ගෙට්ටුවක්, හමුවක්... හක්බෙල්ලාවක

"නමියා ලඟදි ලියලා නෑ නේද.... " ලෝටස්තුමීට ටෑන්ක්ස්. ඒ කොමෙන්ට් එක කියෝලා ඊයේ බ්ලොග දිහා බලුහාම තමා මාත් දැක්කෙ මාසෙකට වැඩිය මුකුක්වත් ලියවිලා නෑ නේද කියල. ඒ නිසා ඔන්ට... බක් පෝදා (2023/04/05) පැවැත්වුන ගෙට්ටුව ගැනවත් හැකි පමණකින් අකුරු කරන්න හිතුව.


කහකුරුල්ලා මත පිරිස

තුන්වෙනිදා වෙනකම්වත් යන්ට වෙයිද නොවෙයි කියල තිබ්බ ඩාම් ඩූම් තත්ත්වය සමතයකට පත්කරගෙන යන්ට හරිබරි ගැහෙද්දී මතක්ක උනේ හක්බෙල්ලාව තියෙන්නෙත් සුළුපටු දුරකින්ද කියල හිටන්. මොනවිදිහකට ගියත් එන්න බස් කට්ටක්වත් නැති උනොත්... පෝය හන්ද. ඔහොම හිතමින් ඉන්නකොට කොලොම්පුරේ කතා කරලා කිව්ව 'මේ උඹත් වරෙන් අපිත් එක්ක යන්න' කියල. ඔන්න නමිය ඒ සාවියේ ඉඳ තට්ටයගෙ කොළම මංජුල ලොක්කගෙ, හක්බෙල්ලා අඩවියට ගොඩ උනා... අසංගයි උන්දගෙ නෝනායි, බට්ටො දෙන්නයි එක්කලා.


ගෙහුං... මංජුල ලොක්කගෙ සුහද පිළිගැනීමෙන් පහු ඝන පූර්ණය සම්පූර්ණ වේගන එද්දී, සුපුරුදු ලෙසම ලැවරියා සප්පායමත් ලැබුණේ උණු උණුවෙන්මයි. හොඳම හරිය පැමිණියේ පහුවයි. ඒ... බිහිසුණු, ගැස්සෙන පැද්දෙන කහකුරුල්ලා මත TeePee කෑම්ප් සයිට් එකට ගමන් ඇරඹීමයි. ලෑටි තට්ටම්හිමි අප වාගේ උදවියට ඒ ගමන දුෂ්කරය. කුරිරුය. එනමුත්... කටුපොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස කියා සිරිත්මල්දමේ සිංදු මතක්කර මං වහන්ස ගමනට එක්කාතු උනා... ඕන සෙද්දක් වෙද්දෙන් කියා.


ගිය පහුවයි දැනගත්තේ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක මහත්මියවත්... මංජුල ලොක්කා මේ ගමනට සැට් කරන් තියෙන බව. අගෙයි, කදිමයි. පොත් අඩුවෙන් පරිහරණය කරන මං වහන්සේ එතුමියව දන්නේ පොතට හිතැති පේස්බුක් මිතුරියන් නිතර දෙවේලේ දමන රිප්ලයි, නොටිපිකෙසන්, මැසේජ් හරහායි. උන්දැල දැන ගත්තනම් ඇය හමුවුන වග... විසුමක් වෙන්ටෑ.


TeePee මංජුල ලොක්ක හා ප්‍රධාන ආරාධිත අමුත්තිය ශාන්ති මිය

 

     සහභාගී පිරිසේ නම් ලැයිස්තුව බැලුවොත් හිටන්...

 

ශාන්ති මහත්මිය හා ඇයගේ පුතා....

තට්ටයගේකොළමෙ මංජුල

නිදහස් සිතුවිලි රවී

ඩ්‍රැකීගෙ අඩවියේ ප්‍රභාත්, උන්දගෙ නෝනි හා පුට්ර රතනය

ඉයන්ගෙ අඩවියේ ඉයන්

තිලකසිතේතිලකසිරි

යාන්හෑල්ලේසුරංග හා ඔහුගේ බිරිය

කොලොම්පුරේඅසංග ඇතුළු පවුල

කැලේ පිපුණු මල්හි වත්සලා හා ඇගේ පුට්ර රතනේ හා සහෝදරී

වගේම කොමෙන්ට් අධිපතීන් වන ප්‍රාජේතුමා, ප්‍රසන්නතුමා

හා මං වහන්දෑ.

 

     පංචතන්තරේ නිදි ලොක්ක, කල්‍යාණ මිත්‍රේ කමි, ඉවාන් පවුලූෂ හිටියානම්....

     වගේම, කොහෙද මඟ අඩවියේ නවීන් සංදීපව අල්ලගන්න තිව්න අමාරුව

 

මහා සිරිබිරිසාගමනය හන්දා... සිරිබිරිස් - නිදි - ප්‍රා.ජේ සුහද හමුවක් යොදාගන්ට හිතපු හන්දා, කොලොම්පුරේ ගෙට්ටුවක් පවත්වන්නට ගෙනා යෝජනාව හන්දා, තට්ටයතුමා කෑම්ප් සයිට් එක හැමෝටම එක්රොක්වන තැනක් කළ හන්දා... සිදුවුණු යහපතක තරම.

 

     කොහොමින් උනත් මේ සුහද හමු අස්සේ මතක් වෙන තව කාරණා කීපයක් තියෙනවා....

 

අපි TeePeeයට ගොඩබහින්න කලියෙන් දින සිටම රවී ලොක්ක එහි සම්ප්‍රාප්ත වී සිටීම.

හමු තියන්න යොදාගන්න නියමිත හැම දිනයක්ම කොළොම්පුරයට පන්ති වැටී තිබීම.

මංජුල බොසාගෙ කහ කුරුල්ලා දර්ශනය වීම, ලැවරියා හා ස්නානය නියතයක් වීම.

 

ඒ අස්සේ මෙදා හමුවේ තට්ටයතුමා එක්කලා කෑම ගේන්න ගියහම ඒ ගෙදරත් බටයක් කැඩිල වතුර ගලන්න ගත්ත... මං හන්ද නෙමේ, බව් පොරයක් නිසා. කොහොම හරි වතුර බට එක්කලා මට තියෙන අවියෝජනීය ගස්ටනය ගැන සැක රවී ලොක්ක මේ පාර ටොයිලට් පැත්තේ යන්න හදනකොටත් සභා මජ්ජයේම ඇහුවෙ නැතෑ 'උඹ ආයේ මොනාහරි කඩයිද. කෝකටත් මාත් එන්නද' කියලා හිටන්.



 

විද්වත්, සුහද කතිකා අස්සේ සුපුරුදු දිය කෙලියත් හා මද පාන සංග්‍රහ වාගේම කාන්තා පරුවසයට තේපැන් සංග්‍රහයත් නියම උනා.

තව මොනාහරි කියන්න තියෙනවනම් තියෙන්නේ... හුම්, ශාන්ති මහත්මිය අතින් පිරිසට අත්සන හා සටහනක් සහිත පොත් පරිත්‍යාගය. ඒ අස්සේ මං වහන්දෑ හට ගුටි පරිත්‍යාගයක් ද සිදුවූ බව නොරහසකි.

 

ඒ අංගය අහවරව කතාබස්ද අඩුකොට... කාඩ් කුට්ටම් සෙල්ලමින් හමුව අහවර කරමුය කියා එය ආරම්භ කළා.  කළා තමයි... කාඩ් එකේ තියෙන දේ කරලා/කියලා පෙන්නන්න එපෑ හිටන්. මුලින්ම නොබියව ඉදිරිපත් වුනු පොඩ්ඩන් ජිරාෆ් අලියා අනුකරණය පෙන්නුවේය.

 

පහුව බ්ලොග්කරුවන්...

අයිසෙ නිව්ටන්ගේ ඔලුවට ඇපල් හෝ වෙන යමක් වැටුනොත් මොනවද වෙන්නේ, මාළු සද්ද නොකර පිහිනන්නේ කොහොමද, නයාට ටෝච් එකකින් පහර දීම, ඩ්‍රැකීගේ බොරු (නො)කීම, කොස්සෙන් ඇති ප්‍රයෝජන ආදී ඒවා සිදුවිණි.

මංතුමා කියවාපු පොත් දහයක නම් අභීතව ඉදිරිපත් කළ අතර නොහොඹිනා ඩ්‍රැකියා එය කඩාකප්පල් කිරීමට අමානුෂික වෙහෙසක් දැරූහ.

 

ඔය ඔක්කෝම අහවර වී අපි කහකුරුල්ලා මස්තකප්‍රාප්ත වී TeePee සයිට් එකෙන් එපිට බලා පිහාඹන්ට සැරසෙද්දී... වෙන තැන්වල පිටත්වන මොහොතේ සිදුවන ආකාරයේ මල් ඉසීමක්, වතුර ඉසීමක් නොව, බත් අහසට ඉස සෞභාග්‍යමත් ලංකාවක් ප්‍රාර්ථනා කිරීමට තට්ටය තුමා වගබලාගත් සේක.

 

පෝදා විකාසය ඉන් අහවරයි. සියල්ලෝ සතුටු සිතින් ගිය නමුත්... මා පාර වැරද්දුවාය කියමින් කොලොම්පුරයා පමණක් උරණ උනි.


45 comments:

  1. Replies
    1. පොස්ටුව හරියට දාන්නහ් කලියෙන් වැටක් ගහල නෙව බස්. ටැන්ස්ක් හොඳේ

      Delete
  2. හතරවෙනිද හැන්දෑකොරේ වෙනකල්ම මම හිටියෙ 80% ක් නොයන පැත්තට. පස්සෙ අපේ යාංස් තුමා එතුමාගෙ රතේ මාව අරං යන්න පුලුවන් කියපු හින්ද තමා වැඩේ කන්ෆර්ම් කලේ.

    පස්ට් ටයිම් ඔහේව හම්බවෙලා කතා කරන්න ලැබීමත් ලොකු දෙයක්.

    අන්තිම ටිකනං ඉතිං තනිකරම ත්‍රිලර් ඇන්ඩ් ඇඩ්වෙන්චරස් තමයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් ආධිපති චම්පිකතුමාව හමුවෙන්ට හම්බුවෙච්ච එකටත්... මගෙන් උණුසුම් මෙව්වා එක 🙏

      Delete
  3. මාව හලලා ගියාට බලවත් මෙව්වා එක...

    මම හැබැයි එදා දාගෙන හිටපු වැඩකුත් තිබුනා..

    ඒක නිසා කමක් නෑ

    -නවීන්

    ReplyDelete
    Replies
    1. බොට වැඩක් එදාට තියෙන බව දැනුන හන්ද තමා සංවිඩායක කණ්ඩායම කතා නොකළේ. ඊළඟ පාර සැට් වෙමු නවී!

      Delete
  4. කියන්න බැරි උන ඒවා තව තියනවද?

    ReplyDelete
    Replies
    1. Litseeker... ඩ්‍රැකීහරි කොලොම්පූර් හරි ලියයි ඒව ගැන

      Delete
  5. මං ලියන්ඩ උන්නු ටික... ටෝ අහුවෙයකො ඊළඟ පාර.!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං උබ අහුවෙනවයැ? ඇඟිලි අතරිං ලිස්සල රූටල යනවනෙ.

      Delete
    2. ඔව් ඉතිං. උබ අහුවෙනවයැ? ඇඟිලි අතරිං රූටල යනවනෙ...

      Delete
  6. නොගියට මේකට
    ගියා වගෙයි මට
    විස්තර ලිව්වට
    තුතියක් නමීට!

    ReplyDelete


  7. එනවිට රත්නපුරයට යන පාර පෙන්නා මග වැරද්දුවේය.
    යනවිට පාදුක්කෙන් ගෝනපොලට දමා එන මග වරද්දා කොට්ටාවෙන් හයිවේ දමා කහතුඩුවෙන් පිටව ඇවිත් පානදුරේට යන්නට පාර පෙන්නුවේය.

    පාර වැරද්දවීම කලාවක් නම් එහි පිකාසෝ නමියාය.....

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ඔ්ක කලිං කිව්වනං තව දෙක තුනක් පතබානවනෙ... සැක්!

      Delete
    2. අපරාදෙ තව පොඩ්ඩක් බොන්න දුන්නනං ඔය ඔල්මොරොන්දං ගතිය මගෑරෙනව.

      Delete
    3. කොළොම්පුරේ -
      ඔය ගූ ගල් පාර ආදී... තාක්සන විගඩම් දන්න එකක් ඈ අපි. ඩ්‍රැකී -
      ඇඟ තියෙන එකෙක්ට පත බාන්න
      Praසන්ன-
      බීවේ නෑ හත්තික්කේ මං

      Delete
    4. ඒක තමයි බොල අවුල. හැක්..

      Delete
    5. එකවඩියක් බීව ඉතීම්. කොකාකෝලා... සැන්ඩිය විදිහට මට සැට් නෑ අලේ

      Delete
    6. ප්‍රසෝ, ස්ට්‍රෝ දාන්නෑ අරක්කුවලට.

      Delete
    7. ඈ... මූ ස්ට්‍රෝ එකෙන්ද අරක්කු බිව්වෙ.

      Delete
    8. ඩ්‍රැකී - Praසන්ன. මේ කොමෙන්ට් දෙකේ පිළිවෙල මාරු වෙන්ට ඕන නේ. පෂාගෙ එක උඩට ගෙහුං....

      Delete
    9. ප්රසඥ්ඥ,
      ස්ට්රෝ කිව්වෙ නමියට.

      Delete
    10. කොලොම්පුරේ ගේ බ්ලොග් එක්කහුවේ දොළ දුක පිනවීම ගැන මගේ මනාපය ++++++++++++++++++++++

      Delete
    11. ඒකනම් ඇත්ත... අජිත් බොසා

      Delete
  8. අජිත් අයිය වගේ පෙස්කට් එකක් තියෙන තට්ට මහත්තය කවුද මල්ලි...

    ReplyDelete
    Replies
    1. කහකුරුල්ලා මත පිරිස... පොටෝ කෑල්ලේ අන්තිම හාදයා නේ. නිදහස් සිතුවිළි එකේ රවී මහතා.
      http://ranrandil.blogspot.com

      Delete
  9. බක් පෝදා බ්ලොග් හමුවට සුබ පැතුම්. දක්ෂ සහ ජනප්‍රිය නවකථාකාරිනිය ශාන්ති දිසානායක බ්ලොග් කාරිනියක් වෙන්න යන අහන්න සතුටුයි. දයා ද අල්විස් මහත්මියවත් බ්ලොග් කාරිනියක් කලොත් ලස්සන ජීවන සටහන් ගොඩක් කියවන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. හ්ම්. ටැංක්ස්. ඔයයි අජිත් බොසයිත් හිටියනම් !
      අජිත් බොස... දැක්කෙත් නෑ හුඟ කාලෙකින් බ්ලොග් පැත්තෙ

      Delete
  10. ඉයන් ගේ බ්ලොග් එක කියවලා නෑ වගේ උඹ..

    ඒ උනාට අපිව හලලා ගිය එක වැරදියි ඈ..! 🤭🕺💥❤️

    ReplyDelete
    Replies
    1. අඩේ ටැංක්ස්🙏 වස වැරැද්දක් උනේ... මට ඒක මිස් වෙලා. ඉයන් ලොක්කගෙ බ්ලෝග කියවනව බොල. කොමෙන්ට් කොරලත් තියේ.

      එනකම්ම දැනුවත්ව උන්නෙ... උඹත් එනවා කියල හිටන් බාම්.

      Delete
  11. බ්ලොග් හමුව ගැන ඇදලා තිබුනු හැම රෙදිවැලකම ලේන්සු පොඩියක් හරි වනාහෙන ආවාට මේක මිස් උනානේ!
    කොහොම හරි හැමදේම පැත්තකින් තියලා වැඩේට පැමිණි නමියාට මාගේ හද පිරි මෙව්ව එක!

    ReplyDelete
  12. සමාවෙන්න ඔය උඩ ලිව්වේ මං- තට්ස්

    ReplyDelete
  13. එල එල ... හැබැයි ඉරිසියයි

    ReplyDelete
    Replies
    1. ඊලග සැරේ... එන්න ඇහැක් නෙව ඉතීම් 😄!

      Delete
  14. ගෙට් චැට් එකේ නම් මමත් හිටියා. පස්සේ මොකද්ද උන නිසා මම ආවා ඒ සති අන්තේ ගෙදර.

    ReplyDelete
    Replies
    1. ඩාම් ඩූම් සීන් ටිකක් උනා නේ. අනාගත ගෙට්ටුවකදී... මුණගැහෙමුකෝ අඟහරුතුමෝ!

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්