We Will Rock You...

මේ වැස්ස අස්සෙ හීතලට ගුලි ගැහෙන්න..... නෙවේ, ඇඟේ හිරිමැලි හිරිඔතප් කඩාගෙන පොඩ්ඩක් hot වෙන්නත් එක්කලා සිංදුවක් අහමු. සිංහල එකක් නෙවේ ඉංගිරීසි සිංදුවක්J. රැජිනගෙ රටේ... රැජින group එක කියපු.


We Will Rock You... මේ සිංදුව අහපු නැති කෙනෙක් නැති තරම්. අමතක අයට සිංදුවේ හඬ ඇහුණ ගමන්ම මතක් වෙන තරමේ ලොව පුරා එකසේ ජනප්‍රිය ගීයක්. මේ ගීයේ පද මාලාව ගැන (විචාර) මතත් දෙක තුනක් තියෙනව. ඒත් ඒ එක අර්ථයක්වත්, පදමාලාවේ උචිත බවවත්... වැඩි තේරීමකින් තොරව, ගීය බොහෝ ක්‍රීඩා තරඟ, ප්‍රසංග සඳහා භාවිත කර තියෙනව... ඒ "We Will Rock You" වැකියත්, වේගවත් ආකර්ෂණීය හා ජවසම්පන්න සංගීත රටාවත්, ගායනයත් නිසා.

ජාතික පාපන්දු ලීගය, ජාතික හොකී ලීගය සහ මේජර් ලීග් බේස්බෝල් හි 2008-2009 වාර වලදී වැඩිපුරම වාදනය වූ ගීය... We Will Rock You ගීයයි. සහ වර්තමානයේ දී ද වෙනත් අනුවාද සහිතව හෝ රහිතිව වැඩිම වාදනය වන ගී අතුරින් එකක් වන්නේ මෙයයි.


Buddy, you're a boy, make a big noise

Playing in the street, gonna be a big man someday

You got mud on your face, you big disgrace

Kicking your can all over the place, singin'

We will, we will rock you

We will, we will rock you

 

Buddy, you're a young man, hard man

Shouting in the street, gonna take on the world someday

You got blood on your face, you big disgrace

Waving your banner all over the place

We will, we will rock you, sing it!

We will, we will rock you

 

Buddy, you're an old man, poor man

Pleading with your eyes, gonna make you some peace someday

You got mud on your face, big disgrace

Somebody better put you back into your place

We will, we will rock you, sing it

We will, we will rock you, everybody

We will, we will rock you, hmm

We will, we will rock you

Alright


ගීයේ පද රචකයා වන්නේ 'Queen' band එකේ guitarist Brian Mayගයන්නෙ Queenහිම නායක කවුරුත් දන්න Freddie Mercury. බලලා ඇති නේ Bohemian Rhapsody (2018) ෆිල්ම් එක... Rami Malek ඉන්න.

Queenඑයාලගෙ ඇල්බම් එකක් වන News of the World සඳහා 1977දි තමයි මේ සිංදුව පටිගත කරල තියෙන්නෙ. Brian මේක ලියල තියෙන්නෙ සරල වචන ටිකක් යොදාගෙන. කුඩා - තරුණ - මහළු යන පිරිමියෙක්ගෙ අවධින් තුනක් තමයි මේ පදමාලාවට ඇතුළත්. මේ පිරිමි ළමය පොඩි කාලේ ඉඳල අමාරු ජීවිතයක් ගත කළ බවයි පේන්න තියෙන්නෙ... ඒත් ඔහු නොනවතින ජීවය ඇත්තෙක්.

කොහොම උනත් මේ පද මාලාවට... සංගීතය හා ගායනය යොදා ගෙන තියෙනවා උචිත ද නැති ද කියා පවතින්නේ අසන්නා, විඳින්නා එය දිහා බලන විදිහ මත තමයි.

 

Official music video එකට වඩා ලයිව් sing කරපු Live Aid show එකේ කියපු එකේ පොඩි ගැම්මක් තියෙනව. අනික Freddie කියන්නෙ ඉතින් ප්‍රසංගයකදි රසිකය වඩාත්ම ඇදබැඳ ගන්න හා තම ගායනයට රසිකය එකතුකරගන්න දක්ෂතමයනෙ. මේක බලන්න.

Commercial වලින් ගත්තොත් Pepsi ඇඩ් එක ගොඩක් ජනප්‍රිය එකක්. Britney Spears, Beyonce, Pink & Enrique Iglesias ඉන්න මෙන්න මේක. කොම උනත් අර චිත්‍රාල්ගෙ 'නදී ගංගා' එකට වෙච්ච වැඩේ තරම් නම් සවුත්තුවක් නෑ. එකේ බේබද්දවයි බොන එකයි, සිංහයවයි සිංහලෝකයටයි සමාන කරානෙ.

26 comments:

  1. Freddie Mercury වයස අවුරුදු 45 වැනි කෙටි කාලයකින් මොලොවින් සමුගත්තේ AIDS රෝගයෙන්. ඔහු සමකාමියෙක් ලෙසින් දිවිගෙවු ගායකයෙක් ලෙසින් ප්‍රචලිත වෙලා තිබුනා.. ඔහුගේ නික්මයාම ලොකු අඩුවක්..
    ඇත්තෙන්ම අපූරු ගීතයක්..

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳ කටහඬක් තිබුණ ගායකයෙක්. බොහෝ ප්‍රසිද්ධ අයට උනා/වෙනව වගේ වෘත්තීය සාර්තකත්යව එක්ක පෞද්ගලිකත ජීවිතේ හරියට බැලන්ස්කරගන්න බැරි උනා.

      Delete
  2. //එකේ බේබද්දවයි බොන එකයි, සිංහයවයි සිංහලෝකයටයි සමාන කරානෙ.// මොකක්ද බොල ඒකෙ අවුල ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. සිංහලෝකය (වචනාර්ථය අත්හැර අපි මේක ගන්නෙ උසස් දේකට නෙ) සමාන කරානෙ බාර් එකට. තව මුළු පද පේළියම අරං බලන්න අරක්කු ඇඩ් එකකට ඒක යොදන එක සුදුසුද කියල.

      Delete
    2. ආාාන්න ඒ ප්‍රශ්නෙ ම තමා මාත් අහන්නෙ? ඇයි අරක්කු අවුල් ද?

      Delete
    3. බොලාට අවුලක් නැහ්නං මටත් අවුලක් නෑ... 😂

      Delete
    4. මටත් අවුලක් නෑ ..හැබැයි බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. ඇත්තටම ඔය සිංදුව දාල තිබ්බෙ බියර් ඇඩ් එහෙකට.

      Delete
  3. රසවත් පෝස්ට් එකක්.

    Bohemian Rhapsody ෆිල්ම් එකේ හිතට වැදුනුම කොටසක් තමයි හොස්පිටල් එකේදී (AIDS හැදුනු මුල් කාලයේදි ක්ලිනික් ගිහින් එනකොට වගේ මතක) Freddieව අඳුර ගත්ත ෆෑන් කෙනෙක් Ay-Oh කොටස hum කිරීම හා Freddie එයට ප්‍රතිචාර දැක්වීම.

    ෆිල්ම් එකේ රූගත කිරීම් සඳහා Live Aid ප්‍රසංගයේ Queen performance එක සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මානය කලා කියනවනෙ. නිදී හා ඩ්‍රැකී Thirteen Lives ගැන ලිව්වා වගේ ඒ ගැනත් කාට හරි ලියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ටැංක්ස් lotus...
      ඔයා කිව්වා සීන් එකනම් මතක නෑ අලේ. ඒත් ඔය Ay-Oh කෑල්ලයි, කකුලෙන් දෙන සද්දෙයි තමයි මං හිතන්නෙ එතෙක් මෙතෙක් වැඩිම දායකත්වය ලැබුනෙ සිංදුවකට... ප්‍රසංගය නරඹන්න ආ කස්ටියගෙන්. ඕඩියන්ස් එක ෆුල් නග්ගල ගන්නවනෙ.

      Delete
    2. ඔව් ඔව්.. ඔයා කිව්ව වගේ කාට හරි ඒ ගැනත් ලියන්ට පුලුහං (සද්ද නැතූ ඉන්ට ඕන. නැහ්නං මටම සැට් වෙයි😂)

      Delete
    3. ඔච්චර හොඳ විස්තරයක් ලියපු එකේ ඒ ටිකත් ලියන්න පුලුවන්නේ.

      ඒ සිදුවීම මට හිතට වැදුනෙ ඒ මොහොතේ Freddieගෙ මුහුණෙන් දෙන හැගීම් නිසා. මට හිතුනේ කොහොමත් හොස්පිට්ල් එකකදි ඕනෙ කෙනෙකුට ජීවිතය ගැන ඉතාම පොඩි බයක් හෝ දැනෙනවනෙ. එහෙම දෙන්නෙකුට යම් මොහොතකට පොදු, ඉතා කුඩාම සතුටක් ඒ විදිහට 'සිංදුව' හරහා ලැබුනා කියන එක. ෆිල්ම් එකක් නිසා මිසක් ඇත්තට නම් ඒ සිදුවීම වුනා වෙන්න බෑ, ප්‍රතිකාර සඳහා Freddie ගියෙ private patient කෙනෙක් විදිහට උදේ පාන්දර කියනවනෙ. නමුත් ෆිල්ම් එකේ එතනදි දෙන හැඟීම බලවත්.

      Delete
    4. ඔච්චර හොඳ විස්තරයක් ලියපු එකේ// Lotus මාව මුරුංග ඇත්තෙ තියන්නයි වාගේ ලැහැත්තිය.
      කමක් නෑ ඉතීම් ඔයා කීව හන්ද ලියන්ටම්කෝ... මතුයම් දවසක😂

      ඔව්. බයෝග්‍රපික් ෆිල්ම් උනත් 100% ඇත්ත කියල දෙයක් නෑ නෙ. ඔය හොස්පිටල් එකේදී හරි කොහේදී හරි මරණයත් එක්ක එන ඒ බය... මං හිතන්නෙ හැමෝටම එනවනම් හොදයි කියල😂. එතකොට එයාල ජීවිතේ ගැන මීට වඩා ගැඹුරින් හිතන්න ගන්නවනෙ.

      Delete
  4. නොදන්නා දෙමළෙ ගැන මොනවා කියලා
    ලියන්නද කියා හිටියා ගල් ගැහිලා
    යන්තං පොටක් Lotus ඇත පාදාලා
    මල් වට්ටියට අත ගැහුවැකි බය ඇරලා

    Live Aid ලන්ඩනයේ තිබුණු කල
    බලනවාද- මිතුරෙකු බැලුවත් අහල
    මේ වස්සා ගොන්- නැති හින්දාම මොළ
    ගියෙ නැත අසූපහෙ ඉඳලත් ළඟ අසල

    ReplyDelete
    Replies
    1. අප්පා ලොකු චාන්ස් එකක් නෙව මිස් වෙලා තියෙන්නෙ. ඒත් ඉතීම් කමක් නෑ... ගියානම් සමහර විට අන්තිම හරියෙ ඉන්න වෙන්නත් තිබුණ. සමහරු ඔය කොන්සර්ට් වලට ගිහින් ආපහු ගෙදර එන්නෙ හෙම්බත් වෙලා තෙරපිලා, කන් බ්ලොක් වෙලා හෙම

      Delete
    2. නිමල් එංගලන්තයේ හිටපු කාලෙ විස්තර සහිත පෝස්ට්ස් සීරීස් එකක් ලියයි නේද.

      Delete
    3. සමහර දේවල් දැනටමත් ලියලයි තියෙන්නේ Lotus, ළඟදිම තව විස්තර ලියවෙන පාටයි.

      Delete
  5. ලොකු අදහසක් නෑ ඉතින් 🙂

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්