No Promises හා You're Still The One

 

එක කාලෙක ඇහිච්ච, හොයාගෙන ඇහුව, තාමත් අහද්දි දැනෙන සුපිරි ඉංග්‍රීසි සින්දු දෙකක්.

No Promisesහි නිරූපිකාව

එකක් No Promises. Shayne Wardගෙ. ඔහුගෙ කඩවසම් බව වගේම රූප රචනයේ හිටපු යුවතියටත් ගොඩක් ඇලුම් කළා ඒ ගීතය නිසා. ඒ වගේම සරල රූප රචනය ඉතාම ලස්සනට ගීතයට එක් කර තියෙනවා.



 

Shania Twain රූප රචනයේ

අනික Shania Twainගෙ You're Still The One සින්දුව. අර සින්දුවට වගේම මෙයටත් ඉතාම ලස්සන හා සරල රූප රචනයක් යොදල තියෙනවා. මේ සින්දුව නිසාත් ඇයව රූප රචනයට යොදා ගත් විදිහ නිසාත් ඇයගෙ සින්දුව, රූප රචනයට මෙන්ම ඇයටත් මන් ගොඩක් ඇලුම් කරන්න හේතු උනා. අනෙක් කාරණේ රූප රචනාව වර්ණ නොමැතිව (තනි වර්ණයකින්) කර තිබීමත් ගීතයේ අර්ථයට වඩාත් දායකත්වයක් දක්වන බවයි මට හිතෙන්නෙ.


No Promises - රූප රචනය

You're Still The One - රූප රචනය

No Promises -



You're Still The One -




26 comments:

  1. කමෙන්ට් එක ලියල, දාන්නෙ නැතුව ටිකක් බලාගෙන හිටියා. දැන් ටිකා....ක් හොඳයි, වීඩියෝ ඔබපු නිසා. කියවන්නො, සහජයෙන්ම කම්මැලි ජාතියක්. සිංදු හොයා ගෙන අහන්න, ලෙසටම "ක්ලික්" වෙන්න ඕනෙ.😂

    අත්දැකීමෙන්ම දන්නවා කියවන්නො, වීඩියෝ බලන්න කැමති නෑ කියලා ( ලංකාවෙදි ඩේටා පිරිවයත් ඕකට එකතු වෙනවා)

    ලිපිය Vs වීඩියෝ
    ලිපියක් "ස්පීඩ්" කියවන්න ඇහැකි, වීඩියෝ බැහැ. "ස්පීඩ්" කියවනව කියන්නෙ, ස්කිම්(යොදය පෙරා ගන්න එක) නැත්නම් ස්කෑන් කරන එක. තප්පර ගාණක් විතරයි ඒකට යන්නෙ. ඊට පස්සෙ තීරණය කරනවා, මේක කියවන්න, කාලය වැය කරනවද නැත්ද කියන එක. ක්ලික් වුනොත් කමෙන්ට් කරනවා, නැත්නම් ලිස්සල යනවා.

    ගීතයකට, තමන්ගෙ අත්දැකීමක් එකතු කලොත්, ආන්න එතකොට ලිපියෙ වටිනාකම ඉහල යනවා. ලව් හුටපටයක්, ඒකපාර්ෂවික ප්‍රේමයක්/ක්‍රෂ් එකක්, බූට් එකක් වගේ දෙයක්. එතකොට සාධාරණීය කරන්න ලේසියි, ඇයි මේක බලන්නම ඕනෙ කියලා.🤔

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් වීඩියෝව ලෙසටම ඇනලයිස් කරන්න ඕනෙ. මේක මට හිතෙන දේ, මම වැරදි වෙන්නත් ඇහැකි. ඒත් බටර් ගාලා, "අඳුරේ" තියන්නෙ නැතුව අමුවෙන්න කියල දැම්මා.😂

      Delete
    2. අමුවෙන්ම - කෲර ලෙස.

      Delete
    3. හොඳ විචාරයක් සහ විශ්ලේෂනයක්:
      http://hashanrandika.blogspot.com/2021/10/close-up-1990.html

      Delete
    4. thanks බස්සා ඕන යෝජනාවක්, චෝදනාවක් සතුටින් භාර ගන්නවා . ටිකක් වැඩ වැඩි එකයි කපටිකමකට වගේ මේ වගේ post එකක් දැම්මේ.

      Delete
    5. බටර් ගාලා, "අඳුරේ" තියන්නෙ නැතුව අමුවෙන්න කියල දැම්මා. - ekatathama man kamathi bassaa. thanks

      Delete
    6. බස්සා ස්තූතියි bolg හඳුන්වා දීමට

      Delete
  2. හ්ම්ම්ම්... 🙂🙂🙂

    ReplyDelete
  3. ෂෙනායා ට්වේන් කොහොමත් ලස්සනයි, දක්ෂයි...

    කොහොමද මේක?

    ReplyDelete
    Replies
    1. පට්ට. මාත් ඉස්සර ඉඳලම ලව්, ඒත් ඇගේ ජීවිතයම ඛේදවාචක වලින් පිරිලා.😢😒
      https://www.theguardian.com/music/2018/apr/22/shania-twain-unexpected-return-freak-illness-country-pop-star

      Delete
    2. වීඩියෝවෙ පේන විදිහට, වින්'සර්. වැඩි ඈතක නෙමෙයි. 🤔

      Delete
    3. ඩ්‍රැකීටත් ඔය හිත ගිහින් තියෙන්නෙ

      Delete
    4. හිත ගියෙ මල්ලි, 1999 දි 2000 දි විතර. මං අද ආයෙමත් ඇහුව ඔය සිංදු දෙක තුන...

      Delete
  4. සිංදු දෙකම ලස්සනයි. You're still the one මම වැඩියම කැමති බලන්නෙ නැතුව- අහන්න. නැත්නම් පොඩි mismatch එකක් දැනෙනවා.
    They said, "I bet they'll never make it" But just look at us holding on- We're still together, still going strong-අති ප්‍රබල වචන.

    ReplyDelete
  5. https://geemuthumala.blogspot.com/2021/10/mouth-organ-music-in-sinhalese-songs-of.html
    මේ බ්ලොග ටිකක් කියවල බලහන්.. අපූරු තැනක් සහ අදහස් තෝතැන්නක්

    ReplyDelete
    Replies
    1. හුටා! මාත් මේ කියන්න ආවෙ ඕකමනෙ? මහේෂ් මට වඩා අඩියක් ඉස්සර වුනා.😂

      මේ දැන C.T. ප්‍රනාන්දුගේ ලස්සන, ඒ වගේම විරල සිංදු ගැන ලිපිය කියවල, අහල ආවෙ. නමියො, ඉගෙන ගන්නව නම් දාහක් දේ එතන තියනවා.
      https://geemuthumala.blogspot.com/2021/04/blog-post.html

      Delete
  6. ගොඩ දවසකින් මේ සින්දු දෙක ඇහුවේ. <3

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්