තණකොළ කොයි පාටද.....

 


දාසක් දා බූරුවෙක් තමුන්ගේ දවසෙ වැඩ list එකට කොටියෙක් මුණ ගැහීමට හා ඌත් එක්ක පොඩි chat එකක් කරන්න ඕන කියන එකත් දා ගත්ත. වැඩේ දා ගත්තා වගේම මේ බූරුවා දවාලේ ගියා කොටියා සම්බුවීමට.... ඌ lunch එක අරං ඉන්න වෙලාවක. මද සතුටු සාමීචියකින් පස්සෙ....

බූරු පුතා කොටියාට කිව්වා - තණකොළ නිල් පාටයි.

කොටියා ප්‍රති වදන් දුන්නා - නෑ... බූරු වහන්දෑ. තණකොළ, කොළ පාටයි.

මේ කතාබහ උණුසුම් වුනා... දෙන්න සමථයකට ආවෙම නෑ. කොච්චර වාද කර ගත්තත් දෙන්නගෙන් එක්කෙනෙක්වත්, අනෙක් කෙනාගේ මතය පිළිගන්න කැමති උනේම නෑ. බැරිම තැන දෙන්නම එක තීන්දුවකට ආව... කැලේ king වෙත ගෙහුං මේ අර්බුදය සමථයකට පත් කර ගනිමුය කියලා හිට. ඒ කරලා මේ දෙන්න කැලේ මහ රජා වන සිංහයා වෙත ගියා... එයාත් තම රාජ භෝජනේ අරං ඉවර උන time පහු වෙන්න ඇරලා.

සිංහයා තමන්ගේ ගුහාවේ එළිපත්තට වෙලා ඉඳගෙන හිටියෙ.... මේ ඩබල එන මොහොතේ.

බූරුවට, සිංහයා ගාවට ලං වෙන්නත් කලින්ම ඉහිලුම් නැතුව ගියා. “රජතුමනි, තණකොළ, නිල් පාටයි නේද ?" මහ හඬින් කෑ ගැහුවා.

සිංහයා වැඩි හිතාමතා බැලීමකින් තොරවම ආන්සරේ දුන්න... හිස උඩහටත් හා පාතටත් හොලවමින්.

මේ උත්තරයත් එක්ක බෝම සෑහීමට හා සතුටට පත් උනු බූරු තඩියා, සිංහයාට ආයේ කෑ ගහමින් කියා හිටිය... “මේ බොරු කිව් බූරු කොටියට දඬුවම් කරන්නෙයි කියල හිට...

සිංහයා ආයෙමත් වැඩි වෙලාවක් නොගෙනම දඬුවම් තීරණය කළා කොටියට.... වසරක නිශ්ශබ්දතාවයක්.

ඒ වෙලෙත් බූරුවා මහත් ප්‍රීතියෙන් හඬ නගන්න, දඟලන්න පටන් ගත්ත. ඒ විතරක් නෙවේ... තණකොළ නිල් පාටයි කියමින් කෑ මොර දිදී වනන්තරේ කරක් ගැහුව, හමුවෙන හැම කෙනෙක්ටම ඒ ගැන කියකියා.

දඬුවම පිළිගත් කොටිය, බූරුවා ගියහම බයාදු හඬින් සිංහයාට ලංව ඇහැව්ව “රජතුමනි, ඒත් තණකොළ, කොළ පාටයි නේද? ” කියල. ඒවෙලෙත් බොහොම සාන්තව හිටි සිංහයා හිස වනමින් ඔව් කියල සංඥා කරා.

කම්පියුස් උන කොටියා ආයෙම බයාදු හඬින්, තම කැලේ ඥානවන්ත රජුගෙන්  ඇහැව්ව “එහෙනම් ඇයි රජතුමනි මට දඬුවම් කලේ...? ” කියලා.

පුරුදු සාන්ත භාවයෙන් හිටි සිංහයා මෙහෙම පිළිතුරු දුන්න.

"ඇත්ත වශයෙන්ම තණකොළ, කොළ පාටයි... එකේ තර්කයක් නැහැ. ඔය ගැන බූරුවෙක් එක්ක වාද කර කර කාලය නාස්ති කරන්නත්, ඒ මදිවට ඔය කුණ්ඩවාලය මා ගාවට ගේන්නත් තමුසෙ කටයුතු කරා... එහෙම කරලා හිට තමුසෙ මගෙ නිදහසටත් බාධා කරා. ඔන්න ඔය නිසයි තමුන්ට දඬුවම් හම්බ වුණේ. සිංහයා සිංහලීලාවෙන්ම කියා හිටිමින්...

නරකම කාලය නාස්තිය නම්... සත්‍යය හෝ යථාර්ථය ගැන නොතකන නමුත් තමන්ගේ විශ්වාසයන් සහ මිත්‍යාවන්හි ජයග්‍රහණය ගැන පමණක් සලකන මෝඩයන්, උන්මත්තකයන් සමඟ වාද නොකිරීමට වග බලා ගන්න. කිසිම තේරුමක් නැති සාකච්ඡා වලට කාලය නාස්ති කරන්න එපා. තමා ඉදිරියේ දකින්නට තියෙන සියලුම සත්‍යය සාක්ෂි තේරුම් ගැනීමේ හැකියාවක් නැති අය වගේම මමත්වය, ද්වේශය, අමනාපය නිසා අන්ධ වෙලා ඉන්න අයත් ඉන්නවා. අවශ්‍ය වන්නේ අනවශ්‍ය ලෙස ඔවුන් හැම දෙනාම නිවැරදි කිරීමට යෑම නොව. තමා නිවැරදි වෙමින් තම ජීවිතය යහපත් කර ගැනීමයි...

කියලා කොටියට උපදෙස් කීපයකුත් ඥානවන්ත සිංහයා අන්තිමට ලබා දුන්න.

අවිද්‍යාව කෑගසන විට බුද්ධිය වැසී යයි. ඔබේ සාමය සහ සන්සුන්කම වඩා වටී.

මේ වගේ ලඟින් යන කතා දෙකතුනක් අසා තිව්න්ත්. මෙය පේශ් බුකියේ පල වූවක උපුටනයක් බව සලකනු මැනව.


27 comments:

  1. පට්ට කතාව නමියො. අද කාලෙට නියමෙට ගැලපෙනවා. ඒත් බූරුවො වර්ග කීපයක් ඉන්නවා නෙව?

    කැරට් අලේ පස්සෙ යන පොල් බූරුවො
    තණකොළ නිල්පාටයි කියලා ඇත්තටම හිතාගෙන ඉන්න වර්ණ-අන්ධ බූරුවො
    තණකොළ කොලපාට බව දන්න නමුත්, නිල්පාටයි කියල අපට කියන පුත්තලං බූරුවො.

    තව මේං මේ වගේ කෙලවුනාම හිනාවෙන්න බලාගෙන ඉන්න බූරුවො:
    https://www.youtube.com/watch?v=BCgk2TqxWao

    ReplyDelete
    Replies
    1. මේ අස්සෙ නියෝජ්‍ය කථානායකල තෝරන එවුනුත් ඉන්නව

      Delete
    2. මම කෙහෙල් කොලේ බත් එක ඔතාගෙනත් ගැහැව්වෙ ඩීල්ම තමයි, හිටං. උඹලට තාම තේරෙන්නෙ නෑ, අමරබංදු රූපසිංහ.

      Delete
    3. බස්සා -
      හ්ම්... බූසුවෝ වාර්ග ගොඩාරියක් ඉන්නවා... බෂ්. හැබැයි මූලික ගතිලක්ෂණ එකම විදිහයි
      Pra Ja.y -
      කතානායක තෝරන එකට කී කෝටියක් වියදං වෙනවද Pra Ja.. උන්දලා මේවා කරකර හිටිහම රට පණ ගහල එනවා වත්ද
      බස්සා -
      හා හා... බෂ් අපේ හිටෝපු ගාමසේවකට මක්කාවත් කියන්න එපා.. උන්ද කකුල් කෙඩෙත්තුව හැදෙනකං අස්සං කරා එකාතින්

      Delete
    4. අද පාර්ලිමේන්තු වියදම ලක්ෂ 50 පැනලාලු.

      Delete
    5. ඒ උනාට කතානායක කෙනෙක් පත් කරගත්ත එකම මදෑ.
      කලින් හිටියෙත් තමාම උනාට... දැන් එයා වි'පස්සෙන් තේරුණු කෙනෙක්ය කියල තමාව හඳුන්වල දුන්නෙ ඔය

      Delete
    6. අයියෝ ලක්ෂ 50 යි ද, හරිම අරපිරිමැස්මෙන් වැඩ නේද? ඉන්දියාවෙ හිඟන්නොත් සල්ලි එවනව කියන්නෙ. ආ, අර කන්න එවපු සල්ලි වලින් යකඩ ගෙන්නන්න යනවලු නේද? අනේ ඉතිං මෙහෙම පිං කඳන් වලටනෙ, මේ යක්කු "ගෝ හෝම්" කියන්නෙ? රටේ ආරක්සාව, මහා-ජනයා රකින්න බැරියර් ඕනා. ඉතිං බැරියර් වලටත් යකඩ ඕනෙ නෙව?

      මෛනා- මරාගෙන මැරෙනව යකෝ, යන්නෙ නෑ. අන්තිම ලේ ටිකත් බොන තුරු සටන් කරනවා.

      Delete
    7. අමුතු ඇටේ වෙන වැඩ කොමත් ඒම තමයි.....බෂ්.
      ඔය කවූරු මොනමොනවා කීවත් රටේ අනාගතේ සුබයි කියල කියන්නෙ...ජෝතිස්‍යයඤයො හෙම.

      Delete
  2. තමන් මතය වෙනුවෙන් සටනට යාම
    අනුන් මතය පාගන්නට වෙර දැරුම
    ඇත්ත දැක දැකත් බොරුවම පිළිගැනුම
    අප රට අයට හිමි වාගෙයි උපතින්ම

    ReplyDelete
    Replies
    1. හ්ම්.... ඔය වාගේ ජන්ම ගති පෙකණි වැල දිගේ එනවයි කියලා තමයි පුරාන ඉරිසිවරු කියලා තියෙන්නෙ... නිදි.
      කයියට තැන්ක්ස් ආ.

      Delete
  3. මේ කතාව හරි. මං ඒ ගැන නමියත් එක්ක වාද කරන්නෑ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් උබ බූරුවා වෙනවානේ....

      Delete
    2. ඩ්‍රැකී
      හ්ම්... මාත් එක්ක දෙයකට ඔය එකඟ උනාමයි ඔහේ.
      Anonymous...
      ඇන නම් නැතුවට කම් නෑ...

      Delete
  4. දැං එතකොට ඇත්තටම තණකොල දම්පාට නෙමෙයි ද?

    ReplyDelete
    Replies
    1. එක නම් මාත් දන්නෙ නෑ හරියටම.... පෂා

      Delete
  5. https://en.wikipedia.org/wiki/Blue%E2%80%93green_distinction_in_language

    https://medium.com/language-hub/why-so-many-things-are-described-as-blue-in-japanese-1db0835dc046

    ReplyDelete
    Replies
    1. හරි..... Pra Jay. ගෙහුං බලන්ටම්.

      Delete
  6. සිංහයට කියන්න තිබුනෙ 'මට තව නඩු ටිකක් තියෙනවා ඉවර කරගන්න, ඔය තණකොල වලට පුන්නක්කු ටිකකුත් දාගෙන කාලා සද්ද නැතුව ඉන්න, ආවා මෙතන පාට හොයන්න' කියලා. සිංහ-ලේ නැති සිංහයෙක්ද.

    ReplyDelete
    Replies
    1. මේ යටගිය දවස හිටි ඥානවන්ත සිංහයෙක්.... Lotus.

      Delete
  7. පුදුමයි සිංහයට තණකොළ ටිකක් කවලම ගියේ නැති එක! මෙහේ නම් එහෙමයි.

    ReplyDelete
  8. මෛනෙක් එහෙම හිටියෙ නැද්ද ඔය කතාවෙ.
    අඩුම ගානේ නාකි මෛනෙක්වත්?

    ReplyDelete
    Replies
    1. ඉන්ට ඇති Me තුමා... කැලයක ඉතිම් හැම සතාම වෙසෙනවා නෙව

      Delete
  9. අපූරුයි. ආසාවෙන් රස වින්දා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධතුමෝ.....

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්