එකමත් එක
කාලයක පර්සියාවේ (ඉරානයේ) සිරාස් කියන පළාතෙ දුප්පත් මිනිහෙක් වාසය කළා. ඔහුත්
ඔහුගේ බිරිඳත් පොලේ පේර විකුනලා තමයි ජීවත් වුණේ.
එක දවසක්
ඔහුගේ භාර්යාව දිය නෑම සඳහා ගමේ පොදු ළිඳට ගියා. ඇය නාමින් සිටින විට ඒ ප්‍රදේශයේ
ධනවත් කාන්තාවක් පොදු ළිඳට ආවා නාන්නට. ඇය දැක්කා ගමේ උසස් පහත් ඔකොම පාහේ ගෑනු
ළිඳේ නාමින් සිටිනවා. බොහොම ආඩම්බරයෙන් ඔවුන් දෙස බැලූ ඇය "මට තනියම නාන්ඩ
ඕනෑ" කියලා කිව්වා. දිය නෑම සඳහා අත් උදව්වට පැමිණ සිටි ඇගේ සේවකයෝ ළිඳේ
නාමින් සිටිය ඔක්කොම ගෑනුත් වහාම එළියට ඇදල දැම්මා. අර දුප්පත් ගෑනි මේ කාන්තාවගේ
අහංකාර හැසිරීම ගැන බොහොම අමනාපෙනුයි සිටිය. ඇය ඇහුව අපව එළියට දාන්ඩ තරම් මේ
අහංකාර ගැහැනිය කව්ද කියලා.
"වෙන
කවුරුවත් නෙවෙයි....ඇය තමයි රජ වාසළ නැකැත් බලන ප්‍රධාන සාත්තරකාරයගෙ බිරිඳ..."
කියල පිළිතුරු ලැබුණා.
අර දුප්පත්
ගැහැනිය බොහොම හිතේ අමාරුවෙන් ගෙදර ගියා. ළිදේදි සිදු වූ සියල්ල ඇය තම සැමියාට පැවසුවා.
ඒ විතරක් නොවෙයි ඇය මෙහෙමත් කියමින් සැමියාට සැර දැම්මා. "අනේ... අනේ...
මම මොකට මේ වගේ කිසිම වැදගැම්මකට නැති මිනිහෙක් කසාද බැන්දද මන්දා ... දෙයියන්ගෙ
නාමෙට තමුසෙටත් බැරිද ජ්‍යෝතිෂ කාරයෙක් වගේ සාත්තර එහෙම කියන්ට. එහෙම උනානං මටත්
තිබුණනෙ එක එකාගෙ අවනම්බු කතා අහන්නැතුව උජාරුවට ජිවත් වෙන්ඩ ".
ඇගේ සැමියා
මෙහෙම කිව්වා. "අනේ හාමිනේ.. මොන මෝඩ කල්පනාවක් ද ඔය ඔලු ගෙඩිය ඇතුළෙ
තියෙන්නෙ. හඳහන් බලන්ඩ, පේන කියන්ඩ, සාත්තර කියන්ඩ වගේ වැඩ ගැන මම කිසිම දෙයක් දන්න එකක්යැ, එහෙව් එකේ මම කොහොමද සාත්තරකාරයෙක් වෙන්නේ ? "
"ආ...
එහෙමද...? එහෙනං දැන්වත් එහෙම කෙනෙක් වෙනව... නැත්තං
මම යනව යන්ඩ තමුසෙව දාල... දැන ගන්නව..." කියල
ගැහැනිය තර්ජනය කළා. තමුන්ගේ බිරිඳගේ මේ කමකට නැති යෝජනාව නිසා අර දුප්පත් මිනිහා
බොහෝම දුකට පත්වුණා. ඇගේ ඒ කීමට එකඟ වෙනව ඇර වෙන මොනව කරන්ඩද. මොකවත් බැරිවුණත්
ඔහු ඇත්ත සාත්තරකාරයෙක් වගේ ඇඟවෙන විදියට වැඩ කරන්ඩ හිතා ගත්තා. හඳහනක වගේ එහෙන්
මෙහෙන් කොටු ගහල එක එක විදිහෙ රූප ඇඳපු ලෑල්ලකුයි දාදු කැටයකුයි හදාගෙන ගිහිං ගමේ
පොදු ළිඳ ඉදිරිපිට ඉඳගෙන හිටියා, බිරිඳගේ මේ නොසන්ඩාල යෝජනාව
හින්දා ඔහෙ ඕන දෙයක් වෙච්චාදං කියල.
දවසක් සිරාස්
ප්‍රදේශයේ රජතුමාගේ දූ කුමරිය සේවිකාවො කණ්ඩායමකුත් පිරිවරාගෙන දිය නෑමට මේ පොදු
ළිඳට ආවා. ඔහු ඇයව කව්දැයි කියල දැනගෙන හිටියෙ නෑ. දිය නෑම සඳහා ඇඳුම් මාරු කරමින්
කුමරිය ගැලවූ රන් ආභරණ එහෙම සේවිකාවන්ට දුන්නා පරිස්සමට තියාගන්ට, ඉතාම විශ්වාස සේවිකාවට. කුමරිය තම රන් මුද්ද ගලවලා දුන්නා වැඩි
පරිස්සමට, දිය නාල ඉවරවුණ කුමරිය ඇඳුම් ඇඳ ගත්තා
සේවිකවගෙන් මුද්ද ඉල්ලපුහම එය දෙන්ට සේවිකාවට බැරිවුණා. හේතුව ඇයට මුද්ද තිබ්බ තැන
කොහෙද කියල අමතක නිසා, හෙව්වා හෙව්වා හැම තැනම ඒත්
හොයාගන්ට බැරිවුණා. ඇගේ නොසැළකිලිමත්කම ගැන කුමරියට බොහොම තරහා ගියා. මුද්ද හොයලා
නොදුන්නොත් කස පහර දෙනව කියල බය කළා. බයවෙච්චි පාරට ළිඳෙන් එළියට පැනපු සේවිකාව පණ
බේරාගන්ට දුවන්ට පටන් ගත්තා. එතකොට තමයි දැක්කෙ සාත්තරකාරයෙක් සාත්තර ලෑල්ලකුයි
දාදු කැටෙයි තියාගෙන ඉඳගෙන ඉන්නව.
"අනේ
මාව බේරා ගන්ට" කියල ඇය සාත්තරකාරයා ඉදිරියේ බැගෑපත්
වුණා. සිද්දවෙන්ට යන ඇබැද්දිය පැවසූ ඇය සාත්තරකාරයාට ආයාචනා කළා සාත්තරයක් බලල
මුද්ද හොයල දෙන්ට කියල.
ඒ දුප්පත්
අසරණ මිනිහා හැබෑ සාත්තරකාරයෙක් නෙවෙයිනෙ. දන්නැති සාත්තරයක් ඔහු කොහොම කියන්ටද..? කොහොම උණත් ඔහු ඇගේ කතාව බොහොම උනන්දුවෙන් දෑස් බාගෙට පියාගෙන වගේ ඔලුව
වනමින් අහගෙන ඉන්න ගමන්ම ඇත්ත සාත්තරකාරයෙක් වාගේ දාදුකැටය සොලවා ලෑල්ල උඩ දැමුවා.
ඔහු උවමනාවෙන් බැලුව සේවිකාවගේ මුණ දෙස. අඬමින් සිටිය ඇයගෙ දැසින් ගැලූ කඳුළු ගලාගෙනවිත්
ඇගේ ඇඳුමේ වැටුණා. ඇය මුහුණ වහගෙන හිටපු වේල් එකේ සිදුරක් තිබුණා. ඒ සිදුරෙන් ඔහු
දැක්කා ඇගේ කෙස් වැටිය. ඊළඟට කරන්ඩ ඕනෑ මොකක්දැයි නිච්චියක් නැතිව හිටි ඔසු තමාටම
මුමුණාගන්නට පටන් ගත්තා.
"මට කුඩා
සිදුරක් දකින්ට තියෙනව. ඒ සිදුරෙන් කෙස් රැල්ලක් පෙනෙනවා.." කියල. ඇහිපිල්ලමක් ගහන සැණින් වගේ ඇයට
යංතමින් වගේ ඒ වචන ඇහුණා. ඇගේ දෑසෙ කඳුළු වියලුණා. ඇයට මතක් වුණා ළිං බිත්තියේ ඇති
සිදුර, මුද්ද හොයා ගැනීමට සළකුණක් ලෙස තියපු කෙහෙ රැල්ලත්
ඇයට මතක් වුණා. ඇය දිව්වා ළිඳ ළඟට, මුද්ද හොයල බොහොම
සතුටින් කුමාරියට දුන්නා. ළිඳ ඉස්සරහ ඉඳගෙන ඉන්න සාත්තරකාරයා සාත්තරේට බලල මුද්ද
තියෙන තැන කියල දීපු හැටි ඇය කුමරියට කිව්වා. රජ මාළිගාවට ගිය ගමං කුමරිය මේ
සිදුවෙච්ච සියල්ල පිය රජතුමාට කිව්වා.
රජතුමා
දුප්පත් සාත්තරකාරයාව මාළිගයට කැඳෙව්වා. ඔහුට මුදල් හදල් තෑගිබෝග එහෙම දීල ගෞරව
දක්වන පොරවනයත් පොරවලා අස්සයෙකුත් දීල රජ ගෙදර නැකැත් කාරයා හැටියට පත් කළා. ඔහුගේ
බිරිඳගේ පැතුම මුදුන්පත් වුණා. අර දුප්පත් සාත්තරකාරයා තවත් අසරණ වුණා. ඔහු නැකැත්
සාත්තර ගැන අල්ප මාත්තරයක්වත් දැනගෙන හිටියෙ නැනෙ. ඒ වුණත් තමුන්නෙ ආඩම්බරකාර
බිරිඳ නිසා නිස්සද්දව හිටියා. ඔහොම ඉන්නකොට එක දවසක් රාජකීය භාණ්ඩාගාරය හොරුන්
බින්දා රජතුමා සාත්තරකාරයාව කැඳෙව්වා. බියෙන් වෙව්ලමින් ඔහු රජතුමා ඉදිරියට ගියා.
දැන් ඇති අභියෝගය ඉදිරියේ තමන් නියාලුවෙකු බව ඇඟෙව්වෙ නෑ- ඔහු රජතුමාගෙන් දින
හතළිහක් කල් ගත්තා හොරුන් අල්ලලා දෙන්නට.
බොහොම
අවදානම් තත්වයකට මුණ පා සිටී ඔහු කණගාටුවෙන් ගෙදර ගියා. ඔහු වැළපුණා. "ගැනියෙ... මම කොහොමද හොරු කවුද කියල දන්නේ..." කැළඹුන සිතින් ඔහු බිරින්දෑට තරවටු කළා. "උඹේ කෙහෙම්මල් ආසාව
නිසා මට සිද්ධ වෙන්නෙ කොලනැති ගහේ නගින්ඩ තමයි.... හොරු අල්ලල නොදුන්නොත්
නිසැකයෙන්ම රජතුමා මගෙ බෙල්ල ගහල දාන එක දානවාමයි"
මේ ඊනියා
සාත්තරකාරයා මිදි ගෙඩි හතළිහක් ලොකු භාජනයකට දැම්මා. දාල කිව්වා බිරිඳට; "දිනපතාම එක මිදි ගෙඩිය ගානේ හැම රාත්තිරියකටම දෙන ලෙස, භාජනේ හිස්වෙන
දවසට දින හතළිහ හරි. එදාට මම රාජකීය දඬුවම විඳින්නට රජතුමා ඉදිරියේ පෙනී හිටිනවා"
දෛවයෙ හැටියට
වාගේ රජ ගෙදර වස්තුව හොරකම් කරපු හොරු කණ්ඩායමෙත් හරියටම හොරු හතළිහක් හිටියා.
හොරු දැනගත්තා හොරු අල්ලල දෙන්නට රජතුමා සාත්තරකාරයට නියෝග කර ඇති බව. ඒ හින්දා
කල්පනා කළා සාත්තරකාරයා මොකක්ද කරන්ට යන්නෙ කියල හැංගිලා බලා ඉන්ඩ. හොරුන්ගෙන්
එකෙක් රාත්තිරිය සාත්තරකාරයගේ ගෙදර වහලෙට නැගල හොරෙන් බලා හිටියා මොනවද කරන්නෙ
කියල එදා රෑ මිදි ගෙඩියක් ගෙනත් දීපු සාත්තරකාරයගෙ බිරිඳ කිව්වා "මෙන්න
හතළිහෙන් එක කියල". වහලෙ උඩ නැංගිල හිටපු හොරාට මේක ඇහුණා. එයා හිතුවා ඒ
කියන්නෙ අපිටම තමයි කියලා. බියට පත් ඔහු දුවගෙන ගිහින් සගයන්ට මේ බව කිව්වා.
ඊළඟ දවසෙ
හොරු දෙන්නෙක් වහලෙ උඩ හැංගිලා බලා හිටියා. ඔවුන්ට එදා ඇහුණා සාත්තරකාරයාගේ බිරිඳ
කියනව "මෙන්න හතළිහෙන් දෙක..." මේ විදියට ඉතිරි දවස් තිස් නවයත්
ගියා,
හතළිස්වෙනි දවසෙ හොරු කණ්ඩායමේ නායකයාම ඇවිත් හැංගිල බලා හිටියා
ඇත්තටම මොකක් ද වෙන්නෙ කියලා සාත්තරකාරයාගේ බිරිඳ ලොකුම මිදි ගෙඩිය තියාගෙන හිටියෙ
හතළිස් වෙනිද රෑට දෙන්නටයි. ඇය ඒ මිදි ගෙඩිය සාත්තරකාරයාට දෙන ගමන් මෙහෙම කිව්වා. "අද
තමයි අවසාන එක.... හතළිහෙන්ම ලොකු එක"
හොර නායකයා
බයෙන් ත්‍රස්ත වුණා. එයා වහලෙන් බිමට බැහැල සාත්තරකාරයාගෙ දෙපාමුල වැටිල ආයාචනා
කරන්න පටත් ගත්තා. "අනේ නුවණැති සාත්තර කාරයාණෙනි! මගෙත් මගේ සගයන්ගෙන්
ජීවිත බේරා දෙනු මැනවි. මම හොරකම් කරපු වස්තුව ඔක්කොම ආපසු ගෙනත් දෙන්නම්... අපි
ගැන රජතුමාට දන්වන්ඩ නම් එපා". පොරොන්දු වූ හැටියටම හොර නායකයා තමන්
හොරකම් කළ වස්තුව ඔකොම ගෙනවිත් අර දුප්පත් සාත්තරකාරයාගේ ගෙදර දැම්මා. තමන්
අහුවෙන්ඩ ගිය උගුලෙන් දෛවොපගත බේරීම නිසා අල්ලා දෙවියන්ට යාඥා කරමින් ස්තුතිකොට මේ
වටිනා වස්තුව ඔක්කොම රජ මාළිගාවට ගිහින් දුන්නා. අධිත ප්‍රීතියට පත් රජතුමා
සාත්තරකාරයාට තව තවත් ගරු සත්කාර සම්මාන දුන්නා.
මේ හේතුව
නිසා සාත්තරකාරයා ගැන රජතුමාගේ විශ්වාසය වැඩිවුණා. දැන් රජතුමා දඩකෙළියෙ යනකොට
සාත්තරකාරයාත් යා යුතුයි. දඩයමේ ගිය එක් දවසක කැලෑවේදී රජතුමා පළඟැටියෙක් අල්ලා
ගන්ට උත්සාහ කළා. බැරිවුණා, ආයෙත් උත්සාහ කළා. ඒත්
බැරිවුණා. කොහොම හරි අන්තිමේදී පළඟැටියව අල්ලාගත්තු රජතුමා ඌව අතේ මිට මොලවාගෙන
විනෝදෙට වගෙ සාත්තරකාරය ළඟට ගිහිල්ලා කිව්වා පුළුවන් නම් කියන්ඩ අතේ තියෙන්න මොනවද
කියලා?
අතේ මිට
මොලවා ගෙන ඉන්නේ මොනවාද කියල හරියටම කියන්ඩ බැරිවුණොත් රජ්ජුරුවන්ට කේන්ති යයි
කියල සාත්තරකාරයා බොහොම බයට පත්වුණා. ඒ වගක් අඟවන්නෙ නැතුව ඔහු සුදු කැටය ලෑල්ල උඩ
පෙරලුවා. මොන ප්‍රාතිහාර්යයකින් හරි මීට කළින් වතාවක පණ බේරුනත් මෙදා පොටේ නම් වැඩ
වරදින බව ඔහුට හිතුණා. ඔහු තමාටම මුමුණා ගත්තා "අනේ හිං එකෝ... කළින්
වතාවකදී නූලෙන් උඹේ ජීවිතේ බේරුණා. දෙවන වතාවෙදිත් වාසනාව උඹට උදව් කළා. ඒත් මේ
වතාවෙදිනම් උඹ රජතුමාගේ අතටම අහුවුණා" කියල සාත්තරකාරයා තමන් වැටිල ඉන්න
මර උගුලෙන් බේරෙන්නෙ කොහොමද කියල මෙහෙම මුමුණපු වචන යන්තමින් ඇහුණ රජ්ජුරුවො
හිතුවෙ හරි උත්තරේ දුන්නා කියලා. රජතුමාට හරිම සන්තෝෂයි. රජතුමා වැඩි වැඩියෙන්
සාත්තරකාරයාට සැළකිලි දැක්වූවා.
වාසනාව
හින්දම ජීවිතේ කීප වතාවක් බේරුණත් එන්ඩ එන්ඩම තම ජීවිතේ අනතුරේ වැටෙයි කියල හිතුණා.
කවද හරි බළලා මල්ලෙන් එළියට පැන්න දවසට තමාගෙ ජීවිතෙත් එතැනින්ම අවසාන වෙයි කියල
ඔහු හිතුවා. මේ බොරු රගපෑම මෙතනින් අවසන් කරන්ඩ ඕනෑ කියල හිතා ගත්තා. මම පිස්සු
මිනිහෙක් වගේ හැසිරෙන්ඩ ඕනැ. එකකොට රජ්ජුරුවෝ මාව මේ කරදරයෙන් නිදහස් කරාවි. මෙහෙම
හිතල වැරහැලි රෙදි කඩක් ඇඳගෙන ඔලුව අවුල් කරගෙන හරියට පිස්සෙක් වගේ රජ මාළිගාවට දිව්වා.
රජතුමාගේ ඇතුළු කාමරයට බලහත්කාරකමට වගේ ඇතුල් වුණා. රජතුමාව වඩාගෙන වගේ දැවටි
දැවටි එළියට ආවා. පුදුමෙට වගෙ එළියට ආවා විතරයි ඇතුළු කාමරේ වහල කඩාගෙන බිමට
වැටුණා. රජතුමාගේ ජීවිතේ බේරුණා පුරුවෙ පිනට වගේ. කොහොම ස්තූති කරන්ඩද
සාත්තරකාරයට. "මාගේ විශ්වාසවන්ත ශ්‍රේෂ්ඨ සාස්තරකාරයාණෙනි. ඔබ නියම වෙලාවට
ඇවිදින් මගේ ජීවිතය බේරල දුන්නා" කියමින් රජතුමා ඉතා වටිනා තෑගිබෝග
දුන්නා සාත්තරකාරයාට. රජ ගෙදර ප්‍රධාන සාත්තරකාරයා හැටියට පදවියෙන්ද පිදුම්
ලැබුවා.
සාත්තරකාරයාගේ බිරිඳ ගැන දැන් බලමු. කොහොම හරි ඇගේ ආසාව මුදුන්පත් වුණා අන්තිමේදි. මුදල් හදල් ද යහමින් ඇයටත් ලැබුණා විතරක් නෙවෙයි රජ ගෙදර ප්‍රධාන සාත්තරකාරයාගේ භාර්යාව හැටියට ගරු සැළකිලිත් නම්බුනාමත් ලැබුණා. ඊළඟ දවසෙ ඇය ගියා පොදු ළිඳට. ඇය දැක්කා කළින් සාත්තරකාරයාගේ බිරිඳ දිය නාමින් ඉන්නවා. ඇය උඬඟු ලෙස නියෝග කළා තමුන්ට පමණක් තනියෙම නාන්ඩ උවමනායි කියල.
ඉරාන ජනකතා - පරිවර්තනය ඩී එම් රණවීර
ඉතිං.... ඊට පස්සෙ මොකෑ උනේ. කතාව ඉවරනං අඩු ගානෙ නිමි කියල හරි දාහං ඉඳගෙන.
ReplyDeleteඒකට කමක් නෑ ඔහේ ඔය ගෑණු කියන හැම දේම අහන්න යන්න ඕන නෑ.
පොඩි පොඩි මිස්කේට් ගණන් ගන්ට එපා හිටං
Deleteඇඩවයිස් එකට ටැංක්ස් 😄
හා, ඉරාන ජනකතා? තව ඉස්සරහට තව කතා එයි නේද? එදා වගේම අදත්, බොරුවෙන් ජීවත් වෙන්න ඇහැකියි කියන එක පැහැදිලියි.
ReplyDeleteනාන ලිං ගැන ස්පෙශලිස්ට් පක්සියො ඉන්නව
Deleteඔහෙට කියන්න, ඒ ලිඳ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙන්න තිබුනා. වැරදිලාවත් බකුසත් නාගන්න ලිඳ පැත්තට හැරුන නං, අදත් අඹතලේ කුඹුරු කොටන ගමරාළ.
Deleteඔවු එහෙනං ඔහේගෙ අතපය ලක්ෂයක් වටා අනික් පැත්තට හරවගන්න තිබ්බ හිටගෙන.
Deleteබස් - ඔව් තව ඉස්සරහටත් මේ වගේ කතා එයි. ලංකාවෙත් මේ ලඟින් යන දේවල් හෙම උනා කියන්නෙ.
Deleteප්‍රා -අම්මපා
පරණ සිංහල පොතක තිබුන කට්ටයයි වෙට්ට පිත්තලයයි කතාව මතක් උනා.
ReplyDeleteහ්ම්. ඒ ගැන අහළ තිව්නට කතාවනම් මතක නැතුව. Litseeker... පොස්ට් එකක් දෑවොත් මොකෝ. බොගකට සැට් වෙනවනම්
Deleteබලාගෙන යනකොට සාත්තරකාරයට මෙච්චර අවදානමක් ගන්න වුනේ වයිෆ්ට ළිඳ ලඟ තනියම නාන්න ඉඩ සලස්වලා දෙන්නනෙ.
ReplyDeleteඅනේත කියන්නෙ Lotus. හොඳට නරකට දෙකට... වයිප්මය 😂
Deleteපිරිමි කොයි තරම් නම් අවදානම් ගන්නවද ඔය වගේ පොඩි පොඩි දේවල් වලට අම්මප😂
Deleteබොටත් බැඳපු දාක තේරෙයි යහමින් 😂
Deleteඑහෙනම් බඳින්න බැරියෝ😂
Deleteඅපේ රටෙත් හිටිය සුමනදාස කියල හොඳ රාජකීය දෛවඥ්යයෙක්
ReplyDeleteහෙහ්..හෙ රජා ආදරේ වැඩි කොමට ගහල පැන්නුවත් හිටං නේ
Deleteඇයි එතකොට රතුවිතාන. රජතුමා බාබුගේ බෝම්බයෙන් යන එකවත් කියා ගන්න බැරි වුනා
Deleteසාස්තර කියන අය හැම රටම වෙත
ReplyDeleteසූස්තර හෙමත් උන් හොඳටම දනිත
මෝස්තරත් එක්කම කැටයම් දමත
තෝත්තරවලින් ලොක්කන් අන්දවත!
කන්යාවියන් ලව්වා කිරි නා ගත්තත්
වශී බෝල හැම තිස්සෙම මිරිකව්වත්
කැළණි ගඟෙන් නයි පටවල වැඩ දැම්මත්
ගුරුකම් හරි නොයයි අපලේ පළ දුන්නොත්
මසුරං කයිය. ටැංක්ස් නිදි!
Deleteසුමනෙව මතක් උනා , මහරජා මිරිකා මිරික හිටිය බොලෙත් මතක් උනා .....
ReplyDeleteඥානා අක්කා අමතක උනයි 😂
Deleteඔය වගෙ සාත්තර කාරයංගෙ ජන කතා හැම රටකම වගෙ තියෙනව. කට්ටයා සහ වෙට්ටපිත්තලයා කියල බුරුම ජන කතාවක් තිබුණා. තව කුරුළු අප්පු කියල කතාවක් නගුල් මුන්නා පොතේ තිබුණා.
ReplyDeleteහ්ම්... ඔව් ඩ්‍රැක්ස්. ආප්තෝපදේශ විදිහේ මේ කතා බොහෝ රටවල ජනකතා විදිහට තියෙනව නේ. ඒත් මේ කතාව ට්‍රාන්ස්ලේට් කරලා තියෙන විදිහ හරිම නෑ... මටනම්. ඒත් වෙනස් කරන්න හිත නොදුන් නිසා එහෙම්මම දෑව
Deleteසාස්තර කියන්න පටන් ගමුද නමි ?
ReplyDeleteමායි කොලොම්පූර් ලොක්කයි කතා උනත් ඔය ගැන 😂
Deleteබොහොම රහට පරිවර්තනය කරලා තියෙනවා. ස්තූතියි.
ReplyDeleteඒ ඇගයුම පරිවර්තක... ඩී එම් රණවීර මහතාට
Deleteටැංක්ස් කියෙව්වට!
ගෑනු කියන ඒවා අහලා හරි ගියපු මිනිස්සුත් ඉන්නව නෙහ් අන්තිමට බලාගෙන ගියාම😂
ReplyDeleteඔව් ඔව්... නවීන්
Delete