අප්‍රේල් පළමුදා’වත් කියවා ගැනීම....

 2022 අප්‍රේල් පළමුදා, වෙනදා මෝඩයාගේ දින වාගේ විහිළුවක් කරගෙන ආතල් එකක් ගැනීමට... හුදී ජන අපට බැරි වුනි. ඒ වෙනුවට මෙදා අප්‍රේල් පළමුදා ෆුල් සීරියස්, හිතන්නට බොහෝ කරුණු එකතු වුනු දවසක් නිසායි. ඒ මාර්තු 31 රෑ මහජනයාගේ පාරට පැමිණීම නිසා.... ආණ්ඩු පෙරලන්නම නෙමේ බඩගිනි සෑර්, ඔයාලට වගේ අපටත් ළමයි ඉන්නවා, ජීවනබර බර වැඩී වගේ එක්ක කියලා යන්නය.


ගෑස් නැතිකමින්, තෙල්, විදුලිය, පොහොර, පිටි නැතිකමින් හෙම්බත් වූ පෝලිම්ගත වුනු ජනතාව හිතේ ගින්දර නිවා ගන්න, ආණ්ඩු කරන කස්ටියට කෑ ගහල දුක කියන්න... ආ මේ පාරට පැමිණීම, ප්‍රචණ්ඩත්වයකට හැරුනෙ කාගේ උවමනාවටද කියල දන්නෙ දෙයියො විතරය. ඒ දෙයියො විතරක් දන්නා කාරණය විමර්ශනයක් කර තමුනුත් හොයා ගන්නා බව පොලීසිය කියා හිටියහ. ඒත් රටේ ආරක්ෂක අංශ බලා සිටියදීම බස් රථයක් නිස්කාන්සුවේ ගිනි තිව්ව... තනි පුද්ගලයෙක් ඇවිත්. ඒවා කොයි හාස්කම් මත සිදුවුනාදැයි සොයා ගන්නට වෙන්නෙ අපටමය.

මේ හුටපට සේරෝම වඩාත් බරපතළ වෙන්නේ රටේ ජනාධිපතිවරයා වැඩ සිටින ජනපති නිවස අසල මෙය වුනු නිසයි... ඒ වගේම ඔහු ඒ මොහොතේ එහි වැඩ හිටි බවකුත් ඇමතියෙක් සාක්කි දීල තිව්නේය... මොහක හරි වැඩක ඉන්ටෑති.

සාමකාමී උද්ඝෝෂණයක ලක්සන තිව්න ජන එකතුවට... ළමයි අත දරන් හිටි කාන්තාවන්, වයසක උන්දලාගෙ අහිංසක දුක්බර මුහුණු හොඳටෝම සාක්කිය... ඒ සාක්කි පැත්තක තියපු ආරක්සක අන්ස, රටේ තත්වය නොතේරෙන පිරිසක් වාගේ... පාලකයාගේ හස්තයට ඒකාත්මික වී කිසි භේදයක් තොරව සලකලා තිව්න හැමට එකසේ... මාධ්‍යවේදීන් ද ඇතුළත් කරගෙන. නමුත් කරුවලේ ඔවුන්ව වෙනම අඳුනාගන්නට, IDයෙන් බලාගන්නට නොපෙනුනා දැයි කියා මාධ්‍ය ප්‍රකාසයකදී පවා ආරක්සක අන්ස වලින් කියවුනේ නැතිය..  එහෙම වෙයි කියල බලං හිටියත්. නැතිනං උඩින් ආ නියෝග සැමට සමව ලබාදීමට ආරක්සක අන්ස පසුබට නොවුනාද..... රණවිරු යන ගෞරව නාමේ පවා අමතක කරලා හිට.

කලක් තිස්සේ කොටඋඩ ආ රට, මෙලෙස පාරට ගෙනාවේ/ වැටුණේ මේ අවුරුදු 6,7 තුල වූ කසඩ වැඩ ගොඩකිනි. මේ අර්බුදයේ නිර්මාපකයින් කවුරුන්දැයි නොදන්නා නමුත් ජනපති ගෝඨනො මැතිතුමා තමා මෙහි පංගු කරුවෙක් නොවන වග පැහැදිලිවම කියා හිටියහ. මේ අතර අගමැති පවා ඉන්නෙ ඇල් මැරුණු තත්වයකය. නමුත් පසුගිය දවසක  වේදිකාවේ හැඟුම්බරව “මේ වෙලාවෙ දේශපාලන වාසි නොගෙන එක්වී රට ගොඩගමු ” යයි කීවේ ඇතුළේ ඉන්නා ජුදාස් කෙනෙකුන්ටද... දන්නේ මහින්ද විතරමය.

ජනෙල් කණ්ඩියේ එල්ලී හිටි ටටා මහින්ද නුගේගොඩ වේදිකාවට නග්ගා, මළවුන් මළනුවන් ජනපති අසුනේ හිඳ වූ ගම්මන්පිල, විමල් ජෝඩුව දැන් හිටං ඉන්නෙ ආණ්ඩුවෙන් පිටය. ඒ හිට අවලස්සන අමරිකානුවට බනී... සියලු අර්බුද තනි බැසිල්ගේය. මේ දෙනම ත්‍රී වීලයක යා හැකි සාමාජිකයින් ඉන්න සෙට් ඇතුළු පක්ස 11ක් එක්කලා දැන් වෙන අඩව්වක් අල්ලමින් සිටි. අන්තර්කාලීන ආණ්ඩුවක්, සර්වපාක්ෂික පූටුවක්...... ගැන දේසනා කරමින්. ගමන්පිලවා එදා අප්පොච්චිගෙ ගෙදරින් එළියට ආවේ ලෙන් දොර ඕපන් බව කියමිනි. ඒ කරලා හිට වැඩි දවසක් යන්නට නෑර ආපහු ඇයිදින් සරමේ එල්ලුනේය. විමලා රතු ඇත්තන්ගෙන් වෙන් වී අප්පොච්චිගේ සරමේ එල්ලුනේ සීගිරිය දැක ගැනීමේ ආසාව ඇතුවය. පහුව රජ සැප දැකගන්ට ඇති.... සීගිරියේ හෙම.

මේ කෙරුන්කාර නොවන,  කයිවාරු දෙනම තා ඉස්සර දවසක ‘කොරෝනා නිසා, බැසිල් නිසා, ඩොලර් නිසා වැටිච්ච රට ගොඩ ගන්න පොළොවේ සුවඳ හඳුනන තාත්තගෙ පුතා වන නාමල් බේබිට චන්දය දෙන්න’ කියලා කියන්නට බැරි නැත. ඒ තරම්ම සුවර් නැති බඩු දෙකකි මුන් දෙනම. සන්කිලි කටවල්ද ඒ හුරුවට සැකසී ඇත. ඊට විපක්සව ඉන්නා කස්ටියටද අපූරු කතා කියන්නට මේ දෙඅවුරුද්ද පවා හොඳටෝම ඇතිය. දැන් විපක්ස සජබෙ පවා ආණ්ඩු සැකැස්මවල් දියත් කොරන ගමනෙය... නැතුව ජනතා නගාසිටුවීමක් ගැන අදහසේ නෙවේය. අනුරත් රතු ආණ්ඩු සිහිනයක ඇතිය... කුළුඳුලේම හිට.

ඔය අතරෙ තවත් ජන රැලියකට, උද්ඝෝෂණ මාලාවකට 3වනදා සැරසෙන බව දැනන් ආණ්ඩුව 2වන දා රාත්‍රියේ හිට 3 උදෑහනක් වෙනකං ඇඳිරිනීතිය දමන බව නිවේදනය කරලා... පහුවට නිවේදනය කර දීර්ඝ කරා.... ඒ කපටි පාලනයේ හැටිය. ඒ මදිවට සමාජ මාධ්‍ය වෙත ගොඩවැදීමේ නිදහසද අහුරා තිව්නේය. ඔය අල්ලපනල්ලෙ සැනසුම් සුසුමක් හෙලන්ට වෙන්ටෑ විදුලිය බිඳ වැටීම පැයකට අඩු කරේ හිට. නැහ්නං ගෙදර ඉන්න වුන් කුලප්පු වෙන්ට බැරි නෑ හිරවෙලා ඉන්ට අස්සෙ මෙතන කිසි වැඩක්කක් කරගන්න නැතිව තව... කියලා හිට. ඒ අතර එදා වේල හම්බුකරන් කන අය ඇතුළු පිරිස ඇඳිරිනීති හන්ද අන්ද මන්ද වීය.

මෙහෙම පාර්තනා කරන ගමන්..... එනවාරේ මොකා එක්කං ඇවිදින් ජනපති පුටුවෙ වාඩි කරන්නද, ආණ්ඩු බලය දෙන්නද ?

අමාරුම වෙලාවලදී ගන්න තීරණ තීරණාත්මකම තීරණ කියලා කියනව නෙව. ඒ වගේම තමයි ගන්න තීරණයක් නැතිව ඉඳල ඉඳල ගන්න තීරණ බොහොම දරුණු වෙන්ටත් පුලුහං..... ඔය කොයි පැත්තටත්. ඒ නිසා මොළේ පාවිච්චි කිරීමත් අවශ්‍යයම මොහොතක්ය මේ. කොයි කොයි පැත්තත්... රට ගැන හිතල.



36 comments:

  1. https://sardhiyel.blogspot.com/2022/04/blog-post.html

    ReplyDelete
  2. ස්තූතියි නමියො අප්ඩේට් එකට. විස්තර දැණගන්න නැතුව අනාත වෙලා හිටියෙ.

    මට හිතෙන්නේ, මේක දේශපාලනයට එහාට ගිය සමාජීය/සංස්කෘතික ප්‍රශ්ණයක් බවයි. අපි, හවුස්මේඩ්ල/ගාමන්ට් "කෑලි" ගේන ඩොලර් ටිකෙන් පාටිදාන, "ගේමක් ගහලා" ගොඩයන්න ඕනෙ කියන කලෙක්ටිවි මෙන්ටැලිටි එකක් තියෙන ජාතියක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් බස්.. අපි බඩගෝස්තරවාදී නෙව. ගේමක් ගහලවත් සල්ලි හොයාගත්තට බඩු නෑ. ඒක දුප්පත්, මධ්‍යමපාන්තික, රදළ ඔක්කෝටම වැදුන. ඒ නිසයි මේ කළඑලි බැසීම්... බහුතරේ. නැත්තං කයිවාරු පප්පල විතරයි අපි. මාක්ස් උපකල්පනය කළ වැඩකරන පංතියේ විප්ලවයක් තාම කිසිතැනක ඇවිත් නැහැ.

      Delete
    2. මූලික අවශ්‍යතා නැති වුනාම ප්‍රමුඛත්වය දෙන්නේ ඒවා ලබා ගැනීමට විතරයි

      Delete
    3. ඒත් සත්තු - මනුසත්තු දෙකේ වෙනසක් තියෙන්ට ඕන නේද

      Delete
    4. ඔව්. සමහර රටවල

      Delete
  3. මගේ අදහස මේ අර්බුදයට, දේසපාලුවො වගේම මහජනයාත් දායක වෙලා තියනවා කියන එකයි. මහිතේ ඒකට කියන්නෙ "ජනප්‍රිය දේශපාලනය" වගේ නමක්. අනාදිමත් කාලෙක ඉඳලා හැම ආණ්ඩුවක්ම ණයට ගෙනත් කන්න දුන්නා. අපිත් එපා කිව්වෙ නෑ. කොටින්ම රටේ ආණ්ඩු පෙරලුවෙ ඔලුව නෙමෙයි බඩ.

    හැමදාම ණයට කනකොට , කවදාහරි කෙලවෙනවා කියල කියන්න, ආචාර්‍ය උපාධියක් ඕනෙ නෑ. මේක කවදාහරි වෙන්න තිබ්බ එකක්. රටක් දියුණු කරන්න අවශ්‍ය නිවැරදි නායකත්වයක් අපට තිබ්බෙත් නෑ. රාජපක්ස රජ පිස්සුව, ණය අර්බුදය අලුත්ම මානෙකට ගෙනිච්චා. ඒත් සමාජ මාධ්‍යවල, මේ මෑතක් වෙනතෙක් අහන්න ලැබුනෙ " ඔය කියන තරම් අවුලක් නෑ, සල්ලි තියනවා මිනිසුන්ට ගානක්වත් නෑ" වගේ කතා. දැන් අපි වීදී බහින්නෙ "බඩේ පාර" වැදිච්ච හින්දා මිස, රට ගොඩ ගන්න ඕනෙ හින්දා නෙමෙයි කියලයි මට හිතෙන්නෙ.

    අපි නැව් නොඑන වරායවල් හදලා ණය ගෙවන්න ඒකම චීන්නුට දෙනකොට, රට වටේටම මුහුද නැති නෝර්වේ, චීනෙන් මෙහෙම එව්වා හදවලා ගෙන්නවා.

    Inside The World's Biggest Fish Farm

    ReplyDelete
    Replies
    1. මේ ලිපියෙත් ගත යුක්තක් තියනවා කියල හිතෙනවා.

      https://lankasithuwili.blogspot.com/2022/04/blog-post.html

      Delete
  4. අපේ රට හදන්න නං, සිස්ටම් එක වෙනස් කරන්න සොඳුරු ආඥාදායකයෙක් ඕනෙ කියල මතයක් තිබුණා. දේසපාලුවො අමුමැට්ටො නිසා, තීරණ ගන්න "උගතුන්" ඕනෙ කියන එක අද දක්වාම තියෙන විස්වාසයක්.

    http://transyl2014.blogspot.com/2022/04/blog-post_2.html

    රටේ කුඹුරු වැඩිහරියක් පුරන්වෙලා තියෙන්නෙ, කරදිය එන නිසා. ඒත් තාක්ෂණයෙන් දියුණු රටවල, කරදියට ඔරොත්තු දෙන වී වගා කරනවා. දියුණු තාක්ෂණික ක්‍රම යොදා ගන්නා, ඔවුන් ගේ අක්කරයකට පලදාව ඉතා ඉහලයි. අපේ "වියත්මග" තියෙන පලදාවටත් කෙලවනවා.

    ReplyDelete
    Replies
    1. දියුණු බටහිර තාක්ෂණ ඕන නෑ බස්. කුඹුරු ගොඩදාන විදිහ දන්න දේශීය තාක්ෂණේ ඇති ගොයියො තාම ඉන්නවා.... හැබැයි අන්තිම පරපුර. මේක බත් දුන් රටක් නෙව.

      Delete
  5. රට්ටු ඡන්දෙ දෙන්නෙම මී හරකුන්ට
    කඳ බඩ ආරලා තියෙනා මකරුන්ට
    නැතිනං පඩික්කම් කටවල් ඇති අයට
    ඒක වෙනස් වේවිද තව ඉදිරියට?

    ReplyDelete
    Replies
    1. ඉදිරියක් ගැන තැකීමක් නැති, වෙන්නෙ මොකැයි අවබෝධයක් නැති අඳබාල පිරිස ඉන්නකම් මෙය වෙනස් නොවේ නිදි.....

      Delete
  6. අජිත් කනකසුන්දරම්ගේ දෙරටක කතාන්දරය (ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව) පොක කියෙව්ව නම් අපටත් පහළින් තිබුන රටවල් දියුණු වූ ආකාරය ගැන යමි හැඟීමක් ඇතිකර ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...... ගත්තත් ඒ හැංගීම, ක්‍රියාවට නගන්න පිරිසක් පේන තෙක් මානෙක නෑ Litseeker

      Delete
  7. යමක් වෙනු ඇත. අපේක්ෂා තියාගමු. දිගට කීමට බැරි අපට දේශපාලනය පිළීබඳව අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් නැති බැවිනි.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=qeefWS8YrDw

      Delete
    2. ඔව් ඔව් අපේක්සා දල්වාන ඉමු මරණය ලබන තුරා... ඩ්‍රැක්ස්.
      මේ යනවා බස්

      Delete
  8. වියත්මගවත් කොහිද කියල පේන්න නෑ

    ReplyDelete
    Replies
    1. වියත්මගත් මහමග.... පෝලිමේ 😄😄

      Delete
  9. මිනිස්සු මොන විදිහේ හේතුවක් නිසා හෝ විරෝධය පෙන්වන එකයි වැදගත්. බස්සා කියනවා වගේ 'බඩේ පාර' වැදිච්ච නිසා වුනත්, පලවෙනි පියවර මිනිස්සු තුලින්ම ආපු එකයි වැදගත්. පුලුවන් අය වඩාත් සාධනීය ලෙස විරෝධය ඉස්සරහට ගෙනියයිනෙ.

    ඊටත් වඩා වැදගත් දේ තමයි කාලයක් තිස්සෙ පැල පදියම් වෙලා තිබුනු සමහර perceptions සුනු විසුනු වෙලා ගිය එක. 'රාජපක්ෂලට විතරයි රට හදන්න පුලුවන්', 'බැසිල් සියයට කීයක් ගත්තත් මොකද රට දියුනු වෙනවනෙ', 'පවුලෙ අනිත් අය එහෙම වුනාට එයා හොඳයි' වගේ, 'උගත්' අය පවා උඩ පැන පැන කියපු දේවල්. දැන් ඒවා terminated.

    කවද්ද අහලා තිබුනේ මිනිස්සුන්ට භයේ ඇමතිවරු උත්සවවලට නෑවිත් හිටියා කියලා. What a victory!!

    ReplyDelete
    Replies
    1. හොඳ පොයින්ට් එකක්. කිව්වත් වගේ, හේතුව මොක වුනත් ප්‍රතිඵල විශිෂ්ඨයි. කියල තියෙන දේ වලට අමතරව, පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේපවීමත් විශේෂත්වයක්. මේ වගේ අවස්ථාවක වාසි ලබාගන්න, විරුද්ධ පක්ෂ නන්නත්තාර වීමත් හොඳ දෙයක්. දේශපාලන ක්‍රමයේ සැබෑ වෙනසක් විය යුතු බවට ඉල්ලීමක් ඇති නමුත්, එය කුමක්ද, කෙරෙන්නේ කෙසේද, කෙටුම්පත් කරන්නේ කව්ද කියා පැහැදිලි ස්ථාවරයක් නෑ.

      Delete
    2. එකනම් ඇත්ත. මේ භය එක විදිහකට තියෙන්න ඕන.. නැහ්නං වෙන්නෙ උන් අපිව බය කරාන ඉන්න එක.

      Delete
  10. 3 වෙනිදා ඇඳිරි නීතිය අස්සෙත් රටවැසියන් පාරවලට බැහැපු හැටි..... ගෙනාවේ සතුටක්!
    මමත් ඊයේ මහරගම තිබුණු උද්ඝෝෂණයකට සහභාගී වුණා. එතනදී මට පෙනුණේ තරුණයන්ගේ වගේම තරුනියන්ගේත් පිබිදීම හා සංවිධානාත්මකකම. මට හිතෙන්නේ සටන්වලදී නියම නායකයන් ඉබේම මතු වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ජන සටන් අස්සට එක එක දේසපාලන/වාමවාදී බලවේග රිංගල තිව්න දැක්කෙ නැද්ද නිදි.....

      Delete
    2. නමී, තවමත් මගේ ඇස් කන් හොඳට වැඩ කරනවා කියල විතරක් මෙතනදී කියන්නන්.. මොකද ඇසු- දුටු දේවල් කියන්න තැන මෙතන නෙවෙයි නිසා.

      Delete
    3. ගමේ වහරෙන් කියනවනම් මේක දැන් යන්නෙ බැදිවල

      Delete
  11. අලුත්ම අප්ඩේට් එකේ හැටියට ආණ්ඩුව ගිලා බහින්න ඕනේ අද . මහා මැතිවරණයක් ගෙනල්ල 225 එළවයිද බලමු මිනිස්සු ?

    ReplyDelete
  12. හපෙ අප්පේ..... පොඩියට හිටියට අපේ නමියත් දන්න දේවල්....

    ReplyDelete
    Replies
    1. දන්නෙ ඩිංග දෙයයි අනේ... එකෙන් ජාමේ බේරාන ඉන්නව😄😄

      Delete
    2. එහෙනම් ගොඩ ම තමා.
      මේ තව ටිකක් ගොඩයන්න පුළුවන් වැඩක් දෙන්නද? මට නොදන්න ටිකක් තියෙනවා අහගන්න. මම කැමතියි ඔයාගේ theme එකට. මට හිතුනා blog එකේ face එක ටිකක් වෙනස් කරන්න. අකමැති නැත්නම් පොඩි උදව්වක් දෙන්න පුළුවන් ද? බොහෝම පින්.

      Delete
    3. 😄 කොරන්ට ඇහැක් දෙයක්නම් කොරලා දෙන්ටම්.... මක්කැයි වෙන්ට ඕන.

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්