දුක, රජය, පූසා සහ තවත් කතා

 

මට දුක ඒකයි

දිනක් තම දීර්ඝ කාලීන මිතුරන් දෙදෙනා හමුවූ අනෙක් මිතුරා තමන් හට ඇති මහත් දුක ඔවුන් හමුවේ කියා සිටියේය.

මචං උඹ දන්නවද අපේ ගෑණි මට කලින් දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳල තිබිල. දන්නවද.. දන්නවද උන් මටත් වඩා අඩුවෙන් ඉගෙන ගත්ත අය.

ඉතින් උඹේ ගෑණි උඹව තෝරගත්තෙ උන් දෙන්නට වඩා උඹ බුද්ධිමත් හින්ද නිසා සතුටු වෙයන්කො දුක් වෙන්නෙ නැතුව.

සතුටු වෙන්න.. කෙහෙම්මල. මෝඩයො වෙලත් උන් දෙන්නට අපේ ගෑණිගෙන් බේරෙන්න තරම් මොලේ තිබ්බ..

 

රජය, විපක්ෂය හා ජනතාව

රජය කියන වචනෙ අහන්න හම්බවුනු පොඩි එකා ඒකෙ තේරුම මොකක්ද කියල තාත්ත නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවක ඇහුව. තාම හුරතල් කොළුවනෙ... තුරුලට අරං ගෙදර වැඩ සිද්ධ වෙන හැටිත් ගළපල මේ වචනෙ තේරම් කරලා දුන්න මෙන්න මෙහෙම.

පුතේ බලපං මං තමා මේ ගෙදර ලොක්ක.. ඒ කියන්නෙ රට කරන රජය වගේ. එතකොට බලපං උඹේ අම්ම. මං කරන්න හදන වැඩේවත් කරන්න දෙන්නෙ නෑ.. කියවිල්ල විතරයි. රණ්ඩුවටමයි බර. හරියට විපක්ෂෙ කියන්නෙ, අන්න ඒක වගේ. ඒ වෙලාවට පීඩා විඳින්නෙ කවුද රටේ ජනතාව.. හරියට උඹ වගේ.

ඔහොම කියල දවස් දෙකක් විතර යද්දී රණ්ඩුවක් උනා පොඩි එකාගේ තාත්ත මහා රෑක ගෙදර ආ වෙලේ අම්මත් එක්ක. පහුවදා ආපහු අර විදිහට පොඩි කොලුවා තාත්ත ගාවට ඇවිත් මෙහෙම කිව්වා.

රජය දාගෙන ඊයෙ රෑ විපක්ෂයට ගැහුවා.. ඒත් ජනතාව හිටියෙ අවදියෙන්.

 

සල්ලි දීල ගන්න

අස්පයෙකුත් ගත්තනම් තමුන්ගෙ ගොවිපොළ හැම අතින්ම සම්පූර්ණයි කියල ගොයි මහත්තයෙක්ට දවසක් හිතුන. ඉතින් උන්දෑ පහුවදා තමුන්ගෙ ළමයවත් අරගෙන නගරෙට ගියා.. අස්පය ගන්ට තමයි ඉතින්. මුනුත් අස්ප ගණන් නෙව කියල හොඳම එකෙක් දැන් ගමය තෝරනවා. මේක දැකපු පුත්තරය ඇහුව

ඇයි තාත්තෙ අශ්වයා උඩ නැගල.. එහෙම බලන්නෙ?

පුතේ ගන්න කොට තෝරල හොඳ එකෙක් ගන්න එපෑ..

එහෙම කියල ටික වෙලාවක යන කොට ටිකක් දුකෙන් වගේ කොලුවා තාත්තට මෙහෙම කිව්වා.

තාත්තෙ මං හිතන්නෙ අර එහා ගෙදර මාම හදන්නෙ අපෙ අම්මව සල්ලිවලට ගන්න.

 

සේරප්පුවෙන් ගැහුවොත්

“මචන් මං.. මං මොකද කරන්නෙ මේක ගෙදරින් දැන ගත්තොත්.. විසුමක් වෙන්නෙ නෑ.

සාමාන්‍යයෙන් කොම්පැනි වල වාර අවසාන පාටි, ඇනුවල් මීටින් කියල එක එක ඒවා තියෙනවා. ගොඩක් ඒව ඉතින් බෝතල් සාදා තමා. බීල කෙලින් ඉන්න උන්දෑල ටික විතරක් මීටීම තියෙනවා. රට තොට, ගෙදර ගැන, ගෑනු හුටපට තමා ඉතින් ඔතන කතාව...

ඔහොම තිබ්බ night club පාටියක කෙල්ලෙක් එක්ක හොඳ හැටි නටල වෙරි බිංදුවටම වැටුන කෙනෙක්ට ගෙදර මතක් වෙලා තරු විසි උනා.

ඕ.. දැන් මං මොකෝ කරන්නෙ. ගෙදරින් දැන ගත්තොත්.. අපේ ගෑණි හරි දරුණුයි. මට.. මට සෙරප්පුවෙන් ගහල එලවයි.

එහෙනම් මං කියන්නද නියම වැඩක්.

මොකක්ද..

ටික දවසකට උඹ සේරප්පු දෙක හංගල තියපං..

 

කෝල් එක කාටද

ඔය වගේ ලොකු කොම්පැනි වල වැඩ ඉවර උනහම සුද්ධබුද්ද කොරන්ට වෙනම පත්කළ නිලධාරීන් ඉන්නවයි කියනවනෙ. cleaning service කස්ටිය කියලා තමා හින්ගලෙන් ඒ අයට කියන්නෙ. වැඩ කොරන වෙලාවෙන් පහුත් වැඩ කොරන උන්දලත් ඉන්නවනෙ, යන්න ගෙයක් නෑති ඈයො වගේ සමහරු. තට්ටු විස්සක් තියෙන උහ බිල්ඩිමේ 19 වෙනි තට්ටුවේ තිබ්බ මේ කොම්පැනියෙ එදා එහෙම හිටියෙ ලොකු තැන විතරයි. අනිත් අය කොරපු වැඩ බලන්න වෙන්ටෑ ඉතිං.

ඔන්ට දැන් සුද්ද කොරන ගෑණු උන්දෑ ඒක කොරගෙන යනවා. පහල guard room එකෙන් call එකක් එනව. ගත්ත ගෑණු කෙනා. අහගෙන... හිතට දහිරිය අරං වීදුරු කාමරේට ගියා මේ අසුබ පණිවිඩේ කියන්න.

කමල් මහත්තයා hospital එකෙන් පණිවිඩයක් එවල. මහත්තයගෙ ලමයයි, මැඩමුයි දෙන්නම වාහනේ යන අතරේ නැති වෙලා කියල..

දැන් මේ ලොක්කට ඉහිලුම් නෑ.. ඇයි මේ මැරීගෙන හම්බ කරන්නෙ, බිස්න්ක් කරන්නෙ පවුල වෙනුවෙන්... වෙන්න ඇතිනෙ. ඇරිය ජනේලේ. ජීවිතේ එපා කියල දරුණු හිත වේදනාවෙන් පැන්න..

ඔන්න දැන් 19වෙනි තට්ටුවේ ඉඳන් 12වෙනි එකට වගේ එනකොට උන්දැට සිහි උනා.. ළමයි. මට කොයින්ද ළමයි.

ඔන්න දැන් 8වෙනි තට්ටුව හරියට වැටීගෙන එකකොට සිහි උනේ මැඩම්. මැඩම් කියන්නෙ.. මං තාම බැඳලත් නෑනෙ.

ඔන්න දැන් 2වෙනි තට්ටුව හරියට එනකොට - කමල්. කමල් කියන්නෙ කවුද මං සුනිල් නෙ.......

 

පූසා සහ ලොකු නෝනා

ඔන්න එකෝමත් එක පෝසත් ගෙදරක් තිබ්බ. එකේ හිටිය වැඩකාර ගෑනු කෙනාට ටිකක් විතර පොඩි අප්සොට් එකක් තිබ්බ. වැඩියමත් අවුලක් නැහැ... දවසක් මෙයා ගේ අස්පස් කරකර ඉන්නකොට ලස්ස ගානක් දීල ගෙනාපු ඇල්ටෙස් පූසා වහළට නැගපි. වැඩකාරි වැන්දෙ නැති ටික විතරයි බිමට වඩින්න කියල. නැග්ගට බැහැගන්න බැරි පිටරට පූස් හවස් වෙනකම්ම ඉඳල දුක දරා ගන්න බැරුවද කොහිද මැරිලා පතබෑවුනා බලාගෙන හිටපු වැඩකාරිගේ ඉස්සරහම. කොරගන්න දෙයක් නැතුව බැරිම තැන හාමු මහත්තයට ටැලිපෝන් කරල විස්තරේ කිව්වා.

හාමු සැර දැම්ම, ඔහොම දෙයක් එකපාරට කියනවද කියල. නෝනට කිව්වනම් කලන්තේ දාල වැටෙන්නත් තිබ්බ. ටිකක් හෙමීට කාරණාව කියන්න එපා. අහන කෙනා කුලප්පු නොකර. පූසා ගහට නැග්ග. ඊට පස්සෙ වහලෙට ගියා සමනලයෙක් පස්සෙ.. කියල එහෙම එපෑ හිමීට කියන්න. ආයේ එහෙම මේ වගේ වැඩ කරනවා නෙමේ. securityට කියන්න සුද්ධ කරන්න. ආ.. නෝනට ටෙලිෆොන් කරනවා එහෙම නෙමේ. මංම හිමීට කියන්නම්..

ඔහොම කියල ටික කාලයක් යද්දින් නෝනා හාමුගේ මව් උන්ද එක්කන් ආව ගමේ ඉඳන්..අසනීපවෙලා බේත් කරන්න. දැන් සැප ගෙදර ඉඳන් වයසක උන්ද bed rest කරනවා. දවසක් ඔන්න ටිකක් අමාරු උනා. වැඩකාරී ඇඳ ළඟ.. ටිකක් වෙලා ගියහම මේ ගෑණි දුකෙන් කර කියා ගන්න දෙයක් නැතිව ගියා ටැලිපෝන් එක ගත්ත. එහා පැත්තෙන් හාමු ගත්ත.

මහත්තය.. ලොකු නෝනා එළියට ආව. ගහ වටේ ගියා. ව.හ..ළ.ට නැග්ග..

තියපන් ගෑණියේ ෆොන් එක... මං එනව දැන්ම. නෝනට එහෙම ගන්නවා නෙමේ.

 


              ඕන් නත්තල ළඟ හින්ද මේ කතාව.

 

ජේසු සහ මේරි කරපු දේ

 

නෝනා: ඇදුම් අල්මාරියත් ඇරගෙන මොකක්ද ඔයා කරන්න හදන්නෙ .. නත්තලත් ළඟ තියාගෙන

මහත්තය: ජේසුතුමා කළ දේම තමා.

නෝනා: ඒ මොකක්ද ?

මහත්තය: අද අතුරුදහන් වෙලා, ඉන් අනිද්දා ඔයා ඉස්සරහ පහල වෙනවා.

නෝනා: එහෙම උනොත් මට කරන්න වෙන්නෙ මේරි තුමිය කරපු වැඩේ.

මහත්තය: ඒ මොකක්ද ?

නෝනා: මහත්තයගෙ එක ඇඟිල්ලක්වත් ගාව නොගෙන ළමයෙක් බිහි කරපු එක..

ඉතින් මහත්තය හැම අවුරුද්දෙම නත්තල් සතිය නෝනත් එක්ක ගත කළා.


22 comments:

  1. නත්තල කතන්දරෙන්ම ගත කරන්න ද කල්පනාව!

    ReplyDelete
    Replies
    1. ගෙදරම තමයි හැබැයි තනිකොඩයි

      Delete
  2. නියම කතා සැට් එක. රජය කතාවෙ දිග වර්ශන් එක අහල තියනවා.🙏👌🤣

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඉට්ටූටී බස්පා

      Delete
    2. ඒකෙ දිග වර්ෂන් එක නෙමෙයි, වල් වර්ෂන් එක මාත් අහල තියෙනව.

      Delete
    3. අාණ්ඩුව විපක්ෂයට පෙරළාගෙන පහර දෙයි, වාත්තීය සමිති මර නින්දේ, ජනතාව අවදියෙන්.!

      Delete
  3. හිනා වෙන්න ඇති පදමට නැතිය සවී
    ඒ හින්දම ලියමි මං මේ බාග කවී

    ReplyDelete
    Replies
    1. බාග කවි උනත් කම්නැත ඔබේ නිදි
      ඉක්මන් සුව වෙලා ආයේ ගැහෙමු හදි

      Delete
  4. අස්පයගෙ එක තමයි හොදම එක

    ReplyDelete
    Replies
    1. එහෙමද චමින්ද. ආවට ස්තූතියි....

      Delete
  5. මරු කතා සැට් එකක් .දිගටම ලියන්න. ඊළග ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා.
    ජනක වීඩියෝ කරන්න විහිළු කථා හොයනවා. කතා කරන්න.
    https://www.youtube.com/watch?v=qCU1DjufJdY
    ඔබට නිරෝගීමත් නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ හා නීරෝගිමත් අවුරුද්දක් වේවා අනුරුද්ධ තුමෝ!

      Delete
  6. අඩෝ අර උඩ තට්ටුවෙන් පැනපු කතාව පට්ට ඈ...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඔහෙ කියන දෙයක් තමයි ඉතිං

      Delete
  7. අයියෝ අස්සයෝ තෝරන හැටි. හි... හි...

    ReplyDelete
    Replies
    1. ළමා මනස තේරුම් ගන්න හොඳ කතාවක් ඕක ලියෝනි තුමී..

      Delete
  8. නමී හොඳ කතා කාරයෙක් නේහ්👌🤞

    ReplyDelete
    Replies
    1. ඉස්සර බ්ලොග් උන්දැලත් එක්ක... මං කූඹි පැටියෙක් ඉතීම්😄

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්