කැලේ, මිදි සහ නරි.....

මට මේ ලඟදි අපි හැමෝම දන්න කතාවක් වගේම කියන්න මගහරින/ අමතක කරන කතාවක් ගැන ආයෙ මතක් වුනා. SEX FACULTYයේ චින්තනගෙ බලපු podcast එකකින් තමයි මේක ආයෙම මතකෙට ආවෙ. චින්ත ඒකෙ කතාව යන ගමන් Populism ගැනත් කතා වුනා. සර්වජන ඡන්දය, ප්‍රජාතන්ත්‍රවාදය, බහුතර මතය.

මේ වචන වල අයිසිං ඒකට යටින් වහල තියෙන බොරුව කොච්චර විසාලද...

උසාවියක නඩුකාර උන්නාන්සෙලාගෙ ඔළුගෙඩි ගානද වැඩි , මෙලෝ අලබෝලයකට නැති උදවියගෙ ඔළුගෙඩි ගානද. පාසලක, සරසවියක වැඩි සිසුන්ද- ගුරුවරුද. ලෝකෙ වැඩි... චින්තකයින්/ මුනිවරු කියන කොටහද, නැහ්නං සාමාන්‍යය ජහමනයද

හුම්! ලංකාවේ ජනගහනය කොටි 2 පන්නලා බවයි කියවෙන්නෙ. ඔය දෙකෝටියක් ඉන්න රටේ ඊයේ දිනයේ, ඒ කියන්නෙ 2026 සැප්තැම්බර් 12 පක්ෂ රැළි දෙකක්.  මහ රැළි කියලයි එයයි කියන්නෙ.

එක් පසෙකින් රට බේරාගත් නරපතියාගේ කඳවුරය. අනෙක් පසින් චෝර දණ්ඩන කඳවුරය.

එක් පසෙකින් සිරගත, අනාගත යුවරජුගේ රැළියය. අනෙක් පසින් වර්තමාන ජනපතිගේ රැළියය.

දෙපසම තම ගැලවුම්කාර ස්වාමියා දැකගනු රිසියෙන් රැස්වූ... හිස් ගෙඩිය!

 

මගෙන් මේ දෙකෙන් කොයිකටද ආස කියල ඇහුවොත් එකහෙලාම කියන්නෙ අනුර ජනපතිගෙ රැළිය... කියල නෙවෙයි, නාමල් බේබිගෙ එළකිරි රැළිය කියල. ඇයි කියන්නෙ... ගොඩක් මිනිස්සු කානිවල් එහෙකට ගියා වගෙ නෙ.


අර සිංදුවක් තියෙන්නෙ. එන්න කන්න බොන්න මිහිරේ, සැමටයි ආරාධනා කියල. ආන් ඒකෙ වගෙ. කස්ටියට හිතේ සංකා දුක් අඩුකරගන්න, ලල් එකක් ගන්න, කට්ටිය එක්ක සිංදුවක් කියන්න, ජීවිතේ විඳින්න, සෙට් වෙන්න, බොන්න, කන්න, රටට HUඛන්න... ඇතුළු තවත් බොහෝ දේ කරගන්න හම්බෙන්නෙ ඉතිං මේ වගෙ රැළියකින් නෙව. අනෙත් රැළියෙ මේවා නැහැයි කියල නෙමේ මෙ කියන්නෙ. අරට වඩා මේක බොහොම සාර සොබාවට, ලකේට තිබිල තියෙනව. කොටින්ම හාංදුරුවො පන්සිල් දෙනකම්වත් ආතල්නං පමා වෙලා නෑ. සුරාමේරය ආගමික වතාවත් වලටත් කලින් සම්මාදමේ ගිහින්.

ඊට පහු තමා ආතල්ම කොටස. ගමෙන් සංවිධානය කරල, බස් එකෙන් ඇවිත්... සූර් වෙලා ඉන්න  සින්හිල බයි සෙට් එක අඩ සිහියෙන්ස්ටේජ් එකට බැලුම් හෙලනව. හම්මට! මෙන්න ඉන්නව බඩු කෑලි සෙට් එකම. කොටි එක්ක හැප්පුන මෛන්ද මහරජානන් වහන්සේයි, මං කොටියය කියල බෙරිහන්දෙන මන්ත්‍රීයි... එකම අසුනෙ ඉඳගෙන යනව. ඊට එහා අසුන්වල විජාතික බලවේග/ ඩයස්පෝරා හෙලා දැකපු වීරවංස, ගම්මන්පිල උපාසක දෙනාම.

සැදැහැති ජාතිමාමකත්වය හිරු රැසින් වාෂ්ප වෙන්න ඇති. නැත්තං අරවගේ අට්ටාලයක් ඉස්සරහ රෙද්දක් ඇඳගෙන ඉන්න පුලුවනෑ මෙලො මිනිහෙකුට. රජා ඉස්සරහ තියාගෙන අරුන්ද කියනව අපි ඩයස්පෝරා තමයි හිටං කියල. මෙහෙමත් නාලාගිරි දමනයක්. මිනිස්සු සූ ගාල ඕසේට අප්පුඩි ගහනව. ඒක අතකට හිතන්න ඇති බුලත්කොලේ උප සභාපතිකම කරුණා අම්මාන්ට හොඳයිනං... මේ හාදය අපෙ අප්පච්චි ගාව ඉඳගත්තම මොකද හිටං කියල.


පක්ෂ රැස්වීමකට පැමිණි ඔළු ගෙඩි ගණනින්ම රටේ ඉදිරි දේශපාලනය කොයි වගේද කියල කියන්ට බැරි නමුත් මේ සියලු දෙනා හා මෙයාකාර මොඩලයේ අන් සිරි ලාංකිකයින් සියලු දෙනාට ඡන්ද බලය හිමිවීම... රටේ අවාසනාවකි.

පාණ්ඩුව නඩු කරේ තියන් යනව. බේබිගෙ විපක්සෙ මිදි කරේ තියන් යනව.

අවසන ගහපු බේරෙත් නැතුව බෙරේ පලුවකුත් නැති නොවේවායි පතනව හිටං

සුබ අනාගතයක්!

24 comments:

  1. උන්මත්තක නායකයන් කියන බොරු
    අහන ඉන්න ජනතාවක් ඉන්න තුරු
    දිගටම පෙනෙයි මහජනයට නියම තරු
    කන්නට රිසි වුණම තලගොයි වෙයි කබරු

    ReplyDelete
    Replies
    1. හුම්. ඒක නෙව. ලොක්කො ප්‍රෝඩාවට අත දෙද්දි, රට... අඳුරට!

      Delete
  2. පට්ට ලිපිය නමියො. 🙏👌💐

    සින්ඩි සැන්ඩි වෙලා තියෙන මේ වෙලාවෙ, නිදියාගෙ බ්ලොග් තානාපති වැඩේ නිසයි දැක්කෙ. මමත් ඒක කොපි කරලා දාන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. බසූ. ඉක්මනින්ම ලීව එකක්. වැඩ වැඩි දවස් 2ක් අස්සෙ තමා ලීවෙ.

      මම එක විදියකට ඇත්තටම කැමති අර කියල තියෙන විදියට හරි මිනිස්සු ගිහින් පොඩි රිලැක්ස් එකක්, ආතල් එකක් ගන්නවට. මොකද ලංකාවේ ජනහමු, රැලි කොහොමත් බුද්ධිමත් කතාවකට ඉඩ තියන ඒව නෙවේනෙ. ඒ හන්ද ආතල් ගත්තාවේ. ඒත් මේ ආතල් අවසානෙ.....



      බේබි රැලිය,
      මහින්ද ලොකු ඕර එකක් හදාගත්ත නායකයෙක්. ඒකට ඉතින් කුණු, ලෙඩ, විසබීජත් දාගෙන ගොඩ ලොකු කරගන්න වුනා. ඒ ලොකු කරගත්ත ගොඩේ විසබීජම පාරාවලල්ලක් විදියට දැන් ඇවිත් උන්දැගෙ සැඳෑ යාමේ නිදහස අහිමි කරනව. බේබිගෙ අනාගතයට මේව කරන්ටම ඕන. බයි මන්ත්‍රීලටත් මේ කුණු මස් හැර වෙන විකල්පයක් නෑ.

      අනෛර රැලිය,
      ජනවරමක් කියන්නෙම මිනිස්සුන්ගෙ ලොකු බලාපොරොත්තු ගොඩක්. රට ලොකු ගැම්මකින් උස්සයි, දේසපාලු හොරමුලේ සල්ලි ආපහු ගනී කියල මිනිස්සු කතිරෙ ගැහුව. ඒත් ආන්ඩුවේ ප්‍රධානම වැඩේ දේසපාලුවන්ව හිරේට දක්කන එක. ඒකට විපක්ෂ අයගෙන් ලොකු විරෝධයකුත් තියෙනව. ඊට එහා ආර්ථිකය ගැන, සමාජය ගැන හිතල වැඩ කරන බවක් පේන්න නෑ. නීතියට තැන, දූෂණය, වංචාව අඩු වුනාට මිනිස්සු අන්තිමට බලන්නෙ පොකට් එකට දැනෙන තැන ඉඳල. ප්‍රස්නෙ ඊළඟ ජන්දෙන් ආන්ඩු පෙරලුනොත් එන උන්දල කරන්නෙ මේකෙ රිටර්න් එක ගන්න එක... මුලින්ම. ඒකෙනුත් වෙන්නා රට අගාදෙට යන එක. මේ දැන් යන වැඩපිලිවලෙනුත් මිනිස්සු හිතුව තරමේ සෙතක් නෑ වගෙ. අන්තිමට ගහපු බෙරේකුත් නෑ. පලුවකුත් නෑ වෙනවත්ද මන්ද...

      මේ විදියට යන ආන්ඩුවේ සායම බේරගන්න අනෛයියට මෙහෙම ස්ටේජ් නගින්ට වෙන අතරෙ බයි නායකයන්ට අරම ස්ටේජ් නගින්ට වෙනව.
      තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල බිංකුන්ඩො කීවලු 😁😁

      Delete
    2. ආන්න ඒකයි අවයවය. අන්‍රයියා හොරා නොකන බව ඇත්ත වෙන්ටෑ. විපක්සෙ දේසපාලුවො හොරා කාපු එකත් ඇත්ත වෙන්ටෑ. ඒත් මේ යන විදිහට පේන්නෙ, ඒක දේශපාලනික පලිගැනීමක් විදිහටයි. දිට්ටා වගේ ස්වාභාවික විපත් ආව එකත් ඇත්ත. ඒත් අර කිව්වා වගේ ආර්ථිකය ගැන, සමාජය ගැන හිතල කරපු ටැංජිබල් වැඩක් දැක්කෙ නම් නෑ.

      Delete
  3. මේ ලඟදී පට්ට වීඩියෝ එකක් බැලුවා. මාතෘකාව "මම ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද කියා දන්නනෙ නෑ"

    I don't get democracy

    වීඩියෝ එක ටිකක් දිගයි. වෙනම පෝස්ට් එකක් ලියන්න වටින වීඩියෝව. ඇත්තටම වැඩි දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ. අද ලෝකෙ පුරා ඉන්න පට්ට හොරු, බිලියපතියි, ජනාධිපතිවරු වෙලා කරණම් ගහන්නෙ ඒකයි. අපි වගේ හුදී ජනයාට ඒ ගැන යමක් කරන්න බලයක් නෑ. මෙහෙම ඒ ගැන කතා කරනව ඇරෙන්න. මම මේ ඉන්නෙ මස්ක් ගැන ඩොකුයුමෙන්ට්‍රි එක එනකං.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදය. මතක හැටියට ප්ලේටොගෙ ඉඳල මේ ක්‍රමයේ වාසි-අවාසි කතා වෙලා තියෙනව. ඒත් අනික් අතට පිලිගන්ට වෙන අකමැති සත්‍යය තමා මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක් නෑ... රටක, සමාජයක පාලන තන්ත්‍රය තෝර ගන්න. පරණ රාජ ක්‍රමය (රජාගෙන් පුතිට බලය) එදාට ගැලපුනාට අදට හරියන්නෑ කොහොමටත්. සමහරැ ගලපගන්න දැඟලුවට.

      කාර් රේස්වල ට්‍රැක් එකේ කස්ටිය පෙල ගහන්නෙ කොහොමද. පුහුණු වීමේදී ලබාගත් වේගවත් කාල සලකලා. මේක වැරදී කියල තරඟෙ තියන්න වෙන ක්‍රමයකුත් නෑ. තරඟෙ තියන්නත් ඕන. විනිශ්චය දෙන්නත් ඕන. ජයග්‍රහකය තෝරන්නත් ඕන. ආයා රේස් පදිනකොටත් මේ ක්‍රමේම තමයි... ඉතිරි!

      Delete
    2. සර්වජන චන්ද බලයත් , නිසිකලට චන්ද තිබීමත් තමයි අතිශය වැදගත්. චන්දෙට මාර්කට් කරන්න තමන් කරපුවා තියා ගත්තහම ඇති. direct දුෂණය වර්තමානයේ නැති වුනාට, අනියම් පෙළඹවීම් කැරම් බෝඩ් බෙදාදීමේ ඉඳලා තියෙන්න පුළුවන්.

      Delete
    3. හුම්, ස්වාධීන අධිකරණ පාලන තන්ත්‍රයේ පාරදෘශ්‍ය භාවය වගෙ ඒවත් බොහොම වැදගත්.
      වින්ස්ටන් චර්චිල් ලොක්ක කීව අදහසක් හම්බුනා.
      "Many forms of Government have been tried, and will be tried in this world of sin and woe. No one pretends that democracy is perfect or all-wise. Indeed it has been said that democracy is the worst form of Government except for all those other forms that have been tried from time to time."

      Delete
  4. දේශපාලනේ කියන්නෙ හුදීජනයාට කොකා පෙන්නලා බාගෙන පස්සෙ පුප පෙන්නන එක. අර්චුනා කරන්නෙත් ඒක, මහරජතුමා කරන්නෙත් ඒක. දෙන්නා ජාඩියට-මූඩිය වගේ ගැලපෙන්නෙ ඒකයි. යුද්දෙදි මැරුනෙ දෙපැත්තෙම, එකම සමාජ පන්තියේ ෆුට් සොල්දාදුවො. මහින්ද "ඔන්න මම මගේ දරුවෙක් රට වෙනුවෙන් හමුදාවට දන් දුන්නා" කියලා කිව්වා. ගිය ගමන්, වෙන කාටද යන්න තිබුන රට පුහුණුවකට යැව්වා. පුතා යුද පෙරෙමුණ සුදුද, කලුද කියලවත් දන්නෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. //පුප පෙන්නන එක.// මේ අයත් එකම කරනව වගෙ හිටං. සිස්ටම් වෙනසකට මිනිස්සු වැඩියත්ම චන්දෙ දුන්නෙ. ඒත් ආණ්ඩුවේ ලොකුම වැඩේ හොරු ඇල්ලීම.

      Delete
  5. දේශපාලන රැළි නම් ඉතිං පොහොට්ටු රැළි UNP රැලි තමයි. කොහොමත් ජනාධිපතිතුමාගේ රැලිය ගොවි රැළියක්. දේශපාලන රැළියක් නෙමෙයි. මුළු රැලියම පැය කීපයයි. ඒකෙන් අඩකට වඩා අපේ ජනාධිපතිතුමා කතා කරා කියලා තමයි කියන්නේ. ඊට වඩා ගොවි රැළියේ කෘෂිකර්මයට සම්බන්ධ ඇමති දෙපළම නැහැ. මනමාලී නැති මගුල් ගෙයක් වගෙයි. මෙහෙම යනකොට අර පොහොට්ටු චන්ද ආයෙත් පොහොට්ටු පැත්තටම ඇදෙනවා .

    ReplyDelete
    Replies
    1. පොහොට්ටු රැලියේ කිසිම අලුත් බවක් නැහැ. පරණ මූණු . පරණ අදහස්.

      Delete
    2. //මනමාලී නැති මගුල් ගෙයක් වගෙයි.// සභාවෙන් මහත් සිනා 😂. ඒකෙදිත් ලොක්ක වැඩි හරියක් කතා කරලා තියෙන්නෙ හොරු අල්ලන එක ගනලු නෙ😁😁

      පොහොට්ටුවේ රැලිය තිබ්බේ ඇයි කියල සමහර විට මහින්දවත් දන්නෙ නැතුව ඇති 😁

      Delete
  6. //සිරි ලාංකිකයින් සියලු දෙනාට ඡන්ද බලය හිමිවීම... රටේ අවාසනාවකි.//

    නිදහසත් 60 ගණන්වල ලැබුනනම් සිංගප්පූරුවටවගේ ( ඔය චන්ද බලය පාවිච්චි කරන එක ගැන දැනුමක් ලැබුනට පස්සෙ ) මේ රට සහ සමාජය මීට වඩා හුඟක් දියුණුවෙලා

    ReplyDelete
    Replies
    1. සුද්ද තාම හිටියත් කම් නැහැයි කියල හිතෙනව දැන්නං. නැද්ද හා 🤣🤣

      Delete
  7. "මේ සියලු දෙනා හා මෙයාකාර මොඩලයේ අන් සිරි ලාංකිකයින් සියලු දෙනාට ඡන්ද බලය හිමිවීම... රටේ අවාසනාවකි" ප්‍රා ජේ quote කරපු වාක්‍යයම මමත් පික් කලා. අද ලන්ච් වෙලාවෙ චයිනීස් colleague කෙනෙක් එක්ක කතා කරා. එයා කිව්වෙත් එයාගෙ උපන් රටේ මිනිස්සුන්ට චන්ද බලය නැති එක ගැන එයා සතුටුයි කියලා.

    ReplyDelete
    Replies
    1. හුම්. කලකින් Lotusතුමී!
      චයිනමන් භාගවිට හරි ඇති. උණු හන්ද බොන්නත් බෑ, කිරි හන්ද අහක දාලත් බෑ වගෙ හිටන්... නෙ 🙂

      Delete
  8. බොන්න දෙන්නැත්තං මොන වෙඩිංද බ්‍රෝ.

    ReplyDelete
    Replies
    1. අනිවා. අනං මනං වානා ආතල් තමා ඕනා 😂😂

      Delete
  9. මේ තමයි අපේ සාමාන්‍ය මහජනතාව. කොයි පැත්ත බර වැඩි කරන්නෙත් මේ අය තමයි. සිනාවට උපහාසයට වඩා මේත් අපිම තමයි කියලා තමයි තේරුම් ගන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. තේරැම් ගියාමත්... අපිටම අපිගැන කලකිරීමක් ඇතිවෙලා හිනා පාරකුත් යනව නෙ.

      මේ පිස්සුව හදාගන්නෙත් අපිමයි, විඳවන්නෙත් අපිමයි, බේත් දෙන්නෙත්, හොඳ කරගන්නෙත්, ආයෙ පිස්සුව පටන්ගන්නෙත්... අපිමයි 😁

      Delete
  10. පොහොට්ටුවෙන් තමන්ගේ දේශපාලන බලය පෙන්නන්න රැලි සංවිධානය කරන එක නම් තේරුම් ගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ටත් අවශ්‍යයි තමන්ගේ ශක්තිය උරගා බලන්න, තවමත් භූමියේ දේශපාලන බලයක් තියෙනවද කියලා පරීක්ෂා කරගන්න. ඒක විපක්ෂයේ දේශපාලන පක්ෂයක් විදියට තේරුම් ගන්න පුළුවන් දෙයක්.

    හැබැයි මට නම් තේරෙන්නේ නැත්තේ ආණ්ඩුව මොකක්ද මේ නටන්න හදන නාඩගම කියලා. පාර්ලිමේන්තු බලයයි, විධායක බලයයි, පළාත් පාලන ආයතන රැසක බලයයි අතේ තියාගෙනත්, රටේ ප්‍රශ්න විසඳන්න ඒ බලය යොදවනවා වෙනුවට අවුරුදු දෙකක් සම්පූර්ණයි කිය කියා රැලි පවත්වන්න තරම් ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ කියන එකයි ප්‍රශ්නය.

    මට නම් පේන්නේ මේක ආණ්ඩුවේ පිරිහෙන ජනප්‍රියතාවය රැකගන්නත්, තමන්ගේ පාක්ෂිකයන්ට පොඩි චූන් එකක් දෙන්නත් සංවිධානය කරන දේශපාලන සංදර්ශනයක් විදියටයි. ආණ්ඩුවකට තමන්ගේ ශක්තිය පෙන්නන්න තියෙන හොඳම ක්‍රමය රැලිවලට සෙනඟ ගෙන්වන එක නෙවෙයි, රටට දැනෙන විදියට වැඩ කරලා ප්‍රතිඵල පෙන්නන එකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ආණ්ඩුව තමන්ගෙ ශක්තිය පෙන්නන්න/ වැඩි කරගන්න කරන්ට ඕන රට ඔසවා තියන එක.

      විපක්සෙ රැළි වල උනත් කිසි අන්තර්ගතයක් නෑ. ඒ කන්ඩායම් කන්ඩායම් ඇතුලෙත් ගැටුම්. මේ හැමෙකෙම අවසන් ප්‍රථිපල භුක්ති විඳින්නෙ ජන්දෙ දීපු/නොදීපු මහජනයම තමා 😪

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්

Search This Blog