කාලෙකට
කලින් විස්තරේ ඔහොමයි. දැන් උදවියනම්... ඌ ගැන දන්නෙ නැති තරම්. මේ නසරානි පූසව ගෙන්නගෙන
තියෙන්නෙ... සූප පෙට්ටියේ කන්තෝරුවකින් නෙව. එකදාස් බරගණන්වල.
හරියටම
මේ පූෂ්ගේ වතගොත කියනව නම් 1961 තමා මේ මූ ඉපදිලා තියෙන්නෙ. ඒ හැනා සහ බාබරා කියන
නිෂ්පාදන ආයතනයෙන්. එහෙම කියද්දි නම් කස්ටිය දැනගන්න ඇති... මේ කියන්නේ අර ඇමරිකන්
Top Cap කාටූන් එක ගැන වෙන්ටෑති කියල.
Top Cap ලංකාවේ හඬකවා රූපවාහිනියෙන් ප්‍රදර්ශනය
කරන්නේ කවුරුත් දන්න 'පිස්සු පූසා' කියන නමින්. එය භාරව කටයුතු කර තියෙන්නෙ... ටයිටස් තොටවත්තයන් නෙව. මේ
කාටුන් වැඩසටහනට නම දැමීම වගේම, එහි 'පිස්ස මූ' කියන තේමා ගීතයට ඒ පද යොදාගැනීම හරිද කියල පොඩි කසුකුසුවක් ඇවිදින්...
මොකද මේක ළමා වැඩසටහනක් නිසා. ඒ කොහොමින් උනත් කාටුන් එක වගේම තේමා ගීයත්, ළමා-
වැඩිහිටි කා අතරත් එක විදිහට ජනප්‍රියත්වය උනා. තාමත් සින්දුවේ හඬ ඇහුණ ගමන් මතකෙට
එන්නෙ ඒක නෙව.
ඉන්න
කස්ටිය ගත්තොත්... ප්‍රධාන, කහපාට සූට් බූට් දාගත්ත උජාරුවට ඉන්න පිස්සු පූස්. මේ
පූස් මොටා පස්සෙ පන්නන අවංක- නීතිගරුක රාලහාමි. ඊට පස්සෙ... පිස්සු පූස්ගෙ සහචර
පිරිවර, පූස් වසන ගමේ මිනිස්සු සැට් එක. ගම වටේ නැටුන් නටාගෙන, දහන් ගැට දාන පූස් සහ
රැල මට්ටු කරන්න එන්ටර් වෙන රාලහාමී කතා වස්තුව තමා ඉතීම් වැඩිහරියක කතා සාරය. ඉඳල
හිටල පූස්- රාලහාමී සාමදාන වෙන තැනුත් නැතුවාම නෙමේ. කොහොමින් උනත් ඉක්මනටම හිත් උණු
වෙන ඩබලක්... පූස්- රාලහාමී දෙනම.
දැන්
ළමයින් මේවා නොදන්නව උනාට අපි ඔයයිලා බලපු/ දන්න ඒව නෙව මේව. කෝමින් උනත් ජාතික
රූපවාහිනියේ පස්සෙන් පහු මේක විකාසය කළා, දැන් අත්හිටුවලද දන්නෙ නෑ හිටන්.
පළවෙනි
දිගහැරුමේ තේමාව, පූස් රංචුවේ සගයෙක්ට ඇදෙන ලොතරැයි දිනුමකින් කට්ටියම හවායි බලා
යන සංචාරයක්. මේ විදිහට එකිනෙකට වෙනස් තේමාවන් වටා ගෙතුණු කතා ඇතුළත්ව... 1961
සැප්තැම්බර් 17දා සිට 1962 අප්‍රේල් 18වනදා දක්වා කොටස් 30කින් යුතුව පළමු දිගහැරුම
ඇමරිකාවේදී විකාශය වෙලා තියෙනව. මේ වෙනකම් විවිධ රටවල්වල භාෂාවන්ට පරිවර්තනය වෙලා
ඇවිදින් 2023 වෙන කොට එහි 62නි වසර පහුකරනව. මේ අතරතුරේ චිත්‍රකතා, සඟරා, චිත්‍රපට
දක්වා Top Cat වෙනුවෙන් නිර්මාණය
වෙලා තියෙනව. ඒත් සිනමාව ආක්‍රමණය කරන්නනම් ඒ හැටි සමත් වෙලා නෑ.
* * * * * * *
කෝම උනත් ටයිටස් තොටවත්ත ඔය... ගැති නැති,
කියන්ට ඕන දේ අදාළ වෙන විදිහට කියාපු කෙනෙක්ය කියල කියනවා නෙව. එහෙම හිටිය ටයි බොසා මේ පිස්සු පූසා එකේ සිංහල තේමා ගීය මොන දෙයක් හිත් ලාල අකුරු කරාද දන්නෑ හිටන්.
සූට්
බූට් දිග කලිසම් - රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද
මැදුරේ හෙට පැදුරේ - පිස්සු පූසා මේ
පිස්සා
මූ පිස්සා මූ පිස්සු පූසා මූ... //
තම
වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා
මේ
විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා
දෙස්
පළුවක් ගේ විලසා - කුණු කූඩෙන් බෙල්ල දමා
බොරු
බේගල් ඇද බාලා - සහචරයින් කරයි මුලා
අන්
කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා
මීයා
කටට වැටුණු වහා සිල්ගත් සේමා
තම
වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා
බිම
පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා
හොරා
කෑම බැරිවුන දා - දත් විලිසා නිය විහිදා
කොන්ද
නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා
පිස්සා
මූ පිස්සා මූ පිස්සු පූසා මූ... //
ගී
පද - ටයිටස් තොටවත්ත
තනු
සහ සංගීතය - සෝමසිරි ඉලේසිංහ
ගායනය - ගැමුණු විජේසූරිය
යූ බටෙන් සිංදුවට.........
එළ. ඒත් මටනම් නු පගදී (you just wait) එකට ගහන්න එකක් නැහැ, https://www.youtube.com/watch?app=desktop&v=-jUrP0IPHBM
ReplyDeleteහුම්... ඒක ටිකක් පොඩිඈයොන්ට සැර වැඩිද මන්ද.
Deletehttps://en.m.wikipedia.org/wiki/Warner_Bros._Cartoons
ReplyDeleteමේවත් හොඳයි
වෝනර් පවුල. Looney Tunes නියමයි !
Deleteපිස්සු පූසො වැහි වැහැලා වකාරෙට
ReplyDeleteඑනවා දැන් මනාපවල් හිඟන්නට
යුක්තිගරුක ලංකාවක් හදන්නට
එන්නෙත් උන්දැලා නීතිය ගෙන අතට!
ටැංක්ස් කයියට... නිදිතුමෝ
Deleteටයි මහත්තයගෙ හඞකැවීම් මැදිරියෙ දොරට උඩින් "කට ඇරියොත්, වචන ඔබනවා" කියල ගහලා තිබ්බා.
ReplyDelete//..එහි 'පිස්ස මූ' කියන තේමා ගීතයට ඒ පද යොදාගැනීම හරිද?//
ඔය අතීතයට බලපාන විදිහට "පොලිටිකල් කරක්ට්නස්" හදන්න යෑම විකාරයක් විදිහටයි මට නං පේන්නෙ.
මොකක්දෑ අර කරන හරුපෙ බ්ලොගෙ... දානවා ගන්නව.
Deleteබොට මොනා පෙනුනත් මට කමක් නෑ. ජහමනයාට උත්තර දීල මාරු වෙනෙකයි ඇත්තෙ
බ්ලොග් එකේ අවුලක් තියනවා. සාමාන්‍ය විදිහට පෝස්ට් පබිලිස් වෙන්නෙ නෑ. වඃචාවක් කරන්න බැලුවෙ. පස්සෙ තේරුනා, මේ පෙරලිච්ච පිට හොඳා කියල.
Delete//සාමාන්‍ය විදිහට පෝස්ට් පබිලිස් වෙන්නෙ නෑ// අසාමාන්ය විදිහට හරි පල් කරන එකනෙ ඇත්තෙ එහෙනම්... 😂
Deleteවහ වහා ඔය යටිබඩ හදා ගන්න එකනෙ අත්තෙ
බැහ් :)
Deleteකෘතිම බුහ්දිය හරි කෘතිමයි කියල දැන් තේරෙනව නේද බොලාලට
Deleteවෙන බස්සෙකුට කියවලා,ඕං ආයෙ පබිලිස් කොලා.
Deleteමම ඒකාලෙ හිතුවෙ හැනා-බාබරා කියන්නෙ ගෑණු දෙන්නෙක් කියලයි. බැලින්නං විලියම්- ජෝසප් කියන තඩි ගොබිලො දෙන්නෙක්. ඒත් මට නං එයාලගෙ කාටුන් තමා හොඳම.
ReplyDeletehttps://en.wikipedia.org/wiki/List_of_works_produced_by_Hanna-Barbera_Productions.
හෙහ්හෙ......
Deleteනියමයි ලොක්කා...
ReplyDeleteටැංක්ස් පාශාබොෂා.....
Deleteආසාවෙන් බලපු ආසම එකක්
ReplyDeleteහ්ම්.. එපා නොවන නිර්මාණ. ඒකට හඬමුසුවත් බලපෑව
Deleteසිංදුව නම් ලාවට අහලා තියෙනවා වගේ හැබැයි බළලා නෑ
ReplyDeleteයූබටේ හොයාගන්ට පුළුවන් කොටස් කීපයක්. ඩේටා තියේනම්... නරඹන්ට ඇහැකි නවී
Deleteතොටවත්තගෙන් අහනකොට කිව්වලු මූ කියන එක වැරදි වෙන්නෙ කොහොමද? ඔය දි.මු. ජයරත්න කියලා නමකුත් තියෙන්නෙ කියලා! වැඩි විස්තර සඳහා සමන්4යු බලන්න පුළුවන්.
ReplyDeleteටැංක්ස් Litseeker මතක් කරාට. ඒක බලන්ට හම්බුණා!
Deleteමාතෘකාව දැකලා එක පාරට හිතුවෙ 'එයා දැන් බැඳලා' ටෙලි ඩ්‍රාමා එකේ අප්පච්චි (පීතර) ගැන ලියලා කියලා.
ReplyDelete'පිස්සා මූ' සිංදුවට මමත් ඉස්සර ආස වුනේ රිද්මය හා මියුසික් නිසා. දැන් නම් දැනෙන්නෙ වෙනස් විදිහට.
හපුයි. මේ කොමෙන්ට් එක තා පොඩ්ඩෙන් මිස් වෙනෝ 😂
Deleteහුම්. හුඟක් දෙනෙක් කතා වෙන ටෙලියක්. ඒත් මං... ටෙලි වලින් වැළකී ඉන්ටෙ ලෝටස් නෝනෙ.