලු. ඉතිං මයෙ මොකෝ?😂

      අනිත් එක තාම හොයනවා. ලැබෙන එකක් නෑ, මහිතේ?😒 පැරණි විරිදු කාරයො, කප්පම් කාරයො. යමක් දෙන කං, මේ මුදලාලියක්ව මඩවපු හැටි, එහෙන් මෙහෙන් ටිකක් මතකයි.

      //උම්බළකඩ ගෝනි තුනක් කට බාගෙන අර මුල්ලේ

      එදා පටන් අපූරුවට ඔබේ මූණ රතුයි නේද
      නිදා නොගෙන කිරි දරුවන් තවම ගමේ අඞනවාද

      කඩුල්ල ලඟ විහිළු කලේ මමයි මගේ බඩගින්නයි
      හතරවරම් දෙවු පිහිටෙන් මුදලාලිට හරි යන්නයි//

      මේකෙන් අපේ එක්තරා යුගයක කතාවක් කියවෙනවා, කියල මට හිතෙනවා.


      Delete
    2. වෙන්නට පුළුවනි.. දැන් තමයි බස්සා මේ පැත්තට ගොඩ උනේ

      Delete
  4. විරිදු ටිකක් ඇහුවා අවුරුදු 20කට විතර පස්සේ. හේ හේ

    ReplyDelete
  5. මම කැමති ඩ්‍රැකියට - ඩ්‍රැකියා කැමති නෑ මට

    ReplyDelete
    Replies
    1. අෆොයි ඩ්‍රැකි මදිවට ඩ්‍රැකියානි.. නරකම නෑ වැඩේ

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්