පවුල, ගිරව්, ලාම්පු - හිනා කතා

පවුල සමග එක් වීම

බොහෝ කල් ප්‍රතිකාර ගන්න අසාධ්‍ය රෝගියෙක් ලඟට ගියපු දොස්තර මහත්තය, ඔහු දිහා බැරෑරුම් විදිහට බලලා... පස්සෙ පොඩි හිනාවක් දැම්ම. බොහෝ දුරට හෙට ඔයාට පවුල එක්ක ආපහු එකතු වෙන්න පුලුවං.

රෝගියා - එත් ඩොක්ටර්..... මගේ පවුලෙ සේරම අය මැරිලනෙ.

දොස්තර - ඒක මං දන්නවා....

 


කෑවේ මොනාද?

පොලිස් - බීමතින් රෑ වාහනේ පදවල... මරුනෙ කවුරුන් කියලද හිතන්නෙ නෝනා?

නෝනා - මගේ මහත්තය

පොලිස් - තමුන් දන්නවද ඒ සිද්ධිය වෙන්න කලින් මහත්තය කොහෙද හිටියෙ කියල?

නෝනා - මට කිව්වෙ... රෑට කන්න පීසා කඩේ ගේන්න යන්නෙ කියල.

පොලිස් - ඉතින් පැයක් ගිහිනුත් මනුස්සය ගෙදර නාවම... තමුන් මොකද කලේ?

නෝනා - මං තිබ්බ නූඩ්ල්ස් එකක් හදන් කෑවා

 

ගමේ, වල් සාන්ත

නම සාන්ත උනාට ගොන් සාන්තගේ වැඩ සාන්ත නෑ. ඒ නිසා ගමේ අය සාන්තට දාපු නම තමයි වලත්තයා. යන යන තැන කාන්තා පරාන පේන්න බෑ. දාසක් සාන්ත වලා... බස් එකකට නැගල නගරෙ ලස්සන කෙලි පැටික්කියක් ඉන්න තැනකින් වාඩි ගත්ත. කතාවට අල්ලගන්න විදිහ ගැන හිත හිතා හින්නකොට... කෙල්ලගෙ කරේ කතිර හැඩැති මාලෙ දැක්ක.

මේ ඔයා ක්‍රිස්මස් ද..... ?

මං ක්‍රිස්මස් නෙමේ. ඇයි එහෙම ඇහුවෙ ?

නෑ... ඔයා චර්ච් එකක් බෙල්ලෙ දාන් ඉන්න නිසයි ඇහුවෙ

 


ගිරව් දෙන්නගෙ යාඥා

ගිරවියො දෙන්නෙක් ඇති කරපු වංශවත් කාන්තාවක් හිටිය. හැබැයි මේ ගිරවියො දෙන්න හරිම වනචරයි. දවසක් මේ කාන්තාව ගියා පල්ලියේ පියනමගෙන් මේ ගැටලුවට විසඳුමක් ගන්න. පියනම කිව්වා අයියෝ මං ඔය නැහැදිච්ච ගිරවියො දෙන්න බයිබලය කියවන තැනටම පත්කරන්නම් කියල... තමන් ළඟ ඉන්න යාඥාවට හුරු කරපු දැහැමි ගිරව් දෙන්නගෙ කූඩුවට දැම්ම.

දැම්මහම බයිබලේ පැත්තකින් තියපු එක ගිරවෙක් අනෙක් ගිරවට මෙහෙම කිව්වා.

මචං... අපි මෙච්චර කල් කරපු යාඥාවලට දෙයියො කන් දීල බම්

 

ලාම්පුව

මාටිය ඊයේ ගත්ත ලාම්පුව අරං කඩේට ගියේ හරිම තරහින්. ලාම්බුව හොඳටෝම හිල් වෙලා.

මාටින් -     බලනව මුදලාලි, මං ඊයෙ ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා. සල්ලි වලට ඕන කසිකබලක් විකුණනවද මුදලාදී

මුදලාලි -    ඇයි බං මාටින්... තේරුන්නැතෙයි. ලාම්පුව ගන්නකොටම මං කිව්වෙ... ඕකට තෙල් බොතලයක් උනත් දාන්න පුළුවන්ය කියලා.


කොහිද ගියේ

දවසක් සමන් ගියා යාළුවෙක් හම්බවෙන්න... ගියාට වැඩක් නෑ මිනිහ ගෙදර නෑ. හිටියෙ වයසක ගෑණු කෙනාගෙන් අහපුහාම හතරවරං වෙලා යන උත්තරයක් දුන්නෙ.

ආ එයා කොළඹ ගියා...... සම්පුක පිරික්කනේ හම්බෙන්නව කිව්වෙ.

මේ හතරවරං කතාව ගැන... පහුවදා යාළුව හම්බුන ගමන්ම සමන් ඇහැව්වා. කොහින්ද ගියේ මොකක්ද බම්... සම්පුක පිරික්කනේ කියන්නෙ.

මොකා.....

ඇයි බම් උඹ කොලම ගියේ...

යකෝ... මං ගියේ සම්මුඛ පරික්ෂණයකට.

 

සම්මුඛ පරීක්ෂණය

පරීක්ෂණයට අන්තිමට ආවේ සුදුසුකම්වත් හරියට සපුරා නැති තරුණ ගෑණු ළමයෙක්. පරීක්ෂක තැන... කිසි සහතික පත්‍රයක් නැති file එක වහල සාමාන්‍ය දැනුමවත් පරික්ෂා කරන්න හිතුව.  කෙල්ලත් සෙල්ලං නෑ මෙහම හිටියට ආ...

 

හොඳයි මට කියන්න... පුරන්අප්පු මැරුණේ මොන සටනෙදි ද?

-         අවසන් සටනෙදි.

හරි ඉතිහාසය ඕන්නෑ. පෘතුවියේ භ්‍රචලිතය... කරකැවීම. ඒ ගැන ගැන දන්නවද ?

-         ස..ර්. කොයි වෙලාවෙ ඉඳලද කැර..කෙ.න. එද්දී පුටුවෙත් පැටලුණේ ඒ හින්ද ද ස...ර්.

විද්‍යාවත් එපා..  කියන්න බලන්න රෑ ආහාරයට ගන්න බැරි ආහාර දෙකක්

-         උදේ හා දවල් ආහාරය

හරි සෞඛ්‍යත් එපා... සහතික ගන්න බැරි වෙන්න, විභාග ෆේල් වෙන්න... හේතුව මොකක්ද වෙන්න ඇතිද?

-         විභාගය තමා ස..ර්.

 


ලංකාව තියෙන්නෙ.....?

එවකට ඉන්දියාවේ ජනාධිපතිනිය ඉන්දිරා ගාන්ධි ලංකාවේ සිරි නැරඹීමට ආ ගමනේ දී...

හෙලිකොප්ටරයේ පිටුපස  මැද අසුනේ ඉන්දිරා ගාන්ධි ද, JR ජනාධිපති හා ප්‍රේමදාස අගමැති, ඉන්දිරා ගාන්ධි ගේ දෙපැත්තේ ද ඉඳගෙන හිටිය. ලංකාවේ ලස්සන තැන් පහුවෙනකොට... ජනේලයෙන් ඉස්සි ඉස්සී ඉන්දිරා ගාන්ධි ඒවා දිහා බැලුව. මෙහෙම වෙනකොට ජනපති JRට ටොප් අදහසක් පහල උනා.

ආයෙත් සැරයක් ඉන්දිරා ගාන්ධි ඉස්සෙන කොටම JR ඉන්දිරාගේ ආසනෙ උඩින් අත තිබ්බ. ඉන්දිරා ගාන්ධි ඉඳගත්තෙ JR ගේ අත උඩ. JR ප්‍රේමණීය සිනාවක් පාල ප්‍රේමදාසට මෙහෙම කිව්වා.

ඉන්දියාව තියෙන්නේ මගෙ අත උඩ

ඉන්දිරා ගාන්ධි ද ප්‍රේමදාස දිහා බලල... ලංකාව තියෙන්නේ මගෙ පුම්ක උඩ කියල කිව්වා😂

(සත්‍යය සිදුවීමක් ද කියා දන්නෙ නැත)

 

බයිසිකලේ වේගේ

දවසක් බයිසිකලේකින් කන්දක් නගින තරුණ කොල්ලෙක් දැක්ක ලැම්බෝගිනියක්, නවත්තලා ලණුවක් දුන්න තරුණයට... බයිසිකලේ කන්ද පහු වෙනකම් ඇදන් යන්නම් කියල. බලන්න බටහිර රටවල සල්ලි කාරයින්ගෙ පවා හිතේ තියෙන මනුස්සකම.

මේ මනුස්සකමට කෙලින්න ආපු BMW කාරයෙක් කඩාගෙන ගියා ලැම්බෝගිනියත් පාස් කරන්... නොන්ඩි පාරක් දාගෙනම. BMW වගේද ලැම්බෝගිනි. පෙන්නන්නං තරම කියල මේ යකත් ස්පීඩ් කරලා ගියා... ගැටගහපු බයිසිකලේ අමතක වෙලා. දැන් දෙකම තරඟෙට යනවා. මේක දැක්ක පොලිස් කාරයෙක් ඉස්සරහ චෙක් පොයින්ට් එකට විස්තරේ කිව්වා... තව අරුම පුදුම දෙයකුත් එක්ක.

මට නිකං පිස්සු වගේ.... BMW එකකුයි, ලැම්බෝගිනියකුයි කරට කර එනව... 230ත් පන්නල. ඒ අස්සෙ පුට්සයිකල් කාරයෙකුත් එනව ඕයි ඒ speed එකෙන්ම... බෙල් එකත් ගගහ, වාහන දෙකත් over take කරන් යන්න.

71 comments:

  1. මං කාල එනකං මේකත් කියවමු!

    https://drackey.blogspot.com/2018/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. ලිංකුවක් තිව්නම මං හිතුව අලුත් එකක් ලියල කියල. හැක්ඃ

      Delete
    2. ඌට අලුත් ඒව ලියන්න වෙලාවක් නෑ. මේ දවස්වල අල ගලෝනවලු.

      Delete
  2. https://www.youtube.com/watch?v=gWjKICdh4Lg&t=2s

    තවත් සම්පුක පිරික්කනේ එකක්

    ReplyDelete
    Replies
    1. යුබටයක් නෙ.... පෂ්ශෙ යන්නම් ඩැකීතුමෝ

      Delete
  3. කලින් අහල තිබුනේ එකයි අර කුරුස කතාව..මරු අප්පා ටිකක් හිනා වුනා 👍

    ReplyDelete
    Replies
    1. හෙහ්. මේවා මොනාද පාර්ලිමන්ට්නෙ දැන් ජෝක් දෙන තැන... සොඳුරු සඳ

      Delete
  4. //ලංකාව තියෙන්නෙ.....?// කතාවේ නං නමී ගොඩාක් පරණ වර්ෂන් එකක් තියෙනවා. නොබැඳි සමුලුවට අල්ලලා- බණ්ඩාරනායක මැතිනියත් කැනඩා අග්‍රාමාත්‍ය (නම ගැන මගේ මතකය වැරදි වෙනත් ඉඩ තියේ) ටිටෝ මහතාත් එකතු කරමින්.

    හිනැහෙන්න ලොල්
    අය ඉන්නකල්
    ලියන්නකො පැල්
    බැඳන්, මෙය මල්!

    ReplyDelete
    Replies
    1. හුම්... ඒ බවක් නම් දැනන් හිටියෙ නෑ නිදිතුමෝ. ටැන්ක්ස් කයියට

      Delete
  5. කතාස් ටිකනං මරු.
    අර ගිරා කේස් එකෙන් පස්සෙ වංශවත් කාන්තාවටයි පියතුමාටයි මොනව උනාද දන්නෑ නෙහ්.

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නත් කූඩු වෙන්නැති ...පශාතුමෝ 😂

      Delete
  6. Replies
    1. 😄ටැංක්ස් ප්‍රා.ජේතුමෝ... ආවට

      Delete
  7. ඔය ගිරව් කතාව ඔයිට වඩා විස්තරාත්මකව ලියන්ඩ ඔ්නෙ.

    අර ගිරවියො දෙන්න වනචරයි කියන්නෙ කතා කරන විදිහ ගැන. උන්ට කතා කළොත් කවුරු හරි, උන් කියනව, "අපි බඩු. සැපක් ගම්මුද?" කියලා. අර ෆාදර් ගාව හිටපු ගිරව් දෙන්න කොච්චරවාත් බයිබලේ දිහා බලාගෙන දෙවියන් වහන්සේට යාඥා කරන එක මයි වැඩේ.

    ඉතිං අර ගිරවියො දෙන්න පල්ලියෙ කූඩුවට දාපු ගමං, ගරව් දෙන්නටත් අරක ම කියනව. "අපි බඩු. සැපක් ගම්මුද?" කියල. ඒකට තමයි අර ගිරවෙක් කියන්නෙ, "මෙච්චර කල් අපි යාඥා කරපු එකේ, දෙවියන් වහන්සේ අපේ ළඟට ම ගෙනත් දීලා" කියල.

    උං දෙන්නා මෙච්චරකල් යාඥා කරල තියෙන්නෙ බඩු දෙකක් ගෙනත් දෙන්ඩ කියල.

    අර කැරකෙන කතාවට සමාන කතාවක් මං කලින් දවසක නිදි ගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකකට දැම්මා. මේං ඒක...

    දිසාපති නිල නිවාසයෙ භාණ්ඩ සමීක්ෂණයකට ගිය ක්ලාක් මහත්තයෙක් කොලයක් අරං බඩු ලිස්ට් එක ලියන්න ගත්තලු

    හවස් වෙද්දිත් අර ක්ලාක් මහත්තය ආපහු ආවෙ නැති නිසා බලන්ඩ ගියපු සීසීට දකින්න ලැබුණුලු ක්ලාක් සාලෙ වැටිල ඉන්නව. ළඟ තිබුණු කොලේ තිබූණලු :

    සාලය :
    වීදුරු කැබිනට් 1
    කැබිනට් එක තුළ විස්කි බෝතල් 1
    (ඒක කපල) විස්කි බාගයයි
    ( ඒකත් කපල ) හිස් විස්කි බෝතලයයි
    කැරකෙන පුටු 2යි
    කැරකෙන මේසයි
    කැරකෙන සෝපා එකයි
    කැරක ...

    තව ඔන්නං දාන්නං අපේ පරණ හිටපු බ්ලොග් කාරයෙක් වුණු යෂ්‍යන්ත ශ්‍රීනාත් හෙවත් කැමා බයිසිකලෙයක් හොරකං කරපු කතාව...

    ReplyDelete
    Replies
    1. තා ගිරා කතාවක්:
      එක වංශවත් නෝනා කෙනෙක් මිලදී ගත්තලු කටකාර ගිරවියක්. හැබැයි මූ කලින් ඉඳලා තියෙන්නෙ මසාජ් පොට් එක්ක. ගෙදර ගෙනාවම වැඩකාර කෙල්ල ඉස්සරහට ආව විතරයි ගිරවි කියාපි....
      අලුත් මැඩම් කෙනෙක්... අලුත් බඩු කෑල්ලක්...

      වංශවත් නෝනා ගිරවිට තරවටු කරා. ඔන්න දැන් නෝනාගෙ නංගිත් හදිසියේම ඒ ගෙවල් පැත්තෙ ආව. කටකාර ගිරවී...
      අලුත් මැඩම් කෙනෙක්... අලුත් බඩු දෙකක්...
      ආයේ ගිරවිට තරවටු. ඔන්න ටිකකට පස්සෙ නෝනගෙ වංශවත් මහත්තය ආවලු. ගිරවී....

      අලුත් මැඩම් කෙනෙක්... අලුත් බඩු දෙකක්... දැකල පුරුදු කස්ටමර් කෙනෙක් 😂😂
      (අහලපහල අයට විශාල ශබ්දයක් ඇහෙන්න ඇති )

      Delete
  8. අර වංශවත් කාන්තාවයි පියතුමයි වගේ කතාවක් දවසක් කිව්වා බණ්ඩාර දිසානායක සර්...

    ගමක පල්ලියක් තිබුණා. ඒකෙ හිටියෙ එක තරුණ පියතුමෙක්. ඔය පල්ලියට අල්ලපු වත්තෙ තිබුණු ගෙදරට කුළියට ආවා, තරුණ ලස්සන හැඩකාර කාන්තාවක්. එයා පොඩි දරුවෙක් එක්ක තනිවුණු කෙනෙක්.

    ඔය වගේ දේවල් පල්ලියට ලැදි වයසක පහේ උධවියට හෙණ ගැටළු නෙ ඉතිං. දවසක් ඔය වගේ වයසක චීත්තයක් ඇවිත් පියතුමාට කෙලින්ම ඒ සිද්ධිය ගැන කිව්වා.

    පියතුමා කිව්වා, "ඉතිං මොකද? එයා ඒ ගෙදර ඉන්නව පාඩුවේ. මං පල්ලියෙ ඉන්නව පාඩුවේ." කියල.
    සීයත් අරින්නෑ. පොර අහනව, "ඔබතුමාට ඒ දැරිවි ගැන මොකක් හරි හිතුණොත්?"
    "ඔය තරුණ ශක්තිය නිසා එහෙම හිතෙන්නෙ. මං ඒ වගේ වෙලාවට කළ යුත්තේ, පල්ලිය වටේ වටයක් දුවලා. ඒ ශක්තිය දිය කර හරින එක" පියතුමා උත්තර දුන්නා.
    "ඉතිං ඒ ගෑණූ ළමයට ‌ඔබතුමා ගැන මොනව හරි හිතිලා ආවොත්?"
    "එතකොට මං ඒ ළමයට බොහොම කාරුණිකව කියනවා, ගේ වටේ වටයක් දෙකක් දුවලා ඒ හැඟීම අඩු කරගන්න කියලා."
    "හොඳයි." චීත්තෙ අහනව... "දෙන්න ට ම එකවිඩේ ම ඒ අදහස ඇතිවුණොත්?"
    "සරළයි නෙ උන්නැහැ..." ෆාදර් කිව්වා. "මං අර කාන්තාවගෙ ළමයට කියනවා, ගේ වටෙයි පල්ලිය වටෙයි වට විස්සක් තිහක් දුවල එන්ඩ කියල..."

    ReplyDelete
    Replies
    1. හුකාස්😄 .... ඒ කතාවනම් මරු
      තව්සේ මෙතන කතා කොට කොට ඉන්නවා.... පොස්ටුවක් දාන්න අදහසක් නැද්ද ඩ්‍රැකියෝ

      Delete
    2. ඤෑහ්...!

      https://drackey.blogspot.com/2022/08/blog-post.html

      Delete
    3. හි.... හී ....... ළමය දුවලා එනකොට පෙරහැර ගිහිල්ලා තියෙයි නොවැ බෝල හි... හී....

      Delete
  9. ඒක ලියද්දි "ගාමිණී ඇණ" මතක් වුණා. මේං ඒක බකමූණගෙ බ්ලොග් එකේ දාපු තැනිම්ම කොපි කරලා පේස්ට් කළා...

    ඕං කතෝලික සුළු ව්‍යාපාරිකයෙක් උන්නා, ඇණ හදන. පොර කොයිතරං මහන්සි උනත්, එක මට්ටමකට එහා දියුණු වෙන්න බැරි උනා. දවසක්දා එයා මීසමේ සුවාමි එක්ක ඔය ගැන කතා කළා. ඒ ගමන සුවාමි එයාට සෙට් කරල දුන්නා, පත්තර කන්තෝරුවක වැඩ කරන ඇඩ්වටයිසර් කෙනෙක්ව. එයා ලව්වා, නිර්මාණශීලී ඇඩ් එකක් දම්මන්න කිව්වා, ඇණ ව්‍යාපාරය ගැන.

    ඉතිං සුවාමි ඊළඟ සෙනසුරාදා, උදෙම්ම ඉරිදා පත්තරේ බලද්දි, පළවෙනි පිටුවෙම තියෙනවලු "ගාමිණී ඇණ" ඇඩ් එක.

    ඒකෙ තියෙනවලු, ජේසුතුමා කුරුසෙ ඇණ ගහපු පිංතූරයක්. යටිං ගහල තියෙනවලු කම්පැනි ස්ලෝගන් එක - "ගැහුවොත් ගැහුවා - ගාමිණී ඇණ!"

    ඒ ගමන සුවාමි වහාම ගෙන්නුවලු ගාමිණියව. ගෙන්නල හොඳටම දොස් කිව්වලු මේ ඇඩ් එක ගැන. ඒ ගමන ගාමිණී ඒ ඇඩ් එක වෙනස් කරන්නං කියල පොරොන්දු වෙලා සමාවත් ඉල්ලලා ගියාලු.

    ඊළග සතියෙ තියෙනවලු වෙනස් ඇඩ් එකක්...

    ඕං ඒකෙ කුරුසෙ තියෙනවලු, බිම දාලා. ජේසු ඉන්නවලු අත පය ගැට ගහල. රෝම ලීජනරි දෙන්නෙක් පෙට්ටියක් පරෙලගෙන ඇණ තෝරනවලු. එකෙක් කියනවලු, "කෝ මෙතන එකක්වත් නෑනෙ ගාමිණී ඇණ..." යටිං තියෙනවලු ස්ලෝගන් එක - "ගැහුවොත් ගැහුවා - ගාමිණී ඇණ!"

    ඒ ගමනත් සුවාමි ගාමිණියට අඩ ගහල අවවාද කළාලු, මේ වගේ ඇඩ් දාන්ඩ එපා කියල...

    ඕං ඊළඟ සතියෙ තියෙනවලු වෙනස් ම ඇඩ් එකක්.

    ඒකෙ ලීජනරිලා කුරුසෙයක් හදනවලු. එයිට එපිටිං ජේසු තුමා ඇවිත් කියනවලු, "අනේ හොඳ මල්ලිලා... ඕකට ගාමිණි ඇණ එහෙම ගහන්ඩ එපා ඈ..."

    යටිං තියෙනවලු ස්ලෝගන් එක... "ගැහුවොත් ගැහුවා - ගාමිණී ඇණ!"

    සුවාමි ට මළ ම පැන්නලු. ගාමිණියට වහාම එන්ඩ කියලා බැණගෙන බැණගෙන ගියාලු මේ කරන මරි මොට්ටල වැඩේ ට.

    ඊළඟ පත්තරේ කුරුසෙ පේන්න තිබුණෙ බොහොම ඈත, ගොල්ගොතා කන්ද මුදුනෙ... ජේසු බැහැලා ලේ පෙරාගෙන දුවනවලු. රෝම ලීජනරිලා දෙන්නා හතිදාගෙන පස්සෙං පන්නනවලු. ඒ එකෙක් කියනවලු අනිකට, "මං තොට කිව්ව ගාමිණී ඇණ ගහමු කියල. කොහෙද, තොගෙ පණ්ඩිත කමට ගෙනාවෙ වෙන මගුලක් නෙ..."

    යටිම්ම තියෙනවලු ස්ලෝගන් එක...

    සුවාමි මන්නෙකුත් ඇරං ගියාලු ගාමිණියගෙ ගෙදර...

    ReplyDelete
    Replies
    1. ඒකත මරු කතාව ඩ්‍රැකිතුමෝ... ගැහුවොත් ගැහුවා ගාමීණි ඇණ 😄😄
      කෝ යකූ ලිංකු වලට ගිහින් දාපු කොමෙන්ට් වලට උත්තර

      Delete
    2. හි... හී...... ගැහුවොත් ගැහුවාමයි ගාමිණි ඇන. ස්වාමි හිතන්න ඇති මුන්ට උදව් කරන්න ගිහිල්ලා මම ඇනගත්ත ඇනගැනිල්ල කියලා හි... හී....

      Delete
  10. යකඩෝ, මේකෙ හොඳම හරිය තියෙන්නෙ කොමෙන්ට් වල නෙව? අන්තිම පොලිස් කතාව තමයි හොඳම.👌🤣🙏

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...... ටැංක්ස් D.G.M බෂ්තුමා ආවට

      Delete
  11. ක්‍රිස්මස් හා සම්මුඛ පරීක්ෂණය තමයි හොඳම.

    "දාසක් සාන්ත වලා... බස් එකකට නැගල": දාසක් කියලා අදහස් කරේ දවසක් කියන එක කියලා තේරුම් ගන්න තත්පර ගානක් ගියා. මුලින්ම හිතුවෙ සාන්තලා දාසය දෙනෙක් කියලා. මේ නමියා හදා ගත්ත වචනද.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ. ඔයා මට කෝචෝක් කරනවාද Lotus 😂😂.

      දාසක් පොඩි කටේ අප්සොට් එකක් තියෙන මිනිහෙක්ට වැඩි වෙලා සිංදුවක් කියන්න හිතුන. ඔන්න දැන් සාජ්ජේ ඊළඟ සිංදුව මෙයාගෙන්
      ශුනිල ව්වල්ලා සවුඋලු පිඉලි පටලා......

      Delete
    2. නෑ මම ඇත්තටමයි එහෙම ඇහුවෙ, නමි. ප්‍රාදේශීය වෙනස්කම් සහිත වචනද කියලා අහන්නත් ගිහින් කම්මැලි හිතිලා ටයිප් නොකර හිටියා.

      Delete
    3. අලේ නිකං ඇහැව්වෙ......කෝචෝක් කරනවාද කියල lotusතුමී 😄
      මේ young තාක්සනික පරම්පරාවත් එක එක වචන භාවිතය ගෙන්වා නෙව. "කොම්ල, සුදාම්මිය, පූෂ...." වගේ වචන. ඒ වගේ වචනයක් තමයි තමයි ඉතීම් මාත් කෙටුවෙ.... පොස්ටුවේ

      Delete
  12. නමියාගේ රසකතා අස්සේ
    අලයාගේ රස කතා වෑස්සේ

    ReplyDelete
    Replies
    1. කවුරුන් වුණත් එක සැරේම අවුස්සන
      රසබර postමයි ඕනෑ ලියවෙන්න
      කලකින් අවදිවී ඇත රසිකයො ගොන්න
      අනේ සාදු! දිගටම මෙය පවතින්න

      Delete
    2. කොළොම්පුර්, නිදි.... 🙏🙏

      Delete
  13. මේ අර ටෙන් කමාන්ඩ්මන්ට්ස් ගැන කතාව...

    දෙවියන් වහන්සේ පණතක් අරගෙන පොළොවට බැස්ස සේක, ගැළපෙන කෙනෙකුට දෙන්න. මුලින් ම ගියා ඉන්දියාවට. හම්බුණා
    ශෛව හින්දුවෙක්. හින්දුවා ගෙන් දෙවියන් වහන්සේ ඇහුවා,

    "පණතක් තියෙනව. දෙන්ඩද?"
    "මොකද්ද?" හින්දුවා ඇහුවා.
    "පර පණ නොනසනු!"
    "හපොයි! අපි ළඟ ඔය ප්‍රතිපත්තිය. අපි ශාකමය ආහාර විතරයි ගන්නෙ. සයිවර්..." හින්දුවා කිව්වා.

    ඊළඟට දෙවියන් වහන්සේ ට හම්බුණේ බෞද්ධයෙක්. උන්දැගෙනුත් දෙවියන් වහන්සේ පණත ඔ්නෙද කියලා ඇහුවා. නමුත් බලද්දි, බෞද්ධයන්ගෙත් පන්සිල්වල පළවෙනි ශීලය...

    දෙවියන් වහන්සේ තේරුම් ගත්තා ආසියාවෙ මේ පණත ගන්ඩ කෙනෙක් නෑ කියලා. උන්වහන්සේ බටහිර පැත්තට හැරුණ සේක්, සීනායි කන්ද පාමුල ඇවිද ඇවිද හිටපු මෝසෙස් දැක්කා. උන් වහන්සේ මෝසෙස්ගෙනුත් ඇහුවා,

    "පණතක් තියෙනව. දෙන්ඩද?" කියලා.
    මෝසස් යුදෙව්වනෙ. උන්දැ ඇහුවා "ගාණ කීයද?" කියලා.
    "මේක නිකං දෙන්නෙ..." දෙවියන් වහන්සේ කිව්වා.
    "ආ... නියමයිනෙ. එහෙනං දහයක් විතර දෙන්ඩ" මෝසස් කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔතන ඇත්තට ම දහයක් නෙමෙයි, පහළොවක් තිබුණා...

      https://www.youtube.com/watch?v=PmZFGw5CeWE

      Delete
    2. ඔය කතාවද ඇත්තටම film එකේ තියෙන්නෙ... ? දාසක් පාස්චර් කෙනකේ කීව ලස්සන ෆිලුම පුලුහංනම් හොයන් බලන්ටය කියලා
      හුම්..... ලිංකුවට පස්සෙ යන්ටම්

      Delete
    3. ඒක විනාඩි දෙකක විතර කෑල්ලක්. දැම්ම බලහං රාළෙ...

      Delete
    4. පාස්චර් කිව්වෙ අර ජලභීතිකා එන්නත හොයාගත්ත දොස්තර ද?

      Delete
    5. ආ එහෙනම් බලන්ට බැරියැ... මේ යනවා ඩ්‍රැකී

      Delete
    6. ඈ..... මේ වගට, ඩ්‍රැකී වම්හ. හුකෑස්ඃ එතෝට.... මට බෑ සාන්ත.
      අද රෑට පිරිත් පොත කියෝලා බුදියගන්ට ඕනෑ..

      Delete
    7. රෑට මං සිහිනෙන් ඇවිදින්, රහසක් කියන්නම්...?

      Delete
    8. මෙන්න මෙහෙ හිටු, ගෙදෙට්ට වෙලා...

      Delete
    9. හීනෙන් යන්නෙ නමියට තමා අද...

      Delete
    10. හූ... මං බයවෙයි. උදේ වෙනකං ඇහැරං ඉන්නවා බොල

      Delete
    11. බය කියන්නෙ මොනවගේ හැඟීමක් ද?

      Delete
    12. බය කියන්නෙ, ඔයා මාව දකිද්දි දැනෙන හැඟීමට...

      Delete
    13. හනේ යකුනේ, ලව්කරන්ඩ වෙන තැනක් හොයා ගනිව්. මෙව්වා ප්‍රසිද්ධ ස්ථාන...

      Delete
    14. හා හා... අපි යං අපි යං...

      Delete
    15. හපොයි මදැයි ඔයින් ගියා. එයාල නිකන් දෙන නිසා ගත්තාට අපි එපැයි ඕව පිළිපදින්න. නැද්ද මං අහන්නේ

      Delete
    16. කෙටියි කියලා තිබුණු හින්දා මාත් ගිහින් බැලුවා- බලන්නම වටිනවා නේන්නං!
      දන්නවැය්, ඔය කළුගල් පුවරුවල අකුරු කෙටිල්ලට ලංකාවෙන්ම නං දරාපු උදවිය ඉන්නෙත් පමුණුවේ අපේ ගෙවල් ළඟ. දැන් ඉන්නේ දෙවෙනි පරම්පරාව. අනෙක දැන් ඒ වියාපාරේ හැමතැනම තියෙනවත් එක්ක.

      Delete
    17. ලියෝනි ‌හොයාගෙන ගියා තකහණියක්. සිතුවිලි මං පෙත නෙව. මං ෆලෝ කරන බ්ලොග් එකක් ඉස්සර ඉඳම්ම.

      Delete
    18. නිදි,
      මෙල් බෲක්ස් ගෙ හිස්ට්‍රි ඔෆ් ද වර්ල්ඩ් පාට් වන්... බැලුවට පාඩු නෑ.

      https://www.youtube.com/watch?v=YBZRVWkXQtM

      Delete
  14. මමත් ගියානේ සම්පුක පිරික්කනේ ට ඔය කියපු හාදයත් හිටියා වගේ මතකයි. ඇයි නමි තුමාත් හිටියා නොවැ. කතා සෙට් එක මාරු. කාලෙකින් කියවන්න ලැබුනේ. ටැංකු වෙන්ඩ ඕනේ ඕං .

    ReplyDelete
    Replies
    1. හෑ....මං හිටියා. මංවහන්සේට මතකයක් නෑ නෙ... ඒ පිරික්කනේ 🙈😂

      Delete
  15. මටත් පොඩි කතාවක් මතක් උනා. මේක නම් ගොඩ දෙනක් දන්නවාත් ඇති. දන්නේ නැති අය අද දැන ගන්නකෝ එහෙනම්.
    දවසක් එක්තරා මුදලාලි කෙනෙක් ළඟ ලොරි බොඩියක් විකුණන් තිබුනාලු. ඉතින් එයා ලියන මහත්තයාට කිව්වාලු ඒ ගැන ඉරිදා පත්තරේ ඇඩ් එකක් දමන්න කියල.
    "ලොරි බොඩියක් විකිනීමට තිබේ" කියලා
    ඔන්න ඉතින් මුදලාලි බොහෝම ආශාවෙන් උදෙන්ම නැගිට්ටාලු. අද නම් කොහොම හරි මේක විකුණාගන්න පුළුවන් කියලා සැනසුම් සුසුමක්කුත් හෙලමින්ම.

    ඉතින් උදේට කෑම එහෙම කාල මුදලාදී ඉස්සරහා දොරත් ඇරලා ටිකක් හුලං වදින්න කියලා එලියට එන කොට මුදලාලි දක්කාලු කාන්තාවෝ සෑහෙන පිරිසක් පොර කකා පෝලිමේ ඉන්න හැටි.
    දැන් ඉතින් මුදලාලිට හෙන අවුල් ලු අයි මේ කාන්තාවෝ මෙච්චර මෙතන ඉන්නේ කියලා.

    ඒ එක්කම මුදලාලි ලියන මහත්තයාට කතා කරලා කිව්වාලු ඉක්මනට හිලිල්ලා පත්තරයක් අරගෙන එන්න කියලා.
    ඉතින් මුදලාලි ආසාවෙන් පත්තරය පෙරලලා බැලුවාලු තමන්ගේ දැන්වීම ගැන.

    අනේ බැලින්නම් පොඩි මුද්‍රණ දෝෂයක් වෙලා ඇඩ් එක දමලා තියෙන්නේ "බොඩි ලොරියක් විකිණීමට තිබේ" කියලාලු. දැන් ඉතින් හිතාගන්න පුළුවන් නේ ඇයි මේ තරම් කාන්තාවෝ පිරිලා හිටියේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඔය වගේ තව කතාවක් තමා අර "ලියවා කැටයම් කළ කකුල් ඇති දොස්තර නෝනා කෙනෙකු ගේ බුරුත අල්මාරියක් විකිණීමට තිබේ" ඇඩ් එක...

      Delete
    2. ලියකො හෙරොයින්...!

      Delete
    3. "බොඩි ලොරියක් විකිණීමට තිබේ" // කතාව ලාවට වගේ මතකයි ලියෝතුමී. ටැංක්ස් මතක් කරලා දුන්නට.
      ඔය කතාවත් නියම එකක්.... ඩ්‍රැකී

      Delete
    4. තාම පණ පිටිං ඉන්නව නේහ්?

      Delete
    5. බොලත් හදන්ටෙ.... පෙට්ටියට තියල ඇණ ගහන්ටම නෙව😂

      Delete
  16. සුපිරි කතා ටික නමී😂😂😂👌👌👌👌

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්