සුපියලේ සහන පැකේජය සහ තවත් කතා....

 

 ඉතීම් හිතෝතුනි මේ පත්ව ඇති සරුව පක්සි පාන්ඩුවෙන් දුන්නු පළමු හා දැවැන්ත සහනය තමා.... ඔය තෙල් ලීටරයකට සුපියලක්ය කියන සහන පැකේජය. ඒත් මේ පැකේජය බූලි වලට හම්බු නොවෙන බවයි තරුණ ඇමති අවධාරණය කරන්නෙ... තරයේම. (තාම පැඟිරි විසේ වෙන්ටෑ) දවසකට ලංකාවේ ලීටර කී කෝටියක් ගහනවාද... හිටන්. එහෙම බැලුවොත් අපේ තරුණ ඇමති, රනිල් අගමැති ඇතුළු සරුව පක්සි පාන්ඩුව දරන පාඩුව සුළුපටු ද පිංවතුනි... නෑ. ඒක පපු කවුත්තටම දැනිච්ච පිරිසක් සෙඩ් එකක් ගාව කැට තියල.... ඒ පාඩුව පියවන්න සුපියල සුපියල එකතු කරන්නත් කටයුතු කරලා තිව්නයි කියන්නෙ.

අගමැති උනු රනිල්තුමත්... මං ආවේ වැඩකරන්න, ගොඩදාන්න කිව්වට තාම ගොඩදාපු දෙයක් දැකපු කෙනෙක් නැති තරං. නන්දලාල් උන්නැහෙත් බැංකු පුටුවට ආවේ මං ගොඩදාන්නං කියාගෙන. ඒත් පහුව හුළං බැස්ස... යන්නත් අදහස් කරනවය කිව්වෙ. ඒ මදිවට හිටි අයම ආපහු ඇමති පදවි වල. හරීන් නම් තාත්තගෙ අදහසුත් විමසල අහක බලං තමා පත්වීම අරං තිව්නෙ... රට වෙනුවෙන්. බැලිනං ගෝඨා හාමු අස්පස් කරන්න, මකුළු දැල් කඩන්න තමා කැබිනට්ටුව එහෙ මෙහෙ කරලා තියෙන්නෙ. කෝ ඒකට ඉතීම් උදව්වක්වත් දුන්නෙ නෑනෙ ලැජ්ජ බයට හැදුන සජිත් පුතානෝ.

හැබැයි ඉතීම් මේ ඵල නොදරන 225 සැට් එකෙන් මාධ්‍ය සාකච්ඡා තියල කතානම් පැවැත්තුවා දිවා රෑ නොබලා. එහෙම උනාට රටේ තෙල් හිඟ ඇති කොටත් පක්ස රැස්වීම්, කතානායක හමු, අභ්‍යන්තර සාකච්ඡා මේ හැම එකටම දුව ඇවිදන් මේ කස්ටිය තෙල් නහත්තිකරේ තම තම දේසපාළන අනාගතය වෙනුවෙන්... නෙවේ රට ගැන හිත් ලාල. මේ ඇතුළු රටේ කිසි  පුරස්නයක් ගැන හරියට කතා නොකෙරු බහුතර මාධ්‍ය ආයතනයත් කියව කියවා කාලේ නහත්තිකරේ... රට ගැනම හිත ලාල.

ඉතීම් වෙසක් සිරි... ගිය වාරේ වගේ නැතිව, මේ වාරේ අපිට දුන්නෙ අප්පච්චි වහන්දෑමයි. ගිය වාරේ නෝනි බැති ගී දුන්න. මේ වාරේ අප්පොච්චි තොරන් රාජය ප්‍රදර්සනය කළා.... රටටම වෙසක් සිරි කුළු ගැන්වෙන්න. ජාත්‍යන්තරෙත් ඇහැ ගැටිලයි නතර උනේ. තොරණට පාදක උනු කතා වස්තුව ‘ගිනිතිව් හනුමා’. මේ කතාවෙන් අපිට දර්මය ප්‍රායෝගිකවම දැනෙන්න දුන්න... අප්පොච්ච. වඩාත්ම පිංවතෝනි, දිට්ඨධම්මවේදනීය කරුමය ගැන. ඒක දැක ගන්න පුළුවන් උනේ තොරණේ පහල තිව්නු කොටු කීපයකින්.... මේ ගැහුවා, මේ රිටර්න් එක ලැබුන ගෙවල් වලට යන්නත් කලියෙන්. ඒත් උඩහම කොටුවල ඉන්න අයට වෙන දේ ගැන තාම වගක්වත් තොරණේ ගෑවිලා තිව්නෙ නෑ. කෝම උනත් ඉතීම් සෑම කිරියාවකටම හේත්තුවූ ඵලයක් තියෙනවා නෙව. පහුව තැපෑලෙන් හරි ලැබෙන්න තියෙන දේ ලැබෙනවා... රජය මේ වෙසක් මාසෙ වෙනුවෙන් ජහමනයාට ඉදිරිපත්කල තේමාව තමයි ඒ.

සාතිසය බහුතර ජනයා රට හැදෙන්න ඕන කිව්වට.... ඒකට ලැහැත්ති ද?. විභාග ලියන සමහර දරුවන්ටත් යන්න නොදී වෙච්චි සමහර උද්ඝෝෂණවල හඬ, රටකරන මහතැන් වලට දැනෙයිද. ඇහෙයිද. අපි අපිම ගහගෙන, ඇන කොටාගනිද්දි... අපිට ලැබෙන අවසන් ප්‍රතිඵලේ මොකක්ද?. ඒත් මොක හිතන්නත් තේරුම් ගන්නත්... බඩේ, හිතේ ගිනි තියෙන උදවියකට පුලුහං වෙයිද. ඒක නිසා නෙවෙ බුදුහාමුදුරුවො පවා කීවේ බණ දෙසන්නත් කලින් අහන උන්දලා බඩ පුරවාන ඉන්න ඕනෑය කියල.

තා පැත්තකින් යන කතාවක් තමයි දූෂිත නිලධාරි රැල නිසාත් මේ රට ගොඩ ගන්න බැහැය කියල. ඒක සක් සුදක්සේ පැහැදිලි කාරණයක් උනත්..... මගේ මතකෙට ආවේ එහෙව් දෙයක් කරන්න හදාපු වංචා පිටුදැකපු හිටපු නියෝජ්‍ය විගණකාධිපති නිලධාරියෙක්... ලලිත් අඹන්වල. අපේ ලොකු තැන් ඇතුළු ජහමනයාම නෙව උන්දට ඇසිඩ් වක්කොරලා හිට පන්න ගත්තෙ. මේත් අපිට නොපෙනෙන පැත්තක්... එතරම්ම මේ ක්‍රමය ජරාජීර්ණ, වැහැරුණු එකක් වෙලා නෙව.

ඒ. එච්. එම්. ලලිත් අඹන්වල

පෝලිමේ ඉන්ට ආස නැතිව පෝලිම් පනින්ටම කැමති පිරිසක් වෙච්චි අපි. එහෙම තියාන වෙන උන්දලා අපිව පාස් කරාන යනකොට තමයි අපට සාධාරණය, නීතිය මතක්කා වෙන්නෙ. ඇඟේ ලේ කුපිත වෙන්නෙ.

මේ ටිකේ දැන්... පහේ විභාග ලිව් ළමයි ඉක්කෝල වලට දාගන්න ගහන ගැට හා ලොකු තැන් ඉදිරියේ නැවෙන්න සුදානං දෙමව්පියො පහුගිය ටිකේ system change ඉල්ලාන කෑ ගැහුව අය අත‍ර හිටියේ නැද්ද මන්ද. ඔය අතරේ සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන කතාවක් තමයි “දකින්න අවස්ය වෙනස තමන් තුලින්ම ඇති කර ගන්නය” කියලා කියන වැකිය.


ආයේ තව පැත්තකින් කොරෝනා, අරගල, lockdown, තෙල් මිල ඉහළයාම් අස්සෙත් ගෝලීය උෂ්ණත්වය එන්න එන්නම වැඩි වී තියේ... කියලා කියන්නෙ. තව දසකයක් දෙකක් වගේ යනකොට... දැන් අපි වතුරට ගෙවා ගන්නැහේ හුස්ම ගන්න එකටත් ගෙවන්නට වේවි. එදාට හුස්ම දෙන ටැංකි ගන්නත් මේ දැන් තියෙන විදිහේ පෝලිම්... පාලකයන් එදාටත් පවත්වාන යාවි. අපි එදාටත් ගහගනීවි. වෙසක් සමරාවි. ඒ අතර නාමල් රජ වී, දැන් ඇමැතිලාගේ මුනුපුරෝ ඇමති වී ඉන්ටද පුලුහං වේවි. කෝම උනත් හමෝට්ටම සුබ අනාගතයක් !

21 comments:

  1. රනිල්ගෙ දේශපාලන පැටිකිරිය බැලුවාම, එච්චර විස්වාසයක් තියාගන්න අමාරුයි. මේ යන විදිහට, වැල් පාලමේ ගිහින් මයිනයි, කපුටයි නං ගොඩ දාවි. කලිනුත්, ජනෙල් කූරුවල එල්ලපු මයිනව ගොඩ දැම්මෙත් රනිල නෙව?
    මෙන්න දැන් නන්දලාල්ටත් බැස්ටිය දෙන්න හදනව කියන්නෙ?
    https://www.lankahotnews.net/2022/05/video_25.html

    ReplyDelete
    Replies
    1. නන්දලාල්ට වඩා ඔතැනට කුමාරස්වාමි හොඳයි කියල තමයි ගොඩ දෙනෙක්ගෙ මතේ. එයාව දාන්න නෙ හදන්නෙ.
      මොකා ආවත් ඉතීම් මේ ඇම්බැට්ටයො කරන්න දෙන එකක් ඈ....

      Delete
    2. ඇයි කුමාරස්වාමි, නන්දලාල් නොදන්න මැජික් දන්නවා වෙන්න බෑනෙ? මේ කාඩ් ඇනිල්ලයි, කමිටු පත් කිරිල්ලයි ඇරුනාම, වෙච්ච දෙයක් නෑ.
      නිකම් සල්ලි දෙන්න බෑ! මුලින්ම ආර්ථික පදනම සකස් කරගන්න! - මූල්‍ය අරමුදල
      https://www.lankahotnews.net/2022/05/sri-lankas-economy-collapsed-due-to.html

      තාම වරායෙ නැව්වලට, දඩත් එක්කම ගෙවන එකෙන්ම තේරෙනවා, අපි තමයි හොඳටම කරන්නෙ කියලා.

      Delete
    3. එහෙමයි එහෙමයි ආයිබොවන්ඩ... link වලට ඉට්ටූටියි

      Delete
  2. "දූෂිත නිලධාරි රැල නිසාත් මේ රට ගොඩ ගන්න බැහැ" ඇත්ත. ඒත් ඇත්ත හේතුව දූෂණය සමාජගත වෙලා, සාමාන්‍යකරණය වෙලා තියන නිසා. ලලිත් අඹන්වලලට ඇසිඩ් වදින්නෙ, මේ දූෂිත සමාජ සංස්කෘතිය තුලයි. රංජන්, ෆොන්සේකා හිරේ යන්නෙ, පිල්ලෙයාන්, කුඩු දුමියා නිදහස් වෙලා තානාන්තර වලින් පිදුම් ලබන්නෙත් ඒකයි.
    "දකින්න අවස්ය වෙනස තමන් තුලින්ම ඇති කර ගන්න. සෝබන අත්හැරලා, සරලව අරපිරිමැස්මෙන් ජීවත්වෙන්න" කිව්වට, කෙරෙන්නෙ නෑ. ලස්සන චවන, ඒත් ඒ ප්‍රායෝගික කැපවීම කරන්න කැමති නෑ. පැකේජ් දීපල්ලා, සහන දීපල්ලා කීම තුලම තියෙන්නෙ, ඔය සංකල්පයට විරුද්ධ අදහසක්. තියෙන ක්‍රමයට, විරුද්ධව උඩුගං බලා පීනන එක ලේසි දෙයක් නෙමෙයි. මේක පිටින් පේනවට වඩා සංකීර්ණයි.එලිපිටම ආත්මාර්ථකාමී , අසාධාරණ , two tier system එකක, කොළඹට කිරි- රෝයල් අධ්‍යාපනය තියෙන තාක් කල්, ළමයි ඉක්කෝල වලට දාගන්න ගහන ගැට හා ලොකු තැන් ඉදිරියේ නැවෙන්න සුදානං දෙමව්පියො හිඟ වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. http://deepthidonkor.blogspot.com/2022/05/blog-post_24.html

      Delete
    2. මේ සංක්‍රාන්ති සමයෙ ඔය උඩුගං බලා පීනන වැඩේ පටාන් ගන්ට නියමෙට සෙට් වෙනවා. ඒත් ඉහල තැන්වලින් ඒකට සුදානම් නෑ නෙව බෂ්. මාධ්‍යට උනත් මේ change එකට ලොකු දායකත්වයක් දක්වන්න පුලුහං. ඒත් මේ දෙපිරිසම දන්නවා system වෙනස් උනොත් උන්ට පැවැත්මක් නැහැය කියල...
      අපි අපිටම හැදෙන්න වන සීන්කොන් එකක් තියෙන්නෙ.

      Delete
  3. රට හා රටවැසියො වෙනුවෙන් පෙරට ඇවිත්
    ඉන්නා තරුණ පෙළ සේරම ගමෙන් ඇවිත්
    ගමට කැකිරි ඉස්කෝලෙට තමයි ගියෙත්
    ගම්වල ගුරුවරයො දරුවන් හොඳට හදත්

    පුද්ගලයා හැදෙන විට ලෝකෙම හැදෙන
    කතාවක් තිබෙයි ලොකු අරුතක් කියන
    සපයා උගැනුමක් පරහිතකාමි වෙන
    දැන්වත් පටන් ගමු! ක්‍රමයක් රට නඟන

    තමන් තුළට එබිලා හොඳ හැටි බලලා
    තියෙන නුගුණ හැකි තරමින් දුරු කරලා
    අලුත් වෙන්න හිතුවොත් එකමුතු වීලා
    මතු පරපුර නොයනු අත මව්බිම දාලා!

    ReplyDelete
    Replies
    1. ඔව් නිදි. ක්‍රමේ ආරම්භ වෙන්ට ඕනෑ අධ්‍යාපනයෙන්. එකට හොඳම තැන පාසල සහ හැම දරුවගේම මුල් ගුරුවරුන් වන දෙමාපියන් සහිත නිවස.

      Delete
  4. මේ ඉන්න දේශපාලකයන්ට වාදභේද, බඩජහරිකම් අමතක කරලා එකතු වෙලා වැඩක් කරන්න මේ විනාශය හොඳටම මදි. මීට වඩා දැවැන්ත විනාශයක් ඕනෑ!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. එතකල්ම තමයි මුන් කල් මරන්නේ..

      Delete
    2. මීට වඩා වෙන්ට ඕනෑ දැවැන්ත විනාසෙ ඉතීම් මේ දූපතම වතුරෙන් යට වීම තමයි Litseeker
      ඒ කියන්නෙ නිදි මුන් කල් මරන්නෙ අපි මැරෙන කල්ද...

      Delete
    3. කලාතුරකින් හරි මුං එකතු උන අවස්ථා ගැන සිහිපත් කරමු. 1971 කැරැල්ල, 1988-89 කැරැල්ල, සුනාමිය, 2009 ප්‍රභාකරන් ප්‍රමුඛ එල්ටීටීය විනාශ කරපු අවස්ථාව. ඔය හැම අවස්ථාවෙම අවම වශයෙන් 30000 වඩා මැරුණා.

      Delete
  5. මං මොකුත් කියන්නෙ, පැන්ෂන් ගියාට පස්සෙ. එතකල් වහෙං ඔරෝ තමා.

    ReplyDelete
    Replies
    1. වහෙං ඔරෝ උනත් කමක් නැහැ ඔහෙං ඔරෝ.... ඩ්‍රැක්ස්

      Delete
    2. ඔය ඉන්න ගමන්, අල ටිකක් වවපං ඈ? නැත්නම් ඉස්සරහට කන්න වෙන්නෙ මල්පැල.🤔

      Delete
  6. https://www.research.advocata.org/re-nationalisation-srilankan-airlines-follies-state-enterprise/

    ReplyDelete
    Replies
    1. හැමතැනම ඕක තමයි හෙනේට හිටින්නෙ Pra Jay...

      Delete
  7. ඔලමොට්ටල පාලකයින්, නිලධාරීන් රුසියානු ගුවන් යානාව ඇතුළු මගීන් 191 දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තරයෙන් එල්ලවන්නට පුළුවන් මීළඟ විපත්තියයි.

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්