වතුර කේෂ් සහ අනෙකුත් සිනා කතා...

 මං වහන්සේ පෑනක් ඇල්ලුවොත්, ගොඩක් වෙලාවට... ලීවත් නැතත්, එක තීන්ත පාරක් හරි අතේ ගාගන්න සම්භාවිතාව ඉතා ඉහළයි. එදා තට්ටයතුමාගෙ Teepee කෑම්ප් එකට ගිහිල්ල උනෙත් ඒ ලඟින් යන වැඩ තමා. උන්දගෙ ටොයිලට් එකේ හෑන්ඩ් ෂවර් එක අන්තිමට තද කොරන්න ඕන වතුර එන්න. මුලින්ම ගිය මං... අන්තිමට තද කිරීම නිසා, ඒ බොහෝ කල් පැවතුණ සවර් එක කැඩුණ. වතුර එකයි ඇඟේ. (ඊට පස්සෙන් පහු කොලොම්පුරෙත් ගෙහුං තමා හොඳට නාගත්තෙ). ඒ ගිනිවිජ්ජුම්බරේ දැක්ක රවී ලොක්ක විතරයි ඇවිත් විපරමක් දැම්මෙ මොකද උනේ කියල හිටන්... අනික් ඔක්කොම අවට සිරි විඳිගන්න අතරෙ.

කෝම උනත් වෙච්චි වස වැරැද්දට තට්ටය ලොක්කගෙන්... අයදිමි සමා හිටං!

ඒ අස්සෙ Pra Jayතුමාට වතුර ගහන්නට ගිහිල්ලත්, ගලක කකුල ඇනගෙන... තාම හොඳ නෑ. කෝමෙන් හරි මට සහෘද කෙනෙක් මේ ඉසව්වෙ ඉන්නෝ... ඒ නිසා මං සතුටින්. ඒ තමයි අපේ Lotusතුමී. මං දැනගත්තෙත් ලඟදි. ඔය වගේ පොඩි පොඩි කේෂ් වලින් ඉතීම් සැලෙන්න හොඳ නෑනෙ නේ. පොඩි ඒවාට සැලෙන ඈයෝ තමයි ලොකු ෂීන් වලට බිමටම පතබෑවිලා හිටන්... ජීවිත නහගන්නෙ. ඒ හන්ද 'ඕල් ඊශ් වල්' කියල ඔන්න පොඩි fun එහෙකට පන් ස්ටෝරි ටිකක්....

වතුර කේෂ් ගැන කීව උන නිසා වතුර කතාවකින්ම පටාන් ගන්නම්කෝ...

ඔන්න එකෝමත් එක පුරුසයෙක් මුහුදු ආරක්ෂක සංගමයක interview එහෙකට ගියා. බඳවගන්න මහතැන් ඇහුව අර පුරුසයගෙන්... 'කොච්චර ගැඹුරකට කිමිදෙන්න පුලුහන්ද? ' කියල හිටන්.

අර පුරුසය ටිකක් කල්පනා කරල කිව්ව 'ඕන තරමක් ගැඹුරට ' කියල. ඒක අහපු මහතැන්ට ගොඩක් සතුටු ඇතිවෙලා... මේ පුජ්ජලය ගෙන් තව දුරටත් විස්තර ඇහැව්ව. 'ඒ කියන්නෙ ඕන ගැඹුරකට ගිහින් එන්න ඔයාට පුළුවන් නේ ?' කියල. අර හාදය ගත්කටටම කිව්ව...

'ඕන ගැඹුරකට යන්න නම් පුළුවන්. හැබැයි එන්න බෑ'

 

කොහොමහරි ඒ පුරුසයාම වෙන්ට ඇති... නාවුක හමුදාවේ interview එහෙකටත් ගියා. හිටිය ලොක්ක මෙයාගෙන් ඇහැව්ව 'තමුන්ට හොඳට පීනන්න පුළුවන්ද? ' කියල. කොලුව කිව්ව, පීනන්න බෑමයි කියල. කේන්ති ගිය ලොක්ක, කොල්ලට බැනල හිටන් එලෙව්ව. තියෙන කටකාරකමට මේ කොල්ලත් ඇහුව...

'එතකොට ගුවන් හමුදාවට බඳවගන්නෙ... පියාඹන්න පුළුවන් අයද? '

 

බියර් බීම

සැමියගේ බීම හන්ද ගොඩක් කේන්ති ගිය නෝනා එක දවසක් කනේ ඇඟිලි ගහගන්නත් එක්කලා උන්දට කතා කළා. සැමියත් පුලුහං හැටියට අතරින් පතර වචන දැම්ම. මේ ගෝරිය අහවර උන තැන... සැමියා තමන්ගේ බිරිඳව සේප් කරගන්නත් එක්කලා, බියර් කේස් එක මිදුලට අරන් ගිහින්... බීල ඉවර උන හිස් බෝතල් එකින් එක පොළේ ගගහ කැඩුව. කඩන ගමන් නෝනව සනසන කතා ඇහෙන්නත් එක්කලා කිව්ව.

'මේ හැම දේටම මුල උඹ. මං අද ඉතුරු කරන්නෙ නෑ'

'මගෙයි නෝනගෙයි රණ්ඩු හැම එකටම මුල උඹ '

'ආයේ ගෙට ගන්නෙ නෑ'.... මෙහෙම කියන ගමන්... අතට අහු උනා, නොකඩපු බෝතලයක්. උන්දට මේක පොළේ ගහන්නත් මොකක්ද වගේ.

'උඹ මොකද, උඹ මේ වැරදි වලට හවුල් නෑනෙ. උඹ පැත්තකට වෙලා හිටපන් ' කියලා ඒක පැත්තකින් තිව්ව.

 

දෙක එකට

පිට දේසෙක, දෙවියන්ට බොහොම ගරු කරන පවුලක මැදිවියේ කාන්තාවක් මැරණ. ඇය දේව නියමයන්ට අනුව යමින්, උපත් පාලනය බැහැර කල නිසා ළමයි රොත්තකුත් ලැබුව... මැරෙණකල්ම. පූජකයා දේව මෙහෙය අහවර කරල මෙහෙම කිව්ව. "At last, they are finally together." මේක අහන් හිටි වයසක මැහැල්ලක් පූජකයගෙන් ඇහුව 'ඔබ අදහස් කලේ ඇයගෙ සැමියත්, එක්කද නැතිනම් කලින් පෙම්වතා එක්කද?'

'මන් අදහස් කලේ. මේ ගෑණිගෙ කකුල් දෙක'

 

අරාබියේ බීම වෙළඳාම

අරාබියේ බීම වෙළඳාම් කරපු, මෙහෙ කොල්ලෙක් හැරෙන තැපෑලෙන්ම ලංකාවට ආව... බිස්නස් එක අසාර්ථක වෙච්චි නිසා. ආපුහාම යාලුවො ඇහුව ඉතීම් මොකෝ විස්තරේ හෙම කියල.

'බිස්නස් එකට වැඩියෙම ඕන මා(ර්)කටින්නේ. ඒ නිසා ඉතුරු හැම සතේම ඒකට වියදම් කරා. ඒත් හරිගියේ නෑ'

'ඒ ඇයි බං. උඹ හොඳට මා(ර්)කටින් වැඩේ කරේ නැද්ද?'

'කරා... එක බැනර් එකක් හදල හැම තැනම ගැහුව. මුල් පින්තූරේ ඉන්නවා තිබහෙන් ඉන්න මිනිහෙක්. දෙවෙනි පින්තූරේ ඉන්නවා, ඌ අපේ බීම එකක් අතේ තියන් ඉන්න එකක්. තුන්වෙනි පින්තූරේ ඌ බීල සතුටින් ඉන්න එකක්'

ඉතිං මචං... ඒකෙ වැරද්ක් නෑනේ?

'ඔව් බන්... ඒත් අරාබි උන් කියවන්නෙ අග ඉඳල මුලටනෙ'

 

බය වීම

ඔන්න එක මගියෙක් කැබ් එකට නැගල ටිකක් දුර යනගමන් රියදුරාගෙ පිටට පොඩි තට්ටුවක් දැම්ම. ඒ පොඩි තට්ටුවෙන් තිගැස්සුණ රියදුරා ලඟම තිබුණ ලයිට් කණුවෙයි, ඉස්සරහ ලොරියකයි හප්පලා තමා නතර උනේ.

-         සමාවෙන්න මං හිතුවෙ නෑ. පොඩි තට්ටුවකින් ඔයා මෙච්චර බයවෙලා, කලබල වෙයි කියල.

නෑ ඇත්තටම ඒක මගේ වරද. මේ රැකියාවේ පලවෙනි දවස අද.

-         ඒත් මෙච්චර තිගැස්සෙන්න හේතුව මොකක්ද?

මං කලින් පැද්දෙ හ(ර්)ස් එකක්.

 

බිරින්දෑගේ පොරොන්දු රැකීම

ඔන්න මහ භයානක ලෙඩකින් මර ඇඳට වැටුණ බිරිඳ, සැමියාගෙන් ඇහුව... 'ඔයා මං මැරුණම කොච්චර කල් දුක් වෙනවද. මැරුණ ගමන් වෙන කෙනෙක් බඳිනවද? ' කියල.

'නෑ ඩාලින්, ඔයාගෙ සොහොන උඩ, ගහක් හැදුණ කාලයක් ආවොත්, එදාට වෙන කසාදයක් ගැන හිතන්නම් ' සැමියා එහෙම කිව්ව. බිරිඳත් ඔහුව ඒකට පොරොන්දු කරගත්ත. බොහොම ටික කලකින් බිරිඳ මැරුණ. ඉඩ තියෙන වෙලාවක සැමිය ඇයගෙ සොහොන බලන්නත් ගියා. ඒ අතර හොඳ කාන්තාවකුත්... ඇසුරට ඔහුට ලැබුණ. ඒත් පොරොන්දුව නිසා සැමිය, විවාහයක් ගැන හිතුවෙම නෑ.

මෙහෙම අවුරුදු 10ක් විතර ගිය දවසක බිරිඳගෙ සොහොන ගාව... පුද්ගලයෙක් ඉන්නව සැමියා දැක්ක. ඔහු ඒ පුද්ගලයාගෙන් ඇහුව 'තමුන් මොකද මෙතැන කරන්නෙ? ' කියල.

'මේ නෝනා මැරෙන්න කලින්... අවුරුදු 50කට හරියට මුදලක් දීල කිව්ව, මගේ සොහොන උඩ ගහක් තියා වල් පැලයක්වත් පැල වෙන්න නොදී බලා ගන්න' කියල.

 

නොසිතූ (අ)වාසියක්

පලමු හෘදයාබාධයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑ හැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද සාකච්ඡා කළ දූදරු පිරිස, අවසානයේදී අදාළ කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහි බැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන් තුළ දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේසම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා.

ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,

"ඈ මහත්තයා..... දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිනුමක් ඇදුනයි කියල.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"

"අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකු දෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියල"

යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරය‍ට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ... හදිසි හෘදයාබාධයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්වය.

(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් කතාවකි)

35 comments:

  1. නියම කතා ටික නමියෝ :)
    "සහෘද කෙනෙක් මේ ඉසව්වෙ ඉන්නෝ" කිව්වෙ? කොයි ඉසව්වද කියල තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. අප්පේ දැකපු කල්... ටැංක්ස් ආවට.

      මේ ඉසව්වෙ කීවේ ඉතීම් බස්සාතුමෝ.... බ්ලොග් ඉසව්වෙ මිසක වෙන කොහෙද.

      Delete
    2. කෙනෙක් කියන්නේ එක්කෙනාටනෙ නමී.... එකත් හොඳයි දැනගත්තු එක... එතකොට අනිත් අය සහෘද නෙවෙයි? .

      Delete
    3. නිදිතුමෝ... කොලොම්පුරේට Lotus කමෙන්ට් කරා නෙව "මාත් නමී වගේ කොහෙහරි ගියොත් මොකක් හරි කඩනවා හරි කියල" අපි දෙන්නගෙ ඒ සමානකම් දෙක අල්ලලා විතරයි මෙතැන සහෘද කියල Lotusට විතරක් කීවෙ.

      අනෙක් අය සහෘද නිසා නෙවේද... ඔයාල හමු පවත්වන්නෙ. මාවත් ඒවාට හවුල් කරගන්නෙ.

      දැන් බලන්න ඔයාලයෙ ගෙදර මං කී විටක් ඇවිත් ඇද්ද. ඒ ඔයාට, නෙවිල්, මර්වින් බොසාලට සහෘද නිසා නෙවේද.

      Delete
    4. අදනේ දන්නේ ගෙදර ආවමත් සහෘද පට්ටම හම්බ වෙනවා කියල..... (හිනා මූණක් දාන්න හිතුවට දන්නෑනෙ. ආව වෙලාවක කියා දෙන්න, තරහ නැතිව.)

      Delete
    5. ලොක්ක මොකද... වාහනේ ඇඟටම කපන්නෙ (දැක්කෙ නෑ වාගේ ඉන්ට ඕන 😄)

      Delete
  2. දැන් නෝනලා මහත්තයා බීලා ආවොත් කනේ ඇඟිලි ගහන්න යන්නේ නෑ. කෙලින්ම කන කඩාගන්නවා!

    ReplyDelete
    Replies
    1. හුම්.. මයික් ටයිසන්ගේ දුරින් නෑ කෙනෙක් ද මන්ද නෝනා

      Delete
  3. නමියට හරි නම දාල තියෙන්නේ ඩ්රකි , ඉඳිකටු පැන්චා කියල. පින්තුරෙකුත් දැක්ක, ඈ බං හෑන්ඩ් ෂවර් දාන්නේ මොකටද ටොයිලට් එකට ඒක වෙන්නේ ඇති ප්‍රශ්නේ. පොඩි බිඩේ එකක් හයි කරානම් හරි. හේ හේ

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් පරණ, අල්ලන හරියෙන් පොඩි ඩමේජ් එකක් තිවන... හෑන්ඩ් සවර් එකක් මහත්තයෝ. තට්ටය ලොක්ක එහෙ ගොඩ කාලෙකින් යන්ට බැරි උන නිසා ඕව ඩාම්ඩූම් එකේ තියෙන්න ඇත්තෙ. මගේ කරුමෙට ඒක ඒ වෙලාවේම කැඩුන.

      මට ඉඳිකටු පැන්චා කීවම ඔහෙට හිනාද... අනෙ අම්මප

      Delete
    2. ඔයා විතරක් නෙමේ ඒ නිසා :
      නිදි - මහදැන මුත්තා වෙලා
      ප්‍රා - කෝටු කිතයියා
      රවී - පොල් බෑ මුනා
      තට්ට මහතා - රබ්බඩ අයියා
      ඩ්රකි - පුවක් බඩිල්ලා වෙන නිසාය. ඔහෙත් මාතරද?

      Delete
    3. මං එච්චරටම නාකි මැන්ටලයක්ද, අජිත්?

      Delete
    4. ආ හරි..
      අජිත් බොසා කියල තියෙන දේවල්, අනෙක් උන්දල දැක්කොත්.. අවි අමෝරං එයි හොඳේ. මං නෑ ඕවට 😂😂

      Delete
    5. අජිත්...

      මටත් ඔය අදහස මයි ආවෙ. හැබැයි පුවක් බඩිල්ලා කියන්න හිතුණෙ අසංගට.

      Delete
    6. නිදි , විහිළුවක් තේරෙන්නේ නැත්ද බං. ඔය ප්‍රා ජේ ගේ පටන් ඉවානය , කටුස්ස මට ලියන ඒවා දැක්කාද කොට වාසනාව කියල. 😄

      Delete
    7. අසන්ගට කියමු කොළොම් බඩිල්ලා කියල

      Delete
    8. අජිත් මහත්තයෝ, මම මටම විහිළු කර ගන්නවනේ!

      Delete
  4. හිමිදිරියේම ලේ පිරිසිදු කර ගන්න
    ලැබුණා ඉඩක් යස රස බස් කියවන්න
    අකුරු කෙටීමත් හොඳ වාගෙයි ඔන්න
    ඒ මාවතේ පෙරටම පය ඔසවන්න

    ReplyDelete
    Replies
    1. ටැංකිව් නිදිතුමෝ. ඔයා හොඳයි කිව්වනම් ඉතින් එච්චරයි!

      Delete
  5. වතුර හොඳයි
    වැලි නරකයි

    ReplyDelete
    Replies
    1. 😄😂 Pra Jayතුමෝ... වැලි ගෑවේ අසංග බොසා, අයින් කොලේ මං

      Delete
  6. බොලා කට්ට මහත්තැංගෙ හෑන්ඩ් ෂවර් එකට බලහත්කාරකමක් කරන්න ගියාද හිටං.

    නාඉක හමුදාවෙ ඉන්ටවිව් ගියේ කමිය වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තෝ ආවෙ නෑනෙ. පතෑංංංං!

      Delete
    2. ඔව් ඔව්... හෑන්ස් සවරේ කැඩුන එකට සියල්ලෝම වග කිව යුටුයි

      Delete
  7. කතා සෙට් එක නම් මරු !

    ReplyDelete
  8. මරු කතා ටික ..අර පොරොන්දු රැක්ක බිරිදනම් මං වගේ එකියක් 😀

    ReplyDelete
    Replies
    1. පව්... අර අහිම්සක මනුස්පය 😂

      Delete
  9. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete
    Replies
    1. සතුටු හිතෙන ආරංචියක්... sandhakadapahana සින්ඩිය.

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්