Samsara (2011)

ගම යනු පීඩා විඳින්නවුන්ගේ අඳෝනාවයි. හදවත් නැත්තවුන්ගේ ලෝකයේ හදවතයි. ආත්ම විරහිත සමාජයේ ආත්මයයි. එය බහුතර ජනතාවගේ මත් උත්තේජකයි. මෙහෙම වැදෑරුවෙ කාල් මාක්ස්. සමහරුන්ට නම් මෙතුමා උතුමෙක්. (කාල් මාක්ස් නම් මේක කිව්වෙ ආගම එකම හිමිකමක කරගෙන විඳවන ජීවිත වල සමාජ පැතිකඩ දිහා බලලයි).

එතකොට සමහර භෞතිකවාදී, විද්‍යාව කරපින්නා ගත් අය කියන දෙයක් තමයි ‘මේ ජීවිතයෙන් එහා පැවැත්මක් තියෙන බවක් පිළිගන්න බෑ. වෙනත් හෝ නොපෙනෙන ලෝකයක් තියෙන බවක් තාම නවීන විද්‍යාවෙන් වත් තහවුරු වෙලා නැහැ. එතකොට තව කියනව මිනිසා ක්‍රියාත්මක වීම කියන්නෙ මොලයේ ක්‍රියාකාරිත්වය මත වන දෙයක් මිස අන් දෙයක් නෙවේ ’.... වගේ කතා.

මට හිතෙන විදිහට අපිට තේරුම් ගන්න බැරි දේවල් නැහැයි කියල ප්‍රතික්ෂේප නොකර, කළ යුත්තේ විමසා බාලා දෙයක් තියේ නම් ඒ දේ තේරුම් බේරුම් කර අවබෝධය පුළුල් කර ගැනීම උත්සුක වීම හෝ නොදන්න දේවල් ගැන කතා නොකර සිටීමයි හොඳ කියල. මොන භෞතිකවාදී, න්‍යායාත්මවාදී කතා කීවත් ඔය සමහරුන් කරවටක් එරී සිටින වෙලේ ආගම සිහියට ඒම වගේම, අවසන් මොහොතේ ඊළඟට මොනවා වෙයිද, අනිත් ආත්මය ගැන වගේ දේවල් ගැන හිතට එන්නෙ ඉබේමටම.

මොනවා තේරුම් නොගත්තත් අප අවට වන ලෝකයේ සංසිද්ධි වත් නිරුවත් දෑසින් බැලුවා නම් නිතැතින්ම කියවෙන එක දෙයක් තියෙනවා. මේ සසරක හැටි...

Samsara (2011) යනු ආඛ්‍යාන නොවන වාර්තාමය චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Ron Fricke වන අතර නිෂ්පාදනය Mark Magidson. ඒ වගේම ඔවුන් මේ නිර්මාණයට රීල් කැමරා හා ඩිජිටල් කැමරා වර්ග දෙකම භාවිතයට ගෙන තියෙනවා. ඒ තාක්ෂණයන් දෙකේ සංකලනයෙන් වඩා හොඳ නිමවුමක් ලබා ගන්නට. Rotten Tomatoes වල 76% අගයක්ද, Metacritic වල 65% ද, IMDb වල 8.5/10 ක අගයක්ද, Google පරිශීලකයන්ගේ 88% ක ප්‍රතිචාරයෙන් ද ඒ තාක්ෂණික සංකලනය මෙන්ම සිනමාපටයේ විශිෂ්ටතාව යන දෙ කාරණාවන්ගෙන්ම Samsara (2011) උසස් නිමවුමක් බව පෙන්වල දෙනවා. ඒ බව සිනමා සිත්තම විඳගත් පිරිසද එක සේ සාක්ෂි දරනවා.

ජීවත් වෙන්න රැකියා කිරීම, භාණ්ඩ මිලදී ගැනීම, ආහාර ගැනීම, කාපුවා අයින් කරන්න සැත්කම්


එක මාතෘකාවක් ඔස්සේ රූප රාමු පෙළගැස්වී නොතිබෙන මෙහි තේමාව ලෙස ‘ඉපදීම, ජීවිතය, ලෝකය, මරණය, වෙනස්වීම වගේ කාරණා ඔස්සේ ගලා යන බව දැක ගන්න පුළුවන්. ඒ ඔස්සේ ඔවුන් තම නිර්මාණය සම්පූර්ණ කිරීමට රටවල් 25ක් පුරා රූගත කිරීම් සිදු කර තියෙන බව සඳහන්. ඒ බව චිත්‍රපටයේ අපූරු රූප රාමු සාක්ෂි දරනවා. අපූරු විතරක්ම නොවේ මේ ජීවිතය ගැන ගෙවූ, ගෙවෙන කාලය ගැන නැවත සිතා බලන්න ඒ අපූරු රූප රාමු අපව යොමු කරනවා. ගැඹුරු ඇතුළාන්තයකට අපිව ගෙන යනවා. මෙතෙක් ගෙවූ ජීවිතය අර්ථවත්ද...... ජීවිතය කියන්නෙ කුමක්ද. අපට නොතේරෙන ජීවිතයේ, මනුෂ්‍යත්වයේ කොටස කුමක්ද..

ජීවත් වෙන්න රැකියා කිරීම, භාණ්ඩ මිලදී ගැනීම, ආහාර ගැනීම, කාපුවා අයින් කරන්න සැත්කම්

සලෙළු ලියක් තෝරාගන්න නැතිනම් කැමති අයුරින් නිර්මාණය කරගෙන රසවිඳින්න


ජීවිතයේ නොපෙනෙන, නොදකින පැතිකඩ ඔවුන් ප්‍රේක්ෂකයාට විවෘත කර දෙනවා... සිතා බැලීමට. මේ ගෙවල්, මං මාවත්, යාන වාහන, තාක්ෂණික උපකරණ, සුපිරි කඩ සාප්පු, නොනිදන නගර, රැකියා ස්ථාන, අහස සිඹින ගොඩනැගිලි අතර අප ගතකරන ජීවිතයට එපිටින්, ඉහළින් පවතින යමක් ඇද්දයි සිතන්නට යොමුවනව... සිනමාපටයට යොදාගෙන තිබෙන විශිෂ්ඨ සංගීතයද එයට මනාව ඉවහල් වෙනවා.

කාලයේ වැලි තලාවට සැඟව ගිය නිවාස, අහස සිඹින නිර්මාණ හා නොනිදන නගර

ආරක්ෂාවට නිපදවන අවිආයුධ, ආරක්ෂක අංශ, යුද්ධ හා හමුදා ඇතුළු රණ ශූරයන්


ඉතින් අපි මේ ගෙවන ජීවිතය ගැන “බලන් කඩතුරා හැර දෑසේ” වගේ කියමනක් රැගෙන එන හදවතට මෙන්ම බුද්ධියටත් ගැඹුරු සංවේදනා ඇති කරන්නට හැකි මේ සිනමාපටය නරඹන්න ඔයාලටත් ආරාධනා කරනවා.

සිරවුණු ජීවිත හා සිරගත ජීවිත, යන්නෙ කොහිදැයි නොදත් ජීවන මගීන්, කැමතිම මිනී පෙට්ටියේ අවසන් ගමන


      විචාරක සටහනක් -

සාම්ප්‍රදායික සංචාරක සටහනක් හෝ වාර්තා සිනමාපටයක් නොවන samsara වාචික නොවන මග පෙන්වන භාවනාවක හැඩයක් ගනී

26 comments:

  1. නිරාගමික කියන කොටසට අයත්වෙන්න කැමතිනෑ මොකද ඒ අය ආගම් ගැන සීරියස් නිසා.
    Irreligious කියන එකේ සිංහල තේරුම මොකක්ද? මං හිතන්නෙ මම ඒවගේ.

    ReplyDelete
    Replies
    1. දැන් සෑහෙන කාලෙක ඉදන්. ඔය කිව්වා වගේ මැරෙන්න ලග වුනාම ආගමක් ඕනෙ වෙන්න පුලුවන්. දැනට ආගම් මතක්වෙන්නෙ පල්ලි පන්සල් කණ පැලෙන්න්න ලවුඩ්ස්පීකර් දානකොට

      Delete
    2. Pra Jay මං කියන්න උත්සහ ගත්තෙ ආගම් ගැන්මත් නෙමේ. අපි දන්නවා මාක්ස්වාදයෙන් මුළු මහත්ස මාජය විස්තර කරලා තේරුම් ගන්න බැහැයි කියල. ඒ වගේ සමහර විට අපි ඉන්න වාදයෙ, දර්ශනයේ ඉඳන් ලෝකය දකින එක කොරන්ට බැහැයි කියන ඒකයි කියන්න උත්සහ කරේ. කබලෙට ලිව්ව නිසා ආගම ගැන විතයි එතනට අමුණන්න පුළුවන් උනේ.

      Delete
    3. ඔය වාද මලවදයක්

      Delete
    4. ආගම් වගේම තමයි

      Delete
    5. මට මතක කාලෙ ඉඳල තාම ප්‍රාජේ හරි නම හොයනවා. ඔය කිව්වට මමත් එහෙමම තමයි.🤣

      කඩයිම් ප්‍රශ්ණය? එහෙම හරියටම නමක් ඕනෙමද? Seeker වගේ නමකට කැමති නැත්ද?

      Delete
    6. Avoider වඩා සුදුසු වගේ

      Delete
    7. අනාගමික තමයි හරි වචනය. මම අනාගමිකයෙක් හුඟක් වෙලාවට.

      Delete
    8. නිරාගමික කියන කොට ආගම කියා යමක්ද තියෙනා බව පිළිගෙන ඉවරයි. වඩාත් සුදුසු අර ඉහලින් දක්වා තිබු විදිහට මතවාද දෘෂ්ඨි පසෙකලා, අඳුරෙන් ආලෝකය වෙත යෑමයි. ගැටීම හෝ ඇළීම සත්‍යය අවබෝධයට අකුල් හෙලනවා. මොන ආගමද, දහමද පිළිගන්නේ කියල අහපු 'කාලාම' වාසීන්ට බුදුරජාණන්වහන්සේ දේශනා කරේ ඒ විදිහට සත්‍යය වෙත ළඟා වෙන්න.

      Delete
  2. මා කියවා තිබෙනවා මෙම නිර්මාණය නිමකරන්නට නිර්මාණකරුවන්ට අවුරුදු 12 පමණ දීර්ඝ කාලයක් ගත උනා කියලා.

    ReplyDelete
    Replies
    1. 2006 දි පටන් ගත්තෙ ඒ කියන්නෙ වසර 5ක්. Mark Magidson, Ron Fricke දෙන්නගෙ Chronos (1985), Baraka (1992) අනිත් ෆිල්ම් දෙක.

      Delete
  3. මෙච්චර කියද්දී නොබලා හිඳිය හැක
    බාගන්නයි යන්නෙ නමියෝ film එක
    මෙහෙම වෙනස් නිමවුම් ගැන කියන එක
    ඉදිරියේදීත් කෙරේවා එය යුතුකමෙක

    ReplyDelete
    Replies
    1. YTS එකෙන් බාගන්න බැලුවා. තවම හරි ගියේ නෑ. තව ටිකකින් බලන්නොනි!

      Delete
    2. ලස්සනම දර්ශණ තියෙනව කියල මතකයි.

      Delete
    3. හරි නිදි.
      එහෙමයි බස්ස.

      Delete
  4. ඒක නියමයි. බලන්න ඔ්නෙ.

    ReplyDelete
  5. හොඳ චිත්‍රපටියක් හිතන්න පොළොඹවන . විචාරක සටහනක් - කීවේ ඔය ලියපු එකක් නොවන නිසාද? විචාරය නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනිත්මට තිබ්බ වාක්‍යය තමා විචාරක සටහන අජිත් තුමෝ. ස්තූතියි ආවට..

      Delete
  6. ලෝකය මොන තරම වේගෙන් දුවනවද
    අපි ඒ වේගයත් ඉක්මව ගිහිල්ලද
    සංසාරේ හැටිද? අපගේ ගොන්කමද
    මට ප්‍රශ්නයකි මෙය, කාගෙන් අහන්නද

    එක පරහක් තියෙන විත්තිය නැහැ දුටුවේ
    උපරිමයෙන්ම කැපවී වෙන්නැති තැනුවේ
    ඒ හින්දමද මන්දා ඉඳගෙන පුටුවේ
    බවුන් වඩන සෙයියාවෙන් නරඹව්වේ

    භාව විශෝදනයක් කරගනු පිණිස
    නියම චිත්‍රපටයකි එය බලන ලෙස
    මමත් කියමි, නමියෝ ඔබ කියන ලෙස
    ෆිලුමකි මේක අරවන අප හැමගෙ ඇස

    ReplyDelete
    Replies
    1. සතුටුයි නිදි. ස්තූතියි කවිපද වලට...

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *