පස්සෙ අපේ රටටත් ආවත්... සකුරා මල් පිපෙනව කියල කියමනට
අපි කියන්නෙ ජපන් රටේ කියලයි. එතකොට කොහොමෙයි සකුරා මේ දේසේ හටගන්නෙ. ගීතයේ පද පෙළ
ගත්තොත් මුල ඉඳලම අපබ්‍රංසයක්!
මුළු සොබාදහම කණපිට හැරිල... සාගර පතුලෙන් පටන්ගෙන
පොළොවේ ඉඳල හඳ, තරු අතරට යනකම්. නෑ ඊටත් එහා... දිව්‍යලෝකෙ වෙනකම්. මුලු ලෝකෙම
විපරිත වෙලා! ගස්, මල්, කුරුල්ලො, සතා සීපාවා, හඳ, තරු, මිනිස්සු ඔක්කොම රුයිතෙට.
කොටින්ම කියනවනම් දෙව්ලොව දහම් සාකච්ඡා කරන... සුදම් සභාවෙත් ගැටලු.
ලෝක විනාසයක් ගැනද, සමාජයේ තියෙන අවුල ගැනද ??
ගීතය ලියාපු සුනිල් ආරියරත්නතුමා නං කියලා තියෙන්නෙ එකම
සාම්පලේ වට්ටෝරුවට විරුද්ධව වගේම කවුරුත් නොලියපු පන්නෙ එකක් ලියන්න ඕන නිසා මේ පද
පෙළ ලියවුනාය කියල. විප්ලවීය මතවලට උදව්දෙන විදිහට ලියවුනු බවකුත් ඒ අතරේ කියවෙනව.
ඔහුගෙ පළවෙනි ජනප්‍රිය ගීය මෙය බවත් සහ මේ පදරචනාව ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්
බවත් සඳහන්. ඒ වගේම සිංහල ගී ක්ෂේතයට මේ වෙනස අලුත් උනත් ජනකවි වල මේ වාගේ අභව්‍ය
සිද්දි ගැන කියවෙන ආරේ ඒවා ලියවිලා තියෙන බව තමයි එතුමානං කියල කියන්නෙ.
හුම් ඒ කෝම උනත් පිට දීපංකරවල මේ ආදී මායා යතාර්තවාදයට/
ෆැන්ටසියට වැටෙන... චිත්‍රපට, ගීත, චිත්‍ර, කෙටි - දිග කතා ආදී කළා නිර්මාණ බොහොමයි.
ඒ නිසා මේ වගේ රාමුවෙන් එපිට වෙන නිර්මාණ වෙනසකටත් එක්ක අගෙයි. සහ මම දන්න හැටියට
මේ ගණයට වැටෙන තවත් සිංහල ගීත නැහැ හෝ නැතිම තරම්.
ගීතය පටන් ගන්නෙ අර කීව වගේ ලංකාවේ හට නොගන්න මලකින්. එතන
ඉඳන් අර කලින් කියාපු විදිහට පද රචනාවේ හැම
පේලියකින්ම කියවෙන්නෙ විකාර රූපී සිදුවීම් පෙළක්. ඒ හැර අදහසක් හෝ නිසි අර්ථයක් පද
පේලියේ නෑ.
සකුරා මල් පිපිලා, ඒකත් නිලට තියෙන වනයේ. උදේට පායන ඉර,
රෑ අහසට ඇවිදින්. - සොබාදහම විපරිතයි.
මාලු වෙරළේ ඇවිදිනව. නයි, පිඹුරෝ, සිංහයෝ ආදී ගොඩබිම වාසී සත්තු අහසෙ නටනව - සත්තු විපරිතයි.
බෝනික්කෝ පාසල් යන අතරේ, පොඩි කුරුල්ලො වර්ගයක් කූඹි ළමයින්ට උගන්වනව. - සමාජයේ system එක විපරිතයි.
අහස කඩාගෙන වැටෙනව. හඳ වයසට ගිහින්. දහම කතාකරන දිව්‍යලෝකෙ
ගැටුම් - ලෝක පාලක ධර්.ම විපරිතයි.
රූපක, සංකේත භාවිතයෙන් කියාපාන්න ඕන... ව්‍යවුල් බව/
විපරිත බව පද පෙළට අපූරුවට එකතු කරල තියෙනව. ඒ වගේම ඊට හරියනම විදිහේ සරල
තනුවකින්, වාද භාණ්ඩ කීපයකින් සංගීතවත් කරලා ගායනා කරන නන්දා මාලිනීයන්ට හැකි වෙලා
තියෙනව. වෙනස් තාලේ, කවුරුත් දන්න සිංදුවක් නිවාඩු පාඩුවක රස විඳිමු.
සමහර විට, අහස අතුරුදහන් වුන දවසක... සකුරා මලක් හුළඟට පාවෙලා ඇර තියෙන කවුළු පියන් දිගේ එන්න බැරිකමක් නෑ!






.jpg)
.jpg)
මම හිතන්නෙ ඔය සකුරා සීන් එක නැගලම යන්නෙ ජපානෙ ඒ මලට දෙන ප්‍රමුඛත්වය හින්දා වෙන්නත් ඇහැකි. අනෙක් සීත රටවලත් තියනවා. චෙරි මල් කියල නේද කියන්නෙ?
ReplyDeleteසිංදුව තනිකරම පැන්ටසියක් ගැන නේද කියන්නෙ?
චෙරි මල් ?? හරියටම දන්නෙ නං නෑ. ඒත් T. M. ලොක්කගෙ 'රුවට රුවේ සකුරා ඉවුරේ' සින්දුවෙත් තැනක තියෙනව "චෙරි මල් පිපී" කියල හිටං.
Deleteඅර මායා යතාර්තවාදයත් තියේ වගෙ. සමාජ, දේසපාලන අවුල පෙන්නන්නනේ ඔය මායා යතාර්තවාදය පාවිච්චි කරන්නෙ. විරෝධාකල්ප ගීතවලටත් මහාඇදුරු සුනිල් ජනප්‍රියයි. එතකොට ඒ කෝණයෙන් ගත්තොත්... මේක අර කී විදිහට සමාජ, දේසපාලන අවුල පෙන්වන්න හදපු නිර්මාණයක්. එහෙම නැතුව ගත්තොත් නිකම්ම ෆැන්ටසි සිංදුවක්.
'සකුරා මල් චෙරි මල් හිනැහෙද්දී සීතල අතරින් ජපානයේ'
Deleteගායනය සහ සංගීතය අතුල සෝමසිරි
ගී පද සුනිල් සරත් පෙරේරා
අහල බලන්න
:https://www.youtube.com/watch?v=_H94fhXBpRM&list=RD_H94fhXBpRM&start_radio=1
Thanamalwila
Deleteනිදි - ටැංක්ස් සිංදුවට.
DeletePra Jay - කියන්ටත් හදල නිකාහිටිය. හඳට යමුද, හවසක... 🤩🚬
Sakura is known as 'cherry blossom' in English.
Deleteආහ්: ටැංක්ස්... 😃
Deleteඅපේ පුංචි ගෙවත්තේ සුදු සකුරා මල් පිපෙන ගහක් තිබෙනවා . කිහිප වත්වක් ෆොටෝ දැම්මා . අපේ ගෙවල් පාරේ ගස් කිහිපයක්ම තියෙනවා . රෝස පාට මල් පිපෙන
Delete// කිහිප වත්වක් ෆොටෝ දැම්මා// හ්ම්. මතකයක් නෑ. මං හිතන්නෙ මට ඒ පෝස්ට් මිස් වෙන්ටැති.
Deleteගීතය ලියවුන කාලෙ විකාරරූපී අදහසක් වෙන්න ඇති. ඒත් අද බලනකොට නම් අපේ රටේ සුදම් සභා මේ විදිය තමයි.
ReplyDeleteසියලුම සභා මේ කාලේ විකාර වෙලා නෙව... Litseekerතුමෝ 😁
Deleteහඳ පායලා ඇත කල්පයකට පස්සේ
ReplyDeleteසිංදුවකින්ය නමියා වෙලකට බැස්සේ
ජරමර තමයි හැම පැත්තෙම කියනු ඇසේ
යමු යමු නමී, බ්ලොග් ලියවෙන මඟ ඔස්සේ!!
හෙහ්.. හෙ. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු 😂🤭
Deleteයමුදත් අහල...
ලස්සන ලයිට් දමා බස්සෙක් ආව
කෝ මේ නඩේගුරා Praසන්னයා
නිදියත් එයි මහරගමින්
අලකොමත් එයි පාන්දරින්
trip එක යන් පාන්දරින් 😜🤣🤣
ඔව් ඔබ කියන එක හරි මේ පද රචනාවේ තියෙන විශේෂම දේ තමයි ආරියරත්න කිසිම දෙයක් එක එල්ලයේ නොපැවසීම.
ReplyDeleteකුඩා ළමයෙක් දකින සිහිනයක් වගේ එකිනෙකට සම්බන්ධ නැති දේවල් තිබුනත් පොඩ්ඩක් ගැඹුරින් හිතුවොත් වැඩිහිටියෙක්ගේ ජීවිතේ තියෙන වේදනාව අපේක්ෂා භංගත්වයත් මේ ගීතයේ තියෙනවායි කියලා හිතෙනවා
ඒ සාම්පලේට හිතන්නත් පුළුවන්.
Deleteකෝම උනත් රසවිඳින්න පුළුවන් අපූරු තාලෙ ගීයක්... 🎵
ලස්සන සටහනක්. යූ ටියුබ් වැඩසටහන් කිහිපයක ඔය ගීය ගැන කල විග්‍රහ රැසක් ඇහුවා. වෙනස්ම ගීයක්. හීන වගේම විපරීත කතා ගොඩක් තියෙනවා. මම හිතන්නේ ඔය කාලෙ ලෝකේ පුරාම ඔය වගේ කතා බහක් තිබිල තියෙනවා. ඔය සිංදුව ලියැවුනු කාලෙ විපරීත චිත්‍රපටි ගොඩකුත් තිරගත වෙලා තියෙනවා . මේ විස්තර ඒ වගේ එකක් ගැන විතරයි . අන්තර්ජාලය පීරුවා නම් තවත් ගීත සහ චිත්‍රපටි ගොඩක් ඇති . https://en.wikipedia.org/wiki/Calmos . 70දශකයේ ලියැවුනු විදුලි දුම්රියේ චංචල නාදය කියන සිංදුව හරියට විද්‍යා ප්‍රබන්ධයක් වගේ https://geethayakatawediyamak.blogspot.com/2011/07/viduli-dumriye-chanchala-nadhaya.html
ReplyDeleteඅර කී චිත්‍රපටයනම් බලල නෑ.
Delete'විදුලි දුම්රියේ චංචල නාදය' විස්තරය අදයි දැනගත්තෙ. පොස්ටුවට පාර පෙන්නුවට ස්තූතියි 😊!
මමත් කැමතිම සිංදුවක්. හැමදාම රසවින්ඳා, අදටත් රස විඳිනවා. අනුරුද්ධටත් ස්තූතියි, ගීතයේ මූලය පෙන්නුවට.
Deleteවිදුලි දුම්රිය නං බාගදා ලඟදී ලංකාවටත් එයි. හඳේ කතන්දර ඉතිං තාම ෆැන්ටසි තමා. ඒත් ඒවා ගීතයේ රසයට බාධාවක් නෙමෙයි.💐
විදුලි දුම්රි. හුම්😏! අනෛරයිය drone air taxi පටන්ගන්න කම්පනාව
Deleteවිදුලි දුම්රියේ සින්දුව ආසම එකක් . 1984 සෝවියට් දේශයට ගියහම පළමු විදුලි දුම්රිය දැක්කා . පාවෙන අවන්හල තිබ්බා මොස්කව් tv කුළුනේ . සින්දුව මගේ පොතට ඇතුළු වුනේ එහෙම .
Deleteඅජත් අයිය ඒ සිංදුව මට එච්චර සෙට් නැ වගෙ🙈. බාග විට... ඒ ගායිකාව ඕක ප්‍රසංග වේදිකාවේ හයිස්පීඩ් මියුසික් වලට කියන කාලෙ ඇහුව නිසා වෙන්ට ඇති 😁😁
Deleteකාලය, පසුබිම ලිවීමේ ෆැන්ටසි මවනවා නෙවැ.
ReplyDeleteමේ වෙනත් කතාවක්: මහ මුහුදු විමානේ රණ තිසර උදානේ ගීතය ගයනා කරන්නේ ෂෙල්ටන් පෙරේරා, පදපෙල ඩෝල්ටන් අල්විස්. මුහුදේ කොහේද හංසයින්. එම ගීතය පටිගත කරන වෙලාවේ ඩෝල්ටන් එතැන හිටියී නැතිලු, පසුව ඔහු දැනගෙන තියෙන්නේ වරද, ගායකයා පදපෙල හරියාකාරව කියවන්න බැරි මූඩ් එකක ඉඳ ඇති. ඒත් ඒ කාලේ තාක්ෂණික සීමාවන් නිසාදෝ ගීතය නිවැරැදි කරලා නැහැ. ඒ ගීතයෙන් කියවෙන්නේ මසුන් මරන්න ගිහින් නැවත එන ධීවරයෙකුගේ සිතූවිලි, මහමුහුද මැද රණතිසරුන් මතුවෙලා ඇත්තේ... අද වගේ බහුදින යාත්‍රා නැති කාලෙක...
හෙහ්..හෙ. දැනටත් ඕක අපේ අය කියන්නෙ ඔහොමමයි 😂😂!
Deleteමම මේ ටික කලකට කලින් පත්තර මලෙගෙ වීඩියෝවකින් ඇහුවා... Air condition එකට වැරදිලා වායු සමීකරණය දාපු හැටි ගැන 😁.
මහ මුහුදු විමානේ
Deleteරණ තිසරු උදානේ
සවනට නෑසුණේ මාගේ
සවනට නෑසුණේ මාගේ
පදපෙල එහමයි, ගැයුම අනුව වෙනස් වෙන්න ඇති.
😊😊.....
Deleteසමහර වෙලාවට ගීතයක් තනුවක් රස විඳින්න තේරුම දැනගන්නම ඕනේ නැද්ද කියලා වෙලාවකට මට හිතුනා. ඇත්තම කියනවා නම් මම පුංචි කාලේ ඉඳලම ආස කරපු ගීතයක් මේක. එත් ඒ වචන දිහා හරියට ඇහැක් ඇරලා බැලුවේ අද තමා. අනේ කාලේ වනේ වාසේ කීවලු.
ReplyDeleteහ්ම්. ඒකනෙව 😁.
Deleteඅපි වෙනත් රටවල සිංදු රසවිඳින්නෙ. ඒ තියා හිංදි සිංදු මෙහෙ පැල්බැඳගෙන අහන්නෙ... 🎶
මට මතක ඔය සින්දුවේ විෂුවල් එක , එක හදන කාලේ ඔය 3D animation එහෙම තිබ්බෙත් නැති කාලේද කොහෙද
ReplyDeleteඅම්මටසිරි... විසුවල් එහෙකුත් මේකට හදා තියේද. ඒ බව දැන් තමයි දැනගත්තෙ!
Deletehttps://www.facebook.com/100064044701481/videos/531953200803029/ ඔන්න ඕක බලපං , ඉස්සර ජාතික රුපවහින්යේ යාත්‍රා එකේ ගියේ මට මතක විදිහට
Deleteමොකක්ද බම් ඒ මං බැලුවෙ 😁😂
Deleteටැංකිව් ලිංකුවට. අපි නොදන්න ලයිව් එකෙන් ගහපු විෂුවල් එකක් වගේ 🤣
ඔව්වා තම ඒකාලේ විසුවල් ඉතිං , මොකෝ 3D animation තිබ්බා කියලය
Deleteඕ යෑස්... 😁🤗
Delete