Bohemian Rhapsody (2018) සහ Live Aid

 දරිද්‍ර අප්‍රිකාවේ... සහනයාත්‍රා වැඩසටහනක් සඳහා පුණ්‍යාධාර එකතු කිරීමට පැවැත්වූ 'Live Aid' සංගීත ප්‍රසංගයේ කොටසක් ප්‍රතිනිර්මාණය වෙයි කියල, එදා ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයින්ගෙ හිතේ කොනකවත් තියෙන්න නැතුව ඇති.

ඒ වගේම මේ ගැන ලියන්න මගෙ හිතේ කොනකවත් තිව්නේ නෑ. මේ අලබෝලෙ මට සැට් කරේ... Lotus.

නිදී, ඩ්‍රැකී Thirteen Lives ලිව්ව වගේ නමීට මේ ගැනත් ලියන්නට පුළුවන් නෙ කියල... We Will Rock You පොස්ටුවට ලෝටස්තුමී කොමෙන්ට් කළා. bucket list එකට ඒ වැඩේ දාන් ඉන්න තිවන, වෙන බ්ලොගක ඒ කොමෙන්ටුව දාල තිවන නම්. ඒ හන්ද හිතහදන් මට සප් එකක් ගන්න කවුද ඉන්නෙ බැලුව. නයා.. උහුම්. Pra Jay, අජිත් බොසා. ඔක්කෝම ඇහැව්වොත් බිසී කියයි. කොලොම්පුරයත් ගත්කටටම බිසී කියන එකේ. ඒ නිසා මං තනීම මේ පෝස්ටුව ලියන්ට හිතාගත්ත... ඇහැක් තරමින් සාරාංන්සව, පොඩිවට.

 Freddie ලොක්කට AIDS හැදෙනවා (හැමෝම දන්න විදිහට)... විශ්වාසදායී ලිංගික සහකරුවන් එකකට හෝ දෙතුන්දෙනෙකුට පමණක් සීමා නොවුන නිසා. මේ කාලෙම වාගේ දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වෙනව ලන්ඩනේ අර සහනයාත්‍රා අදහසින්. දිනවකවානු ගත්තොත්... 1985 ජූලි 13. බිලියන ගණනක් වූ රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් වගේම සජීවී ප්‍රේක්ෂක පිරිසේ ප්‍රමාණයත්... අති විශාලයි. ඒ හේතුවෙන් මෙතක් පවත්වපු ප්‍රසංග අතුරින් දැවැන්තම එකක් ලෙස 1985හේ Live Aid සංගීත ප්‍රසංගය ගැනෙනව. මෙහි කොටසක් නැවත ප්‍රතිනිර්මාණයට ඉඩ සැලසෙන්නේ... Live Aidහි Freddieගේ ප්‍රාසාංගික කොටස, ඔහුගේ ජීවිත කතාවේ... වැදගත් සිදුවීම් බව Bohemian Rhapsody (2018) නිෂ්පාදකයන්, අධ්‍යක්ෂකවරුන් තේරුම් ගත් නිසයි.

ඒ වගේම නිෂ්පාදන අංශ/ කැමරාශිල්පී මෙයට green screens තාක්ෂණය භාවිතා නොකර ඒ සජීවී රසවින්දනය, තාත්විකත්වය චිත්‍රපටියෙන් මතුකරලන්න අදහස් කරල. ඒ වගේම වේදිකාව පිටුපස/ ඒ මත සිදුවන කුඩා වූ හෝ සංසිද්ධියක් රූප රාමුවට ගෙන ඒමටත් උත්සහ කර තියෙනව. ඒ නිසා එදා Wembley ක්‍රීඩාංගනය තුළ ඉදිකර තිබූ සියල්ල ඒ ආකාරයෙන්ම දර්ශන තලයට ගෙන ඒමේ අසීරු කාර්යට ඔවුන් මුල පුරල. එක් පැත්තකින් එය කැමරාශිල්පී Newton Thomas Sigelට නිදහසේ අවශ්‍ය අවස්ථා/ පැති දර්ශන ලබා ගැනීමට විශාල උදව්වක්ද වෙන්නට ඇති.

"අපිට වැඩි යථාර්ථයක් ගැනීමට හැකි වන අතර, නළුවන්ට හා කැමරාවට දර්ශන තලය වඩා ලං කළ හැකි තරමට, ප්‍රේක්ෂකයන්ට රූපරාමුවල යථාර්ථය සහ බර වැඩි වැඩියෙන් දැනෙනු ඇත." - නිෂ්පාදන නිර්මාණකරු Aaron Haye

 


Wembley Stadium එක ප්‍රතිනිර්මාණයට තෝරා ගැනුණේ... එහි සැබෑ පරිමාණයන්ට සමාන වූ උතුරු ලන්ඩනයේ පැරණි හා දැවැන්ත ගුවන් තොටුපලක්. (වර්ග අඩි 70,000ක ඉඩකඩක්, උස අඩි 70ක ප්‍රමාණයක්). රූපගතකිරීමේ සිටි 2,000ක ප්‍රේක්ෂක පිරිස 70,000ක් බවට පත් කිරීම සඳහා ඔවුන් GCI තාක්ෂණය භාවිත කර තියෙනව.

කැමරාශිල්පී Sigel නළුනිළියන් පෙරහුරු කරන මොහොතේ පවා ඒවා අධ්‍යනය කරමින් සිට තිබුණ.

'මම පෙරහුරු ගණනාවක් දැක්ක, ඒවා අධ්‍යයනය කරන්නට පුළුවන් වන විදිහට මගේ iPhone එකේ පටිගත කරගත්ත'

ඒ පෙරහුරු දැකීම ලොකු උදව්වක් උනා, මොකද එය වඩා හොඳින් සැලසුම් කිරීමට ඉඩ සලසන නිසා සහ ඒවායින් ආශ්වාදයක් ලැබෙනව. ඔවුන් කරන දේවල් දකින අතර කැමරා කෝණ සොයා ගන්නත් හැකි වෙනව, නැත්තං 'අනේ, මට ඒක අතපහු නොවෙන්න වග බලා ගන්නට ඕන' කියල හැම දේ ගැනම හිතන්න වෙනව.

චිත්‍රපටයේ මේ ප්‍රාසාංගික කොටස වෙනුවෙන් Freddie Mercury ට රඟපෑ Rami Malek හා සංගීත කණ්ඩායමේ අනෙක් පිරිසද වෙනම සති හයක පෙරහුරුවක් ලබා ඇති අතර අංග රචක Polly Bennett සමග ඔවුන් ගැඹුරින් තමතමන්ගේ කාර්යයන් අධ්‍යනය කර තියෙනව.

එමෙන්ම MalekFreddieගේ ඒ දත් ඉදිරියට නෙරා ඇතිබව පෙන්වන, කෘතීම සැකැස්ම... ප්‍රතිනිර්මාණය වන ප්‍රසංගයේ පටිගත කිරීම් වලදීද පැළඳගෙන ඉඳල තියෙනව. (චිත්‍රපටයේ මුල සිටම Malek මෙය පැළද කතා බහ කිරීමට වෙනම පුරුදු පුහුණුව තිබේ).

* * * * * * *

මේ සියල්ලෙන්ම චිත්‍රපට කණ්ඩායමට ඕන කර තිබුණේ... හුදෙක් සිදුවීමකට එහා ගායකයකුගේ ප්‍රාසාංගික හැඩය, ඒ මොහොතේ ඔහුගේ/ඔවුන්ගේ මනෝභාවයන්, අංගචලනයන්වල හා රසිකයන් අතරත් Freddie අතරත් අන්‍යොන්‍ය ඒකාත්මික වීම තාත්විකව කැමරාවට හසු කරගැනීමටයි.

කොහොමින් උනත් කරුණු හොයද්දී තමා දැනගත්තේ මේ ෆිලුමත් ඇදි ඇදී කෙරිච්ච එකක් බව. තිරගත වුනේ 2018 අග උනත්, සිනමාවට නගන්න පටන්ගෙන තියෙන්නෙ 2010 වගේ කාලයකදී බවයි කියවෙන්නෙ. ඒ වගේම Sacha Baron Cohen තමා Freddieට මුල්ම තේරීම වෙලා තිබිල තියෙන්නෙ. අර The Dictator (2012) එකේ හාදය. කෝමෙන් හරි දෙපැත්තේ අදහස් නොගැලපීම් මත එයා මේක ප්‍රතික්ෂේප කරල. ඒ විතරක් නෙමේ මේක අගක් වෙනකම් අධ්‍යක්ෂකව හිටි Bryan Singerත් අන්තිම හරියේ වැඩේ කර ඇරල. (අපි නිකම් හෝල් එකේ, කොම්පීතරේ ඉස්සරහා ලගා ගහන් බැලුවට ඇතුළේ කොච්චර ඩාම් ඩූම් සිද්ධි වෙනවාද නේ... හිටන්).

ඕම ඕම ඇවිත් තමා 2018 හදල පෙන්නගෙන... හොඳම නළුවා ඇතුළු විවිධ සම්මාන රාශියකට හිමිකම් කියල තියෙන්නෙ. ආයේ ඉතීම් Ramiයට ඔස්කාව මේකට හම්බෙන්නැතුව තිබුනොත් තමා පුදුමේ. කොල්ල ඒ තරම් දස්ස විදිහට වැඩේ කරල. ඒත් මේකට හොඳම චිත්‍රපට සංස්කරණයට හිමි ඔක්සාව ලබන්න සුදුසු නෑ කියල තමා සමහරුන්ගේ අදහස. (මගේ මතෙත් ඒක). ඒ වගේම මේ චිත්‍රපට ස්ටොරිය සත්‍යයෙන් පරිභාහිරව ගිය තැන ටිකක් බහුලයි කියල... දන්නෝ කියනව.

එතකොට LGBTQ+ ගැන දැක්වෙන ෆිලුම් අතරින් වැඩිම Box Office ආදායමක් හා අවධානයක් ලබා ගත් ප්‍රධානම චිත්‍රපටිය තමයි Bohemian Rhapsody (2018).

ඔය විදිහට තමයි ඉතීම් Farrokh Bulsara තමන්ගෙ නම Freddie Mercury බවට හරෝගෙන ගෙව්ව ජීවිත කතාව සිනමාවට ගෙන ඒමේ... තිරේ පුටුපහ ස්ටොරිය. Short & sweet ලෙස.

34 comments:

  1. ඒක මරු ෆිල්ම් එක. 1985 ජූලි ලන්ඩන් හිටියේ. මාස දෙකකට වැඩ කරලා ගානක් හොයාගෙන යන්න. මේ වගේ ඒවා බලන්න යන්න වෙලාවක් තිබ්බේ නැහැ. හැබැයි අනූ ගණන්වල ෆ්‍රෙඩිගේ කෙන්සින්ටන් ගේ ගාවට උපන් දිනේට ගිහින් මල් පොකුරක් තියල ආව තාප්පේ ගාව. මේරි එයාගේ පවුලයි තවම ඉන්නේ ඒකෙ ලු. https://www.atlasobscura.com/places/freddie-mercury-s-former-home-and-studio

    ReplyDelete
    Replies
    1. නිදි ලොක්කට වගේ අජිත් ලොක්කටත්... show එක කෙස්ගහෙන් මිස්වෙලා තියෙන්නේ ඒනම්

      Delete
    2. ඒ දවස් වල අර පරෙස්සන් නේ.

      Delete
    3. එකටත් එක්ක දැන් ඇවිදිනවනෙ ❤️😄

      Delete
  2. 1985 ජුලිවල නං මමත් හිටියේ ලන්ඩන්වල. නමුත් මේ ප්‍රසංගය නම් බලන්න ගියේ නැහැ. පහුවදා උදේ තවත් හිතවතියෙකුගේ කාරයෙන් මෙතැනින් යද්දී එයා මෙතන පෙන්නලා ප්‍රසංගය ගැන කිව්වා. මම ඒ ගැන උනන්දුවෙන් ඇහුව නිසා වෙන්නැති, එයා; ආන්ටි සීලියා, පස්සේ දවසක නැෂනල් තියටර් එකේ නාට්‍යයක් බලන්න අපි හය දෙනාටම ටිකට්ස් ගෙනත් දුන්නා!

    ReplyDelete
    Replies
    1. 1985 ජුලිවල අජිත්- නිදී දෙන්නම ලන්ඩන් හිටපු නිසා සමහර විට දෙන්නට දෙන්න... ඕම මේම ළඟින් යන්නත් ඇති😂. (පිච්චර් සීන් එකේ නිසා ඒ වගේම සීන් එකක් සිහියට ආව)

      Delete
    2. මම මේ කල්පනා කොලේ මාර මිස් විල්ලක් වුනේ කියල. හැබැයි මම ඒ කාලේ ලන්ඩන් වල ඇන්ටි කෙනකුට පාර්සලයක් ගිහින් දුන්න කිඳෙල්පිටිය කියල විශාඛා එකේ කෙල්ලෙක් ගෙන්. ලස්සන ඇන්ටි කෙනෙක්. ළමයි හිටිය. හස්බන්ඩ් ඉන්ග්ලිෂ්. මට බත් වේලක් දුන්න . මාර සැරයි කටවල් දෙකක් කාල විසි කරන්න හදන කොට ඒ ඇන්ටි කීව ළමයෝ ඕක තියන්න. අපරාදේ විසි කරන්න කියල. නිදි ගේ මව්තුමි වත්ද දන්නේ නැහැ.

      Delete
  3. වැඩ පසුවට දමන කියමින් ගැජට් බජට්
    ජෝකියෙකි නමී වෙලාවකට හරි අප්සෙට්
    Lotus නිසා දාගෙන list එකට බකට්
    ලියූ post එක නමියෝ වෙයි මාර්කට්!

    ReplyDelete
    Replies
    1. මාර්කැට් උනාට කමක් නෑ... මගෙ අතින්කයිට් නොවී 😂😂

      Delete
  4. අපේ සමහර ටෙලි නාට්‍යවල නං වැදි තරුණියොත් කිහිල්ලේ මයිල් ගාලා ඇහැ බැමත් හදාගෙන ඉන්නේ!

    ReplyDelete
    Replies
    1. මොඩර්න් වැද්දලව පෙන්නනවා වෙන්ටෑ... Litseekerතුමෝ.

      Delete
  5. අගෙයි විස්තරේ. මම ඔය ෆිලුම එහෙන් මෙහෙන් බලල තිබ්බට තාම සම්පූර්ණයෙන් බලන්න හම්බ වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. පෂාබොෂා අන්තිමට සම්පුන්නයෙන් බලපු පිල්ම් එක... නාගකන්‍යාවී වෙන්ටෑ

      Delete
  6. සෑහෙන්න මහන්සි වෙලා, ලස්සනට ලියලා. තැන්ක් යූ, නමී.
    sweet n sweet පෝස්ට් එකක්, වැදගත් තොරතුරු ඔක්කොම තියෙනවා. ලියන්න ගියාම තවත් රසවත් තොරතුරුත් හම්බ වෙනවනෙ

    Freddie වගේ මම කැමති තවත් එක්කෙනෙක් තමයි INXS ගෲප් එකේ Michael Hutchence (Never tear us apart සිංදුව කියන). එයත් ඔය වගේ වැඩි වයසක් නැතුව මියගිය කෙනෙක්නෙ (suicide).

    ReplyDelete
    Replies
    1. ආ කියන්ට අමතක් උනා... ක්වීන් ෆිලුම්ත් බැලුවා ඔයා කී නිසා.

      Michael Hutchence ගැනනම් අදයි අහව්වෙත් Lotus. (කොලුවා ඉස්සර කෙනෙක් නෙව). Amy Winehouse ගැනනම් ටිකක් මතකයි. දක්ස කෙල්ලෙක්. විහින් මැරුණ... මත්ද්‍රව්‍ය නිසා.
      අපි ඉතීම් Boyzone, Backstreet Boys, Linkin Park.... තමා දන්නෙ 😂

      Delete
    2. INXSලගෙ සිංදු නිතරම ප්ලේ වෙනවා, නමී, මෙහෙ රේඩියෝ ස්ටේෂන්ස් නම් දවස් දෙකකටවත් සැරයක් Never tear us apart සිංදුව ප්ලේ කරනවා. ඒ වගේම Amy Winehouseගෙ Valerie සිංදුවත් හැමදාම වගේ ප්ලේ වෙන සිංදුවක්. මටනම් ඒ සිංදුව ඇහෙන හැමවෙලේම හිතෙනවා එච්චර ලස්සන, deep voice එකක් තිබිලත් ජීවිතේ විහින් නැහුනෙ අපරාදෙ කියලා. (Queen ෆිල්ම් එක බලපු එක හොඳයි).

      Delete
    3. ඒකනම් ඇත්ත ලෝටස්. ඇමි බිමට ඇබ්බැහි වෙලා තියෙන්නේ අවුරුදු 12 දී කියල කියන්නේ . අපේ ගෙවල් ළඟමයි සවුත් ගේට්. අපි ඉන්නේ එන්ෆිල්ඩ්. බානට් වල තියෙටර් එක්ක පටන් අරන් තියෙන්නේ . (නෝත් ලන්ඩන්). අම්ම සහ තාත්ත ගේ දික්කසාදය දරුණුවට බලපෑවා කියල මම හිතන්නේ.

      Delete
    4. අවුරුදු 20 දී. https://www.youtube.com/watch?v=Pq_l6qqiEgY&t=18s

      Delete
    5. Oh. Thanks fro reminding her. i am going to have a Winehouse night :) https://www.youtube.com/watch?v=_Zg8QjxRBtI

      Delete
  7. ඉන්දියානු මූලාරම්භය ගැන, ඔහු කතා කරන්න කැමති වුනේ නෑ නේද? මොනවා වුනත්, විශිෂ්ඨ කලා කාරයෙක්.කැමතිම ගීතය "Living on my own"

    ReplyDelete
    Replies
    1. පිය පාර්සවේ අතීතේ වහන්න ඉතීම්... විවිධ හේතු ඇති නේ ටොමී. මටනම් ඒ ගැන හරිහැටි අදහසක් නෑ.

      Delete
  8. ෆිල්ම් එක download කරලත් හුඟක් කල් තාම බැලුවෙ නේ නෙ😕

    ReplyDelete
    Replies
    1. ඉතින් බලනවාකෝ... නවීන්

      Delete
    2. බලන්න හිතුනෙම නෑ ඒක. ළඟදි බැලුවා they live 1988.. බලල තියෙනවැයි??

      Delete
  9. Replies
    1. මට පෙනීයන්නේ අදික බුසී වාගේ. ළඟදී පොස්ටුවක් දැක්කෙත් නෑ... බොගෙන්

      Delete
    2. බුසී කේස් එකකුත් තියෙනවා. හැබැයි ඊට වඩා තියෙන්නෙ ලිව්වට වැඩක් නෑ වගේ කියල හිතෙනවා..

      එතකොට ලියන්න හිතුන එකත් නොලියා ඉන්නවා ඒකයි කේස් එක😪

      Delete
    3. ඇතුලෙ කැලතෙන සමහර දේවල්... එලියට වමාරන එකත් සහනයක් ලැබෙන වැඩක්

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්