කලාවේ නාදය...


රැස්ව සිටින දහසක් හදවත් එකම සමාධියකට සමවදින මොහොතයි මේ. මුලු ශාලාවම ඉඳිකටු තුඩක් බිම වැටුනත් එය හෙන හඬක් වන තරම් නිහඬය. මහා සංගීතඥයා වාදනය පටන් ගැනීමට තව ඇත්තේ නිමේශයක් පමණි. රසිකයන් මහත් උද්යෝගයෙන් ඔහුගේ වාදනයට සමවදීමට බලා සිටී. ඒ මොහොතේම... ශාලාව දෙදරවමින් අසුන්ගෙන සිටි අයෙක්ගේ දුරකතනය නාද වන්නට විය.

“මේ මොනවගේ මෝඩයෙක්ද, මේ වගේ ස්ථානයක මොහු හැසිරෙන්නටවත් දන්නෙ නැති හැටියක්...” ශාලාවේ සිටි දහසකගේ රෞද්‍ර ඇස් ඔහුවෙත එල්ල විය. මුලු සිරුරින්ම නැගුනු ලැජ්ජාවත්, බයත් සමග වෙව්ලන ඇඟිලි තුඩු අතරින් වහා දුරකථනය ක්‍රියාවිරහිත කළ ඔහු... අසරණ සිනහවකින් ආසනයේ හැකිලෙන්නට වුනි. සුලු විරාමයකින් නැවතත් සභාවේ පෙර නිහඬ බව ඇතිවිය.

මොහොතකින් නැවතත් එම දුරකථන නාදය ඇසෙන්නට විය!

නැත... මෙවර එය ආවේ වේදිකාවෙනි. මහා සංගීතඥයා පෙර ඇසුණු දුරකථන නාදයම නැවත ප්‍රතිවාදනය කරයි.

ශාලාවේ රැස්ව සිටි පිරිස මොහොතක් ගල්ගැසී සිදුවන දෙය බලා සිටියහ. සියල්ලෝම ඒ කෙටි වාදන කණ්ඩය අවසානයේ මහත් හඬින් අත්පොලසන් දුනි. ඔවුන්ගේ හදවත්වල කෝපය වෙනුවට විස්මය මුසු සතුටක් තැවරී තිබිණි. ඒ අතර දුරකථනය හිමිකරුවාද කඳුලු පිරි දෙනෙතින් හා උතුරායන සිනහවෙන් අන් අයගේ අත්පොලසන් නාදයට හදවතින්ම එකතු විය.

සංගීතය ඇතුලු මුලුමහත් කලාවේ උත්තරීතර අරමුණ විනිශ්චය නොව අවබෝධ කරගැනීමයි... එකිනෙකා අතර පරතරය තබන්නට හෝ වෛරය, ක්‍රෝධය ඇතිකරන්නට නොව.

මේ බව එදා රාත්‍රියේ මහා සංගීතඥයා සියල්ලන්ටම ඒත්තු ගැන්විය.

ප.ලි. - නිර්මාණයක් පමණි. සත්‍යය සිදුවීමක් නොවේ. ස්වස්ති සිද්ධම් 😁🙏

10 comments:

  1. බහුචිතවාදියා බලද්දි ඇමිටි එකේ
    උන්නා බූරුවෙක් මතකද සීට් එකේ
    පොදු රසිකයන් රස විඳිනා හෝල් එකේ
    හිටිද්දීමයි ඌ උන්නේ ෆෝන් එකේ

    එක රසිකයෙක් බාධාවක් බව කීවා
    ගණන් ගත්තෙ නැහැ නෙව අර උරුලෑවා
    ළඟම උන් අයත් නිහඬව පසු වූවා
    රජෙක් වගේ බූරුව දිගටම බිරුවා

    ReplyDelete
    Replies
    1. පලවෙනි කොමෙන්ට් 3නේම negative ලකුණු වගෙ 😬. හුම්! නිදි, බසූ, පෂා...
      මේක ලියන්ට හේතු උනෙ නිදහස් වෙලාවක අහම්බෙන් දැක්ක videoවක්. videoවෙයි මේකෙයි සිද්ධි හාත්පසින්ම වෙනස්. ඒත් දැකපු ගමන් මේ කතාව හිතට ආව. ඒ නිසා ටක්ගාල ඒකෙ screenshot එකක් ගගගත්ත. ඊයේ ඒක අහම්බෙන් දැකල තමා ලියන්න ගත්තෙ. ලියද්දින්ම හිතට ආවෙ කෙටියෙන් ලීවනම් පොස්ටුව කොටන්න ගත්තෙ මොන කෝණයකින්ද කියල කියවන්ට අදහසක් යයි කියල හිතිලයි. ඒකයි වැඩිය කතාව දික්ගැස්සුවෙ නැත්තෙ. හිතට ආ කතාවෙ අදහස/ turning point එක තමයි 'එක නිමේශයකින් අයහපත් තත්වයකට පත්වෙන්න තිව්න පරිසරයක් යහපත් තත්වයකට හරවන්න... නුවනැත්තෙක්ට ඇහැකි' නේද කියන එකයි.

      අර කීව videoව 👉
      trying to make the audience laugh..

      Delete
    2. එහෙම නෙගටිව්ම කියල හිතන්න එපා. සාමාන්‍යයෙන් බරසාර ලිපි ලියන රටාවෙන් වෙනස් "බ්ලොග් ෂෝර්ට්ස්" එකක් නිසයි එහෙම කිව්වෙ. අරහෙම හදිස්සියෙ දැක්ක දේකින් හිතට ආපු අදහස රෙකෝඩ් කරගත්ත ක්‍රමේ හොඳයි.

      මෙහෙම එව්වත්, ඔය අතරින්-පතර එබුවට කාරියක් නෑ.

      Delete
    3. දැන් ටික කාලෙකට කලින් කොටස් කීපයක කතාවක් ලියල අතැරල දැම්ම. අවසානය ගැන අදහසක් ආවෙ නැති හන්ද. හැබැයි පටන්ගැන්මනං ලස්සනට හොඳ අදහසක් එක්ක තිබ්බ. හුම්: බලමු ඉස්සරාට... 🙂

      Delete
  2. දිගට ලියනවද කෙටියට ලියනවද
    ඉඳහිට ලියනවද, ආප්ප බානවද
    උන් හැටියට මලා මඳැයි හිතෙනවද
    අනේ සාදු ලියනව නං අපෙ මොකද

    ReplyDelete
    Replies
    1. කතාවේ විස්තරේ නිදි ලොක්කගෙ comment එකට දාපු reply එකේ.
      කෙටි පොස්ටුවක් තමා. ටක්ගාල ලියවුනු හන්ද දැම්ම ඉතීම් 😁. තව MJගෙ හරි Bob Marley සිංදුක් හෙම දාන්න හදල දැම්මෙ නෑ. කතා තේමාව යටගියොත් කියල හිතිල.

      Delete
  3. ෆෝන් වල රිංගින් ටෝන් වාදනය කරන උංටත් මහා සංගීතඥයො කියනවද?

    ReplyDelete
    Replies
    1. ඔය සමහර නාද හදන්නෙ මහ ඈයො තමයි හිටං. එක පෝන් මාදිලියක් ලෝකෙ කොච්චර සැරිසරනවද. පෝන් කට්ටෙ brand name එකට නාදයත් බලපානවා නෙ පෂා බොෂා 😉

      Delete
  4. මේ සිද්ධිය 2000 මුල විතර වෙච්ච එකක් නම් Mozart Symphony කෑල්ලක් වෙන්ඩ ඕනේ. ඒ දවස්වල ජංගම දුරකතනවල හරිම ප්‍රසිද්ධ ring tone එකක් තමයි Mozart Symphony No. 40.

    ReplyDelete
    Replies
    1. මේකම නොවුනත්, මීට සමාන සිද්ධි වෙලා තියෙන බව පෝස්ටුව ලීවට පස්සෙ දාපු පොඩි හෝදිසියෙන් තේරුනා! 9/11 ප්‍රහාරය නිසා දුකට පත්වුණ අයට සංගීත ප්‍රසංගයක් නිසා යම් බලපෑමක් කළා කියල තිබ්බ.
      සංගීතය හැරුනහම ගත්තොත්, මැරුණු කුඩා ළමයෙක්ගෙ එක චායාරූපයක් ලෝක අවධානයට ලක්වෙලා ඒ රටේ යුද්ධය නවතින්න හේතුවක් උනාලු ඒ චායාරූපය

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්