දැලෙන් පිටට ඒම....

 

සම්මෝදමාන ජාතකය ඇසුරින්

බී.පී.කේ. තිලක

- දේශය වෙබ්අඩවියේ පළවූ සටහනේ සංශිප්ත කොටසක්

වන පෙතක් තිබුණා…. එහි වාසය කළේ කුරුල්ලන් විතරයි. එයිනුත් වැඩිපුර සිටියේ වටු කුරුල්ලෝ. උන් රංචුවක් වශයෙන් එකට සිටියා. ඒ නිසා විශාල රංචුවක් වුණා. මේ වටු රංචුවේ නායකයෙක්ද උන්නා. ඌ ගුණවත් යහපත් එකෙක්. රංචුව හොඳින් රැක බලාගත්තා. උන්ට මේ වනපෙතේ කෑම බීම හිඟවුණේ නෑ. පල වැල පිරිලා කලක් එසේ ගෙවී යන විට කුරුලු වැද්දෙක් මේ වනපෙතට ආවා. ඔහුට වටුවන්ට වගේ හඬ නගන්න පුළුවන්. මේ වැද්දා වටුවන් ඉන්න පෙදෙසට ඇවිත් සැඟවී වටුවෙක් වගේ හඬ නැගුවා. වටුවෝ ඒ හඬ ඔස්සේ ආවා. වැද්දා දැල දැමුවා. වටුවන් දැලට අසුවුණා. ඔහු උන් අල්ලාගෙන ගොස් විකුණා අඹුවත් සමඟ ජීවත් වුණා.

කාලය එසේ ගෙවී ගියා. රංචුවේ වටුවන් අඩු වුණා. එය නායකයාට දැනුණා. ඌ වටුවන් රුස් කළා.

බලන්න මේ රංචුවේ උන් අපේ සමහර නෑයන් මිතුරන් අද නෑ. විනාශවෙලා. එසේ වූයේ ඇයි? ඔබ දන්නේ නෑ, ඒ නෑයන් මිතුරන් අර වැද්දාගේ හඬට රුවටිලා. උගේ දැලට අසුවෙලා අපිට අහිමි වුණා. හෙට අනිද්දා  ඒ ඉරණම ඔබට අත්වෙයි.

නායකතුමනි, අපි ඉන් ගැලවෙන්නේ කෙසේද? උන් ඇසුවා. ඊට එක උපායයි තියෙන්නේ.

ඒ කුමක්ද?

ඔය වැද්දා ඔබ මතට දැල දැමූවිට එකිනෙකා එකාවගේ දැලේ හිල් අස්සෙන් හිස දමා එකට පියාඹන්න ඕනෑ. එතකොට දැල ඔසවාගෙන ඉගිල ගිය හැකියි. එසේ ඉගිල ගොස් කටු ලැහැබක වහන්න ඕනෑ. එවිට දැල කටු ලැහැබේ දැවටෙනවා. ඔබට පුළුවන් ඉන් බේරිලා ඉගිල යන්න. වටු නායකයා කිව්වා.

මීට පස්සේ අපි එසේ කරමු වටුවෝ කිව්වා.

පසුදින කුරුලු වැද්දා ආවා. සුපුරුදු හඬ නැගුවා. වටුවෝ ආවා. වැද්දා දැල දැමුවා. වටුවෝ නායකයා කිව් ලෙස දැලත් අරන් ඉගිලුණා. ඉගිල ගොසින් කටු ලැහැබක වැසුවා. ඉන් බේරී පලා ගියා. වැද්දා පුදුම වුණා. බොහොම අමාරුවෙන් කටු ඇනගෙන දැල බේරාගෙන හිස් අතින් ගෙදර ගියා. වැද්දා එය එතැනින් අතහැරියේ නෑ. හැමදාම දැල දැමුවා. වටුවෝත් දැල අරන් ඉගිලුණා. වැද්දා හිස් අතින් හැමදාම ගෙදර ගියා. මේ හේතුව නිසා වටු වැද්දාගේ ගෙදර අගහිඟ ඇති වුණා. බිරියට ඉවසුම් නැතිව ගියා. මොකක්ද මිනිහෝ මේකේ තේරුම ඇය ඇසුවා.

මොකක්ද තේරුම කිව්වේ.

ඔබ දැල අරන් වනයට යනවා. හිස් අතින් ආපසු එනවා. ගෙදර හරියේ කන්න හදන්න කිසිවක් නෑ.

මම මොනව කරන්නද ඒකට.

අඹුව හොඳටම කෝප වුණා. ඔය වැඩේ හරියන්නේ නෑ. ඔබ කැලෑවට යන්න එපා වෙනත් රැකියාවක් සොයාගන්නවා. එතකොට ගෙදර අග හිඟ නැති කරගන්න පුළුවන්.

යෝදියේ මට වෙන රැකියා කරන්න දන්නේ නෑ. තව ටික දවසක් ඉවසපන්. දැන් මට වටුවන් අල්ලන් බැරි උන්ගේ සමගිය නිසා. උන් දැල අරගෙන ඉගිලෙන නිසා. ඔය සමගිය වැඩි දවසක් තියෙන්නේ නෑ. එතකොට මට උන් අල්ලාගන්න පුළුවන්. උන් උඹට ගෙනත් පෙන්නන්නම් කිව්වා. බිරිය නිහඬ වුණා.

ඒ කිව්වා වගේම සිදුවුණා. වටුවන් රංචුව ගොදුරු සොයා ගොදුරු බිමකට බැස්සා. එක වටුවකුගේ නොසැලකීම නිසා තවත් වටුවකුගේ හිසට උගේ කකුල වැදුණා. ඉන් ඌට රිදුණා. කෝපවුණා. හැබැයි කකුල වැදුණු වටුවා ඌ දැක්කේ නෑ. ඌ වටුවන්ට දොස් කිව්වා. එය උන් අතර සටනක් වුණා. එය නායකයා දැක්කා. ඇවිත් සටන නතර කෙරුවා. එහෙත් වටුවන් අතර මෙතෙක් තිබූ සමගිය නැතිවෙන වග ඌ දැනගත්තා. වටු රංචුවෙන් ඈත් වී වෙනත් දිසාවකට ඉගිල ගියා.

වටු වැද්දා සුපුරුදු ලෙස ආවා. හඬ නැගුවා. දැල එලුවා. වටුවෝ කොටුවුණා. අසමගිය නිසා වෙනදා මෙන් කඩිනමින් දැල අරන් ඉගිලුණේ නෑ. පමාවෙන් වැද්දා ප්‍රයෝජන ගත්තා. දැල අකුලුවා ගත්තා. වටුවන් අරන් ගොස් අඹුවට පෙන්නුවා. ඇය සතුටු වුණා.





චිත්‍රය දකින්න රාමුවෙන් පිටතට ආ යුතු වේ.


35 comments:

  1. වැඩියෙන්ම අහපු අඩුවෙන්ම දැකපු ජාතකය!

    ReplyDelete
  2. සම්මෝදමාන ජාතකය?

    ඔහේ නං කියයි, පන්ති/ පක්ෂ භේදයක් නැතුව වටුවො වීදී බහිනවට වැද්දොත් කැමති නෑ, සහෝදරවරු කැමතිත් නෑ. අරාබි වසන්ත රට පැන්නට, වටුවො අතරට හිපාටුවො බැස්සිල්ල අඩුවෙලා නෑ. ආන්න ඒකයි අපි කියන්නෙ, අපේ හාමදුරුවනේ.

    ReplyDelete
    Replies
    1. හරිහමන් නායකයෙක් නැති ශාපෙනෙ මේ ගෙවන්ටෙ. බැරිවෙයිද දැන උගත් බෂ්ෂෙක් ටික දොහකට හොයා ගන්ට

      Delete
    2. හහ්, මඟුලක් අහනවා. යුධ පිටියෙ "ඉස්පැසල් ඔපරේෂන්" එකකට ගිහින් මට බිම දාගෙන නෙලුව හොම්බෙන් යන්න:
      https://kolambagamaya.blogspot.com/2022/04/blog-post_4.html?showComment=1649191786368#c7609510720000137620

      ඒත් පැත්තකින් ඉන්න ෂන්ග කකුල් වලින් අවෂරයි කියල, මේම මේම ෂයිඩ් ෂපෝට් එකක් දෙන්න නං ඇහැකි:

      https://economatta.blogspot.com/2022/04/blog-post_6.html?showComment=1649263169765#c647655053908268535

      Delete
    3. වැද්දොන්ගේ සමගියත් පෙනුණා අඟහරුවාදාම එක්කෙනෙක් සාටකේ නැතිව ආවාම.

      Delete
    4. ආං ඒකට අපේ කපුටාස්. ඔය හිටියෙ සාටකේ එල්ලිලා, කෝටුවෙ ගිය ඉබ්බා වගේ. ඔව්, ඔව් මිස්ටර් 10% තමයි. හප්පේ, වංඩු ආප්පෙ වගෙ වාසනාවන්ත මූණ දැක්කම බඩ පිපෙනවා.

      Delete
    5. ඔබට ඤාණක්කගේ පිහිට ආරස්සාව ලැබේවා... බෂ්🙏😄

      Delete
    6. හා, හා ඤාව් ඤ යන්න නෙමෙයි ඥාණ. දෛයො කෝප වුනොත් බොටත් වතුර පාර තමයි.😂😨

      Delete
    7. දකුණෙ මුදලාලි කෙනෙක් කඩේ වැඩට ආපු ගෝලයගෙන් ඇහැව්වලු " ඔහෙට පොල් ඔයන්න ඇහැකියෑ?" කියල. ගෝලය කිව්වලු, පොල් ඔයන්න බෑ, අඹ බයන්න නං පුළුවනි කියලා.

      Delete
    8. unicode ගහන්ට බෑ බම් ඕව හොය හොය.
      ඇත්තටම කැපිටල් ඔයන්නක් තියේ වෙන්ටත් බැරි නෑ😄
      අනික අපිට විතරද වරදින්න පුලුහං. මොළ එකට වැඩියෙන් තීන යටත් බැයිද?. දන්නෙ නැත්තං සන්නගෙන් අහන්න.
      https://www.youtube.com/watch?v=tFJP-Uv67i8

      Delete
    9. 'ඤා' දෙන්න ඤාණක්කෙ unicode ගහන්න.
      සන්නස්ගලම තමා https://www.youtube.com/watch?v=wKDL-eFGyd0

      Delete
  3. https://www.economyhub.info/2022/04/06/rohitha-rajapaksa-response/

    පන්ති, ආගම්, පක්ෂ,පාටක්, හැඩයක් සහ නායකයෙක් නැති නිසා තමයි අරගලය ලස්සන.

    ReplyDelete
    Replies
    1. චිචී බේබිත් සහජාත පුතෙක් වගෙයි නේද, බස්සා මහත්තයෝ?

      Delete
    2. බේබි රාජ කුමාරයෙක් නෙව නිදි? මේං රටම ගිනි ගන්න කොට, සහෝදරවරු ආප්ප පුච්චනවා:

      පේරාදෙණිය සම සෞඛ්‍ය සිසුහු ගේට්ටු කඩාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වෙති

      Delete
    3. අරගල, උද්ගෝෂණ ඕන ඒත් මේ විස්සවිජ්ජාල, රතු ඇත්තොන්ගෙ ඒවා මහ නසරානි එව්ව

      Delete
  4. ඔව්ව පරණ කතා බොෂ්!.

    දැන් කතාව මෙහෙමයි වෙන්නේ.
    වටුවන්ගේ නායකයා හැන්දකොරේ ප්‍රයිවෙට් එකේ ගොහින් කුරුලු වැද්දා මුලිච්චි වෙනවා.
    බොෂ්, ඔච්චර මාන්ෂිවෙන්ඩෙපා මං කියල දෙන්නං විදිය.
    ඔය ඇට වර්ගයක් දෙකක් මං කියන තැනක දාන්ඩ, මං කෂ්ටිය එක්ක ඇවිදින් ඇටයක් දෙකක් කාල හිමිං මාරුවෙන්නං.
    ආන්න එතකොට ලොක්ක දැල දාගන්ඩ. ආයේ හැන්දකොරේ මං එඤ්ඤං එතකොට මගේ කොමිෂන් එක දෙන්ඩ.
    හරිනේ. ඩීල් නේ.

    එඤ්ඤං ලොක්කා !

    ReplyDelete
    Replies
    1. ඔබට ඤාණක්කගේ පිහිට ආරස්සාව ලැබේවා... හට්ටෝර්.🙏😄

      Delete
  5. රටතොට හැම තැන - අතන මෙතන වුව - කතා වෙන්නෙ මේ වගෙ කරුණුයි
    එව්වා මේ වගෙ - සබේක කියන්න - බැරි තරමටමත් අසබ්බියයි
    ජාතක අවජාතක වගෙ දේවල් - බුදු අම්මෝ පැටලිලි සහිතයි
    නමියෝ ඔහෙටත් - හිතිල තියෙන්නේ - ටෞකන ජාතියෙ කතන්දරයි!

    ReplyDelete
    Replies
    1. ඔබට ඤාණක්කගේ පිහිට ආරස්සාව ලැබේවා... නිදි.🙏😄

      Delete
  6. ණය කා ඉවරවෙන තෙක් දිය සැලියේ
    ගවගාලේ කකුළුවො දිය කෙලියේ

    https://www.lankahotnews.net/2022/04/indian-diesel-ships-to-line-up.html
    https://www.lankahotnews.net/2022/04/sri-lanka-freedom-party.html

    ReplyDelete
    Replies
    1. කෑෂ් නැතිව තෙල් නැව් තාම තියෙනව කියන්නෙ පාක් කොරල....😄😄

      Delete
  7. දැන් වටුවොයි, වැද්දයි, වැද්දගෙ ගෑනියි ඔක්කොගේම උතුර දකුණ මාරු වෙලා

    ReplyDelete
    Replies
    1. ඔබට ඤාණක්කගේ පිහිට ආරස්සාව ලැබේවා... අහස්.🙏😄

      Delete
  8. කාලීනයි. කවුරු කවුරුත් හොදට හිතට ගන්න ඕන කථාවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...... මාත් ඒමම පාත්තනා කරනවා අනුරුද්ධතුමෝ

      Delete
  9. ඕනෙම දෙයක් කරන්න කලින් හොදින් හිතන්න ඕන. තීරණයක් ගන්නකොට වුනත් තමන් ගැන වගේම තමාගේ පිරිස ගැනත් හිතන්න ඕන.පොඩි අතපසුවීමක් හෝ වැරදි වටහාගැනීමක් ප්‍රශ්න ගොඩකට හේතු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙව....... මං මේ නිදියටයි, බෂ්ශටයි කියන්ටෙත් ඔය ටිකම තමා 😄😄

      Delete
    2. වලාමේ... මේ මොන ඇන්නෑවක්ද?

      Delete
    3. ගණන් නොගන්න නිදි.... මේ දවස්වල මාත් ඉන්නෙ රජෙ ඇමටිවරු වගේ. ඔලුව පිෂ්ෂු වෙලා 😄😄😄

      Delete
    4. හැබෑද, ඒත් නමී ඔයාට නං පිස්සු වෙන්න හරි ඔළුවක් තියෙනවානෙ....

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්