Anbe Sivam (2003) ආදරය දෙවියෙකි..

 අවුල තියෙන්නෙ ධනවාදයේද, සමාජවාදයේද නැත්තං ඒ දෙකම ක්‍රියාත්මක කරන මිනිසගෙද?.

යමුද kollywood පැත්තෙ.


චිත්‍රපටය පටන් ගන්නෙ පිටරට සිට ඉන්දියාවට එන අන්බරසු, එතනින් අභ්‍යන්තර ගුවන් සේවාවක් මගින් චෙන්නායි වෙත යන ගුවන්තොටුපොළකට පැමිණීමෙන්. ඒ පැමිණීම තම විවාහය සඳහාය. නමුත් අයහපත් කාලගුණය නිසා ගුවන් ගමන අවලංගුවේ. මේ සිදුවීමත් සමග ඔහුගෙ චෙන්නායි ගමන් මාර්ගය පමණක් නොව ජීවන මාර්ගයත් නොසිතූ ලෙස වෙනස් වේ. ඒ ශිව හමුවීමෙන් ය. ශිව දෙවියන් නොව ආදරණීය මිනිස් ශිවය.

Anbe Sivam (2003) චිත්‍රපටය comedy, drama කැටගරියට වැටෙන හොඳ classic එකක්. තිරපිටපත ලියමින් එහි ප්‍රධාන චරිතයට පනපොවන්නෙ, අතිදක්ෂ නළුවෙක් වන Kamal Hassan විසින්. අනෙක් ප්‍රධාන චරිත වන්නේ Madhavan, Kiran, Nassar යන අය විසින්. අධ්‍යක්ෂණය Sundar C ය. මියුරු සංගීතය Vidyasagar. IMBD හි 8.7 අගයක්ද, google පරිශීලකයන්ගේ 96% කැමැත්ත ද මේ චිත්‍රපටයේ සිනමාත්මක බාවය මනාවට තහවුරු කරයි.

Anbe Sivam (2003) නොපෙනෙන දෙවියන්ට වඩා දේවත්වයට උසුලන ගතිගුණ සහිත මිනිසුන් උසස් කොට සලකමින් ඔවුන්ගෙන් ආදරය, සෙනෙහෙස නැමැති පාඩම ඉගෙනීමට ප්‍රේක්ෂකයාට ඇරයුම් කරයි. එය මතු කරලීමට Kamal Hassan හා Madhavanගේ අපූර්ව තාත්වික හා භාවාත්මක රඟපෑම මනාව ඉවහල් වේ. චිත්‍රපටය පුරාම සිනහ, කරුණාව මතු කරමින් බහුතර දමිල සිනමාවේ ප්‍රවේගකාරී, කලහකාරී වීරයා වෙනුවට කලාකාරී හෘදයංගම වීරයාව Kamal Hassan මතුකර පෙන්වයි. ආවේග මත නොව, බුද්ධිය හා මනස මෙහෙයවා ප්‍රධාන චරිතය සිනමාපටය පුරා ගමන් කරයි. ආත්මාර්ථය වෙනුවට පරාර්ථය මුසු පරාජය කෙතරම් සොඳුරු දැයි පෙන්වයි. බහුතරය වෙනුවෙන් අඩිය පසුපසට ගැනීම සත්‍යය වශයෙන්ම පරාජයක්ද....?

වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂක අන්බරසු ධනවාදී ආකල්ප ඇති ගෝලීය ආර්ථික රටාවට ආසක්ත තරුණයෙක්. ත්‍රස්තවාදී පුවතක් රූපවාහිනියෙන් විකාශය වනවාත් සමග සැක සහිත පුද්ගලයෙක් දකින අන්බරසු එය ආරක්ෂක අංශ වෙත දන්වා සිටිනවා. නමුත් පරික්ෂාවේදී ඔහු නිර්දෝෂී කෙනෙක් බව තහවුරු වෙනවා. ඒ වගේම ආරක්ෂකයින් ඔහු සමග මිත්‍රව, සැක කෙරූ කෙනා කවුද කියා ඔහුට කියනවා. හිත හොඳ සිවම් තරහක් නැතුව අර තරුණයත් එක්ක කතාවට යනවා. ඒත් යෞවන සිතුම් පැතුම් ඇති අන්බරසුට, මැදිවයස් සිවම්ගේ ගති පැවතුම් ගැන පැහැදීමක් ඇති වෙන්නෙ නෑ. ඔහු තවදුරටත් නව පන්නයට ගැලපෙන්නෙ නැහැ... කොහොම නමුත් දැන හැඳුනුම්කම පටන් ගත තැන සිට හිත හොඳ සිවම්ගෙ නුරුස්සන වැඩත් එක්ක, එක රාත්‍රියක් හෝටල් කාමරයක ගත කිරීමට අන්බරසු අකමැත්තනේ වුව හිත හදා ගන්නවා... අයහපත් කාලගුණය නිසා. එතැනදි පවා දෙදෙනාගෙ ගැටීම තිව්ර වනවා... ආකල්ප, හැසිරීම්, ගති ස්වභාවයන් වල විවිධත්වයත් සමග. මේ හේතුවෙන් අන්බරසු උදේම සිවම්ට නොදන්වා පැන යනවා. එහෙම දුම්රිය ස්ථානයට එන අන්බරසුගෙ පසුම්බිය හා ගමන් මල්ලක් සොරෙක් ගන්නවා. එය පවා ලැබෙන්නෙ නැවතත් සිවම්ගෙ අහඹු හමුවීම එක්ක... එයින් නැවතත් දෙන්න එකතු වෙනවා.

පලාතම යටවෙන්න වැහැපු වැස්ස නිසා දුම්රිය ගමනත් අන්බරසුට මගහැරෙනව. ඉතින් ඒ නිසා දෙදෙනා චෙන්නායි බලා යන ගමන එකට පිටත්ව බස් මාර්ගය වෙත එනව. එතැන් සිටත් අන්බරසු - සිවම් ගැටීම්, එකතුවීම් සිදු වෙනවා. ඔය අතර සිවමගේ සිරුරට එක්වුණු පැලීම්, තුවාල ගෙනහැර දක්වමින් චිත්‍රපටය සිවම්ගෙ අතීත කතාව වෙත මාරු වෙනවා.

සිවම් පෙර වාමාංශික අදහස් දරු වීදි නාට්‍යය කණ්ඩායම් සාමාජිකයෙක්. කාර්මීකරණයෙන්, ධනවාදයෙන් නැගී සිටි කම්හලේ ඉහල තැන් විවේචනය කරමින් නාට්‍යය කිරීම හා වෘත්තීය සමිති දැනුවත් කිරීම කරමින් යන සිවම් කම්කරුවන්ට උපරිම සහයක් ලබා දෙනවා වැටුප් වැඩි කර ගැනීමට. මේ අතර කලාවට ලැදි කම්හල් අයිතිකරුගේ දුව බාලා සිතුවම්, නාට්‍ය ගැන කතාබහේ පැටලෙමින් සිවම් සමග ආදරයකට මුල පුරනවා. දෙදෙනාගේ පන්ති පරතරය නිසා සිවම් සම්බන්ධය ගැන කලකිරෙනවා. නමුත් මත ගැටුම් මතින් වෙනත් පළාතකට පැන ගිහින් ජීවත් වීම නැමැති අවසන් තීරණයට දෙදෙනා එළඹෙනව.. ආදරණීය සිවම්. එදා සිවම් යන බසය අනතුරකට මුහුණ දී ඔහු රෝහල් ගත කරනවා. දැඩි කැළැල් මතින් ජීවිතය ඉදිරියට ගෙන යන ශක්තිය පල්ලියේ වෙද හා හෙද සත්කාර තුලින් සිවම් ලබා ගන්නවා. මේ සිදුවීමත් සමග ඔහු ජීවිතය දෙස මධ්‍යස්ථ ඇසකින් බැලීමට හුරු වෙනවා.

වර්තමාන කතාවට එද්දී අන්බරසු ජීවිතයේ වෙන සිදුවීම් වලට මුහුණ දෙමින් ගමන අතරතුර ජීවිත පාඩම් ඉගෙන ගන්නවා. ඔහුට ඒ සඳහා සිවම්ගෙනුත් බොහෝ උපකාර ලැබෙනවා.

කඩේ කාන්තාව -මරණෙන් බෙරිච්ච ඔයා දෙවියෙක්ට සමානයි

සිවම් - ඔයත් එහෙමයි. ආදරය, සෙනෙහස දක්වන අයත් දෙවියන්ට සමානයි.

- - - - - - - -

අන්බරසු - දරුවෙක්ට මහපාරේ මැරෙන්න දීල... ඇති දෙවියෙක් නෑ. අහ් නෑ නෑ මං ඔයා වගේ දෙවියෝ අවිශ්වාස කරන්නෙ නෑ.

සිවම් - මං දෙවියෝ අවිශ්වාස කරනවා කියල කවුද කිව්වෙ.

 

මානවවාදය ප්‍රකට කරමින් දෙවියන් ගැන ඍණ ආකල්පයක් පෙන්වීම නිසාදෝ Anbe Sivam (2003) ආදායම් වාර්තා අතින් අති සාර්ථක වී නෑ. නමුත් රූපවාහිණිය තුළ ප්‍රදර්ශනයෙන් එය බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන තියෙනවා. සමස්තයක් වශයෙන් චිත්‍රපටය ඉතාම හොඳ තත්වයක තිබෙන අතර වැඩි සිද්ධිදාමයන් ඔබ්බවා සිවම් විස්තර කරන්නට යෑමෙන් කතාව දිග්ගැස්සී ඇති නමුත් එයින් වැඩි අවැඩක් චිත්‍රපටයට නොගෙනෙයි. Kamal Hassan අනෙක් තම චරිතවල මෙන් සිදුවීමෙන්, චරිත ස්වරූපය තුලින් සිනහව මතු කරලීම යොදා ගෙන ඇති අතර එය වෙන චිත්‍රපටවල මෙන් මෙහිද ඉතා සාර්ථක වී අත. චාලි චැප්ලින්ගේ ආභාෂය මෙහිදී ලබාගෙන ඇති බවද සමහරෙක් විචාරකයින් අදහස් දක්වා ඇත. Kamal ගේ බොහෝ චිත්‍රපට වල එය දක්නට හැකි කරුණකි (මට අනුව). ඒ ආභාෂය ඔහුට සාර්ථකත්වය ගෙන දී ඇත. ඒ වාගේම Planes, Trains and Automobiles (1987) හි කතාවට සමානකමක් දක්වන බවද විචාරකන් අදහස් දක්වා ඇත. නමුත් hollywood චිත්‍රපටය හා මෙහි කතා තේමාව එකිනෙකට බොහෝ වෙනස්ය. එය නිර්මාණ දෙකම නැරඹු විට මනාව වැටහේ. සමහරුන් රජිනීගේ බබා චිත්‍රපටයේ දක්වන ආගමික යටිපෙලට සමාන බවක් මෙහි තිබෙනවා යැයි කීවත් දෙකෙහිම කලින් ලෙස තේමා බොහෝ වෙනස්ය. නමුත් සටන් සම්බන්ධව ගෙන එන අදහස වන, Hollywood චිත්‍රපටයකින් සටන් හැසිරවීම උපුටාගෙන ඇති බව බැලු බැල්මට පෙනුනත් එය රසවිඳනයට කිසිඳු බාදාවක් නොකරන අතර එය චිත්‍රපටයේ සටන් දර්ශන වල සාර්ථකත්වයට බෙහෙවින් උපකාර වී ඇත.

 

කවුරුන්ද කවුරුන්ද දෙවියන්..

ඔබයි මමයි වේ දෙවියන්

ජීවිතයම එකම තපසකි

ආදරය දෙවියෙකි.....

හදවත නිකන්ම මස් වැදැල්ලක් වූවා නම්

එය දැවී හලුව යයි

නමුදු එය ආදරයේ අවියක් වූයේ නම්

එය මරණයත් ජයගනු ඇත

23 comments:

  1. මිනිස්සුන්ට බලන්නයි චිත්‍රපට ඕන

    ReplyDelete
  2. මට මඟ හැරුණු; වැළලුණු ෆිලුමකි මේක
    බලන්නයි කියා හිත කියනව ඒක
    ලෙසටම ලියල තියෙනව ඔබෙ post එක
    අගෙයි පැරණි මිණි-මුතු ගොඩ ගන්න එක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි කවියකින් සංග්‍රහ කොලාට

      Delete
    2. බැලුවා. ෆිලුම අහිංසක සොඳුරු කවියක් වගෙයි.
      මට පෙනෙන ලොකුම අඩුව film එක හැදිච්ච කාලය එක්ක බලද්දී වෙච්චි අඩුවක්. අනවශ්‍ය තරං දිග්ගස්සන ගතියක්.... 2003 හදපු එකක්නේ. අද හැදෙනවා නං ලේසියෙන්ම පය 3/4 විතර අයින් කෙරෙයි.
      හොඳම දෙබස "Dog අනිත් පැත්ත හැරෙව්වම God!"

      Delete
    3. හ්ම්.. දෙබස් රඟපාපු Madaavnම තමයි කරලා තියෙනවයි කියන්නෙ නිදි.

      Delete
    4. එහෙමද? film එකකිනුත් මිනිසුන්ව කොච්චර ඥානනය කරන්න හැකිද කියලා හිතෙනවා මේ ෆිලුමේ දෙබස්වලින්.

      Delete
  3. සමාවෙන්න කලක් ගතවූවාට! එකතුකලා "බ්ලොග් සඟරා" කොලමට! ගොඩවැදී බලන්න. අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගය හරහා ප්‍රචාරණයක් ලබාදීමට කාරුණික වන්න!

    ReplyDelete
    Replies
    1. සින්ඩිය පටන්ගත්තු කාලෙම ප්‍රචාරය ලබා දෙනවා නෙව

      Delete
  4. දමිළ හා හින්දි පිචැර් ඉංග්‍රිරිස් එවා තරම් බැලෙන්නේ නෑ. ලොකුවට ආසාවක් ඇත්තෙත් නෑ. හැබැයි අල්ලලා ගියොත් ඉවරවෙනකම් බලනවා.

    ReplyDelete
    Replies
    1. ඉංගිරිස් එව්වා තරම්ම හොඳ ආසියානු films දැන් හැදෙනවා අසංග!

      Delete
    2. හ්ම් මාත් එහෙමයි කොළොම්පුර්.
      නිදි ඒම උනත් bollywood නම් ගොඩක් ඊට පිටුපහින් ඉන්නෙ.

      Delete
  5. චිත්‍රපටය බලන්න හිතුනා.කදිම සටහනක්. හොද මලයාලම් චිත්‍රපට රැසක් බැලුවා.ඉඩතියෙන වෙලාවක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක හොඳා අනුරුද්ධ..

      Delete
  6. බලන්න ආස හිතුනා. ස්තුතියි සටහනට

    ReplyDelete
  7. Can u change the font color... ??? nothing is visible

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්