කලාවේ නාදය...


රැස්ව සිටින දහසක් හදවත් එකම සමාධියකට සමවදින මොහොතයි මේ. මුලු ශාලාවම ඉඳිකටු තුඩක් බිම වැටුනත් එය හෙන හඬක් වන තරම් නිහඬය. මහා සංගීතඥයා වාදනය පටන් ගැනීමට තව ඇත්තේ නිමේශයක් පමණි. රසිකයන් මහත් උද්යෝගයෙන් ඔහුගේ වාදනයට සමවදීමට බලා සිටී. ඒ මොහොතේම... ශාලාව දෙදරවමින් අසුන්ගෙන සිටි අයෙක්ගේ දුරකතනය නාද වන්නට විය.

“මේ මොනවගේ මෝඩයෙක්ද, මේ වගේ ස්ථානයක මොහු හැසිරෙන්නටවත් දන්නෙ නැති හැටියක්...” ශාලාවේ සිටි දහසකගේ රෞද්‍ර ඇස් ඔහුවෙත එල්ල විය. මුලු සිරුරින්ම නැගුනු ලැජ්ජාවත්, බයත් සමග වෙව්ලන ඇඟිලි තුඩු අතරින් වහා දුරකථනය ක්‍රියාවිරහිත කළ ඔහු... අසරණ සිනහවකින් ආසනයේ හැකිලෙන්නට වුනි. සුලු විරාමයකින් නැවතත් සභාවේ පෙර නිහඬ බව ඇතිවිය.

මොහොතකින් නැවතත් එම දුරකථන නාදය ඇසෙන්නට විය!

නැත... මෙවර එය ආවේ වේදිකාවෙනි. මහා සංගීතඥයා පෙර ඇසුණු දුරකථන නාදයම නැවත ප්‍රතිවාදනය කරයි.

ශාලාවේ රැස්ව සිටි පිරිස මොහොතක් ගල්ගැසී සිදුවන දෙය බලා සිටියහ. සියල්ලෝම ඒ කෙටි වාදන කණ්ඩය අවසානයේ මහත් හඬින් අත්පොලසන් දුනි. ඔවුන්ගේ හදවත්වල කෝපය වෙනුවට විස්මය මුසු සතුටක් තැවරී තිබිණි. ඒ අතර දුරකථනය හිමිකරුවාද කඳුලු පිරි දෙනෙතින් හා උතුරායන සිනහවෙන් අන් අයගේ අත්පොලසන් නාදයට හදවතින්ම එකතු විය.

සංගීතය ඇතුලු මුලුමහත් කලාවේ උත්තරීතර අරමුණ විනිශ්චය නොව අවබෝධ කරගැනීමයි... එකිනෙකා අතර පරතරය තබන්නට හෝ වෛරය, ක්‍රෝධය ඇතිකරන්නට නොව.

මේ බව එදා රාත්‍රියේ මහා සංගීතඥයා සියල්ලන්ටම ඒත්තු ගැන්විය.


3 comments:

  1. බහුචිතවාදියා බලද්දි ඇමිටි එකේ
    උන්නා බූරුවෙක් මතකද සීට් එකේ
    පොදු රසිකයන් රස විඳිනා හෝල් එකේ
    හිටිද්දීමයි ඌ උන්නේ ෆෝන් එකේ

    එක රසිකයෙක් බාධාවක් බව කීවා
    ගණන් ගත්තෙ නැහැ නෙව අර උරුලෑවා
    ළඟම උන් අයත් නිහඬව පසු වූවා
    රජෙක් වගේ බූරුව දිගටම බිරුවා

    ReplyDelete
  2. දිගට ලියනවද කෙටියට ලියනවද
    ඉඳහිට ලියනවද, ආප්ප බානවද
    උන් හැටියට මලා මඳැයි හිතෙනවද
    අනේ සාදු ලියනව නං අපෙ මොකද

    ReplyDelete
  3. ෆෝන් වල රිංගින් ටෝන් වාදනය කරන උංටත් මහා සංගීතඥයො කියනවද?

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්