පූජා ඔයා මාරයි...

මගේ tv බැලිල්ල නම් ගොඩක්ම අඩුයි. අඩු කරල, තනුක කරලා, ඇල් කොරල, මන්ද කොරල තියෙන්නෙ. ඉඳ හිට Youtube පොජ්ජට මන්ද කෙරුවොත් ඇරෙන්ට. එක හේතුවක් දෑසේ අමාරුව වැඩි වෙන එක. අනිත් කාරණේ ප්‍රවෘත්ති, headline, breaking news එහෙම බැලුහම රුධිර පීඩන ඇතුළු සියලු පීඩන හයිවේ මාර්ග පොජ්ජට මංගැජ්ජුව වාගේ බලාත්මක වෙන එක. බලන අයට හරියන්නත් එක්ක නම් නාලිකා ඇති පදං තියෙ හැට හුටහමාරක්, කේශනාලිකා සමව. ඔහොමත් දවසක් එක කෙලි පොඩියක් අමාරු සිංහලෙන් බස හසුරුවනවා දැක්ක.. ලං කරලා බැලින්නම් මේ සින්ග්හල දීපෙම උපන් කාන්තාවක්.. කොටට ඇඳන් හිටි නිසා පොඩියට පෙනුනේ. අර තියෙන්නේ ලිඳ ළඟ සංගමයට අයත් programe.. ආන් ඒකක. කෙල්ල ඉතින් සිංහල අමාරු ඉට්ටයිල් එකට, රට කඹුරලා ආපු ගෑණු උන්ද ලංකාවට ඇවිත් ඇහුවලුනේ whos this කියල බැඳල හිටි මිනිහ පෙන්නලා. ඌ අම්මමො මතක් කරාම ගෑණිට පරණ මතකේ ආපහු ඇවිත්. ආන් ඒ ascent එක. හුරතල් වෙන්න දඟලන වැඩිහිටියන්ගෙ ඉට්ටයිල් එක... මේක එන්නෙ ඔය කාන්තා පාර්ශවයට විතරයි මයෙ හිතේ. ඒත් වැඩි හරියක්ම පිරිමි උන්දැල ඉස්සරහ. මත්තට අනෙක් පාර්ශවෙටත් බෝවෙයිද නොදනී යන හැටියට රට.
ඕකට අපහාස කරලා බෑ හිටන්... මොකද ඕකට කැමති පොපෙසර්ල පවා ඉන්නව. කැමති කියනවට වඩා ඔය ඇමට අහු උන කිව්වනම් වඩාත් හරි වගේ. දන්නෝ දනිති... කොහොමින් උනත් කියන්න තැටමුවේ අර වැඩසටහනේ ඒ නිලි දැරිවි හුරතල් තාලෙට තමුන්ගෙ ඉදිරිපත් කිරීම කරා... ගොඩක් අයට මේ ascent එකත් එක්ක මතක් වෙන්නෙ ඉන්දියන් සාගර තරණය කරන් ලංකාවට ගොඩබට පූජා. පූජා උමාශන්කර්. හැබැයි ඒ නිළියට පූජට වඩා හොඳ ඉදිරිපත් කිරීමේ කුස ලතාවක් තිබුණ.... රඟපාන්න බැරුවට. පූජට තිබ්බ අවුල කලින් සිංහල කතා නොකර තිබ්බ එකනෙ. ඒත් පිටපතට අනුව වචන උච්චාරණය දීල තියෙනවානෙ හැම ෆිලුමෙම දොඹෙන් යන්න.

ඇත්තටම ඔය සීන් එක නිසයි, ඈ ඉන්න දෙමළ ෆිල්ම් 3,4කුත් බලල නිසා පූජා අපේ නිළියන්ට වැඩිය කොච්චර ඉහළින් ඉන්නවද කියල හිතුන..


ජීව, ආර්ය, බරත්, නරේන්, ප්‍රශාන්ත් විතරක් නෙමේ ultimate star අජිත් එක්ක පවා රඟපාල තිබුණ පූජගෙ හොඳම රඟපෑම දැක ගන්න පුළුවන් වෙන්නෙ ඇස් අඳ චරිතයක් කරන (Nenu Devundni 2009) සිනමා සිත්තමෙන්. ඇයගෙ මේ රංඟනය එදා මෙදා තුර වෙනත් කිසිම කොලිවුඩ් නිළියකට නොදෙවෙනි එකක්. මගේ මතය black චිත්‍රපටයේ රාණි මුඛර්ජිගෙ රඟපෑම එක්ක වත් එකට තියන්න බැරි තරම්. ඒ තරම් තාත්විකයි, හැඟීම් ප්‍රකාශන උපරිමයි. එහෙම උනත් industry එකේ දිගටම රැඳිලා ඉන්න බැරි උනේ ගෙදරින් රඟපෑමට වැඩි කැමැත්තක් නැති නිසා හා එරෙහි වීම් වෙන්න ඕන.... (ඇය කියල තියෙන විදිහට). කොහොමින් නමුත් පූජගෙ කරුමෙටද අපේ වාසනාවටද මන්ද මෙහෙ ඇවිත් දැන් රඟපානවා. රඟපානවා විතරක් නෙමේ film hall වලට ප්‍රේක්ෂකයෝ ගෙන්න ගන්න තරම් ඇය දක්ෂ, සිත් වසඟ කරන නිළියක් උනා. ඒකට සිනමාත්මක බව ඉහලින් තියෙන ඉන්දියන් industryය සමග වැඩ කිරීම බොහෝ දුරට ප්‍රධානම හේතුවක් වෙන්නට පුළුවන්. කොහොමින් නමුත් ආපු වෙන ඉන්දීය නිළියන්ට ලංකාවේ සිනමාවේ ඒ දේ කරන්න නොලැබීම නිසා ඒ කාරණාව අර්ධ සත්‍යයක් වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩී.. සහජයෙන් ආ ඇයගේ රූපණ දක්ෂතාවත් එක්ක. මොනවා උනත් පූජාගේ දක්ෂතාවය කැපී පේන පිටපතක් ඇති කිසිම නිර්මාණයක් ලංකාවේ නාවත්, මෙතුවකට... ලැබිච්ච චරිත කරලා තියෙනවා ආයේ මදි නොකියන්න. පූජට ලැබුණ බොහෝ චිත්‍රපටි වල ප්‍රධාන නළුවා කුඹුරේ හිටවපු වැට සදිසි වෙනකොට පූජා දර්ශන තලයම රසවත් කරනවා තමුන්ගෙ නිසඟ හැකියාවෙන්. ළමයින් සඳහා නිමැවුණු සරිගම පවා කිසිම නීරස ගතියක් නැතිව නරඹන්න පුළුවන් වෙනවා පූජාට පින්සිද්ධ වෙන්න. වෙන නිලියක් රඟපෑවනම්... ඔය රසින් බලනවා ආයේ බොරු.

මාලනී ෆොන්සේකා එදා රිදී තිරයේ කප් ගැහුවෙ දක්ෂතාවයත්, ලස්සනත්, වාසනා ගුණයත් නිසා තමයි. හැබැයි එදා පූජාත් හිටිය නම්... මාලනී දෙවෙනි තැනට වැටෙනවා. ඒ විතරක් නෙමේ ගාමිණි, විජය පොරකයි දේශපාලනය පැත්තකින් තියල පූජාත් එක්ක රඟපාන්න.. වගේම කරකාරෙට ගන්න. ඔය වගේ දේවල් හින්ද ඉතින් එක අතකින් පූජා ඒ කාලේ නොහිටිය එකමයි හොඳ.
ජැක්සන් ඇන්තනී එක්ක රඟපෑමට 90 දසකයේ අවසන් හරියෙන් පහු, ආපු හැම ෆිලුමේම වගේ ප්‍රධාන තියා මොනම නිළියක්වත් හිටියෙ නෑ කරට කර තියා, ආසන්න දුරකටවත් එන්න. නළුවො පවා පොඩි පිරිසයි ඉන්නෙ. ඒත් කුසපබා සිනමා සිත්තමේ පූජ රඟපානවා ජැක්සන්තුමා සමග කරට කර.. ලංකාවේ කිසිම නිළියකට නොකරගන්න බැරි වෙච්ච දේ මගේ අදහසට අනුව නම් පූජා කරා කියන ඒකයි. ඒ මදිවට අපේ රටේ වැඩිම වරක් අගමැති අසුනේ හිඳ නැගිටි රනිල් තුමාට පවා හාදුවක් දෙන්න ඇයට හැකි උනා. හාදුවේ උණුහුම රනිල් තුමාට දැනුණ නොදැනුණා.


ඒ ඔක්කොම හැරුනම පූජගෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වැදගත් සමාජ කාරණයක් තියෙනවා. ඒ තමයි පිරිමි තමුන්ට පෙම්වතියක් තෝරා ගැනීම සම්බන්දව.. පූජා සූත්‍රෙ apply කිරීම. දැන් නිකං තේරුනේ නෑ වගේ නෙ. ඇත්තටම ලංකාවේ අති බහුතර පිරිමි කාන්තාවක් පෙම්වතියක් ලෙස තොර ගැනීමේදී මේ පූජා සූත්‍රෙ ආදේශ කරලා බලනවා. එක මෙහෙමයි වෙන්නෙ. ඔන්ට කෙල්ලෙක් ඉන්නව, කොල්ලෙකුගේ හිතට වදින.. කෑල්ල හොඳයි. හැඩයි. හැබැයි පූජා ස්ටයිල්. ඒ කියන්නෙ....  ඒ කියන්නෙ හම්බෙන, කතා කරන ඕන පිරිමියෙක් එක්ක barriers නැතුව කතා කරනවා. කතා කරලා හොඳට හිනා වෙලා ඉන්නවා. මේක විරුද්ධ ලිංගිකයෙක්, අත අල්ලන්න එහෙම ගෑවෙන්න එහෙම දෙන්න හොඳ නෑ වගේ barriers මෙයාල ගාව නෑ. මනුස්ස කම, හොඳ කම නිසා ආශ්‍රය කරනවා, කතා කරනවා... හැබැයි ලංකාවේ සාතිශය බහුතරය අකමැති තමන් සතු හෝ පෙනී ඉන්න පෙම්වතී /බිරිඳ වෙන පිරිමි සමග කතා කරනවට, කුළුපග වෙනවට. රෑට කොල්ලෙක්ට good night කියල දාල, උදේට අහු උනොත් දවසෙම ප්‍රශ්න.. කෙල්ලට. එකට ළඟ වාඩි වෙලා කතා කරකර හිටියොත්, hug කරොත් කෙලින්ම හතරවෙනි තට්ටුවට කැඳවනු ලැබේ.. කොල්ලා විසින්. තමන්ට රෑ දෙගොඩ හරියෙ උනත් ගෙට enter වෙන්න අවසර තියෙන කොට, ඇයගෙ පොඩි ප්‍රමාදය සැකයට හේතු වෙනවා. සමහර ගෙවල්වල CCTV පවා දාල තියෙනවා බිරිඳ මොනවද කරන්නෙ කියල... කුකුස වැඩි පිරිමි මහත්තරු.

අනෙක් අතින් මේ වගේ කාන්තාවක් පෙම්වතිය නොකර, යෙහෙළිය කරගන්න මේ බහුතර කස්ටිය එකෙන්ම කැමතියි. එකට කන්න යයි, තනි රකින්න ළඟ ඉඳි.. ඕනෙ නම් shopping යන්න පවා එයි.. පැය ගණන්. රෑට කෝල් කරලා sweet dreams කියයි. වැඩකරන තැන නම් side support දෙයි තමුන්ගෙ වැඩ පසෙක දාල හරි. ඇයි.... අර නොවිඳි පොඩි sex arrears කවර් කර ගන්න. සමහරුන්.. මතු හම්බෙයි කියා සිතන් ඉන්න සැපක් එයයිගෙන් විඳ ගන්න. ඔය අතරමැද ජීවිත ගෙවන පූජ style කාන්තාවන්, බිරියන් හරි අසරණ වෙනවා. ආශ්‍රය කරන අනෙකගෙ හිත දැන ගන්න ඒ අයට බෑනෙ. ඒ වගේම එකපාර හිටපු විදිහ වෙනස් කරන්නෙ කොහොමද... හරියට මැරිලා උපන්න වගේ. ඉතින් ප්‍රශ්න. අඹු-සැමි, පෙම්වත්, යහළුකම් අතර.

ඉතින් පූජ තියරිය/ සූත්‍රෙ.. අපිට මතක් කරලා දෙනවා සමාජය තුළ අනෙකා- මම සම්බන්ධතාවය කොහොම විය යුතුද කියා....       ඔයා මාරයි පූජ.


24 comments:

  1. බැලුව. ආයෙ පස්සෙ එන්නම්.

    ReplyDelete
  2. මෙහෙ තරමටම සූත්තරේ පාරවන
    ගොයියෝ ඉන්නෙ කොහේද ලෝකයේ වෙන
    අතින් නොකා ආඳොත් කන ඉරටුවෙන
    අපි සුදනෝය 'ඔලුවේ මොනවද තියෙන'

    ReplyDelete
  3. ටෙලි නාට්‍ය වලට පින්සිද්ද වෙන්න ටීවී බැලිල්ල නැතිවෙලාම ගියා. දශක තුනකට මෙහා සිනමා සාලාවකට අඩිය කියලා නෑ. ඒත් අහම්බෙන් උනත් දැකල තියන විදියට පූජා ආකර්ශණීය නිලියක් තමා.

    ReplyDelete
  4. අපේ සිනමාවට කෙලෙව්වේ නාකි නළු නිලියොයි ඉන්දියන් ඒවා කොප්පේ ගහපු නිර්මාණාත්මක අදහස් නැති නාකි අධ්‍යක්ෂක හා නිෂ්පාදකයනුයි අතින්. 60 පැනපු නාකි නලුවක් කොල්ලා පාට් කරනවා 60 පැනපු නිලිය පාසල් නිල ඇදුමක් ඇදන් පාසල් යනවා. වරකා නතිං වැල සම්තිං නේ. විදුලිය සැර වැදුනා වාගේ දගලන අපට හිනා නොයන මෝඩ ජෝකර්ලාත් මේවාගේ එක දිගට රගපෑවා. හැමදාම එකකම දේ දකිද්දි අපිට ඇතිවන්නේ එකාකාරි බවත් නේ. එක රැල්ලට ප්‍රේම කතා රජකතා ලමා කතා ජෝක් කතා වැඩිහිට කතා ඉතිං බලයිද මිනිස්සු? අනාගතයේදි පූජාටත් වෙන්නේ නාකිවෙලත් පාසල් ගිහින් ප්‍රේම කරන චරිත කරන්න.

    ReplyDelete
    Replies
    1. 60 පැනපු නිලිය පාසල් නිල ඇදුමක් ඇදන් පාසල් යනවා.// - එහෙම ඈයෝ දැකලම නෑ නෙව.
      ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ නාකි අය තරුණ පාට් කරේ නැතිතරම් කොලොම්පුරේ.. ඒත් ඔය යසඅගේට එහෙ කරුමාන්තය තියෙන්නෙ...

      Delete
  5. පූජගෙ මම කැමතිම නාන් කඩවුල්. ඒක පට්ට. ඇට්ටිං නං ඇට්ටිං 😃😃😃

    වෙල්කං බැක් වත් කියාං ඕං 🙈🙈🙈

    ReplyDelete
    Replies
    1. අප්පේ මහේසය දැකපුකකල්... (අකුරු හරිද මන්ද 🙈)

      Delete
    2. පුම්කවල් බලම්න එම්පා ෆ්‍රෙම්න්😃😃😃

      Delete
  6. 2006 අංජලිකා ගෙන් පටන් ගෙන 2016 සරිගම වෙනකල් පූජාගේ ලංකාවේ චිත්‍රපටි නම් ඔක්කොම වගේ බැලුවා. ඇත්තටම පූජා දක්ශ ආකර්ශණීය නිලියක්. හ්ම්..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඒවානම් වැඩිය බැලුවෙ නෑ තිළිණි මංනම්

      Delete
  7. හ්ම් , කිසිම චිත්‍රපටියක් බලල නැහැ . මේ කියන එක්කෙනාගේ. ඉන්දියන් නිළියන්ගේ කැමති ප්‍රීති සින්තා ට.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒකට මක්ක වෙනවද අජිත්තුමෝ

      Delete
  8. පුජා මමත් කැමති නිළියක්. එයාගේ තියෙන්නේ සැහැල්ලු ප්‍රීතිමත් බවක්. ලංකාවේ නිලියෝ වගේ මේන්ටේන් කරන්න දඟලන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඇති.
    එයාගේ ෆිල්ම් වලින් බැලුවේ නම් අංජලිකා විතරයි.

    දැන් නම් හේමාල් ඉන්නවා එයාට ගැලපෙන පිරිමි චරිතයකට. තව අශාන් ඩයස් නියම සිංහල පෙනුමක් තියෙන දක්ෂ නළුවෙක්.

    පුජා තියරිය ගැන හිතමින්...

    ReplyDelete
    Replies
    1. හ්ම්...
      වැඩිය ඒ ගැන හිතන්නෙ නැතුව ලියන කතාව යහමින් ලියන්ට ලිඛිතාතුමී

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්