2023 එන්න ඔන්න මෙන්න..

 

ඕන්, කැලැන්ඩරේ පෙන්නුම් කරන විදිහට 2022 අන්තිම දවසටත් ආවා. දවස් 365ක් ඉවර ගෙවල කරලා... අලුත් අවුරුද්දකට ඔන්න මෙන්න. ගෙවුණු දින ගැන නම් කස්ටියට විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා ඇති.

කොරෝනා තිව්නා, ඉන්ජස්සන් ගැහුවා, ඡන්ද දුන්න, අරගල කරා, අරගල ගල් උනා, මරාගත්ත... බැන්ඳ, ලිහුව, ළමයි හැදුව, පන්සල්- පල්ලි ගියා.

කෑවා, බිව්ව...

හම්බ කරා, රස්සා කරා, අංචි ඇද්ද, ලොක්කන්ට ගොටු ඇල්ලුව, ප්‍රමෝසන් ගත්ත, ඔපිස් එකෙන් මාටිය ගැහුවා, ඩ්‍රින්ක්ස් ගත්ත, හොර ගෑණු පස්සෙ ගියා, sex කරා, රණ්ඩු කරා, අනුන්ගෙ කුණු හෙව්ව, කේලම් කිව්ව, වයිරල් හුටපට බැලුව - හෙව්ව, trip ගියා, ජොලි කරා, කාලේ ගෙව්ව, වයසට ගියා, තාම මැරුන්නෑ

ඕම ඇවිත් දැන් හැමෝටම 2023ත් එක එක plan, ප්‍රාර්ථනා ඇති.

 

ඒ අතරින්... සමාජයටත් තමාටත් යහපතක් වෙන plan, ප්‍රාර්ථනා පමණක් සඵල වේවා කියල wish කරනවා ඕන් හැමෝට්ම..!




23 comments:

  1. ඔබටත් බලාපොරොත්තු සඵල වන අර්ථවත් නව වසරකට ආසිරි!

    ReplyDelete
  2. ජය සෙත සැපත සම්පත
    හිමිවී, නිරෝගී සුව
    සැනසීමෙන් හිඳින්නට
    අපට හැකි වේවා මෙතැන් සිට!

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා! :)
    - ඉස්සර බ්ලොග් ලියපු බස්සෙක් -

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් ඒ ඉස්සර බස්සට තහනමක් වැටිලාද....
      සුබම සුබ නව වසරක් වේවා ඔබතුමාට !

      Delete
    2. මඟුලක් අහනවා? තහනමක් නෙමෙයි, ආවෙ නඩුවක් (තැපෑලෙන්). ඒකයි මේ ඉඳහිට ඔලුව දාලා යන්නෙ. :)

      Delete
  4. සුබ නව වසරක් වේවා!! 2023 ඔය පැත්තට 'එන්න ඔන්න මෙන්න' තියෙද්දි අපිට ඇවිල්ලත් ඉවරයි. ස්වබාව දර්මයට අලුත් අවුරුද්දවත් හැමෝටම එක වෙලාවට දෙන්න බැරි හැටි.

    කෝ දැන් මේකෙ ලියලා නෑනෙ බ්ලොග් ලිව්වා කියෙව්වා කියලා

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිව්වා කියෙව්වා// - ඒක මිස්වෙලා අලේ 🙈
      lotusතුමීට වේලපහ අවුරුද්ද ආව කියන්නේ... සොබාදහම අපට කැතම කැත වැඩක් කරලා තියෙන්නෙ හිටන් 😂

      Delete
  5. Replies
    1. අඩේ ඒක නියමයි නෙව? අකුරුම තුනයි. ඔබ වහන්සේටත් HNY ! :)

      Delete
    2. NY දැන් HNY "ද" ප්‍රාජේ බොස්.
      බස්... නීමයි නීමයි

      Delete
  6. සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  7. වෙන්න ඕනේ කොහොමද, එසේ ම වේවා!!

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි... අඟහරුවා🙏

      Delete
  8. සුභ නව වසරක් වේවා නමියා තුමා

    ReplyDelete
  9. සුබ නව වසරක් වේවා !!

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්